17/10/2012 - ලංකාදීප
අවලංගු කාසි බවට පත්වන අසමසම චරිත - මිලින්ද මොරගොඩ
අසමාන පුද්ගලයෝ මහත් කීර්තියට පත් වෙති. ඔවුන්ගේ ශක්තිය හා ධෛර්යය රටකට බොහෝ වැඩදායකය. මෑත කාලය තුළ මෙරට ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවෝ ශ‍්‍රී ලංකාවේ අභිමානය ඉහළටම නැංවූහ. ක‍්‍රිකට් ක‍්‍රිඩාව ඒ අතරින් ප‍්‍රධානය. මූලික ගුරු හරුකම් ලැබීමෙන් පසු එහිම නිරතව, නිතර කරන අභ්‍යාසයෙන් දක්ෂතා මනාව වැඩෙයි. කැපවීම එහිලා ප‍්‍රධානය...
More...
 
21/10/2012 - ඉරිදා ලංකාදීප
උරුමයක උල්පත් සොයා යා යුතු යුගය හමුවේ අභියෝග
අතීත උරුමය හා එහි උල්පත් සොයා ගවේෂණයක නිරත වන්නට අපට සිදුව ඇත. බටහිටට යත්ව සිටි සමයෙන් පසු එයට පසුබිම සකස් විය. අධිරාජ්‍යයවාදීන්ගේ ආක්‍රමණ හමුවේ රටක වශයෙන් ශ්‍රී ලංකාවට එල්ලවූ විනාශය සුළු පටු නොවේ. වැවු අමුණු, දාගැබ්, කෝවිල, පල්ලිය යනාදී වශයෙන් සියලු තැන ආක්‍රමණයකට ලක්විය...
More...
 
23/10/2012 - ලංකාදීප
ශ‍්‍රී ලංකාවේ සාම ක‍්‍රියාවලිය හා විකිලීක්ස් අනාවරණය කළ තවත් පැතිකඩක්
(බර්නාඞ් ගුණතිලක විසිනි)
2009 වර්ෂයේ දී, බ‍්‍රැඞ්ලි මෑනින් නමැති අමෙරිකානු සොල්දාදුවෙකු ඉරාකයේ තමන් සේවයට කරමින් සිටි ස්ථානයක සිට අමෙරිකානු තානාපති කාර්යාල රහසිගත කේබල් රැසක් එකතු කළේය. මෙම කේබල් විකිලීක්ස් (WikiLeaks) වෙබ් අඩවියේ ජුලියන් අසාන්ජ්ගේ (Julian Assange) අතට පත්වූයේ කෙසේද යන්න සහ ඒවා ප‍්‍රසිද්ධ කිරීම නියත වශයෙන්ම තමාටම අනතුරක් වන බව හොඳින් දැන දැනම, ඔහු ඒවා ප‍්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කළේ මන්ද යන්න ද පිළිතුරු නැති ප‍්‍රශ්න දෙකකි...
More...
 
24/10/2012 - ලංකාදීප
පාසල් දරුවන් සංවර්ධනයට සමිති - මිලින්ද මොරගොඩ
''වසරක් සඳහා සැලසුම් කරන්නේ නම් වී වගා කරන්න. දස වසරක් සඳහා සැලසුම් කරන්නේ නම් ගස් වවන්න. ශත වර්ෂයක් සඳහා සැලසුම් කරන්නේ නම් තරුණ පරපුරට අධ්‍යාපනය දෙන ආයෝජනය කඩිනම් කරන්න.'' පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාණේ ධම්මාලංකාර අනු නාහිමියෝ එසේ දක්වති. හිමිපාණන් වර්තමානය දැක ඇත. රටක සැලසුම කෙබඳු විය යුතු දැයි දක්වන්නේ එහෙයින්ය. දරුවන් වෙනුවෙන් ආයෝජනය කරන්නට උවමනාවක් අපට තිබේද?...
More...
 
28/10/2012 - ඉරිදා ලංකාදීප
ගෝලීය ආර්ථිකයේ ස්වභාවය සහ එහි බලපෑම - මිලින්ද මොරගොඩ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා කි‍්‍රස්ටිනා ලෙගාර්ඞ් (Christine Lagarde) මහත්මිය ලබන වසර සදහා ලෝක ආර්ථිකයේ උදාවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් පුරෝකථනයක් කර ඇත. එය http://www.reuters.com වෙබ් අඩවියෙන් කියැවිය හැකි අතර ලෝකය පුරා පුවත් සේවා එයට මහත් ප‍්‍රසිද්ධියක් දී තිබිණ. එම ප‍්‍රකාශයට අනුව මූලික කරුණු තුනක් ග‍්‍රහනය කර ගත හැකිය…
More...
 
31/10/2012 - ලංකාදීප
ආරංචි පහකින් රටක් ගැන අඟවන හැටි -මිලින්ද මොරගොඩ
එක පොතක් කියවා රටක අනන්‍යතාව දකින්නට නොහැකිය. ඒ එදාය. මෙදා පුවත් පතක පළ වන තොරතුරු පහකින් රටක් ගැන විග්‍රහයක් කරන්නට හැකිය. එසේ කර තිබේ. චීනය ගැනය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතට තීරු ලිපියක් ලියන තෝමස් ෆ්‍රීඩ්මන් ගේ අර්ථ දැක්වීමකි...
More...
 
04/11/2012 - ඉරිදා ලංකාදීප
ඉලක්කම් හරඹ වෙනුවට අය වැය තුළින් රටට දර්ශනයක් - මිලින්ද මොරගොඩ
මහජනතාව ජීවන වියදම දැනේනට පටන්ගෙන තිබේ. අත්‍යවශ්‍ය සියලූ දේ ක‍්‍රමයෙන් මිල වැඩි වෙයි. වැඩකරන ජනතාවගේ ආදායම එයට සමාන්තරව වැඩිවන්නේ නැත. එය සංකීර්ණ ප‍්‍රශ්න ඇති කරයි. රට තුළ ආර්ථිකය ගැන සංවාදයක් ඇත. අය වැය ඉදිරිපත් කරන්නට නියමිත දින වකවානු ලංවන විට ඉලක්කම් වලින් කරුණු දක්වන්නට ඉදිරිපත් වන බව පෙනේ...
More...
 
07/11/2012 - ලංකාදීප
වියපත්වීම දෙස වියත් ඇසකින් බැලීම – මිලින්ද මොරගොඩ
ආර්ථික පර්යේෂකයෝ ලෝකයේ සිදුවෙමින් පවතින දෑ විවිධ පැති වලින් සොයා බලති. වැඩි වයස්ගත ජනගහනය ගැන කතා බහ අලූතෙන් පැන නැගී ඇති එවැනි මාතෘකාවකි. ඉපැදීම හා මරණය අතර පසුබිම කාලානුරූපව සංකීර්ණ වී තිබේ. වර්තමානයේ පවුලක දරුවන් ගණන සීමා සහිතය. හොද සෞඛ්‍ය පහසුකම් නිසා සාමාන්‍ය පරමායුෂ කාලය ද වැඩිය. ලෝක ජනගහනයේ දරුවන් ද වැඩිමහලූ පිරිස ද ප‍්‍රතිශතයක් ලෙස වෙනස් වෙමින් තිබේ...
More...
 
14/11/2012 - ලංකාදීප
අලූත් අවස්ථා දෙස ව්‍යවසායකත්ව ඇසකින් – මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාවේ ආර්ථික හැඩතලය වෙනස් ව තිබේ. මෙයින් අවුරුදු කිහිපයකට කලින් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළේ ලිපියකින්ය. ලිපි හුවමාරුවේ පමාව හමුවේ ගැනුම්කරුවන්ගෙන් ඉල්ලූම ලැබෙන විට මෙරට සැපයුම්කරුවන් අසරණ වී හමාරය. තොරතුරු තාක්ෂණය එහි පෙරුළියක් කළේය. මොහොතකින් නිෂ්පාදකයා අතරමැදියා හා ගැනුම්කරු සම්බන්ධවෙයි. තොරතුරු තාක්ෂණයේ දියුණුව එකී පරිවර්තනයට දායක වී තිබේ. එහි ප‍්‍රයෝජනයෙන් පාරිභෝගිකයාගේ සිතැගි පරිදි නිෂ්පාදනය වැඩිදියුණු කරන්නට ද හැකිය. වර්තමානයෙහි දුර බැහැර සිට නගරයට මාර්ග පහසුකම් වැඩි දියුණුය…
More...
 
18/11/2012 - ඉරිදා ලංකාදීප
චීන සහ ඇමරිකානු නායකයන් පත්කර ගැනීම හා ඔවුන්ගේ ගමන්මග - මිලින්ද මොරගොඩ
ඇමරිකාව අවුරුදු දෙසීයක පමණ ඉතිහාසයක් ඇති රටකි. චීනයේ අතීතය අවුරුදු දස දහස් ගණනකට හිමිකම් කියයි. පසුගිය දිනවල මෙම රටවල් දෙක ගැනම ජගත් ජනමාධ්‍ය මහත් අවධානයකින් පසුවිය. ඇමරිකානු ජනාධිපතිවරණය සහ චීනයේ ජනාධිපතිවරයා නම් කිරීමේ කොමියුනිස්ට් පක්ෂ සංවත්සරය මෙම අවස්ථාය…
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 91 to 100 of 110 Records