03/02/2013 - ඉරිදා ලංකාදීප
ධෛර්යවන්ත මිනිසුන්ට අනාගතයක් හිමි නිදහස් රටක් - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාව නිදහස්, ස්වෛරී රාජ්‍යයක් බවට පත්ව අවුරුදු හැට පහක් සම්පූර්ණ වෙයි. ඉකුත් කාලය තුළ ආපසු හැරී බලා එයින් අත්දැකීම් ලැබ අනාගතය වෙත බලාපොරොත්තු සහගත ගමනක් යාමට කාලය උදා වී තිබේ. ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වය හෙයින් පසුගිය කාලයෙන් අවුරුදු තිහක් රටට අහිමි විය. එය පරම්පරා දෙකක සමාජ සැලසුම් බරපතල ලෙස විනාශයට පත්වීමකි. වරද සිදුවුයේ කොතැනක දැයි ප‍්‍රශ්න කිරීම පහසුය. ආර්ථික සහ සංස්කෘතික වශයෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම අපහසුය. චෝදනා කිරීමෙන් පලක් නැත. පසුගිය කාලය තුළ නිවැරදිව ක‍්‍රියාකළ අවස්ථා කොතැන ද හා සමාජයට ගමන් මග වැරැදුන තැන ගැන සමාලෝචනයක නිරතවීම අවශ්‍යය. . .
More...
 
06/02/2013 - ලංකාදීප
ජනතා බලය - මිලින්ද මොරගොඩ
යටත් විජිත බවින් නිදහස ලැබී අවුරුදු හැට පහකි. නිවහල්, ස්වෛරී රටක් වශයෙන් ගත කළ කාලය තුළ අප ලැබූ අත් දැකීම් සම්භාරය විශාලය. කුඩා රටකට ඔරොත්තු නොදෙන තරම්ය. ගැටුම් සහ ත‍්‍රස්තවාදය ට නිදහසින් පසු කාලයෙන් හරි අඩක් පමණ වැය කර ඇත. එහිදී අප නොදැනුවත්වම අපගේ සමාජ වටිනාකම් වෙනස්වී තිබේ...
More...
 
07/02/2013 - ලංකාදීප
ප්‍රතිඵල සමාලෝචනයෙන් අධ්‍යාපනය නව මගකට - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
පසුගියදා නිකුත් වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව දරුවන් ඉගෙන් ගන්නට දරන මහන්සියේ තරම පැහැදිලිව පෙනේ. විෂයයන් තුනටම විශිෂ්ට සම්මාන ලැබූ සිසු සිසුවියන් ප්‍රමාණය ද සැලකිය යුතු තරම්ය. එවැනි ඉහළම සාමාර්ථයක් ලබා ගත්ත ද විශ්ව විද්‍යාලයට ඇතුලත්වීම අපහසුවන තරමට තියුණු තරගයක් මෙරට අධයාපනයේ පවතී. එය කණගාටුදායක තත්ත්වයකි...
More...
 
10/02/2013 - ඉරිදා ලංකාදීප
අධ්‍යාපනය එකම අරමුණ කර ගැනීමෙන් සිදුවන අයහපත - මිලින්ද මොරගොඩ
පාසල් අධ්‍යාපන ගැන වර්තමාන ලාංකේය සමාජයේ විශේෂිත උනන්දුවක් තිබේ. දරුවන්ගේ ඉගෙනුම ගැන දෙමව්පියන් කරන්නේ මහත් කැපවීමකි. අධ්‍යාපනය ලැබීමේ අවසාන අරමුණ කුමක්ද? හොද රැකියාවක් ලබාගෙන යහපත් අනාගතයක් බව පැහැදිලිය. නිසි අධ්‍යාපනය ලැබීමෙන් දැනුම වර්ධනය කරගත හැකිය...
More...
 
13/02/2013 - ඉරිදා ලංකාදීප
දූෂණ සහ වංචා ගැන ඇෆ්ගනිස්ථානයෙක් පාඩමක් - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ඇෆ්ගනිස්ථානය යළි සිවිල් පරිපාලනයක් ඇති වෙමින් තිබේ. එක්සත් ජාතින් ගේ සංවිධානය සහ එරට දූෂණ සහ වංචා මර්දනය සම්බන්ධ ආයතනය එක්ව කළ පර්යේෂණයකින් මවිත කරන තොරතුරු අනාවරණය වෙයි. ජාත්‍යන්තර සමාජය මෙම දත්ත ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. දූෂණ සහ වංචා තුරන්කර සාධාරණ යුක්ති ගරුක සමාජ බිහිකරන්නට ප්‍රයන්ත දරන ඕනෑම රටකට එයින් ඉගෙන ගත හැකි යමක් ඇත...
More...
 
17/02/2013 - ඉරිදා ලංකාදීප
ජනතාව සහ දේශපාලනඥයන් සිරකළ නූතන වහල්භාවය - මිලින්ද මොරගොඩ
ගෙවී යන මේ වසරේ මැද වන විට ශ‍්‍රී ලංකාවේ මැතිවරණයක් පවත්වා අවුරුදු අසූ දෙකක් සම්පූර්ණ වනු ඇත. 1931 ජුනි 13 වැනිදා මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ පළමු ඡුන්දය මෙරට පවත්වා ඇත. ජනතා කැමැත්තෙන් පාලකයන් තෝරාගැනීමේ ක‍්‍රමවේදය දශක අටක් අවසානයේ දී විවිධ වෙනස්කම් වලට භාජනය වී තිබේ...
More...
 
19/02/2013 - ලංකාදීප
අන්තවාදයෙන් ප්‍රශ්න විසදෙයිද? - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාව දීර්ඝ ඉතිහාසයක් සහ ගැඹුරු සංස්කෘතියක් ඇති රටකි. මෙරට පැවැත්ම සම්බන්ධව මානව සබදතා පැවති ආකාරය ගැන විශේෂ අධ්‍යයනයකට යා හැකිය. විවිධ ජාතීන්, විවිධ ආගම් සහ විවිධ සංස්කෘතික අනන්‍යතා සහිතව එකට සාමූහිකව විසූ බව එහි දී සදහන් කරන්නට හැකි වැදගත් කරුණකි. දූපත් ස්වභාවය නිසා ලෝකයේ නොයෙක් රටවලින් විවිධ අවස්ථාවල ජාතීන් සෑහෙන ප‍්‍රමාණයක් මෙරටට පැමිණ ඇත...
More...
 
20/02/2013 - ලංකාදීප
වෙන්දේසි කළ යුතු නැති පදික වේදිකාව - මිලින්ද මොරගොඩ
ඉන්දියාව විශාල රටකි. ආර්ථික අතින් නැගෙන නමුත් අදටත් එරට වෙසෙන ඇතැම් පිරිසකගේ ජීවත්වීමේ අරගලය දැවැන්ත එකකි. යමක් උපයන ව්යුවසායකත්වය විවිධ ආකාරයට බිහිව තිබේ. සීතල පදික වේදිකාවේ රාතරිඑකකය ගත කරන්නට මිලක් තිබේ. පදික වේදිකාව අත්පත් කරගෙන ඇති අතරමැදියෝ ගාස්තු අයකර රාත්‍රිය ගත කරන අසරණයන්ට එය විකුණන බව ඇතැම් ප්‍රාන්ත වලින් අදටත් වාර්තාවෙයි...
More...
 
24/02/2013 - ඉරිදා ලංකාදීප
ගිරිහඩු සෑයට දෙමහල් ලැගුම්හලක් - මිලින්ද මොරගොඩ
ති‍්‍රකුණාමලය, ඓතිහාසික ගිරිහඩු සෑය බොදු පුද බිම ආශ‍්‍රිතව වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා සියලූ පහසුකම් සහිතව දෙමහල් ලැගුම් හලක් ඉදි කෙරේ... ජනාධිපති ජේෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතා ''උරුමයක උල්පත වැඩසටහන'' යටතේ යුද කාලය තුළ ... පලාත්වල හානියට පත් සිද්ධස්ථාන අතුරින් තොරාගත් පුදබිම් නැවත ප‍්‍රතිශ්ඨාපනය කිරීම අරඹා ඇති අතර ගිරිහඩු සැය ආශි‍්‍රත නවාතැන් පොල ඉදිකිරීම එම වැඩසටහනට අයත් පළමුවැන්නයි...
More...
 
27/02/2013 - ලංකාදීප
ගරු කළ යුතු පාරිභෝගික අයිතියටය - මිලින්ද මොරගොඩ
ආහාර මූලික අයිතිවාසිකම් වලින් එකකි. මෑතක දී ඉන්දියාව පොදු ජනතාවට ආහාර වෙනුවෙන් අයිතියක් ඇති බව නීතියෙන් තහවුරු කළේය. ශ‍්‍රි ලංකාවේ බහුතරය බෞද්ධයන්ය. කුස ගින්නේ සිටින කෙනෙකුට ආහාර සපයා ධර්මය දේශනා කළ බව බෞද්ධ සාහිත්‍යයේ සදහන්ය. ආහාර පාන වෙනුවෙන් චාරිත‍්‍ර වාරිත‍්‍ර තිබීම සෑම ආගමකම හෝ සමාජයකම පොදු දර්ශනයකි...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 11 to 20 of 110 Records