| 19/06/2013 |
- ලංකාදීප |
නිදුක් නිරොගී ජන සමාජයක් ඇති කර ගනු පිණිස - මිලින්ද මොරගොඩ www.milindaprashna.com |
නිදුක් නිරෝගීව ජීවත්වීමේ වටිනාකම දැනෙන්නේ අසනීපව ප‍්‍රතිකාර ගන්නට සිදුවූ විටෙකය. මෙරට ජනතාවට සෞඛ්‍ය සේවාව නොමිලේ සැපයෙන අතර අවශ්‍ය නම් පුද්ගලික රෝහල් සත්කාරක සේවාව ද තිබේ. රජයේ රෝහල් වල දක්ෂ වෛද්‍යවරු සිටිති. කැපවීමෙන් රෝගී පරීක්ෂාවෙහි නිරත ඔවුහු ජීවිත බේරා ගැනීමට වෙහෙසෙන්නේ කාල වේලාවක් නැතිවය...
 |
| |
| |
| 16/06/2013 |
- ඉරිදා ලංකාදීප |
| පුරවැසියන්ගේ දියුණුවට පාලකයන් ගත යුතු තීරණ - මිලින්ද මොරගොඩ |
පසුගිය දසක පහ හය තුළ ශ‍්‍රී ලංකවේ පැවැත්මට ගත් තීරණ සම්බන්ධව සියුම්ව අවධානය යොමු කරන විට කැපී පෙනෙන එක් පොදු කරුණක් තිබේ. පොදුවේ සමාජයේ සියල්ලන්ම එකගවී සාමූහික තීරණයක් ගන්නට නොහැකිවීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විවිධ මත අපේක්ෂා කළ යුතුය...
 |
| |
| |
| 12/06/2013 |
- ලංකාදීප |
| නැවතුමක සිට පියවරක් ඉදිරියට ගමන් කිරීම - මිලින්ද මොරගොඩ |
සාමාන්‍ය ජීවිතයේ ඇතැම් අවස්ථාවක ජීවිතය නතර වෙලා වගේ දැනෙනවා. වෙනසක් අවශ්‍යයි හිතෙන්නෙ ඒ වගේ අවස්ථාවක. අගනුවර හෝ තදාසන්න ප‍්‍රදේශයක ජීවත්වන දරු පවුල් වල සතියේ කාලසටහන ඒකාකාරීයි. කලබලකාරී බවත් වැඩියි...
 |
| |
| |
| 09/06/2013 |
- ඉරිදා ලංකාදීප |
| එක රටක අනාදිමත් කාලයක සිට එකට - මිලින්ද මොරගොඩ |
ශ‍්‍රී ලංකාව ඉතා ඈතට විහිදෙන ඉතිහාසයක් ඇති රටකි. ඉතිහාසය හදාරන විට රට තුළ තිබුණ නොබිදෙන බැදීම් ගැන කතා කරන්නට සිදුවෙයි. මෙම බැදීම් රට සමග ඉදිරියට පවත්නා එකකි. ලංකාවේ ජීවත්වන, රටේ සොබාවට අනුව ගති සිරිත් පවත්වාගෙන යන ජන සමාජයක අනන්‍ය ආකාරයේ බැදීමකි...
 |
| |
| |
| 05/06/2013 |
- ලංකාදීප |
මැද මාවත විනා අන්තවාදයක් බුද්ධ වංශය තුළ නැත - මිලින්ද මොරගොඩ www.milindaprashna.com |
වෙසක් මාසය බොදුනුවන්ට ඉතාම වැදගත් කාල පරිච්ඡේදයකි. සිදුහත් කුමරු ඉපදීම, බුදුවීම සහ බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවීම වෙසක් පුන් පොහොය දිනවල සිදුවූ බව පිළිගැනීමයි. වර්තමානය ඉතා සංකීර්ණය. තාක්ෂණික සහ ගෝලීයකරණයට ලක් වූ වත්මන් සමාජයට ගැලපෙන දර්ශනය බුදු දහමින් සපයයි...
 |
| |
| |
| 02/06/2013 |
- ඉරිදා ලංකාදීප |
| බෞද්ධ දර්ශනය අභියෝගයක් කරගත් වත්මන් සමාජය - මිලින්ද මොරගොඩ |
වෙසක් මාසය බෞද්ධයන්ට ඉතාමත් වැදගත් කාලවකවානුවකි. අප ජීවත්වන්නේ සම්බුද්ධත්ව ජයන්තියෙන් දෙදහස් හයසිය වසරකුත් තවත් අවුරුද්දක් ගෙවී ඇති, ඉතා සංකීර්ණ ආර්ථික සහ සමාජ පසුබිමකය. තාක්ෂණික යුගයකය. ගෝලීයකරණයට ලක් වූ වත්මන් සමාජයට ගැලපෙන දර්ශනය බුදු දහමින් සපයන බව පිළිගැනීමයි. බුදු දහම ශ‍්‍රී ලාංකික සමාජ අනන්‍යතාවයට බද්ධ වූ සදාකාලික දර්ශනයකි...
 |
| |
| |
| 29/05/2013 |
- ලංකාදීප |
දුපත තුළ ප‍්‍රවාහනය ගොඩබිමින් පමණක්ම විය යුතු නැති බව - මිලින්ද මොරගොඩ www.milindaprashna.com |
මාර්ග සංවර්ධනයෙහි කැපී පෙනෙන වෙනසක් පසුගිය කාලය තුළ රට තුළ සිදුව තිබේ. එහෙම නමුත් ගමනා ගමනය පහසු වී නැත. අගනුවර හා තදාසන්න ප‍්‍රදේශයක ප‍්‍රවාහනය යනු කාලය නාස්ති කරන සහ එයින් රටට අධික පිරිවැයක් දරන්නට සිදුව සිදුවන වෑයමකි. ඉතාම දියුණු තාක්ෂණය සහිත අති සුඛෝපභෝගී වාහන වලට පවා මහ පාරේ තදබදය මැද කළ හැකි යමක් නැත...
 |
| |
| |
| 26/05/2013 |
- ඉරිදා ලංකාදීප |
| කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යවහාරික නීතිය සම්බන්ධ මහාචාර්ය ධුරයක් ස්ථාපිත කරයි |
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ මොරගොඩ ජාත්‍යන්තර නීති භාරය අතර... ගිවිසුමක් පසුගියදා අත්සන්කරනු ලැබීය... මොරගොඩ භාරයේ නිර්මාතෘ ආචාර්ය මොරගොඩගේ සී. ඩබ්. පින්තූ, එම භාරයේ උපදේශක මණ්ඩල සාමාජිකයන් වන මිලින්ද මොරගොඩ... යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගිවුහ...
 |
| |
| |
| 22/05/2013 |
- ලංකාදීප |
කාර්යක්ෂමතාවය වෙනුවෙන් විදුලියට ගෙවන මිල අපරාධයක්ද ? - මිලින්ද මොරගොඩ www.milindaprashna.com |
විදුලිය ගාස්තු වෙනුවෙන් මහජනතාව ගෙවන මිල සම්බන්ධව පැන නැගුන විවාදය තවමත් අවසන්ව නැත. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති විදුලිය ගාස්තු වැඩි කිරීමට එරෙහිව සටන් මගකය. විදුලිය බිල ගෙවා ගැනීමට නොහැකිව ජනතාව පාරට බැස සටන් කරන අවස්ථාවක වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතා කිරීමෙහි ප‍්‍රයෝජන ගැන කතා කිරීම අවශ්‍යම නැති මාතෘකාවකි…
 |
| |
| |
| 19/05/2013 |
- ඉරිදා ලංකාදීප |
| පොදු ජනතාවගේ අවශ්‍යතාවයක් විය යුතු ව්‍යවස්ථාව - මිලින්ද මොරගොඩ |
සමාජයක් තමන් ගැන හිතන ආකාරය විනිවිද දකින්නට කිසියම් අනන්‍ය රාමුවක් අවශ්‍යය. මෙම රාමුව ව්‍යවස්ථාවයි. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ගැන නොයෙක් වකවානු වල නොයෙක් සංවාද පැන නගී. පවතින ව්‍යවස්ථාව වෙනස් කර අලූත් එකක් අවශ්‍ය බව මෙවැනි විවාද වල අනිවාර්යයෙන් පෙන්වා දෙන කරුණකි...
 |
| |
| |