මට පෙනෙන මාධ්‍ය භූමිකාව කෘතියක් වශයෙන් නිකුත් වෙයි
 
මට පෙනෙන මාධ්‍ය භූමිකාව කෘතියක් වශයෙන් නිකුත් වෙයි

2nd section

එඞ්මන්ඞ් රණසිංහ - ආරම්භක කර්තෘ, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක- දිවයින

මට පෙනෙන මාධ්‍ය භූමිකාව පිළිබද විචාරය

මෙරට මාධ්‍ය ඉතිහාසයේ ස්වර්ණමය කාළපරිචේදය වශයෙන් පසුගිය ශතවර්ෂයේ තිහේ සිට හැටේ දශකය තෙක් කාලය ලෙස සලකන්නට හැකිය. මෙකී කාලය තුළ සිංහල සහ ඉංග‍්‍රීසි පුවත්පත් ඉටුකළ කාර්ය භාරය ඉමහත්ය. නිදහස් අධ්‍යාපනය, කෘෂිකර්මය, සංස්කෘතිය යන ක්ෂේත‍්‍ර තුළ පුවත්පත රට ජාතිය වෙනුවෙන් මෙහෙයවු අන්දම ඉතිහාස ගතවී තිබේ. එතෙර මෙතෙර අධ්‍යාපනය ලැබූ ප‍්‍රභූන්ගේ නායකත්වය යටතේ එම මෙහෙය ඉටුකරන ලදි.

එදා ඉදිරියෙන් සිටි සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම හැත්තෑවේ දශකයේදී රජයට ගැනීමෙන් පසු එදා පැවති ස්වර්ණමය යුගය අවසන් විය. එතැන් සිට පුවත්පත් ලෝකය නොසිතූ අන්දමින් විපර්යාසයට ලක්විය. මේ විපර්යාසය තුළ දී පුවත්පත් කලාව ද දැඩිලෙස වෙනස්කම් වලට පත්විය. තොරතුරු තාක්ෂණය සහ රූපවාහිනිය මෙරට මාධ්‍ය ව්‍යාපාර ප‍්‍රවේශවීමත් සමග ඇතිවූ වෙනස්කම් සුඵ පටු නොවේ. පුවත්පත් කළාව, එහි නායකත්වය සහ කාර්ය මණ්ඩලයද මේ කාලය තුළ දී පැහැදිලිව දැකිය හැකි විපර්යාස සිදුවිය. මාධ්‍ය කලාවේ ගුණාත්මක බව සහ මෙහෙයවීම පිළිබදව එයින් කොතෙක් සතුටට පත්විය හැකිද යන්න අද මේ රට මුහුණ දෙන ප‍්‍රබල ප‍්‍රශ්නයකි.

මිලින්ද මොරගොඩ මහතා මේ ප‍්‍රශ්නයට මට පෙනෙන මාධ්‍ය භූමිකාව යන තීරුලිපි පෙලෙන් පිලිතුරු දෙන්නට උත්සාහ කර තිබේ. එය ඉතා සාර්ථකව කර තිබෙන බව ඒ තීරු ලිපි මධ්‍යස්ථව අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට පෙනී ඇති බවට සැකයක් නැත.

තොරතුරු තාක්ෂණය මෙරටට පිවිසීම සමග ඇතිවූ වෙනස්කම් මෙහි පුලූල් ලෙස සාකච්ඡුා කර තිබේ. සිදුව තිබෙන යහපත් සහ අයහපත් තත්වයන් පිලිබද ඉතා පැහැදිලිව විස්තර කර ඇත. මාධ්‍ය කලාව අද පත්ව ඇති පසු බෑමෙන් මිදිය හැක්කේ කෙසේදැයි පෙන්වා දී තිබේ. ‘‘මට පෙනෙන මාධ්‍ය භූමිකාව’’ යනුවෙන් ඉරිදා ලංකාදීප පුවත්පතට මිලින්ද මොරගොඩ මහතා සැපයූ තීරු ලිපිපෙලේ පරමාර්ථය ගැන ඒ මහතා එහි පළමු ලිපියේ මෙසේ සදහන් කරයි. ‘‘පසුගිය සියවසේ ඉදිරියෙන් සිටියේ මුද්‍රිත මාධ්‍යයයි. විද්‍යුත් මාධ්‍ය එය අභිබවා ගොස් ඉක්මනින් තොරතුරු ඉදිරිපත් කරමින් ග‍්‍රාහකයා ආකර්ශනය කරගත්තේය. වර්තමානය වනවිට සමාජ මාධ්‍ය මෙම අංශ දෙකම ඉක්මවායමින් ක්ෂණයෙන් තොරතුරු ඉදිරිපත් කරන ආකාරයට ප‍්‍රව්ශය සකස් කරගෙන ඇත. මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යක් සංස්කාරවරයෙකුට යටත්ය, මෙම සංස්කාරකවරයා පුලූල් අවබෝධයක් ඇති එක්තරා පංතියක් නියෝජනය කරන්නේය. නව මාධ්‍ය මෙම පන්තිය බිද අලූත් තොරතුරු යුගයක් ඇතිකරන අතර මාධ්‍ය අයිතිකාරීත්වය එක්තරා කොටසකට පමනක් සීමාවීම ගැන තීබූ විවේචනයට සාපේක්ෂව වගකීමක් ඇතිව ක‍්‍රියාකරන්නේද යන ප‍්‍රශ්නය සමාජ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ඇතිවී තිබේ. පංති බේදයකින් තොරව තොරතුරු හුවමාරුවට අවස්ථාව ලැබීඇති නමුත් සමාජ මාධ්‍ය ඕසේ සියලූම දෙනා සම්බන්ධවීමෙන් තොරතුරු ඝෝෂාවක් හටගෙන ඇති අතර, එය තුලින් තොරතුරු දැනගැනීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්නේ යයි යන සංකල්පය තහවුරු නොවේ. මෙම තත්වය ගැන දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන මොරගොඩ මහතා පාඨකයාට මුහුණ දෙන්න සිදුව ඇති මේ ප‍්‍රශ්නය පිළිබද මෙසේ සදහන් කරයි.

‘‘අද තොරතුරු නිකුත්වන්නේ ක්ෂණයකින්ය. එහි සංස්කරණයක් නැත. කොතැනක හෝ සිදුවන දේ ඒ ආකාරයෙන්ම නිකුත්වන අතර එයින් සිදුවන බලපෑම යම් ආකාරයක අගතියක් හෝ ජන විඥානයට කරන බලපෑම විමසා බලන්නට අවශ්‍යය. මාධ්‍ය කෘතිය තුළ සිදුවන්නේ කුමක්දැයි විමසා බැලීම සුදුසුය. නව මාධ්‍ය භාවිතාව, පුවත්පත සතු වගකීම ගැන ගැඹුරින් විමසීමට මෙම තීරු ලිපි පෙළ මගින් ඉඩකඩ වෙන්කරනු ඇත.’’ ( නූතන මාධ්‍යයේ භූමිකාව විචාරයට ලක් කිරිමේ අවශ්‍යතාවය- ලිපිය 01)

වත්මන් මාධ්‍ය පිළිබද මොරගොඩ මහතා දරන අදහස් ඉතා පැහැදිලි අන්දමින් සකස්කර ඇත. එහි ඇති සත්‍යතාවය දැනුවත් පාඨකයින් කිසි පැකිලීමක් නොමැතිව පිළිගනු ඇති බවට කිසි සැකයක් නැත. මම ද මොරගොඩ මහතාගේ ප‍්‍රයත්නය සාරවත් පමණක් නොව ප‍්‍රතිඵලදායක එකක් ලෙස දකින බව ස`දහන් කරන්නට කැමැත්තෙමි. අද මාධ්‍ය හසුරුවන අන්දම ගැන ඉතාමත් පැහැදිලිව මොරගොඩ මහතා ඉදිරිපත් කරන විග‍්‍රහයට සහ කරන සාකච්ඡුාවට දැනුවත් සැම දෙනාගේම සහයෝගය ලැබිය යුතුය. ඔහුගේ විශ්ලේෂනාත්මක ලේඛනයේ සදහන් කර ඇති කරුණු වලින් එකක් මෙසේය. ‘‘මාධ්‍ය මගින් විකාශය කරන තොරතුරක ද්‍රෘෂ්ටිය කුමක්දැයි වටහා ගන්නට මාධ්‍ය ඇසුරු කරන සියලූ ජන කොටස් සමත් වන්නේ නැත. තමන්ට ලැබෙන තොරතුරෙහි ස්වභාවය වටහා ගැනීමට හැකි ඥානය පාඨකයන්ට ලැබිය යුතුය. තොරතුර සමග අනන්‍ය වෙන්නට ජනතාවට සිදුව තිබේ. මාධ්‍ය සන්නිවේදනයේ සිදුවෙමින් පවතින්නේ ජනතාව ඥාණනය කිරීමේ ක‍්‍රියාවලියක් නොව, ජනතාව යම් ආකාරයකට රාමුගත කර පාලකයන්ට හෝ මාධ්‍ය පාලනය කරන අංශවලට අවශ්‍ය පරිදි මතය හැසිරවීමේ ක‍්‍රියා පටිපාටියක් බව අවබෝධ කරගත යුතුව ඇත.’’( නූතන මාධ්‍යයේ භූමිකාව විචාරයට ලක් කිරිමේ අවශ්‍යතාවය- ලිපිය -01)

‘‘රූපවාහිනීය පිළිබද මොරගොඩ මහතා මෙසේ ලියා ඇත. ‘‘අද වන විට රූපවාහිනිය මෙරට මාධ්‍ය යේ බලවත්ම ප‍්‍රවාහය වී තිබේ. රූපවාහිනි මාධ්‍ය තුළ නරඹන්නන්ට විනෝදය සහ සැහැල්ලූව අප‍්‍රමාණව සකස්කර දෙන බව පැහැදිලිව පෙනෙන්නට ඇත. බුද්ධිය ජනනය කරන සහ මහජනතාවගේ විචාර ශක්තිය දියුණුකර අලූත් ආකාරයකට සිතන්නට මෙරට රූපවාහිනී නාලිකා වල අන්තර්ගතය සකස්වී තිබේ යයි ප‍්‍රකාශ කළ නොහැකිය. මෙම අන්තර්ගතය තුළ දේශපාලන වැඩ සටහන් අපගේ විශේෂ අවධානයට ලක්විය යුතුය.’’ ( රූපවාහිනියේ දේශපාලන අංශයේ වත්මන් මුහුණුවර හªනා ගැනීම - ලිපිය 03)

දේශපාලනඥයින් රූපවාහිනී වැඩසටහන් තුළ හැසිරෙන ආකාරය ගැන මොරගොඩ මහතා සදහන් කර ඇති කරුණු කෙරෙහි අප කාගේත් අවධානය යොමුවිය යුතුය. ඉදිරිපත් කර ඇති කරුණු සමහරක් මෙසේය. ‘‘රූපවාහිනී නාලිකා වල දේශපාලන ප‍්‍රවෘත්ති සහ සංවාද විකාශය විශාල මෙහෙවරක් කරන බවට විශ්වාසයක් ඇති බව පෙනේ, ආපසු හැරී බලනවිට පසුගිය කාලය තුළ රූපවාහිනී නාලිකා වල දේශපාලන වැඩසටහන් වලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්නට ඇති කරන ලද මෙහෙවර, වටිනා එකක් දැයි විමසා බලන්නට අවශ්‍යය. දේශපාලනය තුළ ගැඹුර මතුකර සමාජ ආකල්ප යහපත් පැත්තට වර්ධනය කිරීම වෙනුවට විනෝදය සහ හාස්‍ය උත්පාදනය කරන්නට වශයෙන් රූපවාහිනි නාලිකාවල වැඩසටහන් සම්පාදනය කරන බව පැහැදිලිය.’’ ( රූපවාහිනියේ දේශපාලන අංශයේ වත්මන් මුහුණුවර හªනා ගැනීම - තුන්වන ලිපිය) මෙවැනින දේශපාලන වැඩසටහන් කරන අයගේ සැලකිල්ල මෙකී විග‍්‍රහය කෙරෙහි යොමුවිය යුතුය. මේ කරුණ පිලිබද නැවතත් මෙසේ සදහන් කරයි. ‘‘දේශපාලන සංවාද කරුණු සහිතව කරන විග‍්‍රහ වෙනුවට ඝෝෂාකාර ඒවා බවට පත්ව ඇත. ගැටුම් ඇතිකරගෙන නරඹන්නන්ගේ අවධානය දිනාගන්නට තැත්කරන ඒවා බවට පත්ව තිබේ.’’ යළිත් මෙසේ දක්වා ඇත. ’’වැඩිම අදහස් ප‍්‍රමාණයක අන්තර්ගතය චෝදනා හෝ පුද්ගලික මඩ ගැසීම්ය. හුදෙක් එකිනෙකා කෙරහි වෛරයෙන් සහ ක්‍රෝධයෙන්යෙන් අදහස් පළ කරන අකාරය සුලබය. පක්ෂයක ප‍්‍රතිපත්ති හෝ අනාගත දර්ශනය ගැන මේවායේ සාකච්ඡුා කරන්නේ ඉතාමත් අඩුවෙන්ය. සාමාන්‍ය ජනතාව එදිනෙදා මුහුණ දෙන ගැටලූවලට විසදුම් සොයන බුද්ධිමත් සාකච්ඡාවක් කරන්නේ නැති තරම්ය’’. (රූපවාහිනියේ දේශපාලන අංශයේ වත්මන් මුහුණුවර හදුනා ගැනීම - ලිපිය 03) මෙම කරුණ ගැන මොරගොඩ මහතාගේ දක්වන අදහස් මෙරට විද්වත් දේශපාලනඥයන් දැඩිසේ සැලකිලිමත් විය යුතුය. දේශපාලනඥයින් ඇතැම් විටක මේ ගැන දන්නවා වෙන්නට ඇත. ඔවුන් මෙසේ ක‍්‍රියා කිරීමෙන් මේ රටේ දේශපාලනයට විශාල සේවයක් කරන බව උපකල්පනය කරන බව නිරීක්ෂණය කළ හැකි නමුත් ඔවුන්ගේ මේ හැසිරීම නිසා ඔවුන් බොලද නිවට සමුහයක් ලෙස මහජනයා සලකන බව දැන්වත් ඔවුන් තේරුම් ගත යුතුය. ‘‘රූපවාහිනී නාලිකා වල ප‍්‍රවෘත්ති වලට තෝරා ගැනෙන සේ හැසිරෙන්නට දේශපාලනඥයෝ හුරුවී ඇත. අවසානයේ දී දේශපාලන චරිතවල නරක ඉස්මතු වෙයි. ඒවා සැහැල්ලූවට ලක්ව තිබේ. සමස්ථයක් වශයෙන් දේශපාලනඥයන් යනු රූපවාහිනී කැමරාවට අවශ්‍ය පරිදි මෙහෙයවන්නට හැකි ගැඹුරක් රහිත පුද්ගලයන් බව සමාජයට තහවුරු වෙමින් තිබේ. මෙම පිරිස රටේ නායකයන් දැයි බුද්ධිමත් පිරිස ප‍්‍රශ්න කරන තැනට පොදුවේ පත්ව ඇත.‘‘ (රූපවාහිනියේ දේශපාලන අංශයේ වත්මන් මුහුණුවර හªනා ගැනීම - ලිපිය 03) යනුවෙන් හෙතෙම සිය නිගමනය අපට ප‍්‍රකාශ කරයි. ඒ නිගමනය හා අපිද එකගවෙමු. මෙම තත්ත්වය තුළ මොරගොඩ මහතා යම්කිසි අභියෝගයක් දකී. ඒ අන් කිසිවක් නොව දේශපාලනය හා රූපවාහිනීය අතර සම්බන්ධය හරයාත්මක සහ ප‍්‍රතිපත්ති අනුව එකක් බවට පත්කිරීමය. රූපවාහිනී වැඩසටහන් විනෝදාත්මක බවින් ඈත්වී බුද්ධිය ගැන සිය අවධානය යොමු කළ යුතුය. රටේ අනාගතය සහ ඉදිරි කාලයේදී පදනම සකස් කළ යුතු අනාගත පරපුරට විනෝදාත්මක නායකත්වයක්, නැතිනම් බුද්ධිමත් නායකත්වයක උවමනාව මත ද යන ප‍්‍රශ්නය විසදෙන්නේ ඒ අනූවය.

ඕපාදූප නැතහොත් ගොසිප් (එම ඉංග‍්‍රීසි වචනය Gossip දැන් මෙරට මාධ්‍ය භාෂාවට එකතුවී ඇති අලූත්ම එක ලෙස සලකන්නට හැකිය. සහ මාධ්‍යයේ ලොකු තැනක් හිමිකරගෙන තිබේ. මෙම වර්ධනය නොතිබුණා නම් මාධ්‍ය කලාව කොතරම් යහපත්ද යන කරුණ ගැන මොරගොඩ මහතා මෙතෙක් නොවූ නිසි විශ්ලේෂණයක් කර ඇති බව පෙනේ.

වර්තමානයේ ගොසිප් ආකෘතිය එදා පැවැති තත්ත්වයට නොදෙවෙනිය. සංවිධිත මාධ්‍ය භාවිතාවක් නොවේ. එහි මූලාශ‍්‍ර සම්බන්ධ ගැටලූ තිබේ. සකස් කරන ආකාරය ප‍්‍රශ්න සහගතය. තොරතුර පළ කරන්නට කලින් නැවත නැවතත් කරුණු සොයා බලා නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට දක්වන්නේ ඉතාම අඩු උනන්දුවකි. ගොසිප් පළ කිරීමෙන් රටට හෝ සමාජයට ලැබෙන යහපත කුමක් දැයි අවධානයට ලක් කරන්නේ නැත.‘‘ ( මාධ්‍ය ව්‍යුහය තුළ අලූතෙන් නිර්මානය වන ඕපාදූප ආකෘතිය- ලිපිය 30) වගකිවයුතු මාධ්‍ය තුළ ඕපාදූප වැදගත් ස්ථානයක් ගැනීම පර්යේෂණයට ලක්කළ යුතු අතර එයින් අනාවරණය වන කරුණු සහ සමාජය එයින් තෘප්තිමත් ද යන්න විමසා බලන්නට අවශ්‍යය. මෙරට වත්මන් පුවත්පත් කලාව සහ එහි වර්ධනයක් වන ගොසිප් කලාවද තතු දන්නා අයගේ කාර්යභාරයක් ලෙස සැලකිය යුතුය. සමාජය වෙනුවෙන් තමන්ගෙන් ඒ කෙරෙහි ඉටු විය යුතු වගකීමක් ඉන් සපලවන බව කිව යුතු නොවේ. මොරගොඩ මහතා මෙම තීරු ලිපිය හසුරුවා ඇත්තේ තමන්ගෙන් සමාජයට ඒ වගකීම ඉටුකිරීමේ අභිලාෂයෙන් බව පැහැදිලිය. මෙම සංවාදයට හවුල් වන ලෙස ඒ මහතා මේ ලිපි පෙල කියවන අයගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීමට ලැබුණ ප‍්‍රතිචාර කුමක්දැයි කියා නොදනිමු. අපගේ විශ්වාසය වන්නේ යම් තරමින්වත් එම ඉල්ලීමට පිලිතුරු ලැබෙන්නට ඇති බවය. වත්මන් පුවත්පත් කියවන පාඨකයින් කුමන ප‍්‍රතිචාරයක් මේ වෙනුවෙන් දක්වා ඇතත් නැතත් මොරගොඩ මහතා යුතුකම මනා අන්දමින් ඉටුකර ඇත. එය අගය කළ යුතුය.

වත්මන් පුවත් කලාව සහ එම නාමයෙන් මේ රටේ අපි දකින මෙම කාර්යභාරය ගැන අපි නිහඩ වූවත් නැතත්, පුවත්පත එහි වගකීම හා කාර්යභාරය ගැන ඇති විශාල උනන්දුවක් බටහිර රටවල අදත් දකින්නට පුලූවන් බව කිවයුතුය. මෙම ලිපි පෙළ තුළ ඇති විමර්ශනය පුවත්පත් හිමිකරුවන් සහ ඒවා මෙහෙයවන පුද්ගලයන් කෙරෙහි ඉතා සුහද මිත‍්‍ර ලීලාවකින් බලපෑමක් කර ඇති බව පෙනේ. ලෝකයේ වෙනත් රටවල මෙවැනි විමර්ශන ලිපි වලින් පමණක් නොව ප‍්‍රසිද්ධ දේශන පැවැත්වීමෙන් සහ ග‍්‍රන්ථ පළකිරීමෙන් සිදුකරන බව මෙහිදී සදහන් කළ යුතුය සිද්ධියකින් දෙකකින් මේ තත්ත්වය විස්තර කරන්නට පුලූවන. ඇමරිකාව මේ සම්බන්ධයෙන් විශේෂිතය.

ක්ලෙයාර් බූත් ඇමරිකානු ජාතික පුවත්පත් ලේඛිකාවකි, නාට්‍ය රචිකාවියකි එරට ජාතික කාන්තා පුවත්පත් සංගමය විසින් දේශනයක් සදහා වරක්, එතුමියට ආරාධනා කළේය. මේ දේශනය විශේෂ එකක් වූ අතර Clare Boothe ගේ කාර්ය වුයේ ඇමරිකාවේ පුවත්පත් කලාව ගැන ගුණ දොස් විවේචනය කිරීමය. මෙතුමියට ලැබුනු මාතෘකාව වුයේ ඇමරිකානු පුවත්පත් කලාවේ ඇති වැරදි මොනවාද යන්නයි. ඇය, එරට පුවත් පත් ලෝකයේ තිබෙන හොදම පුවත්පත ලෙස දකී. ඒ සමගම එහි ඇති වැරදි දරුණු ලෙස විග‍්‍රහ කරයි. වානිජමය තර්ජන ඉදිරියේ පුවත්පත් නිහ`ඩවී ඇති අතර පොදු රසඥතාවය පහත් එකක් බවට පත්කරන බව ඇයගේ බලවත්ම චෝදනාව වේ. පුවත් පත් එවැනි වානිජ දෙයක් පිළිගත යුතුද ඊට අනුබල දිය යුතුද ? එය දියුණු කළ යුතුද ? ඇය අසන ප‍්‍රශ්න වලින් සමහරකි.

Clare Boothe සිය දේශනය ආරම්භ කළේ මෙසේය. ‘‘ඔබලාට ගල් ගසන්නට මට ලැබුන ආරාධනයක් අනුව මෙම වේදිකාවේ නැගී සිටිමි. ඇමරිකානු ප‍්‍රවෘත්ති පත‍්‍රවල ඇති වැරදි මොනවාදැයි කියන ලෙස මට ආරාධනා කර ඇත. මෙම මාතෘකාව ජාතික වශයෙන් ඉතා වැදගත්ය. එමෙන්ම ඉන් ඇතිවිය හැකි අසීමිත යහපත් ප‍්‍රතිඵල මෙන්ම ගල් ගසන්නට එල්ලවිය හැකි අනතුර ද ඒ සමානය I stand here at this rostrum invited to throw rocks at you ' you have asked me to tell you what’s wrong with you' The American press the subject not may is of great national importance but also has "one should say infinite possibilities and infinite perils to the rock thrower.

මෙහි දී අදහස් දක්වන බූත් මහත්මිය වෙනත් රටවල පුවත්පත් සමග අපේ පුවත්පත් සංසන්දනය කිරීමට පෙළඹිම අත් නොහැර, ඇමරිකානු පුවත්පත් වල ඇති වැරදි මොනවාද යන ප‍්‍රශ්නයට පිලිතුර සොයන්නට බැරියයි පවසන්නීය. අපේ පුවත් පත් අපි මැන බැලිය යුත්තේ උසස්ම පරමාදර්ශය වන නිදහස සහ වගකීම යන ගුණාංග ඔස්සේ බව දක්වන්නීය. ඒවායේ සාර්ථකත්වයත් අමතක නොකල යුතුය. මෙතුමිය වැඩිදුරටත් මෙසේ කියයි. ‘‘සිය නිදහස උල්ලංඝනය කරන, සිය වගකීම් පැහැරහරින අවස්ථා බොහෝමයක් ගැන සදහන් කළ හැක. උදාහරණයක් ගතහොත් පුවත්පත් නිදහස් ධජය වැඩි වශයෙන් ඔසවන්නේ ජාතික ශ්‍රේෂ්ඨ නායකයින් හෝ ප‍්‍රතිපත්ති හෝ වැදගත් කරුණු පිළිබද ලිවීම සදහා නොව, අපරාධ ලිංගික තොරතුරු හා වෙනත් ජන අප‍්‍රසාදයට පත්වු අවස්ථා සදහා ලිවීමටය. එසේ නැතිනම් පුවත් පත් වල සේවය කරන වැඩිදෙනාගේ උත්සහය වී ඇත්තේ තමන් විශ්වාස නොකරන දේ වුවත් වැඩි සෝදිසියක් නොදක්වා පළ කිරීමටය. රජයක ඉහල තලවල සහ දේශපාලනය පිළිබද නොවැදගත් තොරතුරු සහ කතා බස් පාඨකයාට ලබාදීමටය.’’

ක්‍ක්රු ඊදදඑයැ ගේ දේශනයේ ඇති හරවත් භාවය නිසා එතුමිය පළ කළ අදහස් තව ස්වල්පයක් මෙහි සදහන් කරනු ලැබුවාට වරදක් නැතැයි සිතේ. ‘‘ධවල මන්දිරයේ හෝ වෙනත් සංවිධානවල සුරතලූන් වීමට මාධ්‍යවේදීහු සූදානම්ය. පෙන්ටගනයේ විදේශ කටයුතු භාර අමාත්‍යංශයේ වෘත්තීය සමිතිවල ආණ්ඩුකාරවරුන්ගේ සුරතලූන් වීමට හෝ තමන්ට ප‍්‍රසිද්ධිය ලබාගැනීමට දේශපාලන වේදිකාව හදාගන්නා අයට හෝ තමන්ගේ සත්‍යමය ආත්මය පාවාදීමට සූදානම් මාධ්‍යවේදීහු සිටිති.‘‘ මෙම අදහස් ලොව කොතැන ජනමාධ්‍යයේ කොයිකාටත් අදාල බව කිව යුතුද? අපටත් අදාල නැතැයි කියන කෙනෙක් සිටින්ට පුලූවන්ද? මොරගොඩ මහතා අතගසා ඇති කාර්ය කෙතරම් පුලූල්ද යත් Clare Boothe ගල් ගසන්නේ ද එලෙසම වැදගත් කටයුත්තකටය. මෙතුමිය මේ වන විට කර ඇති විවේචන අදාල වන්නේ එතරම් විශාල අංගයන්ට නොවෙන්න පුලූවන්, නමුත් අද පවතින අන්දමට ඇමරිකානු පුවත්පත් වල පවා විශාල කොටසක් වෙන්කර ඇත්තේ පොදු ජන හෝ රාජ්‍ය වශයෙන් වැදගත් වන ප‍්‍රශ්නවලට නොව විනෝදකාමී, කිතිකවන, ලිංගික තොරතුරු සහ නොවැදගත් දේ පළ කිරීමටය.

Clare Boothe ඇමරිකානු පුවත්පත් වලට චෝදනා දෙකක් ඉදිරිපත් කරයි. ‘‘ඇමරිකානු පුවත්පත් දැනට සිදුකරන වාර්තා මගින් හොදින් ජනතාව දැනුවත් නොකිරිම ඒවායේ වගකීම පැහැර හැරීමකි. මෙය පලමු චෝදනාවයි. දෙවන චෝදනාව නම් මහජන රසඥතාව උසස් තලයකට ගෙනයාමට ක‍්‍රියානොකර ඩයිනෝසර් සතෙකු මඩගොහුරක ලගිනවා මෙන් ක‍්‍රියාකිරීම, සිය නිදහස අනිසි ලෙස යෙදවීමකි යන්නයි. මහජනයා ඉල්ලන දේ නොදුන්නොත් පුවත් පත් වලට සිය ව්‍යාපාර කටයුත්ත කරගන යෑමට නුපුලූවන් වනු ඇති බවට පුවත් ආයතන වලින් නැගෙන අදෝනාව පිළිබදය ඇය මෙසේ පිලිතුරු දෙන්නීය. ’’නැහැ සිය ඇමරිකානු සහජ උරුමය පාවා නොදී එසේ කළ නොහැකිය. ඒ වගකීම ඇමරිකානු පුවත්පත් නිදහස තුළ පිහිටා තිබෙන්නකි. මෙම වගකීම පැහැදිලිවම පුවත්පත් ප‍්‍රකාශක සහ කර්තෘමත පැවරී ඇති දෙයකි. පුවත්පත් නිදහස තුළම මේ වගකීම පිහිටා ඇති එකකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පළමු වැනි සංශෝධනය විසින් සහතික කරදී ඇති නිදහස තුළ මේ වගකීම පවතී.’’ මෙතුමිය මෙසේ වැඩිදුරටත් කියා සිටී. ‘‘ පොදු වශයෙන් පුරවැසියන්ගේ යහපත සදහා වූ වාර්තා පුවත් පත්වල අග පිටුවලට සීමාකොට අපරාධ, කාමතෘෂ්නාව, ලිංගික තොරුතුරු සහ ජන පිලිකුල උපදවන සිද්ධීන් පිලිබද අලවිය වැඩි කිරීමේ ශීර්ෂපාඨ වලට තැන දීම ඇත්ත වශයෙන්ම ජන රසාඥතාව සහ බුද්ධිය පහත හෙලීමකි. මේ ආකාරයෙන් ක‍්‍රියාකරන පුවත්පත් සහ කර්තෘවරුන් උසස්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුවත්පත් කළාව කෙරෙහි ඇති විශ්වාසය බිද දමනවා පමණක් නොව ඔවුන් සිය දේශයද පාවා දෙන්නේය.‘‘ නැවතත් මෙසේ ද කියයි. ‘‘යහපත් ප‍්‍රවෘත්ති සදහා ජනතාව තුළ තිබෙන පිපාසාව ක‍්‍රමයෙන් උසස් මට්ටමකට ගෙන එන්නට හැකි උදාර ජාතිමාමක ප‍්‍රකාශකයින් සහ ඉතා ලැදි කර්තෘ වරුන් සිටිනවාට සැකයක් නැත. පාඨකයින්ගේ ඉතා පහත් රසාඥතාව ඇති කරන ලිපි සහ ප‍්‍රවෘත්ති පුවත්පතේ සෙසු ලිපිවල පළ කිරීම ක‍්‍රමයෙන් අඩුකිරීමට ඔවුන්ට හැකි බවත් කිසි සැකයක් නැත. මෙම ප‍්‍රවනතාවය ආපසු හරවනු නොලැබුවහොත් පුවත්පත් මිනිසාගේ රසාඥතාව නිර්මාණය කරනු ලබන්නා නොව එහි වහලෙක් කරවනු ඇත.’’

Clare Boothe නොබියව ජාති හිතෛයිශීව ඇමරිකානු පුවත්පත් වලට විරුද්ධව සිය වෘත්තිමය සගයන් ඉදිරියේ මෙලෙස ප‍්‍රකාශකර සිටීම අගය නොකරන පුවත්පත් කලාවේදියෙක් කුමන රටක හෝ සිටිනු ඇත්ද ? නැත ඇමරිකානු පුවත්පත් කලාවේදී කාන්තාවක් සිය වෘත්තිය ගුණය සිය වෘත්තීකයන් ඉදිරියේ විවේචනය කරනු ලැබීම ශ‍්‍රී ලංකාව ඇතුලූව සියලූම රට වල පුවත්පත් කලාවේදීන්ට ආදර්ශය වනවාට සැකයක් නැත.

මොරගොඩ මහතා මෙරට රූපවාහිනිය සිය විශ්ලේෂණයට ලක් කර තිබෙන අයුරු මේවන විට අපි දැනුවත් වී සිටින්නෙමු. ඇමරිකන් පුවත්පත් කලාව දරුණු ලෙස විවේචනය කළ ක්ලෙයා බූත් මෙන්ම එරට රූපවාහිනීය විවේචනය කළ අයෙකු සේ නිව්ටන් මිනෝ්ව් සැලකිය හැකිය. භැඅඑදබ ඵසබදඅ එරට ෆෙඩරල් තොරතුරු කොමිෂන් සභාවේ සභාපති ධූරය දැරුවේය. ජනාධිපති ජෝන් කෙනඩි විසින් හෙතෙම එම පදවියට පත්කරනු ලැබීය. ඇමරිකාවේ ගුවන්විදුලි සේවා ව්‍යාපාරිකයන්ගේ ජාතික සංගමයේ රැුස්වීමක් ඇමතු අවස්ථාවේ ඔහු මෙසේ ප‍්‍රකාශ කලේය.

‘‘ඇමරිකාවේ බලවත්ම හ`ඩ ඔබ ආයතන වලට හිමිය. ඉතා බුද්ධිමත් සහ නායකත්වයකින් එම හ`ඩ මෙහෙයවීමේ වගකීම ඔබ සතුය. නව්‍ය ව්‍යාපාරයක් ලෙස සලකනු ලැබූ මෙම ව්‍යාපාරය ඉතා සුලූ කාලයක් තුලදී ඇමරිකානු ජනතාව කෙරෙහි බලවත් ලෙස බලපෑමක් කරන මෙවලමක් බවට පත්ව තිබේ. මිනෝව් සිය කතාවේදී මෙසේද ප‍්‍රකාශ කළේය. ‘‘රූපවාහිනීය අයහපත් වූවිට ඊට වඩා අයහපත් දෙයක් වෙන නැත. ඔබට මම එක ආරාධනයක් කරන්න කැමතියි. ඔබගේ සේවා මධ්‍යස්ථානය වැඩ ආරම්භ කරන අවස්ථාවේදී ඔබගේ රූපවාහිනීය ඉදිරිපිට වාඩිවෙන්න. පොතක් සගරාවක්, ප‍්‍රවෘත්ති පත‍්‍රයක්, ලාබ අලාභ වාර්තාවක්, අතේ නැතිව රූපවාහිනීය වැඩසටහන අවසන් කරන තුරු එම වැඩසටහන් නරඹන්න. මේ කාලය තුළදී ඔබ නරඹා ඇත්තේ අති විශාල ශූන්‍ය භූමියක් වූ කාන්තාරයක් බව මම ඔබට සහතික වන්නෙමි. නොයෙක් ප‍්‍රදර්ශන වැලක් සාහසික ක‍්‍රියා නරඹන්නන් සහභාගීවන විවිධ දර්ශන, පරපීඩා ප‍්‍රීතිය, මිනිමැරුම්, මැරවරකම්, කාටුන් සහ මීට සමාන වෙනත් දර්ශන ඔබ නරඹනු ඇත. වැල නොකැඞී පෙන්වන වානිජ දැන්වීම්ය. මම කියනදේ අතිශයෝක්තියකැයි ඔබ සලකනවානම් ඔබත් රූපවාහිනිය නරඹා බලන්නැයි හෙතෙම ඉල්ලීමක් ද කළේය. මහජනතාවගේ යහපත් හැගීම් සහ යහපත් රසඥතාව තමා තුළ විශ්වාසයක් තිබෙන බවත් රූපවාහිනිය මෙහෙයවන සමහරක් දෙනා විශ්වාසකරන පරිදි ජනතාවගේ රසඥතාව පහත් බව තමා පිලිනොගන්නා බව ඔහු යටකී සභාවේදී පෙන්වා දුන්නේය.

ඔහු එහිද තවත් ඉතා වැදගත් කරුණක්ද ඉෂ්ඨ කලේය ඇමරිකානු රූපවාහිනී සේවය වෙනුවෙන් ඒවායේ හිමිකරුවන් සම්පාදනය කර ඇති ආචාරධර්ම සංග‍්‍රහයේ ඇතැම් පරමාර්ථ විස්තර කලේය. වානිජ දැන්වීම් පළකිරීමෙහි තිබිය යුතු සුදුසුබව නිෂ්පාදනයේ තිබිය යුතු හික්මීම සහ විනීතකම, අධ්‍යාපනය සහ සංස්කෘතිය දියුනු කිරීම, සමාජයට වගකීම, ළමයින්ගේ විශේෂ අවශ්‍යතා ගරු කිරීම යන මේ කරුනු කෙරෙහි රූපවාහිනිය සහ ඊට සහභාගීවන සියලූ දෙනාම ඒකාබද්ධව වගකිවයුතු බව එම ආචාරධර්ම සංග‍්‍රහයේ සටහන්වී ඇති අයුරු සභාවට පෙන්වා දෙන්නේය. එම සංග‍්‍රහයට ඇතුලත් තවත් කරුණු මෙසේය. රූපවාහිනී වැඩසටහන් නරඹන්නන්ගේ ආකල්ප දැනුම අවබෝධය පුළුල්කළ යුතුය. යහපත් විනෝදනය සහ ප‍්‍රයෝජනවත් ආකල්ප උත්තේජනය කළ යුතුය. සිය සමාජයට පුරවැසියා සතු වගකීම් ඔහුට මතක්කර දිය යුතුය. අවසාන වශයෙන් ඵසබදඅ මෙසේ ඉල්ලීමක් කලේය.

‘‘නෝනාවරුනී මහත්වරුනි, ගුවන් විදුලි සේවයට ඔබට ලබාදිය හැකි යහපත ගැන අසන්නට එපා. ගුවන් විදුලි සේවයේ යහපත සදහා කළ හැකි සේවය කුමක්දැයි විමසා බලන්න. නිදහසේ පරමාර්ථ සහ ජනතාවගේ යහපත සදහා ජනතාවගේ ගුවන් තරංග යොදවන ලෙස මම තරයේ ඔබගෙන් ඉල්ලා සිටිමි. ශ්‍රේෂ්ඨ තීරණ ගත හැකි පරපුරක් බිහිකිරීමේ කාර්යභාරයට ඔබ සහය විය යුතුය. සිය අනාගතය සාර්ථක කර ගැනීමට ශ්‍රේෂ්ඨ ජාතියකට ඔබ උදව් කළ යුතුය. මේ අරමුණ ඉටු කරගන්න අපේ සහයෝගය ඔබට ලබාදෙන්නට මම පොරොන්දු වෙමි. මෙම කථාවෙන් සභාවේ සියල්ලෝ ගල් ගැසුනාහ. මේ කථාවෙන් ඔහු නොබියව ජනතාවට හිමි ගුවන් තරංග භාවිතා කරන ගුවන් විදුලි සේවා ආයතන ප‍්‍රධානීන්ගේ ක‍්‍රියාව ඔවුන් ඉදිරියේම හෙලා දැක්කේය. ඇමරිකානු පුවත්පත් සහ රූපවාහිනිය පිලිබද ඒ රටේ වගකිවයුත්තෝ ප‍්‍රකාශ කළ අදහස් මෙහි සදහන් කරනු ලැබිණ. එරට ගුවන්විදුලි සේවාව පිලිබද එහි දීර්ඝ කාලයක් නිවේදකයෙකු ලෙස සේවය කළ එඞ්වඞ් රමුරෝව් Edward R'Murrow දේශනයකදී ඉදිරිපත් කරන ලද කරුණු ද ඉතා සාරවත්ය. ගුවන්විදුලි හා රූපවාහිනි ප‍්‍රවෘත්ති අධ්‍යෂක වරුන්ගේ සංගමය (Radio & Television News Directors association ) අමතන ලෙස වරක් ඔහුට ආරාධනයක් ලැබිණ. එම කතාව දැඩි විවේචනාත්මක කතාවක් විය. ඔහු සිය කථාව මෙසේ ආරම්භ කළේය. ‘‘මේ කථාව කිසිවෙකුට හො`දක් නොවීමට පුලූවන්. මේ කථාව අවසානයේදී සමහරෙක් මෙම නිවේදකයා සිය සැප පහසු රුකියාව අමිහිරි කරගන්ට හදනවා යැයි චෝදනා කරන්න පුලූවන. මිත්‍යාවාදී සමහර අනතුරුදායක අදහස් පළකරන්නට ඉඩ ඇති අතර, ඔබගේ සංගමයට චෝදනා කරන්න පුලූවන. මෙසේ කිරිමෙන් සංකීර්ණ ගුවන් විදුලි ජාල දැන්වීම් ආයතන හෝ අනුග‍්‍රාහකයින් සෙලවෙන්නේ හෝ වෙනස් නොවෙනු ඇත. ගුවන්විදුලි සේවාවන්ට සහ රූපවාහිනියට කුමක්වෙන්නේ දැයි අවංකව ඔබලාට කතාකිරිම, මගේ අභිමතය නැතිනම් වගකීම වන්නේය. මම කියනදේ වගකීම් සහිත නම් එසේ කියනදේ ගැන වගකීම දරන්නේ මමය. මගේ ස්වාමිවරුන් යම් අනුග‍්‍රාහකයින් හෝ ගුවන්විදුලිය හෝ රූපවාහිනි විවේචකයන් සමග මගේ කිසි ආරවුලක් නැත. නමුත් අපගේ සමාජයට අපගේ සංස්කෘතියට සහ අපේ උරුමයට මේ සංචිත දෙක කරනදේ ගැන බියක් මා තුළ තිබේ. ඔහු මේ කථාව කරන්නේ කුමන ස්ථාවරයක සිට දැයි මෙම ප‍්‍රකාශවලින් පැහැදිලි කෙරේ. ඔහු Columbia Broadcasting System නැමැති සංවිධානයේ මාධ්‍යවේදියකු වශයෙන් මේ කථාව කරන වකවානුවේ සේවය කලේය.

වැඩි දුරටත් ඔහු මෙසේ කීය, මෙම මෙවලම කිසිවෙකුට උගන්වන්නට පුලූවන, එයට මනස විවෘත කරන්නට පුලූවන, ඔව් ඊට නරඹන්නන් උනන්දු කරවීමට පුලූවන. මේ අරමුණු ලගා කරගන්න මිනිසා දැඩිසේ උනන්දු වන තරමට, මෙම මෙවලමට එසේ කටයුතු කළ හැකිය. නැතිනම් එය කම්බි සහ ආලෝක සහිත පෙට්ටියක් පමණක් වනු ඇත. පෙර සදහන් දේශකයින් සිය රටේ එනම් ඇමරිකාවේ පුවත් පත් ගුවන්විදුලි සහ රූපවාහිනි පිළිබ`ද ප‍්‍රසිද්ධ දේශනා වලදී ප‍්‍රකාශ කරනු ලැබු අදහස් සහ මට පෙනෙන මාධ්‍ය භූමිකාව යන තීරු ලිපි පෙලින් සාකච්ඡා කරනු ලැබූ විෂයයන් පිළිබද දක්වා ඇති අදහස් අතර ඉතා කිට්ටු සම්බන්ධයක් ඇතිබව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වෙයි.

මෙම ලිපි පෙලින් මිලින්ද මොරගොඩ මහතා කර තිබෙන මෙහෙවර ඉතා කාලෝචිත එකකි. යුතුකමකි. වගකීමකි. ඉරිදා ලංකාදීප පුවත්පත එය අභියෝගාත්මකව භාරගෙන තිබේ. එය හො`ද පදනමක් රටට සම්පාදනය කර ඇත. පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහින ඇතළු මාධ්‍ය ආයතන කඩදාසි, කම්බි සහ ආලෝක සහිත පෙට්ටි පමණක් නොවීමට නම් මේ රටේ සමාජයේ යහපත පතන සියලූ දෙනාම මෙම මෙහෙවර කෙරෙහි සිය අවධානය යොමු කළ යුතු යැයි මම විශ්වාස කරමි.