21/11/2012 - ලංකාදීප
අවධානයට ලක්වන අවදානමක් ගැනීම
ශ‍්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ පසුබිම අනුව අවදානමක් ගෙන කි‍්‍රයාකරන්නට ධෛර්යයක් ඇති පිරිස සීමිතය. වැඩි කොටසකට අලූතින් යමක් කිරීම අවදානමකි. ගමන් කරන මාවතට එපිටින් ඇති දුෂ්කර මාර්ගය තෝරා ගැනීම බොහෝ දෙනෙකුට අභියෝගයකි…
 
27/11/2012 - ලංකාදීප
හැරවුම් ලක්ෂය හෙට සිට සෑම බදාදාවකම
මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කරන අලූත්ම සංවාදාත්මක වැඩසටහන 'හැරවුම් ලක්ෂ්‍යය' සෑම බදාදාවකම රාත‍්‍රී 10.30 ට සිරස ටී.වී. ඔස්සේ විකාශය වෙයි. 1999 වසරේ සිට 'ඉන් බ්ලැක් ඇන්ඞ් වයිට්', 'කමාන්ඩිං හයිට්ස්', 'ෆේස් ද නේෂන්', 'ගමින් ගමට', 'උරුමයක උල්පත්', 'නිදහස', යුක්තිය උදෙසා මිලින්ද සමඟ',...
More...
 
28/11/2012 - ලංකාදීප
දිනන්නට නම් නොනැවතී වෙහෙසෙන්නට සිදුවෙයි
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පිබිදෙන වග දත්ත පෙන්නුම් කරයි. දළ දේශීය නිෂ්පාදිතය ඉහළය. ඒක පුද්ගල ආදායම ද වැඩි ව තිබේ. ප‍්‍රශස්ත ජීවන මට්ටමකට පොදු ජනතාව ගමන් කරමින් සිටින බව එයින් අගවයි. රටක් වශයෙන් දක්වන දියුණුව සැලකිය යුතු තරම් නමුත් තවත් වටිනා දියුණුවකට මග පාදාගත හැකි බව ඵලදායීතාව සම්බන්ධ අලූත් පර්යේෂණ වාර්තා පෙන්වයි...
 
02/12/2012 - ඉරිදා ලංකාදීප
ව්‍යුහාත්මක වෙනසකින් විනා පවතින චක‍්‍රයෙන් මිදෙන්නට නොහැකිය - මිලින්ද මොරගොඩ
අය වැය යෝජනා ඉදිරිපත් කිරීම සම්ප‍්‍රදායකි. නිදහස ලැබූ දිනයේ පටන් ආණ්ඩු අය වැය ලේඛන ඉදිරිපත්කර තිබේ. රජය උපයා ගන්නා ආදායම හා එය වියදම් කරන ආකාරය ගැන කලින් සැලැස්මක් ප‍්‍රකාශයට පත් කිරීම එහි අරමුණයි. සමාජවාදී හෝ අවෘත ආර්ථික පවතින යුගයක අය වැය විශාල එකකි. නමුත් දැන් විවෘත ආර්ථිකය සහ වේගයෙන් ආර්ථික සංකල්ප වෙනස්වන වකවානුවක අය වැය යනු ඇස්තමේන්තුවක් පමණකි…
More...
 
05/12/2012 - ලංකාදීප
පොලිස් නිලධාරියා මහජන ඡන්දයෙන් තෝරා ගැනීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ලෝකයේ නොයෙක් රටවල් තමන්ට අනන්‍ය පාලන ක‍්‍රම වලට නතුව සිටිති. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට ලැබී ඇති පිළිගැනීම ඉහළය. පාලන ක‍්‍රමයක් වශයෙන් එය හොදම එක යැයි නොකියැවෙන නමුත් දැනට ඇති ක‍්‍රම අතුරින් ජනතාව බලවත් කරන යහපත් පාලන ක‍්‍රමයක් සේ සැලකෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මනාව හැසිරවීමෙන් යහපත් අතට නැගෙන්නේ ජනතාවගේ ජීවන මට්ටමය…
 
09/12/2012 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය සංස්කෘතියේ ජාත්‍යන්තරව බලපා ඇති අලූත් පෙළඹවීම් - මිලින්ද මොරගොඩ
ජනප‍්‍රිය පුද්ගල චරිත ආශ‍්‍රිතව හඹා යමින් තොරතුරු වාර්තා කරන හා එම චරිතවල අතිශය පුද්ගලික අවස්ථා පළකිරීම විශාල මාධ්‍ය ලෝකයේ එක්තරා ව්‍යායාමයකි. පැපරාසි පුවත් පත් කලාව වශයෙන් එය ප‍්‍රකටය. ඩයනා කුමරිය සම්බන්ධයෙන් ඇති වූ ප‍්‍රවෘත්ති හඹා යාමේ පැපරාසි පුවත්කලාව අවසානයේ දී කළ හානිය කුමක්දැයි ජාත්‍යන්තර සමාජය අතර තීන්දුවක් තිබේ...
More...
 
12/12/2012 - ලංකාදීප
පොදු අරමුණ ද - පටු අවශ්‍යතාවය ද ?
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාව පසු කරමින් සිටින්නේ අභියෝගාත්මක වකවානුවකි. අලූත් ආකල්ප ඇතිව ක‍්‍රියාකිරීම, අලූත් අවකාශයන් සොයායාම අභියෝග ජය ගැනීමෙහි ලා ඇති අනිවාර්ය සාධක ය. අලූත් දේ සොයා යාමකින් තොරව පරිවර්තනයක් ඇති නොවේ. යම් පරිවර්තනයට සූදානම් විය යුතු අප සිතන හා ක‍්‍රියාකරන ආකාරයේ පටන්ය...
 
23/12/2012 - ඉරිදා ලංකාදීප
ඛනිජ තෙල් කර්මාන්තය ආශ‍්‍රිතව පැතිරෙන නව ප‍්‍රවනතා - මිලින්ද මොරගොඩ
පෙට‍්‍රල් මිල ලීටරයකට රුපියල් දහයකින් මිල වැඩි කරන්නට මෙරට ඉන්ධන වෙළදාමේ නිරත ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පසුගිය සතියේ තීරණයක් ගත්තේය. එය මහත් විවේචනයකට ලක්ව තිබේ. දේශපාලන පක්ෂ පෙට‍්‍රල් මිල වැඩි කිරීමෙන් සාමාන්‍ය ජනතාව හිරිහැරයකට පත්ව ඇති බව පෙන්වා දෙයි. එය ඇත්තකි. භාණ්ඩ හා සේවා වල මිල වැඩිවන විට පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වෙයි...
More...
 
26/12/2012 - ලංකාදීප
ණය බරින් නාස්තිවන සමාජ ක‍්‍රමයක ගැටලූ - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මැදි ආදායම් ලබන තෘප්තියෙන් පසු වෙයි. පසුගිය අවුරුදු කිහිපය තුළ ඒක පුද්ගල ආදායම වැඩිව තිබේ. පොදු ජනතාවගේ ජීවන මට්ටම ද යම් ප‍්‍රමාණයකින් දියුණුය. පවතින වෙළද පොළ රටාව සහ ගෙදර දොර පරිහරණය කරන උපකරණ දෙස බලන විට යම් පෙරැුළියක් සිදුව ඇති බව පෙනේ. නමුත් රට තුළ පහළම පංතියෙන් කොටසක් මධ්‍යම පංතියට නැගී ඇතිවා විනා ඇති නැති පරතරය තිරසාර ලෙස අඩුවී ඇතැයි ස්ථිරව පවසන්නේ කෙසේද?...
More...
 
30/12/2012 - ඉරිදා ලංකාදීප
වැඩකරන ජනතාව මුහුණ දිය යුතු අභියෝග - මිලින්ද මොරගොඩ
මෙයින් වසර දහයකට කලින් ෆේස් බුක් යන සමාජ වෙබ් අඩවි ගැන දැන සිටියේ නැත. අන්තර් ජාලය ගැන දැනුමක් නොතිබිණ. එදා ජීවත් වූ අයෙකු එයින් අවුරුදු දහයකට පසු ලෝකයේ රැකියා බිහිවන අවස්ථා කෙබදූ විය හැකි දැයි දළ වශයෙන් හෝ අනුමාන කරන්නට නැත. සුපුරුදු පරිදි ලෝකය පවතිනු ඇතැයි අපේක්ෂා කරන්නට ඇති අතර අනාගතය උදෙසා ආකල්ප වෙනස්කර ගැනීම අවශ්‍යම නොවෙන්නට ඇත...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 101 to 110 of 110 Records