16/05/2012 - ලංකාදීප
දරුවන් සමග නගරයට එන කාන්තාවන්ගේ ඉරණම
www.milindaprashna.com
අධ්‍යාපනය නිදහස්ය. දරුවන් අධ්‍යාපනය ලබන්නේ නිදහසේද? නිසි අධ්‍යාපනය දරුවන් ට දෙන්නට රජය මහා වියදමක් දරයි. මෙම වියදමට සරිලන ප‍්‍රතිඵලයක් රටට ලැබෙන්නේ ද යන්න වෙනම විග‍්‍රහයකට යා යුතුව ඇති ප‍්‍රශ්නයකි. දෙමව්පියන් ස්වකීය දරුවන් වෙනුවෙන් දරන වෙහෙස සම කළ හැක්කේ කුමකටද?...
More...
 
20/05/2012 - ඉරිදා ලංකාදීප
අපේක්ෂා කරන ආර්ථික දියුණුව අඩුවන අවස්ථාවක ගත යුතු මග - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය අඩුවිය හැකි බවට ලකුණු පහල වෙමින් තිබේ. පසුගිය වසර දෙක තුළ සියයට අට ඉක්මවන ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යන්නට හැකිවිය. එය හොදම තත්ත්වයකි. නමුත් ගෙවී යන වසර හමුවේ අභියෝග රැසක් පැන නගිමින් ඇත…
More...
 
23/05/2012 - ලංකාදීප
ආර්ථිකයට ගැළපෙන සමාජ පරිවර්තනයක් - මිලින්ද මොරගොඩ
පවතින ආර්ථිකය ගැටලූ සහගතයි. ජන ජීවිතයට දැනෙන්නේ වෙහෙසක්. අලූත් ආර්ථිකයක් ගොඩනගන්නේ කොහාමද? ආර්ථිකය සකස් වෙන්නේ ධනය බිහි කිරීමෙන්. ආණ්ඩුවට ධනය බිහිකරන හැකියාව අඩුයි. ආණ්ඩු ධනය බෙදාගැනීමට දක්ෂයි. බෙදාගන්නට කලින් බිහිකරන්න අවශ්‍යය. නිදහස ලැබීමෙන් පසු ගතවූ දශක හය තුළ අත්හදා බැලීම් සිදුවුණා. වර්තමාන පෙන්වන්නේ එකී අත්හදා බැලීම්වල විවිධ නශ්ඨාවශේෂය...
More...
 
27/05/2012 - ඉරිදා ලංකාදීප
නිසි මග සොයා යා යුතු ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික දර්ශනය - මිලින්ද මොරගොඩ
දවස් ගෙවි යන්නේ වේගයෙනි. අලූත් අවුරුද්ද උදාවන තෙක් ඇගිලි ගනිමින් සිටියේය. අවුරුද්ද පසුවී සති ගණනාවක් පසුවී ඇත. ඒ දවස්වල ඕනෑම නිවෙසක අලූත් බලාපොරොත්තු පොදි ගැහෙමින් තිබිණ. තමන්ට හැකි පමණින් අපේක්ෂා ඉටු කර ගත්හ…
More...
 
30/05/2012 - ලංකාදීප
තොරතුරු සන්නිවේදනයේ කෙන්යානු පාඩම
www.milindaprashna.com
අප‍්‍රිකාව අදුරු මහද්වීපය යනුවෙන් ද හැදින්වෙයි. දැන් අවස්ථාව ඇත්තේ අප‍්‍රිකාවට බව ජාත්‍යන්තර මතයයි. කෙන්යාව මහද්වීපය තුළ අන්ධකාරයේ පසුවූ රටවල් අතරින් එකකි. අන්ධකාරය පහව අරුණාලෝකය එරටට උදාවෙමින් තිබේ. තොරතුරු තාක්ෂණ යුගයේ පෙරැළිකරුවෙකු වී ඇත්තේ කෙන්යාවයි…
More...
 
03/06/2012 - ඉරිදා ලංකාදීප
නව සියවස ඉදිරියේ ජල පරිහරණය සම්බන්ධව ශ‍්‍රී ලාංකික අත්දැකීම් - මිලින්ද මොරගොඩ
... සයුර ගවේශනය මගින් ජන ජීවිතයට ලබා ගත හැකි ප‍්‍රයෝජන වෙත පර්යේෂකයෝ යොමු වී සිටිති. ජනගහනය වැඩිවීම සමග ජීවත් වන්නට ඉඩ කඩම් හා සම්පත් සීමාසහිත වන විට අලූත් ප‍්‍රවාහයක් වශයෙන් ජල සම්පත තුළින් ඇති අවස්ථා සොයන්නට මෙහිදී වෙහෙසෙයි. එය වැදගත්ය. මන්ද ගෙවීයන සියවසේ රටවල් අතර යුද තත්ත්වයක් ඇතිවීමට හේතුව තෙල් සම්පත නම් ඉදිරි සියවසේ දී යුද්ද ඇතිවනු ඇත්තේ ජලය වෙනුවෙන් බව ප‍්‍රකාශ වෙයි…
More...
 
06/06/2012 - ලංකාදීප
ජීවිතයට ජනනීය ඉන්ද්‍රිය එකතුවීම – මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
මනුස්ස ජීවිතය සංකීර්ණය. පුදුමාකාර එකකි. නිතර අලූත් දේ එකතුවෙයි. ඒවා සොයාගැනීම්ය. නූතන තාක්ෂණය හා විද්‍යාව එකතු වූ විට විවිධාකාර නව නිපැයුම් බිහිවන්නට පටන්ගෙන ඇත. ස්වභාවිකව සිදුවන පරිවර්තනයට පරිබාහිරව කෙරෙන පර්යේෂණ සේ සැලකිය හැකි මෙකී නව සොයාගැනීම් ලෝක ස්වභාවයට අභියෝග කරයි. ජනනීය අවයව භාවිතය අලූතෙන්ම එකතු වි ඇත…
More...
 
10/06/2012 - ඉරිදා ලංකාදීප
සමාජ උන්නතිය වෙනුවෙන් අලූත් කෝණයකින් බලන දැක්මක්
වැඩකරන ජනතාවට ජිවන වියදම ප‍්‍රශ්නයකි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ දිනපතා වැඩිවෙයි. වැටුප ජිවත්වන්නට ප‍්‍රමාණවත් නැත. ගමනා ගමනය වෙහෙසකරය. දරුවන්ගේ අධ්‍යාපනය හිතට බරකි. උතුරේ ගැටලූවට බලය බෙදාහැරීමට කරන යෝජනා ගැන ඔවුන් තුළ උනන්දුවක් තිබේද? ඩෙංගු උවදුර පැතිරෙයි. මව්වරු දරුවන් ගේ ආරක්ෂාව ගැන බියවෙයි. ජිවිත ප‍්‍රශ්න වලින් හෙම්බත්ව ඇති ඇතැම් ගෘහ මූලිකයෝ මත් ද්‍රව්‍යයන්ටත්, මත් පැනටත් ගොදුරුවෙමින් සිටී. උගත්පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාව කි‍්‍රයාත්මක කිරීම ගැන අන්තර් ජාතික ප‍්‍රජාව දක්වන අදහස් ගැන කාන්තාවෝ අවධානයෙන්ද?
More...
 
13/06/2012 - ලංකාදීප
යුද බිමේ අභියෝග සහ සාමාන්‍ය ජීවිතයට හුරුවීම – මිලින්ද මොරගොඩ
ගෙවී යන සියවසේ ඇති වූ යුද්ධ ගණනාවකි. යුද ගැටුම් සමග බිහිවූ යුදකාමී රටවල් වෙති. යුද මානසිකත්වය හා යුද තාක්ෂණය එයත් සමග වර්ධනය විය. මිනිස් යුද්ධයකට වඩා තාක්ෂණික යුද්ධයක් දක්වා යුද්ධයේ ගමන වෙනස් වෙමින් තිබේ. යුද්ධයට පසු සටනට ගිය සොල්දාදුවාගේ මනස හදුනාගෙන ව්‍යාධි දුරු කරන මනෝ විද්‍යාව ද දියුණු තලයකට පත්ව ඇත…
More...
 
17/06/2012 - ඉරිදා ලංකාදීප
අන්තර් ජාතිකව පැතිරෙන නිර්මාණශීලී ආර්ථිකයක බලය - මිලින්ද මොරගොඩ
කලාව සහ රසවින්දනය විවිධ යුග වලදී නොයෙක් මානයන් බිහි කරයි. කලා නිර්මාණයකින් නිකුත් කරන පණිවුඩය සමාජ විප්ලව වලට මග පෑදු අවස්ථා එමටය. ලෝක ඉතිහාසය ගවේශනය කරන විට ජනතාව එකතු කරන්නට, පොදු අරමුණු ගොඩනගන්නට කලාව මහත් පිටිවහලක් වී ඇත. කැලී පෑගී සිටි යුගයක ජනතාව නිර්භීත කලාකරුවන්ගේ නිර්මාණයකින් ආවේශ වී සමස්ථ පරිසරයම වෙනස් කරන බලවේග බවට පත් වූ ආකාරය හදුනාගත හැකිය…
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 41 to 50 of 110 Records