» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/09/2023 - ඉරිදා ලංකාදීප
උත්පාදන ආර්ථිකයක් තුළ කාන්තාවන්ට ලැබිය යුතු නිසි තැන

කාන්තාවන් පහලොස් දහසකට ඩ්‍රෝන යානා හැසිරවීමේ සහ යාත‍්‍රාවල යාන්ත‍්‍රික අලූත්වැඩියාව සම්බන්ධ අධ්‍යාපනය ලබාදීමට ඉන්දියාව සූදානම්ව සිටී. තමිල්නාඩු ප‍්‍රාන්තය එහි දී පෙරමුණ ගෙන ඇත. කාන්තාවන්ට ඩ්‍රෝන යාත‍්‍රා හැසිරවීමට ඉඩදෙන තීරණය ගෙන ඇති අතර ගොවියන්ට සිය වගාබිම්වලට පොහොර හා රසායනික ද්‍රව්‍ය යෙදවීම අරමුණු කරගෙන යානා මිල දී ගැනීමට ණය පහසුකම් සැපයේ. ශ‍්‍රම හිගයට පිලිතුරක් වශයෙන් ගොවිතැන නවීන තාක්ෂණයට යොමු කෙරේ. කාන්තාවන්ට ඩ්‍රෝන හැසිරවීමේ බලපත‍්‍ර නිකුත් කිරීමෙන් මහා පරිමාන කෘෂිකර්මය නැවත වතාවක් පවුලේ ව්‍යාපාරයක් බවට පත් කරන පියවරක් ගෙන ඇත.

ඉන්දියානු ජනගහනයෙන් සියයට 51 ක් කාන්තාවන්ය. 2004 වසරේ දත්ත අනුව කාන්තාවන්ගෙන් සියයට 35 ක් රැකියාවක නිරතව සිටියේය. කොවිඞ් වසංගත තත්තවය සමග මෙම ප‍්‍රතිශතය සියයට 25 දක්වා සීමා වී තිබේ. එහෙත් වෛද්‍ය, නීති, තාක්ෂණික හා ව්‍යාපාරික අංශවල පැතිරුණ අධිකාරියක් ඉන්දියානු කාන්තාවන් අත්පත් කරගනිමින් සිටී. කාන්තා ගුවන් නියමුවරියන් වැඩිම ප‍්‍රමාණයක් සිටින අතර නොබෝදා සාර්ථකව ක‍්‍රියාත්මක වූ චන්ද්‍රයාන් මෙහෙයුමේ ප‍්‍රධානියා වූයේ ද කාන්තාවකි. වේගවත් ආර්ථික වර්ධනයක්, සංවර්ධන සැලසුම්වල ප‍්‍රගතියක් පෙන්වන පසුබිම තුළ කාන්තා නියෝජනය සදහා සැලකිය යුතු ඉඩක් හිමිවී තිබේ. කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශවල දායකත්වයට අලූතින් එකතු වී ඇති ඩ්‍රෝන භාවිතය මෙහි දී සදහන් කළ හැකිය. ඩ්‍රෝන මෙහෙයැවීම සදහා අලූත් අවස්ථා මිලියනයක් නිර්මාණයවනු ඇති බව සැලකේ. ඉන්දීය රජය සියවිශ්ව විද්‍යාල නමයක් හා පුද්ගලික විශ්ව විද්‍යාල පහලොවක් සමග ගිවිසුමකට එළැඹ ඇති අතර අලූත් පාඨමාලා සහිතව මෙම හිඩැස පුරවන වගකීම පවරා තිබේ. ඇමරිකාව, චීනය හා ඊශ‍්‍රායලය ඩ්‍රෝන නි්ෂ්පාදනය හා අලෙවිය සම්බන්ධයෙන් ලෝකයේ ප‍්‍රමුඛ රටවල් බවට පත්ව ඇති අතර වසර 2030 වන විට ලෝකයේ තුන්වැනි ස්ථානය දිනාගැනීමට ඉන්දියාව සුදානමක පසුවේ. මෙහි දී කාන්තා ශ‍්‍රමය හා ඔවුන්ගේ තාක්ෂණික හැකියාව කෙරෙහි වඩාත් බලාපොරොත්තු තබා තිබේ.

පැරණි ඉන්දියානු සංස්කෘතික රාමුව හා නිෂ්පාදන කර්තව්‍යයේ දී කාන්තාව පසෙකට කර තිබුණ ආකාරය සමග සසදන පසු වර්තමාන ප‍්‍රවේශය විප්ලවීය පරිවර්තනයකි. පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණයේ දියුණුව සමග ඇ`ග වෙහෙසවා වැඩකරන ශ‍්‍රමය පරාජය කර බුද්ධියෙන් උපයන සමාජයක් නිර්මාණය වන අතර කාන්තාවෝ එහි දී පෙරමුණ ගනිමින් සිටී.

ඉන්දියාවේ ජනගහනය සමග වෙළ`ද පොල පුලූල් වී ඇති අතර ආර්ථික වර්ධනය සමග කාර්මික, කෘෂිකාර්මික හා සේවා අවශ්‍යතා වර්ධනය වී තිබේ. උත්පාදනය සදහා කාන්තා නියෝජනය අනිවාර්ය සාධකයක් බවට පත්ව ඇත.

ඉන්දීය පාර්ලිමේන්තුව ද කාන්තා නියෝජනය වැදගත් බව තීරණය කර තිබේ. නොබෝදා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පණතකින් ප‍්‍රාන්ත ආණ්ඩු හා පාර්ලිමේන්තුවේ මැතිවරණවල දී කාන්තා නියෝජනය සියයට තිස් තුනක් අනිවාර්ය කර ඇත. මැතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීම අභියෝගයකි. සියයට 33 ක නියෝජනය අනිවාර්ය කිරීම සදහා පණත ඉදිරිපත් කිරීම ද තවත් අභියෝගයක්ව පැවැති බව ඉන්දීය වාර්තා දක්වයි. 1996 දී පළමුවෙන් මෙම අදහස ඉදිරිපත් කළ අවස්ථාවේ සිට 2023 වසර දක්වා පණත සම්මත කරගැනීමට නොහැකිවිය. ඉන්දියාවේ වාර්තා අනුව ප‍්‍රාන්ත ආණ්ඩු හා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අඩු ප‍්‍රතිශතයක පවතී. ගුජරාට් ප‍්‍රාන්තයේ මහජන නියෝජිතයන් 190 ක් අතරින් කාන්තාවෝ අට දෙනෙකු පමණකි. හිමාචල් ප‍්‍රාන්තයේ මැති ඇමැතිවරු 69 ක් අතර කාන්තා නියෝජනය දෙදෙනෙකු බව දැක්වේ. පාර්ලිමේන්තුවේ කාන්තාවෝ 28 දෙනෙකු සිටින නමුත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව රටවල් 193 ක් අතරින් 149 වැනි ස්ථානය බව සදහන් කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සලකා බලන පසු පාර්ලිමේන්තුවේ දී කාන්තාවන්ට ලැබී ඇති ස්ථානය කුමක්ද? අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 2019 වසරේ දත්ත අනුව ශ‍්‍රී ලංකාව ලෝකයේ රටවල් 193 ක් අතරින් 182වැනි ස්ථානයේ පසුවේ. ඉන්දියාවට ද වඩා අඩු ස්ථානයකය. ලෝකයේ පළමු අගමැතිනිය පත්කරගත් රට වශයෙන් අභිමානයක් පවතින නමුත්, කාන්තා නියෝජනය නොසලකා හැරීම සුදුසු තත්තවයක් නොවේ. දේශපාලන කටයුතුවල පවතින ප‍්‍රචණ්ඩභාවය අඩුකරන අතර විනය ගොඩනැගීම උදෙසා ප‍්‍රමාණවත් කාන්තා නියෝජනයක් ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, පලාත් සභාව හා පලාත්පාලන ආයතනවලට ලබාදිය යුතුය. ඉන්දියානු ගතානුගතික රාමුව වෙනස්වී ඇති ආකාරයට ශ‍්‍රී ලංකාවේ ද වගකීම් හා සංවර්ධනයේ නියෝජනය තුළ සමබරතාව අවශ්‍යය. පාසල, විශ්ව විද්‍යාල සෞඛ්‍ය සහ නිති අංශ තුළ කාන්තාවෝ බහුලව නිරතව සිටිති. මධ්‍යස්ථව කටයුතුකරන අතර කාන්තාවන්ගේ කැපවීම ගැන සමාජයේ ගෞරවයක් තිබේ. පවුලේ ප‍්‍රධානියා වශයෙන් පීතෘ මුලික සමාජ ක‍්‍රමයක් පවතින නමුත් මවකට පවුල තුළ හිමිව ඇති ස්ථානය සමකළ නොහැක. රටට අවශ්‍ය ආර්ථික හා සමාජයයීය කටයුතුවල දී ද කාන්තාවන්ට නිසි අවස්ථාව විවෘත කිරීම අවශ්‍ය බව පෙන්වා දිය යුතුය.

තාත්ෂණය හා තොරතුරු සන්නිවේදන අංශයේ ඉන්දියානු ආකල්ප අනුව රටට ගත හැකි තීරණ ගැන සාවධානවීම වැදගත්ය. යුද ගැටුම් අවසන් කර වසර දහ හතරක් ගත වී තිබේ. ආරක්ෂාව ගැන අවධානය තියුණු විය යුතුය. තවමත් ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරයක් වශයෙන් ඩ්‍රෝන මෙහෙයු ම්කරගෙන යන්නට අවසර ලබාගැනීම දුෂ්කරය. ඩ්‍රෝන යානාවලින් උපයාගත හැකි ආර්ථිකය පසෙකට කළ යුතු නැත. ඉන්දියාව තවත් වසර දෙකකින් ඩ්‍රෝන මෙහෙයුම් පදනම් කරගෙන ඔවුන්ගේ ආර්ථිකයට උත්පාදනය කරගත හැකි ධනය ඇමරිකානු ඩොලර් බිලියන 54 ක් බව දක්වයි. ශ‍්‍රී ලංකාව එක අංශයකින් උපයන වැඩිම විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හයක් පමණ වන අතර එය ද මැදපෙරදිග ඇතුළු රටවල සේවය කරන ශ‍්‍රමික පිරිස රටට එවන මුදලබව අමතක කළ යුතු නැත. ශ‍්‍රී ලංකාව සමග සසදන පසු ඉන්දියාවේ ඩ්‍රෝන මෙහෙයුම් ආදායම් ඉලක්කය පමණක් මෙරට සමස්ථ අපනයන ආදායම මෙන් පස් ගුණයක් පමණ බව දැක්වීම අවශ්‍යය. අලූතින් අවධානය යොමු කරන නවතම අංශ කෙරෙහි නැඹුරුව ද කාන්තා ශ‍්‍රමය හා ඔවුන්ගේ බුද්ධිය සංවර්ධනයට ගලපා ගැනීම ද වැඩදායකය.

ආර්ථික අර්බුදය ඉදිරියේ මතු වී ඇති දුෂ්කරතා සලකා බුද්ධිමත් සිරිස රට හැර යන බවට ආන්දෝලනයක් පවතින අවස්ථාවකි. එයට හේතුව ද සොයා බැලීම වැදගත්ය. ව්‍යවසාය ක්ෂේත‍්‍ර පුලූල් කරන අතර ආදායම් උත්පාදනයට හා කර්මාන්ත හා ව්‍යාපාරවල නිරතවීමට ඇති ඉඩකඩ විවෘත නොකර රට හැර යන ජන කොටස නතර කරගත නොහැකි බව ද අවධාරණය කළ යුතුය.