12/08/2012 - ඉරිදා ලංකාදීප
ආණ්ඩුවක ජනතා සේවයේ තරම විමසන මැකෙන්සි සංකල්පය - මිලින්ද මොරගොඩ
ආණ්ඩු තීරණ ගන්නේ පොදු ජනතාව වෙනුවෙනි. පොදු ජනතාව ආණ්ඩුවෙන් විශාල සේවයක් බලාපොරොත්තු වෙයි. එය සේවා සපයන ආයතනයකි. නීතිය හා විධි විධාන මගින් රට වැසි සියළු දෙනාට ම සමාන අවස්ථා සපයනු ඇතැයි මහජනතාව අපේක්ෂා කරයි. එහි අරමුණ යුක්තියයි. ආරක්ෂාව තවත් අපේක්ෂාවකි. විදේශ සම්බන්ධතා, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් ඇති කර සියල්ලන්ට සැනසිල්ල උදා කරනු ඇතැයි බලාපොරොත්තුවයි. මහජනතාවට ධනය ඉපැයීමට අවශ්‍ය වාතාවරණය ඇති කිරීම ද ආණ්ඩුවක යුතුකමකි...
More...
 
15/08/2012 - ලංකාදීප
ජන ජීවිතය සංකීර්ණ කරන ආයතනික විධි විධාන – මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
අධිකරණය උත්තරීතර ආයතනයයි. මහජනතාව යුක්තිය අපේක්ෂා කරන්නේ අධිකරණයෙන්ය. යුක්තිය පසිදලන විනිසුරුවරුන්ට සමාජයේ ඇති මහත් ගෞරවය සැලකිය යුතු එකකි. විශ්වාසනීය සේවාවක් ස්ථාපිතකරන අරමුණෙන් විනිසුරුවරු නිශ්චිත කාලයකදී ස්ථාන මාරුවීම් ලබයි. තම නිල නිවාසයෙන් ස්වකීය ගේ දොර උපකරණ ද රැගෙන පිටත්ව යන විනිසුරුවරයෙකුට ග‍්‍රාම නිලධාරීන් ගෙන් සහතිකයක් ගන්නට සිදුවෙයි. එම ලියැවිල්ල රහිතව හදිසි ස්ථාන මාරුවක දී ගමන් වියදම් ප‍්‍රතිපූර්ණය කරන්නේ නැත…
More...
 
19/08/2012 - ඉරිදා ලංකාදීප
මහජනතාව වෙනුවෙන් ආර්ථික ඉලක්ක සම්පාදනය - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලාංකික ජන සමාජය තුළ ජාති, උස් පහත් බේධයකින් තොරව රට හැර යාමේ හැගීම බලවත්ව නැගී ඇති බව පෙනේ. ඕනෑම ක‍්‍රමයකින් රට හැර යාම කොටසකගේ අපේක්ෂාවයි. නොයෙක් රටවල් ලාංකිකයන් ගේ අනවසර පැමිණීමට එරෙහිව නීති පනවා තිබේ. කවර උපායකින් හෝ විදේශ ගතවන්නට උත්සාහ කරන්නේ තම ආත්ම ශක්තියෙන්, සාධාරණව අනාගතය ගොඩනගා ගන්නට ඉඩක් නැති බවට මතයක් ඇතිවීම නිසාය…
More...
 
22/08/2012 - ලංකාදීප
ජන ජීවිතයේ පැවැත්මට ආර්ථික සංගරාම හමුවේ නිර්භීත තීන්දු – මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
නිදහස් දිනය රටක වැදගත්ම අවස්ථා අතරින් එකකි. ඉන්දියානු නිදහසේ හැට හය වැනි සමරු දිනය හමුවේ විශෙෂ දේශනය කළ එරට අගමැති මන් මෝහන් සිං මහතා පළ කළ අදහස් අතර ආර්ථිකය ගැන කළ සඳහන වටිනා එකකි. ආර්ථික දියුණුව ජාතික ආරක්ෂාව තරමට ම වැදගත් එකක් බව එතුමා කියා සිටියේය. ප‍්‍රතිසංස්කරණ ගැන අල්ප අවධානය, සංවර්ධන වේගය අඩාල කරන්නට හේතු වී ඇති අතර ප‍්‍රතිපත්ති සම්පාදනය බෙල හීන වී ඇති බව කියා තිබේ…
More...
 
29/08/2012 - ලංකාදීප
මතු රැකෙනා ශිල්පයමයි උගත මනා - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
උගත මනා ශිල්පයමැයි මතු රැකෙනා යනුවෙන් කියැවෙනුයේ එදාය. අද ඉගෙන ගත යුතුව ඇත්තේ මතු රැකෙනා ශිල්පයයි. තරගකාරී ආර්ථික සහ සමාජ පරිසරයක් හමුවේ අධ්‍යාපන ක‍්‍රමය ද එහි දර්ශනය ද පරිවර්තනයකට ලක්ව තිබේ. වර්තමානයෙහි මෙරට අධ්‍යාපනය ගැන නොයෙක් මත නැගෙමින් තිබේ. ඉගෙන ගත යුතු අවුල් ඇති කරන්නට නොවේ. අවුල් නැති නිරවුල් සමාජයක් ඇතිකරගන්නා ආකාරය අප ඉගෙන ගත යුතුය…
More...
 
02/09/2012 - ඉරිදා ලංකාදීප
පොදු ජනතාවට ප‍්‍රමාණවත් ආහාර සම්පාදනයේ අභියෝග - මිලින්ද මොරගොඩ
පොදු ජනතාවට අවශ්‍ය ආහාර සැපයුමට නැගෙන බාධා ගැන අවුරුදු හතරකට පසු යළිත් අන්තර් ජාතිකව කතා කරන්නට පටන්ගෙන තිබේ. 2007-08 වකවානුවේ පරිභෝජනයට ගන්නා අත්‍යවශ්‍ය ආහාර මිළ ඉහළට නැගිණ. නිෂ්පාදනය පහත වැටී ආහාර හිගයක් ඇති වීම එයට හේතුවයි. කාලගුණ විපර්යාස එයට බලපෑවේය. ජනගහන වර්ධනය සහ ආහාරයට ගත හැකි තිරිගු හා වෙනත් භෝග ජීව ඉන්ධන නිපදවීමට ද යොදා ගැනීම හිගයට පසුබිම විය…
More...
 
05/09/2012 - ලංකාදීප
දේශපාලනය අද බාල්දුවෙලාද? - මිලින්ද මොරගොඩ
බිහිසුණු ත‍්‍රස්තවාදය පරාජය කර වසර හතරක් ගතව තිබේ. ත‍්‍රස්තවාදය අභියෝග කළේ ජන සම්මතවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයටය. සාමකාමී ජනසමාජයක් ගොඩනගන්නට පොදු ජනතාව ඉමහත් කැපවීමක් කළේය. භීෂණය අවසන් කර සැනසිලිදායක රටක් ප‍්‍රාර්ථනා කළ සමාජයකට අද හිමිවෙමින් තිබෙන අවස්ථා කවරේදැයි ගැඹුරින් ප‍්‍රශ්න කළ යුතුය…
More...
 
08/09/2012 - රිවිර
මතු පරපුර යහ මගට යොමු කළ මහා පහන්ටැඹ - මඩිහේ මහනාහිමි
මිලින්ද මොරගොඩ - සභාපති, ශ‍්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාව
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහනායක අපවත්වී වදාල විද්‍යා විශාරද අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාතර බෝධි පරිශ්‍රයේ ඉදි කරනු ලැබූ සංවත්සරය අනුස්මරණය කිරීම පිණිස ජීව ප්‍රමාණ ප්‍රතිමා වහන්සේ හෙට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිතය. මේ ලිපිය ඒ නිමිත්තෙනි…
More...
 
09/09/2012 - ඉරිදා ලංකාදීප
වීදි බැසීම වෙනුවට තමන්ගේ ම ව්‍යවසායයකට මග - මිලින්ද මොරගොඩ
ආර්ථිකයේ නොයෙක් පැති අන්තර් ජාතිකව පරිවර්තනයක් සිදුවෙමින් පවති. මූල්‍ය අංශයේ වෙනස්කම් පැතිරෙමින් තිබේ. මෙම වෙනස්කම් රටක පාලනය හා සංවර්ධනය කෙරෙහි ඇති කරන්නේ විශාල බලපෑමකි. මහජනතාවගේ ජීවන මට්ටම කෙරෙහි එය බලපවත්වයි…
More...
 
13/09/2012 - ලංකාදීප
පෙරදිගින් යළි නැගෙන නාලන්දයේ ආනන්දය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
නාලන්ද විශ්ව විද්‍යාලය ඥාන කේන්ද්‍රස්ථානයක් වශයෙන් සැලකුණ තැනකි. හය වැනි සියවසේ දී දකුණු ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පැවති මෙම විශ්ව විද්‍යාලය දරුවන්ට නේවාසිකව ඉගැන්වූ ලෝකයේ පළමු තැන ලෙස ද, සඳහන්ය. බෞද්ධ දර්ශනය අනුව යමින් පෙරදිග සංස්කෘතිය හා ශිෂ්ටාචාරය ගොඩනගන්නට එහි විද්‍යාර්ථීන්ගෙන් ඉටු වූ සේවාව අද ද මහත් සේ ඇගයෙයි…
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 71 to 80 of 110 Records