» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/09/2012 - ඉරිදා ලංකාදීප
වීදි බැසීම වෙනුවට තමන්ගේ ම ව්‍යවසායයකට මග - මිලින්ද මොරගොඩ

ආර්ථිකයේ නොයෙක් පැති අන්තර් ජාතිකව පරිවර්තනයක් සිදුවෙමින් පවති. මූල්‍ය අංශයේ වෙනස්කම් පැතිරෙමින් තිබේ. මෙම වෙනස්කම් රටක පාලනය හා සංවර්ධනය කෙරෙහි ඇති කරන්නේ විශාල බලපෑමකි. මහජනතාවගේ ජීවන මට්ටම කෙරෙහි එය බලපවත්වයි. ආර්ථික සංකල්ප වෙනස් වන නමුත් එහි මූලධර්ම වෙනස් වන්නේ නැත. තීරණ ගන්නා ආකාරය අනුව එහි බලපෑම එකිනෙකට වෙනස්ය. ව්‍යවසායකත්ව මෙම නොවෙනස්වන මූලධර්ම ගැන අවබෝධයක් ඇති කර ගැනීමට හැකි එක ක්‍ෂේත්‍රයකි. ව්‍යවසායකත්වය ඕනෑම ආර්ථිකයෙක සර්ව කාලීනව වැදගත් අංගයකි. වර්තමානයෙහි එය සම්බන්ධයෙන් අලූත් අදහස් පැන නැගෙමින් තිබේ. ව්‍යවසායකයෙකු ගෙන් ඉටුවන කාර්ය භාරය ධනය බිහිකිරීමයි. අලූත් ව්‍යාපාරයක් හෝ ආයෝජනයක් මගින් ආර්ථිකය සකී‍්‍රය කිරීම ව්‍යවසායකත්වය මගින් සිදුවෙයි.

යුරෝපයේ පැතිරෙන ආර්ථික අර්බුදය හමුවේ ව්‍යවසායකත්වය සම්බන්ධ ප‍්‍රබෝධයක් නැගෙන්නට පටන් ගෙන ඇත. බි‍්‍රතාන්‍යය ව්‍යවසායකත්වය ඇතිකරන්නට පූර්ණ බලය ඇති කරන තීරණයක් ගෙන තිබේ. කුඩා ව්‍යාපාර නංවන සැලසුම් ඇතිකරන බව එරට මුදල් අමාත්‍යවරයා පසුගිය සතියේ දී නිවේදනය කළේය. ඇමරිකාව සහ ජර්මනිය යන රටවල එවැනි අංශ කෙරෙහි සැලකිලිමත්වන ආයතන පිහිටුවා ඇත. විශාල පරිමානයෙන් කර්මන්ත හා ව්‍යවසාය බිහිකරනු වෙනුවට කුඩා කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන් සේවා සපයන්නන් ඇති කිරීම වැදගත් බව සාක්ෂාත් ව ඇත. කුඩා ව්‍යවසායකයන් රටකට වැදගත් ඇයි? ඔවුහු නිරන්තරව ව්‍යාපාර කර්මාන්ත මගින් සමාජය පුබුදුවයි. එයින් අලූතින් රැකියා ඇතිවෙයි. නිෂ්පාදන පැතිරෙයි. වෙළද පොළ බිහිවෙයි. මේ නිසා තරගකාරීත්වයක් ද මහජනතාවට තෝරා ගැනීමේ නිදහස ද හිමිවෙයි. ව්‍යවසායකයන් මගින් රජයට බදු අයකර ගැනීමට අවස්ථාව සැලසේ. මෙම බදු රජයේ ආදායමට එකතුවෙයි. එයින් ප‍්‍රයෝජන ලබන්නේ මහජනතාවයි. රටක ව්‍යවසායකයන් වැඩි වන විට ඒ රටට ලැබෙන බදු ආදායම ඉහල යන අතර එමගින් සමාජ සුබසාධනය වෙනුවෙන් ධනය සැපයේ.

බි‍්‍රතාන්‍ය ඇතුලූ යුරෝපීය සමාජයේ කම්කරුවන් පීඩනයට පත් කළ, ඔවුන් සූරාකමින් ලාභ ඉපැයූ දැවැන්ත සමාගම්වලට එරෙහිව ගෙන ගිය අරගලය වාමාංශික පක්ෂ සමග මෙරටට කාන්දු වීමේ ප‍්‍රතිඵලය වූයේ ලාංකික සමාජය ද ධනපතියන් භංගවේවා යන සටන් පාඨයට එකතු වීමය. අන්තර් ජාතිකව එය ආපසු හැරෙමින් තිබේ. කම්කරු දිනය වෙනුවට අද ජාත්‍යන්තරය සාකච්ඡා කරන්නේ ප‍්‍රාග්ධනයේ දිනයක් සැමරීම ගැනය. ජාත්‍යන්තර සමාජය තුළ විශාල පරිවර්තනයක් සිදුවෙමින් තිබේ. ව්‍යවසායකයන් වීමට උවමනාවක් නොතිබුණ ලාංකික සමාජය අදටත් පුද්ගලික අංශය දෙස බලන්නේ කැමැත්තකින් නොවේ. ව්‍යවසායකයා යනු ධනපතියෙකි. ධනය උපයා ගෙන ඇත්තේ ශ‍්‍රමය සූරාකෑමෙන් යන අදහස සාමාන්‍යයෙන් පවතී. සාර්ථක ව්‍යවසායකයෙකුගේ ශක්තිය, ධෛර්යය හා නොනවතින මහන්සිය අගය කරන්නේ නැත. මෙරට ව්‍යාපාරික අංශයේ ඉහළම සිටින බොහෝ දෙනෙකු සුළුවෙන් ව්‍යාපාර පටන්ගත්තෝ වෙති. ඔවුන්ගේ ගමන ගැන හා එහි දී මුහුණ දුන් අභියෝග ගැන ආවේනික කතාන්දර තිබේ. ආණ්ඩුව ව්‍යවසාය හා සමානව ම පුද්ගලික අංශයේ නොඑසේනම් මේ කියන කුඩා ව්‍යාපාරික ව්‍යවසායකත්වයේ සහභාගීීත්වය රටක සංවර්ධනයට වැදගත්ය. එහි තරම වැදගත් සාධකයක් නොවේ. කුඩා ව්‍යවසාය සෑහෙන ප‍්‍රමාණයක් පැන නැගෙන විට එහි බලය දැවැන්ත සමාගමකින් ආර්ථිකයට ලැබෙන දායකත්වය තරමට ම ප‍්‍රබල එකකි.

රටක ආර්ථිකය නැංවීම ආණ්ඩුවකට පමණක් කළ හැකි එකක් නොවේ. ව්‍යවසායකත්වය දියුණු කළ ලෝකයේ සියලූ රටවල් එහිලා පාදක කරගත් පළමු අරමුණ ධනය බිහිකිරීමයි. ධනය නිපදවිය හැක්කේ පෞද්ගලික අංශයටය. කොමියුනිස්ට්වාදය නිර්මාණය කළ වී. අයි. ලෙනින් ස්වකීය සමාජ දර්ශනය ගොඩනැගුවේ අත්දැකීම් ඇසුරෙනි. ක‍්‍රමයෙන් සමාජය ගොඩනගන විට ආර්ථීකය සම්බන්ධව පුලුල් අත්දැකීම් ලබන්නට ඔහු සමත්විය. එය ඔහුගේ ජීවිතයේ අවසාන කාලයයි. ජීවිත අත්දැකීම් සහිතව අවසන් කාලයේ ඔහු නව ආර්ථික ප‍්‍රතිපත්ති ගැන කතා කළේය. ප‍්‍රාග්ධනයට මුදල් උපයන්නට ඉඩදෙන්න. රජයට එයින් කොටසක් ලබා ගත හැකිවනු ඇති බව ඔහු සදහන් කළේය. වාමාංශික අදහස් තිබුණ රටවල් අද ධනවාදී නැඹුරුවකින් ධනය උත්පාදනය ගැන විශ්වාස කරන්නේ එම නැඹුරුව අනුවය.

ඕනෑම රටක දක්ෂ හා කළමණාකරණය අතින් ඉහල පුද්ගලික අංශයේ ව්‍යවසාය ඉදිරියෙන් සිටී. දැන් තරගකාරී ලෝක ආර්ථීක රටාව සමාජය ඉහල තලයකට නැංවීම සදහා උපයෝගී කර ගන්නේ එම හැකියාවයි. අප රටට ද එවැනි අලූත් අදහස් කාන්දු විය යුතුය. පුද්ගලික අංශය හෝ ව්‍යවසායකයන්ට ඉටු කළ හැකි මෙහෙවර ගැන නිසි තක්සේරුවකට යා යුතුය. සිවිල් සමාජයට හෝ පුද්ගලික ව්‍යවසායකයන්ට ආණ්ඩුව හා කරට කර වැඩ කරන රට දියුණු කරන අවස්ථාව ක‍්‍රමයෙන් විවර කිරීම වැදගත්ය.

අලූත් ව්‍යවසායකත්ව ඇති කිරීම පහසු නැත. අරමුණක් ඇති දක්ෂ ලෙස කි‍්‍රයා කළ හැකි තරුණ ජවය එහිලා පෙළඹවිය යුතුය. මෙරට පසුබිම අනුව අධ්‍යාපනයෙන් පසු සමාජයට ප‍්‍රවේශවන තරුණ පෙලට ව්‍යවසායකයෙකු වන්නට නම් පසුකළ යුතු බාධක බොහෝය. ප‍්‍රාග්ධනය ප‍්‍රශ්නයකි. රාජ්‍ය හා පුද්ගලික බැංකු විශාල ප‍්‍රමාණයක් පවතින නමුත් හැකියාව පෙන්වා බැංකුවකින් ණයක් ගන්නට හැකියාවක් නැත. එයට ඇපයක් අවශ්‍යය. පුද්ගල හෝ දේපොල ඇප ඉදිරිපත් කරන්නට නොහැකි තරුණයෙකුගේ ව්‍යාපාරික අදහස එතැනින් අවසන්ය. බි‍්‍රතාන්‍යයේ යෝජනාව අනුව තරුණ පෙළ අධ්‍යයනය කර ඔවුන්ගේ හැකියාව අනුව පුද්ගලික ආරක්ෂණයක් සැපයීමයි. එය අවස්ථාවකි. ආයතනික රැුකවරණය සහිතව නිසි පුහුණුව ලබන්නට එයින් ඉඩ ලැබේ. වෙළ`දපොළ අවබෝධය, තත්ත්වයෙන් උසස් නිෂ්පාදනය සහ තරගකාරීව ව්‍යවසායයක් මෙහෙයවීමට අවශ්‍ය දැනුම ද සැපයේ. එය ව්‍යවසාය අරඹන්නට පෙළඹවීමකි.

අලූත් අදහසක්, නව මතවාද සහ ආකල්ප මගින් සමාජයේ වෙනසක් ඇති කරයි. ධනය උපයන ව්‍යවසායකයන් බිහි කරන්නට දිරි දෙන අලූත් වැඩ පිළිවෙලද එවැන්නකි. කෘෂිකර්මය මෙරට නගා සිටුවිය හැකිය. එලවලූ හා පලතුරු වගාව පමණක් නොව නිසි ආකාරයට අසුරා වෙළද පොලට සැපයීම අද අලූත් ව්‍යාපාර අතර ප‍්‍රධාන තැනෙකය. ආහාර නිපදවීම ගොවියන් මහන්සිවන නමුත් අස්වනු හිග කාලයේ දී ප‍්‍රයෝජනයට ගත හැකි අන්දමට කල්තබා ගන්නා ක‍්‍රම දියුණු වී තිබේ. එම කල් තබා ගත හැකි ආහාර පාරිභෝගිකයන් ආකර්ශනය වන ආකාරයට ඉදිරිපත් කිරීම වෙනම ක්ෂේත‍්‍රයකි. පලතුරු ආහාරයට ගැනීමේ නව ප‍්‍රවනතාවයක් ඇති වෙමින් පවතී. ගම් නගර පුරා පලතුරු වෙළද සැල් ව්‍යාප්තවෙයි. රටට ආවේනික පලතුරු වර්ග විශාල වශයෙන් තිබේ. ඒවා ට වෙළ`ද පොලක් නැත. පිටරටින් ගෙන්වන පලතුරු වෙනුවෙන් ජනතාවගේ කැමැත්තක් තිබේ. සම්ප‍්‍රදායික පලතුරු වෙළද සැල වෙනුවට අලූත් පරම්පරාවකට මෙම ක්ෂේත‍්‍රයට අලූතින් එකතු විය හැකිය. තරුණ සිත් තුළ ඇති අදහස් නිර්මාණාත්මක විය හැකි නමුත් ඒවා ප‍්‍රයෝජනවත් ලෙස හසුරවන ව්‍යවසායකත්වයක් බවට පත් විය යුතුය. එයට උත්සාහ කරන විට නැගෙන බාධක කම්කටොලූ යනාදිය තරුණන් අධෛර්යයට පත් කරන අවස්ථා බව වටහා ගැනීම වැදගත්ය. එවැනි අදහස් ක‍්‍රියා ඵලයක් බවට පත් කරන්නට පසුබිම සකස් කළ හැකිය.

ශ‍්‍රී ලංකාවේ කුඩා ව්‍යවසායකයන්ට අත දෙන නොයෙකුත් වැඩසටහන් තිබේ. ඒවා විවිධ අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන සමග සම්බන්ධය. පුහුණව එක තැනෙකය. තාක්ෂණික දැනුමට තවත් තැනෙක පහසුකම් සැපයේ. ණය දෙන ආයතන තිබේ. එම ආයතන සහ තරුණ ව්‍යවසායකයන් අතර බැ`දීමක් ඇති කරන නිසි සම්බන්ධිත වැඩපිළිවෙලක් නැත. ව්‍යාපාරයකට අවශ්‍ය මෙවලම් හා උපකරණ මිලදීගත හැකි ආකාරය අධ්‍යයනය පහසු නැත. මේ සියල්ල එකතු කර එකම තැනෙකින් තරුණ තරුණියන්ට ව්‍යවසායකත්වයට දොරටු විවර කරන ආයතනයක් සකස් කළ යුතුය. එය අපහසු නැත. අලූත් ආයතන ඇති කිරීමද අනවශ්‍යය. දැනට රජයට අනුබද්ධිතව පවතින ආයතනයක් ව්‍යවසායකත්ව අරමුණ උදෙසා පරිවර්තනය කළ හැකිය. එහි දී අලූතින් ව්‍යාපාරයක් පටන් ගන්නා අයට දැනුම, පුහුණුව ශක්‍යතා වාර්තා සැකසීම, වෙළ`ද පොළ අධ්‍යයනය, සම්පත් උපයෝගී කරගැනීම සහ ආයතන ගොඩනැගීම යනාදිය ගැන හදාරන්නට පහසුකම් සැපයිය යුතුවෙයි. එම දැනුම ලබාගත් කණ්ඩායම වානිජ බැංකුවකට නිර්දේශ ප‍්‍රාග්ධනය සොයාදීම සදහා යොමු කරන්නට ද හැකිය. සියලූ දෙනාගේ එකමුතුවෙන් හා අදහස් හුවමාරුවෙන් එකිනෙකාගේ වගකීම් ඉටුවන විට ව්‍යවසායකත්වය නැගෙයි. කුඩා ව්‍යාපාර ඇතිකරන ව්‍යවසායකත්වය ආධාර හෝ සහන සපයන වැඩපිළිවෙලක් විය යුතු නැත. ව්‍යාපාර පවත්වාගෙන යන්නට ආරක්ෂණය සැපයීම නුසුදුසුය. පවතින පසුබිම තුළ තරගකාරීව හැසිරෙන්නට ඉඩ දිය යුතු අතර ඉඩ දිය යුතු ප‍්‍රවේශයට පමණකි.

මෙයට ආදර්ශයට ගත හැකි ආයතනයක් ඇමරිකාවේ තිබේ. Small Business Administration යනුවෙනි. රටට නියාමන ව්‍යාපෘතියක් වශයෙන් ඇරඹිය හැකි නම් පවතින ප‍්‍රශ්න ගණනාවකට විසදුමකි. ආණ්ඩුවෙන් රැකියා ඉල්ලා වීදි බැසීම වෙනුවට තමන්ගේ ම නිවහල් ව්‍යවසායය කෙරෙහි ආකර්ශනයක් ඇතිවෙයි. එයින් ජන සමාජය දියුණු වෙයි. ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් පැන නැගෙන නව ප‍්‍රවනතා අධ්‍යයනය කර ශ‍්‍රී ලංකාවේ දියුණුවට ද භාවිතාවට ගැනීම වැදගත්ය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.