07/03/2012 - ලංකාදීප
මහ පොළවට නොදැනෙන කදුළු - මිලින්ද මොරගොඩ
www.milindaprashna.wordpress.com
ආණ්ඩු අපේ. මහජනතාවගේ පත්කරගන්නෙ පුරවැසියන්ගෙ වැඩි කැමැත්තෙන්. සියලූම දෙනාට සමාන අවස්ථාව දෙන එක ආණ්ඩුවක වගකීම. අවශ්‍යතා හොයා බලා පුරවැසියන් ට එකලෙස සැලකීම පහසු නැහැ. නීති රීති පනවන්නෙ සාධාරණ අවස්ථා ඇතිකරන්න. වැදගත්වෙන්නෙ යුක්තිය...
More...
 
13/03/2012 - ලංකාදීප
ජාත්‍යන්තරයට නිවැරදිව මුහුණදීම - මිලින්ද මොරගොඩ
එක්තරා අර්බුදකාරී අවස්ථාවක එවකට සිටි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා කැබිනට් මණ්ඩලයේ අදහස් විමසා සිටියේය. ප‍්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේ ද යන පැනයට අමාත්‍යවරයෙකු උත්තර දී ඇත්තේ ''නැව බේරාගන්න නම් ගල බේරගන්න වෙයි.'' යැයි කියමින්ය. ගැටලූවකට උත්තරය ඇත්තේ ගැටලූව සමගය උත්තරයට කලින් ගැටලූව විශ්ලේශනය කළ යුතුය. නොයෙක් පැති විමසා බැලිය හැකිය. අදහස් ඇත. මතගැටුම් ඉදිරිපත් වෙයි. නමුත් ගල් පර්වතය බේරා ගැනීමෙන් විනා නැව බේරාගැනීමට නොහැකිය. ගල් පර්වතයක හැපීමෙන් විනාශ වන්නේ ගල පමණක් නොවේ. නැව ද වැනසෙයි. දක්ෂ කපිතාන්වරයෙකු මහා සාගරයේ දී විය හැකි විනාශයක තරම හදුනාගෙන නැව පැදවිය යුතුය. එයට වෙනස් විසදුමක් නැත......
More...
 
14/03/2012 - ලංකාදීප
මහජන උන්නතිය - මිලින්ද මොරගොඩ
මහ ජනතාව රටක වැදගත් ම කොට්ඨාශයයි. ඔවුහු රට වැසියන්ය. රටක පැවැත්මට රට වැසියන්ගේ උන්නතිය ඉතාම තීරණාත්මක සාධකයකි. මහජනතාව සුරක්ෂිත කර ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට නීති රීති ඇත්තේ එහෙයින්ය. එයින් යුක්තිය සාධාරණත්වය ඉටුවෙතැයි අපේක්ෂාවයි. රටවැසි සියලූ දෙනාම මහජනතාවයි. නමුත් ඔවුන් යෙදෙන කාර්ය ස්වභාවය අනුව නිර්වචනයක් ඇත…
More...
 
20/03/2012 - ලංකාදීප
ජිනීවා අභියෝගය - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වැනි සැසිවාරයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. අද එය රට තුළ සාකච්ඡාවට ප‍්‍රධාන මාතෘකාවක් වී ඇත. ත‍්‍රස්තවාදයෙන් මිදී සාමකාමී සමාජයක් ප‍්‍රාර්ථනා කරමින් සිටි මහජනතාව අද සිදුවෙමින් පවතින ජාත්‍යන්තර බලපෑම් දෙස බලන්නේ මහත් විමතියෙනි…
More...
 
21/03/2012 - ලංකාදීප
ගොවි උද්ඝෝෂකයෝ - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
රටට බත සපයන වී ගොවිතැනෙහි නිරත ගොවීහු අස්වනු නෙලන සමයයි. වී මිළ ගැන විරෝධතා නැගෙන බව පෙනේ. ගොවියන් ගැන සේ ම පාරිභෝගිකයන් ගැන ද සමාජයේ නිසි ගෞරවය සාධාරණ විනිශ්චයකට ලක්විය යුතුය. ගොවිතැන පහසු කාර්යයක් නොවේ. පුරන් කුඹුර මඩ කර එය අස්වැද්දීමේ සිට අස්වනු නෙළා ගන්නා අවස්ථාව දක්වා අභියෝග රැසකි. මිළ ඉහළ යන තත්ත්ව යටතේ ගොවිතැන් කිරීම පහසු නැත…
More...
 
25/03/2012 - ඉරිදා ලංකාදීප
ආකල්ප වෙනසක් තුළින් ආර්ථික පෙරැළියකට - මිලින්ද මොරගොඩ
පශ්චාත් යුධ පරිච්ඡේදය රටට මහත් අවස්ථාවක් උදා කරනු ඇතැයි අපේක්ෂා ගොඩනැගින. දශක තුනක් පමණ ආර්ථිකයට හා සමාජයට විශාල බාධාවක් වූ ත‍්‍රස්තවාදය තුරන් කිරීමට හැකිවීම රටට විශාල ප‍්‍රාග්ධනයකි. එය නිසි අන්දමින් ආයෝජනය කර රට ගොඩනගන්නට ශක්තිය උපයාගත යුතුය…
More...
 
28/03/2012 - ලංකාදීප
සමාජ විප්ලවයකට මග පෙන්වන ජිනීවා පාඩම - මිලින්ද මොරගොඩ
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සලයේ දී ශ‍්‍රී ලංකාව සම්බන්ධව යෝජනාව හා එහි ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලය අනාවරණය වී හමාරය. ජය පරාජය කුමක් වුවත් එය මෙරට පාලනයට වැදගත් සන්ධිස්ථානයකි. ජිනීවා සිද්ධිය රටට හැරවුම් ලක්ෂ්‍යයකි. මානව හිමිකම් කවුන්සිලයට අනුව රටේ බරපතල ප‍්‍රශ්නයක් එහි සාකච්ඡා විය. නමුත් සැබෑ මුහුණුවර කුමක්ද?...
More...
 
29/03/2012 - ලංකාදීප
ශාසන පරිහානිය සහ සංඝ කතිකාව - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
බුද්ධ දේශනාව තුළ ඇත්තේ සදාකාලික දර්ශනයකි. එය හෙළි කරන්නේ ප‍්‍රඥාව කරා යන මාවතයි. බිහිකරන්නේ ප‍්‍රඥාවන්තයින්ය. අනුකාරකවාදීන් නොවේ. ශාසනය අභියෝගයකට ලක්ව ඇත. පාලනයට අනුශාසනා දෙන මහා බලවේගය වූ මහා සංඝරත්නය ගිහි සමාජයේ ඇවතුම් පැවතුම් වෙත නැඹුරු වෙමින් තිබේ…
More...
 
29/03/2012 - ලක්බිම
මත්ද්‍රව්‍ය නිවාරණය නීතියට හා පොලීසියට පමණක් කළ නොහැකියි - කොළඹ නගර සභා විපක්ෂ නායක මිලින්ද මොරගොඩ
මත්ද්‍රව්‍ය නිවාරණය නීතියට සහ පොලීසියට පමණක් කළ නොහැක්කක් බැවින් එයට ගොදුරු වන්නන් වළක්වා ගැනීම සහ ගොදුරු වුවන් මානුෂික පුනරුත්ථාපනයට ලක්කිරීම ඉතා වැඩදායී බවත්, කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක හා ජනාධිපති ජෙයෂ්ට උපදේශක මිලින්ද මොරගොඩ මහතා පැවසීය...
More...
 
01/04/2012 - ඉරිදා ලංකාදීප
ජිනීවා යෝජනාවෙන් උගතයුතු පාඩම සහ වත්මන් මෙහෙවර - මිලින්ද මොරගොඩ
එක්සත් ජාතීන්ගේ, මානව හිමිකම් කවුන්සලයේ දී ශ‍්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් වූ යෝජනාව රටට සන්ධිස්ථානයකි. මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සාකච්ඡා සභාවකි. රටකට එරෙහිව තීන්දු තීරණගැනීමේ නීතිමය බලතල එයට නැත. එහෙත්, මානව අයිතිවාසිකම් පිළිබද අන්තර් ජාතික ගිවිසුම් වලට අත්සන් කරන ලද රටක් ඒවාට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න ගැන විමසිලිවත්වන අයිතියක් කවුන්සලයට තිබේ…
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 21 to 30 of 110 Records