» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/02/2013 - ලංකාදීප
වෙන්දේසි කළ යුතු නැති පදික වේදිකාව - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com

ඉන්දියාව විශාල රටකි. ආර්ථික අතින් නැගෙන නමුත් අදටත් එරට වෙසෙන ඇතැම් පිරිසකගේ ජීවත්වීමේ අරගලය දැවැන්ත එකකි. යමක් උපයන ව්‍යවසායකත්වය විවිධ ආකාරයට බිහිව තිබේ. සීතල පදික වේදිකාවේ රාත‍්‍රිය ගත කරන්නට මිලක් තිබේ. පදික වේදිකාව අත්පත් කරගෙන ඇති අතරමැදියෝ ගාස්තු අයකර රාත‍්‍රිය ගත කරන අසරණයන්ට එය විකුණන බව ඇතැම් ප‍්‍රාන්ත වලින් අදටත් වාර්තාවෙයි. දෙනෝ දාහක් සැරිසරන පදික වේදිකාව බලහත්කාරයෙන් අයිතිකරගෙන වෙළදාමේ යෙදෙන ඉන්දියානුවන් ගණන මිලියන විස්සකට ආසන්න බව එරට බලධාරීහු ගණන් බලා තිබේ. පදික වෙළදුන් හා අනවසර වෙළදුන් ගේ වෙළදාම ඉන්දියානු සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට හිරිහැරයක් වන තරමට වැඞී ඇත. එය වටහා ගත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අලූත් නීති පනවන්නට තිීරණය කර තිිබේ.

ලෝකයේ ඕනෑම රටක වෙළදාම සිදුවන්නේ මහජනතාව ගැවසෙන තැනකය. පදික වේදිකාව එයින් ප‍්‍රධානය. දෙනෝදාහක් සැරිසරන නගර මධ්‍යයේ ඇති සීමිත බිම් අගනා සම්පත් බවට හැරවෙයි. ධනය උපයන පදික වේදිකාව බලය ඇති අතරමැදියන් අතට පත්වන්නේ එවිටය. ආර්ථිකය දියුණු වි සමාජ විනය ඇති කරන්නට ක‍්‍රියාකරන විට පදික වේදිකාවට ද අලූත් මුහුණුවරක් දෙන්නට සිදුවෙයි. පදික වේදිකාවෙන් වෙළෙදුන් ඉවත් කිරීමට තීරණය කිරීම විශාල සමාජ ප‍්‍රශ්න ඇති කරන ප‍්‍රයත්නයකි. එය කිසිසේත් සුහදව සිදු වන්නේ නැත. එහි නිරත ව්‍යාපාරිකයන්ගේ ද, ඒවා මෙහෙයවන අතරමැදි බලවතුන්ගෙන් ද, මැරයන්ගෙන් ද නැගෙන ප‍්‍රශ්න බරපතලය. ව්‍යවසායකත්වය රටක දියුණුවට ඉතාම වැදගත් හෙයින් ගැටලූවට විස`දුම ඉතාමත් සංකීර්ණ එකකි.

ශ‍්‍රී ලංකාවේ පවා පදික වේදිකාව හා අනවසර ඉඩ අල්ලාගෙන කරන වෙළදාම ගැන නිතර තොරතුරු පළවෙයි. දෙයක් හිමිවිය යුතු සුදුස්සන්ට නමුත් නගරයක නොයෙක් තැන් අයිතිකරගෙන ඇත්තේ නිසි ආකාරයට නොවේ. දේශපාලනඥයන් එයට වගකිව යුතුය. ආණ්ඩු බලයට පත්වන විට එයට උදවු කරන හිතවතුන්ට අනවසරයෙන් ඉඩම් අත්පත් කරගන්නට ඉඩ දෙයි. අලූතෙන් ආණ්ඩුවක් බලයට එන විට බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිරිස අතරට අලූතෙන් තවත් කණ්ඩායමක් එකතුවෙයි. කලින් පාක්ෂිකයන් වී සිටි පිරිස දැන් විපක්ෂයේ නමුත් දීර්ඝ කාලයක් අනවසරයෙන් ප‍්‍රයෝජනයට ගෙන අයිතිය ලිපි ලේඛන පවා සකස් කරගෙන ඇති බව පෙනේ. එයට පසුබිම සකසන අතරමැදියන්, පාතාල නායකයන්, නීති විරෝධී මත් පැන් හා මත් ද්‍රව්‍ය විකුණනන් ද මෙම චක‍්‍රයට ඇතුළු වී තිබේ. අනාගතය සොයමින් නගරයට සංක‍්‍රමණය වන දුප්පතුන් ද, නොයෙකුත් සොරකම්, මැරකම් හා බලහත්කාරකම් වලින් ද අඩුවක් නැති පිරිසක් ද එහි එදිනෙදා ජීවිතය ගත කරයි. එම අයිතිකරුවන්ට විකල්පයක් නැති බව ඔප්පු කළ හැකි නමුත් බලහත්කාරයෙන් ඇතුළු වී සිටින්නේ පොදු ජනතාවට යුක්තිය හා සාධාරණත්වය අහිමි කරමින්ය. සියල්ල වෙනස් කර අලූත් පියවරකට ගමන් කරන්නට උත්සාහ කළහොත් විස`දාගත යුතු ගැටලූවල කෙළවරක් නැත.

ඉන්දියාව පනත් සංශෝධනය කර පදික වෙළ`දාම පාලනය කරන නීති හදුන්වා දෙන්නට උත්සාහ කරන අතරතුර සිංගප්පූරුව, මැලේසියාව වැනි ආසියාවේ ම වෙනත් රටවල් දැඩි පාලනයකින් එයට උත්තර සොයා ගත්තේය. ව්‍යවසායකයන් බිහිකර ආර්ථිකය පුලූල් කිරීමේ අවශ්‍යතාවය නවීන ලෝකය පිළිගන්නා නමුත් එය විනිවිද පෙනෙන සමාන අවස්ථා ඇති ආකාරයට සිදුකිරීම වැදගත් බව ද අවධාරණය කරයි. බලහත්කාරය හෙයින් නගරයක විනය පිරිහෙන අතර එයින් ඇති කරන ආර්ථිකය දියුණුව නොවේ. පොදු ජනතාවට අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීමට පහසුව ඇති කළ යුතු අතර ව්‍යවසායකයන්ට ද එහි ඇති අවස්ථා උපයෝගී කරගෙන වෙළදාම් කරන්නට හැකි කලාප බිහිකිරීම දියුණුවට කළ හැකි වැදගත්ම මෙහෙවරකි.

පදික වේදිකාවේ හෝ රජය සතු ඉඩම් කලින් කල බලයට පත්වන දේශපාලනඥයන්ට හෝ අනුගාමිකයන්ට අත පොවා අයිතිකර ගැනීමට ඉඩ නොලැබෙන ආකාරයට පොදු ප‍්‍රතිපත්ති සම්පාදනය අවශ්‍යය. එවැනි නීති පැනවෙන විට එයට ගරුකරන සදාචාර සම්පන්න බවක් ජන නායකයන්ගෙන් හා සමාජයෙන් අපේක්ෂා කළ යුතුය.