» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/03/2020 - ඉරිදා ලංකාදීප
මදුරු වංසගතයේ පැලැන්ති ප‍්‍රශ්නය ගැන අනාවරණයක්

මුළු ලෝකයම කෝවිඞ් -19 වසංගත තත්ත්වයක් ගැන අවධානය යොමු කර ඇති අවස්ථාවක මදුරුවා ගැන කතා කිරීම අනවධානයට හේතු විය හැකිය. එහෙත් එතෙක් මෙතෙක් මානව පැවැත්මට මදුරුවා එල්ල කර ඇති තර්ජනය කිසිසේත් සුළු පටු එකක් නොවේ. ලෝකය පුරා සියළුම විනාශයන්ට වඩා මදුරුවා බරපතල ව්‍යසනයකි. වඩාත් විනාශකාරී මදුරුවා ගැන පවතින අනවධානය ගුප්ත ස්වභාවයක් උසුලයි. නොයෙක් ක‍්‍රියාමාර්ග වලින් මදුරුවා මර්දනය කරන පියවර ගෙන ඇති නමුත් එහි පැලැන්ති ප‍්‍රශ්නයක් තිබේ. ලෝකයේ වඩාත් දුප්පත්, ඉතාම කර්කශ ජීවිත ගත කරන බිලියන සංඛ්‍යාත මිනිසුන් මදුුරුවා බෝ කරන රෝග හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොහොසතුන්ට හෝ පොහොසත් රටවලට එයින් එල්ල වී ඇති පීඩාව එතරම් සැලකිය යුතු මටට්මක නැති බව පර්යේෂකයන්ගේ අදහසයි.

මදුරුවා ගැන ආන්දෝලනාත්මක කෘතියක් නිකුත් වී තිබේ. ඇමරිකාවේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ සේවය කරන තිමොති සී. වැන්ගාර්ඞ් මෙම ග‍්‍රන්ථය සම්පාදනය කරන අතර හෙතෙම කැනඩා ජාතිකයෙකි. ඔක්ස්ෆඞ් විශ්ව විද්‍යලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන ඇති ඔහු එයට කලින් කැනඩා හා බි‍්‍රතාන්‍ය හමුදා සේනාංක වල වසර නමයක් සේවය කර තිබේ. ආන්දෝලනාත්මක කරුණු ඇතුලත් පොත් හතරක් නිකුත් කර ඇති තිමොති ඔහුගේ අලූත්ම පොත වන “The Mosquito: A Human History of Our Deadliest Predator,” හි මදුරුවා ගැන ලියා ඇති කරුණු තිගැස්මකට හේතුවකි. නිව්යෝක් ටයිම්ස් වාර්තාකරන අන්දමට එය අද වන විට මෙම පොත ලෝකයේ වඩාත් අලෙවි වන කෘති අතරින් එකකි. එහි කියැවෙන් දේ අතිශය විවාද සම්පන්න පමණක් නොව කිසිසේත් නොසිතන ලද අන්තර්ගතයකින් යුක්තය.

ඇමරිකානු විප්ලවය අවස්ථාවේ දී ජෝර්ජ් වොෂින්ටන් සතුව තිබුණ රහසිගත ආයුධයක් වශයෙන් මදුරුවා ගැන එහි සදහන් වෙයි. ඔස්ෙටි‍්‍රලියාව යටත් කරගැනීමට බි‍්‍රතාන්‍යයට හැකිවීම ආගමික මතවාද පතුරවන්නට මදුරවා බලපෑ අන්දම විශ්ලේෂණාත්මකව දක්වා ඇත. හා මදුුරු විශේෂ ගැන වෙන් වෙන්ව විස්තර කර ඇති අතර වඩාත් භයානක මදුරුවා නොව ලේ උරා බොන ගැහුණු සතාය. මදුරු විශේෂ හාර සියයකට වඩා සිටින බව දැක්වෙයි. භයානක ලෙඩ රෝග පහලොවක් සම්පේ‍්‍රශණය කරන්නට ගැහැණු මදුරුවාට හැකියාව ලැබී තිබේ. මෙම රෝග වලින් සමහරක් ස`දහා නිශ්චිත ප‍්‍රතිකාර නැති අතර රෝග සහමුලින්ම පාලනය කරන්නට වෛද්‍ය විද්‍යාවට කිසිම හැකියාවක් ලැබී නැත. ජන ජීවිතය, සමාජ වටිනාකම්, ආර්ථිකය සහ මුලින්ම පාලනය කරන්නට මදුරු වසංගත වලට හැකිවී තිබේ. සමහර අධිරාජ්‍ය දණ ගස්සවා ඇති ආකාරය මෙම කෘතියේ විස්තර කර ඇත. මානව ශිෂ්ඨාචාරය තුළ ජීවත්වූ සම්පූර්ණ ජනගහනය බිලියන 108 ක් යැයි ගණන් බැලූවහොත් මදුරුවා බෝ කරන රෝග හෙයින් බිලියන 52 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය කරයි.

මදුරුවා ගේ ඉතිහාසය මානව ශිෂ්ඨාචාරයටත් එහා ගිය එකකි. ස්ටීවන් ස්පිල්බර්ග් නිර්මාණය කරන ලද සුප‍්‍රකට ජුරාසික් පාක් චිත‍්‍රපටිය පවා නිර්මාණය කරන්නේ ඩයිනෝසර් ජාන මදුරුවෙකුගේ පොසිලයක තිබී සොයාගෙන නැවත බිහිකරන අන්දමය. මැලේරියා මදුරුවා ගැන පුරාණ රෝම ඉතිහාසයේ ද කියැවෙයි. මිසරයේ පිරමීඩ වල පවා මදුරුවා සිතුවම් කර තිබේ. භයානක වෙනත් සතුන්ගේ ස්වරූප අතර පිරමීඩවල මදුරුවා ගැන ද දක්වන්නට තරම් හේතුව ප‍්‍රශ්න කරන්නට අවශ්‍යය. තිමොති එවැනි කරුණු ගැන දීර්ඝව අධ්‍යයනය කර තිබේ. එයින් අනාවණය කරන ගවේශනාත්මක තොරතුරු බැහැර කළ නොහැකි ශක්තිමත් මතයක් ගොඩනගා ඇත. බටහිර ජාතිකයන්ට මදුරුවන්ගෙන් සිදුවූ විපත් හා එයින් ගැලවෙන්නට මගක් නැති තැන මැග්නාකාර්ටා ගිවිසුම අත්සන් කරන්නට හේතුවූ බව මෙම කෘතිය ගොඩනගන තර්කයකි. වහල් වෙළ`දාම අප‍්‍රිකාවට එන්නේ එම කලාපයේ තිබුණ ජාන ශක්තිය අනුව මදුරුවන්ගෙන් බෝවෙන රෝග වලට ඔරොත්තු දෙන ස්වභාවයක පැවැතීමය. අ`දුරු අප‍්‍රිකාවට වසංගත වලින් ගැලවීමක් නොතිබුණ අතර මදුරුවෝ පතුරවන රෝග ඒ අතරින් ප‍්‍රධානය. පරිනාමයේ දී වසංගතවලට ඔරොත්තු දෙන සිරුරු සහිත අප‍්‍රිකානුවෝ වහල් වෙළ`දාමට ලක් කරන හේතුවක් වී ඇත.

දෙවන ලෝක යුද්ධයේ දී පාර්ශව අතර ගැටුම් මැද මැලේරියාව බලවත්ව නැගී තිබුණ බව ද මෙම කෘතිය සාක්ෂි සහිතව දක්වයි. සෙබළු මැලේරියාවට ගොදුරු වූ අතර එයින් ගැලවෙන්නට දෙන ක්වීනීන් ප‍්‍රතිකාර වෙනත් ආසාත්මිකතා ඇති කළේය. ඞී.ඞී.ටී වැනි රසායනික වලින් මදුරුවන් පාලනය කළ නොහැකි වූ අතර අවසානයේ දී මනුෂ්‍යයාට එම රසායනික අහිතකර බව පිලිගෙන භාවිතය තහනම් කරන්නට සිදුවිය. මදුරුවා එයින් ද ආරක්ෂා වී තිබේ. සෑම තත්ත්පර තිහකට වරක් ලෝකයේ කොතැනක හෝ මැලේරියාව නිසා ජීවිතයක් අහිමි වන බව දැක්වෙයි. සිකා, ඩෙංගු, කහ උණ යනාදී වශයෙන් රෝග පතුරවන මදුරුවා ගේ ගැහැණු සතා මනුෂ්‍යයාට නොදැනී වහා ලේ උරා බොන්නට සමත් අතර ඒ ක්ෂණයකින් රෝගී ඛේඨය ද මිනිස් සිරුරකට එන්නත් කරනු ලැබේ.

මදුරුවා හෙයින් වසරකට මිය යන ජනගහනය 830,000 ක් යැයි වෛද්‍යවරු ගණන් බලා තිබේ. ජලභීතිකාව, සර්ප හෝ වෙනයම් සත්ව විශේෂයක බලපෑමකින් මෙපමණ මනුෂ්‍ය ජීවිත ප‍්‍රමාණයක් අහිමි වෙන්නේ නැත. වසර දෙකකට කලින් මිලියන දෙකක පමණ ඉහළ මට්ටමක තිබුණ අතර එය නොයෙක් ක‍්‍රම වලින් පාලනය කරගන්නට සමත් වී තිබේ. වසරකට මදුරු මර්දනය ස`දහා ලෝක ප‍්‍රජාව වැය කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන එකොලහක් බව ද වාර්තා පෙන්වා දෙන වැදගත් කරුණකි. අපි‍්‍රකානු කලාපයට පමණක් මදුරුවා පතුරුවන රොග හෙයින් සිදුවන ආර්ථික අවාසිය ඇමරිකානු ඩොලර් බිලියන 40 ක් බව ද තිමොති සී. වැන්ගාර්ඞ් මෙම ග‍්‍රන්ථය මගින් කියා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානය මදුරු මර්දනයට නොනවත්වා ආධාර කරයි. ප‍්‍රකට නවෝත්පාදකයෙකු හා බිලියනපතියෙකු වන බිල් ගේට්ස් ඇමරිකානු ඩොලර් බිලියනයක් මැලේරියා මර්දන වැඩසටහන වෙනුවෙන් පසුගිය වසරේ පරිත්‍යාග කළේය. එම වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය වැය කළ ඇ. ඩො. බිලියන 2.7 සමග සස`දන විට සෑහෙන පරිත්‍යාගයකි. ලෝකයෙන් මැලේරියාව සහමුලින්ම තුරන් කිරීමට විවිධ ප‍්‍රයත්න දරන නමුත් අසාර්ථකය. ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 27 ක පමණක් මැලේරියාව සහමුලින්ම තුරන්න කරන්නට සමත්ව තිබේ.

ශ‍්‍රී ලංකාවට ද ආර්ථික හා සමාජයීය වශයෙන් මදුරුවා එල්ලකරන බලපෑම තියුණුය. මදුරුවා මෙරට වාමාංශික දේශපාලනයේ ද සන්ධිස්ථානයකි. මැලේරියාව බහුල වකවානුවේ ක්වීනීන් පෙති හා පරිප්පු රුෙ`ගන ගෙයින් ගෙට ගොස් ආධාර කළ වාමාංශික නායකයෝ මෙරට තෝරා ගත් ප‍්‍රදේශවල වමේ බලකොටු බිහි කළහ. මැලේරියාවට එරෙහිව එවකට තිබුණ ආණ්ඩු දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපාරයක් මගින් ජනතාව දැනුම්වත් කළ අතර සෞඛ්‍ය පුරුදු ගැන චිත‍්‍රපට ප‍්‍රදර්ශනය එයින් මුල් තැනක් ගත් බව ඉතිහාසය දක්වයි. මැලේරියාව අභිබවා ඩෙංගු රෝගය භයානක සේ පැතිරෙමින් තිබේ. නීති හා විධිවිධාන පනවන නමුත් ඩෙංගු සහමුලින් තුරන් කරන්නට රටට හැකියා ලැබී නැත. මදුරුවා ගැන කරන ලද තිමොති සී. වැන්ගාර්ඞ් ගේ කෘතිය කියවන විට මදුරු මර්දනය ගැන අප දක්වන අලස ආකල්ප හෙයින් සිදුවන විනාශය බලවත් බව තේරම් ගැනීම ඉතා වැදගත් කාරණයකි.

ස්වභාවික විලෝපික සත්වයන් විනාශවීම මෙරට මදුරු ගහනය වැඩිවන එක හේතුවක් බව තතු දත් පිරිස දක්වති. නොයෙක් කෘෂි හා කෘමි රසායන භාවිතා කරන අතර ගොවිතැන් වලට තෙල් ඉසීම හෙයින් ජලාශවල ජීවත් වූ මත්ස්‍යයන් ව`දවී ඇත. ඉවතලන පොලිතීන් හා වෙනත් වතුර රැුෙ`දන සේ වලින් සුළු වැස්සක දී පවා මදුරුවෝ බෝ වෙන බව දැක්වෙයි. මදුරුවන් මර්දනයට රසායනික ඉසීම ප‍්‍රමාණවත් නැත. පරිසරයේ සිටින මදුරුවන් පමණක් විනාශ වන අතර මදුරු බිත්තරවලට හානියක් නොවේ. පලාත් පාලන ආයතන දිගින් දිගටම බෙහෙත් ඉසීම අත්හැර දමා තිබේ. මදුරුවන් බෝවීම වලක්ව වගකීම ප‍්‍රජාවට පවරා ඇත. මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කරන අතර ගෙවත්තේ තිබී හ`දුනාගතහොත් අධිකරණයේ නඩු පැවරේ. දඩ නියම කරන වරදකි. මදුරු දැල් හා මදුරු ද`ගර වලට රට තුළ විශාල වෙළ`ද පොලක් ඇති අතර දිනකට දැල්වෙන මදුරු ද`ගර ප‍්‍රමාණය ගණන් බලන විද්‍යාර්ථීහු එයින් පරිසරයට එකතුවන දුම වාහන වලින් පිටකරන දුමට වඩා බලවත් බව පෙන්වා දෙති. හැන්දෑවේ බත් පාර්සලයක් හා මදුරු කොයිල් එකක් මිල දී ගැනීම සාමාන්‍ය පංතියේ ජනතාවගේ නැඹුරුවක් වී තිබේ. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ඩෙංගු රෝගයෙන් ජීවිතක්ෂයට පත්වන අවස්ථාවක් පාසා මහත් භීතියක් ඇති කරන නමුත් මදුරුවා සහමුලින් පාලනය කරන දැවැන්ත පියවරක් රටට නැත. ආණ්ඩුව, පලාත්පාලන ආයතන හා ජනතාව එකතු වී මදුරු මර්දනය වෙනුවෙන් පියවර ගත යුතුය. එය බලවත් උවමනාවක් බව මදුරුවා කරන බලපෑම ගැන අනාවරණය කරන තොරතුරු පෙන්වා දෙයි.