16/09/2012 - ඉරිදා ලංකාදීප
රාජ්‍ය සේවයේ කාර්ය භාරය විප්ලවීය වෙනසකට - මිලින්ද මොරගොඩ
පොදු ජනතාව රාජ්‍ය සේවය පිණිසයි මුද්‍රාව සහිත ලිපියක් තැපෑලෙන් ලැබෙනවිට භාර ගත්තේ මහත් ගෞරවයකින්ය. ලිපිය ලියා අත්සන් කරන්නට කලින් සටහන්ව තිබුණේ මෙයට අවංක සේවක යන හැදින්වීම සමගය. රජයේ සේවය මහජනතාව වෙනුවෙන්ය. එය කාර්යක්ෂම සහ වඩා ගුණාත්මක බවකින් යුක්ත විය යුතුය. මෙරට රාජ්‍ය සේවයට දිග ඉතිහාසයක් තිබේ…
More...
 
16/09/2012 - ඉරිදා ලංකාදීප
ඉපැරණි නාලන්දා සරසවිය යළි ඇරඹේ
බෞද්ධ රටවල අනුග්‍රහය ඇතිව ලෝකයේ ඉපැරණි බෞද්ධ විශ්ව විද්‍යාල හයෙන් එකක් ලෙස සැලකෙන නාලන්දා සරසවිය නැවත ස්ථාපිත කිරීමට ඉන්දීය රජය තීරණය කොට තිබේ... මෙම සරසවියේ පාලක මණ්ඩලයට ශ්‍රීලංකාව නියෝජනය කරමින් සහභාගී වන ලෙස ජනාධිපති ජේෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය ආරාධනා කර ඇත...
More...
 
19/09/2012 - ලංකාදීප
ධාතු වන්දනාවේ සමාජ සන්නිවේදනය
www.milindaprashna.com
ඉන්දියාවේ, කපිලවස්තු පුර සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම වීය. දිවයිනේ නොයෙක් තැන් වල මහජන ප‍්‍රදර්ශනයට ඉඩදීම බොදු බැතිමතුන් ලද මහත් ආශ්වාදයකි. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් දැක සිත මහත් සේ පහදවාගත් පොදු ජනතාවට බුද්ධ දර්ශනයෙහි ගැඹුර අවබෝධ කර ගැනීමට අවස්ථාවක් උදා වී තිබේ…
More...
 
26/09/2012 - ලංකාදීප
ජනතා බලය බාල්දු වෙලාද? - මිලින්ද මොරගොඩ
අවුරුදු පන්සියයක පමණ කාලයක් ශ‍්‍රි ලංකාව බටහිර අධිරාජ්‍යවාදීන්ට යටත්ව සිටියේය. එය ඉතා අමිහිරි වකවානුවකි. ජනී ජනයා දුප්පත් බවෙන් ද, දරුණු නීති වලින් ද පීඩාවට පත්ව සිටියේය. යටත් වූ දිනයේ සිටම නිදහස දිනා ගැනීමට සටන් පැවතිණ. පසු කාලයේ දි අවිය වෙනුවට ජන විරෝධය ප‍්‍රබලව නැග ආවේය. අධිරාජ්‍ය වාදීන් රටට හුරු කරවන්නට උත්සාහ කළ ආගම, මත් පැන් හා ගව මස් විරෝධය සාමාන්‍ය ජනතාව ඒක රාශි කළ සංකේතයි…
More...
 
27/09/2012 - ලංකාදීප
බල වෙනසකට සැරසෙන හැටි මිහිතලය
බලශක්තිය ජන ජීවිතයට අවශ්‍යම දෙයකි. වියලි ලී කැබලි දෙකක් ඇතිල්ලීමෙන් හෝ ගල් කැබලි ගැටීමෙන් ගින්දර අවුලවාගත් යුගය පසුකර බොහෝ දුර පැමිණ තිබේ. එහි නතර වීමක් නැත. තව තවත් අලූත් සොයාගැනීම් සමග අනාගතය අතිශය සංකීර්ණ වෙමින් තිබේ. තරගකාරීව එයට අනුගත නොවන තැතක පැවැත්මක් නැත. ලෝක ධර්මතාවය එයයි...
More...
 
30/09/2012 - ඉරිදා ලංකාදීප
ව්‍යවසායකත්වය අගයන්නට ව්‍යවසායක දිනයක් - මිලින්ද මොරගොඩ
ජර්මනිය ලෝක ව්‍යවසායකත්ව ශ්‍රේණිගත කිරීම් වල පහල මට්ටමේ සිටි රටකි. අවුරුදු තුන හතරක් ඇතුලත තත්ත්වය වෙනස් විය. යුරෝපයේ රටවල් ආර්ථික අතින් ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටින නමුත් ජර්මනියේ ස්ථාවරත්වය කැපී පෙනේ. ආර්ථික පර්යේෂකයෝ ඒ ගැන අවධානය යොමු කරන්නට පටන් ගෙන ඇත.
More...
 
03/10/2012 - ලංකාදීප
පරමාදර්ශී චරිතයකින් නැගෙන වීරත්වය - මිලින්ද මොරගොඩ
මෙරට පොදු ජනතාවට ඇති තරම් ප‍්‍රශ්න තිබේ. පාසලට දරුවෙකු ඇතුලත් කර ගැනීමේ සිට ජීවිතයේ අවසාන මොහොත දක්වා අභියෝග වලට මුහුණ දීමට සිදුවෙයි. ජීවිතය ජය ගන්නේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීමෙන්ය. හැම අතින්ම සාර්ථක පුද්ගලයෝ වීරත්වයට පත්වෙති. සාර්ථක චරිත ඇසුරු කරන රුචියක් පොදු ජනතාවට ඇත…
More...
 
07/10/2012 - ඉරිදා ලංකාදීප
පාසල් අධ්‍යාපනයේ පෙරැළියකට නැවුම් සැලැස්මක් - මිලින්ද මොරගොඩ
මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ තරමක උණුසුම් විවාදයක් හටගෙන තිබේ. පාසල් කිහිපයක විනය ප‍්‍රශ්න ඇති බව පෙනේ. නිදහස් රජය අධ්‍යාපනයට කරන වියදම සම්බන්ධයෙන් විද්වතුන් තර්කයක් ගොඩනගයි. රජයේ වියදම් හා අධ්‍යාපනයට දෙන දායකත්වය කෙරෙහි සංවාදය වර්ජනයක් දක්වා පැතිර ඇත…
More...
 
10/10/2012 - ලංකාදීප
උපන් බිමට කළ යුතු මෙහෙවර සිතනු
මෙරට තරුණන් අතරින් ඇතැමෙකු හැකියාවක් ඇති කවර හෝ ක‍්‍රමයකින් පිටරටකට පැන ගැනීමේ නොනිත් ආශාවකින් පසුවන බව පෙනේ. විදේශයක කරන රැකියාවකින් යමක් උපයාගෙන හොඳින් ජීවත්වීම මෙකී අපේක්ෂා සහිත අයගේ එකම අරමුණය. අනවසරයෙන් රටට එන්නන් දියුණු රටවලට හිරිහැරයකි. එවිට එම රටවල් නීති විරෝධී සංක‍්‍රමණ වලට තද නීති පනවා තිබේ...
More...
 
14/10/2012 - ඉරිදා ලංකාදීප
ලෝකය යහපත් තැනක් කරන්නට හැකි සාධක පහක් - මිලින්ද මොරගොඩ
ධුර කාලය අවසන් වූ පසු ජන නායකයෝ ගත කරන ජීවිතය කෙබදුද? එක් එක් යුග වල රටවල් පාලනය කළ මහත් ජනප‍්‍රියත්වයක් හෙබවූ චරිත තමන්ගේ පසු කාලය අර්ථවත් ලෙස හරවා ගන්නට නොයෙක් තැත දරති. ''ක්ලින්ටන් ග්ලෝබල් ඉනීෂියටිව්'' යන පදනම ද එවැන්නකි. ඇමරිකානු රාජ්‍ය නායකයෙකුව සිටි බිල් ක්ලින්ටන් ලෝකයේ ජ්‍යෙෂ්ඨ වැසියෙකු ලෙස ජගත් ප‍්‍රජාවට ස්වකීය මෙහෙවර තවදුරටත් ඉටු කරමින් සිටී…
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 81 to 90 of 110 Records