24/02/2013 - ඉරිදා ලංකාදීප
ගිරිහඩු සෑයට දෙමහල් ලැගුම්හලක් - මිලින්ද මොරගොඩ
 
 

ති‍්‍රකුණාමලය, ඓතිහාසික ගිරිහඩු සෑය බොදු පුද බිම ආශ‍්‍රිතව වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා සියලූ පහසුකම් සහිතව දෙමහල් ලැගුම් හලක් ඉදි කෙරේ. ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම අනුව සිවිල් ආරක්ෂක බලකාය යෝජිත ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ඇත. ජනාධිපති ජේෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතා ''උරුමයක උල්පත වැඩසටහන'' යටතේ යුද කාලය තුළ උතුර හා නැගෙනහිර පලාත්වල හානියට පත් සිද්ධස්ථාන අතුරින් තොරාගත් පුදබිම් නැවත ප‍්‍රතිශ්ඨාපනය කිරීම අරඹා ඇති අතර ගිරිහඩු සැය ආශි‍්‍රත නවාතැන් පොල ඉදිකිරීම එම වැඩසටහනට අයත් පළමුවැන්නයි. ගිරිහඩු සෑය බුදුරජානන් වහන්සේ ජීවමාන අවස්ථාවේ දීම පස්සු භල්ලූක වෙළඳ දෙබෑයන් ට පිරිනැමුන කේෂ ධාතූන් තැන්පත් කර තැනූ ස්ථූපය සේ සැලකෙයි. එසේම එය මෙරට ඇති වූ පළමු වටදාගෙය සහ මෙරට ඉදිවූ පළමු බෞද්ධ සංකේතය වශයෙන් ද තහවුරු වී ඇත. වනාන්තරයෙන් යටවී තිබුණ මෙම ඓතිහාසික ස්ථානය 1929 වසරේ දී හමුවූ ලියැවිල්ලක් අනුව ගවේශනය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුව කේෂධාතූන් නිධන් කොට ඉදිකළ ගිරිහ`ඩු සෑය බවගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත්කර තිබේ. 1951 වසරේදී එවකට අග‍්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඞී. එස්. සේනානායක මැතිතුමා පුරාවිද්‍යා අධිකාරී සෙනරත් පරණවිතාන ශූරීන් ලවා තිරියායේ පුරා විද්‍යා කඳවුරක් ඇති කර බොදුනුවන්ගේ අවධානයට ලක් විය යුතු මෙම වැදගත් සිද්ධස්ථානය ප‍්‍රතිසංස්කරණය කර ඇති අතර වටදා ගෙය ද මතු කරගෙන තිබේ. ඓතිහාසික වැදගත්කමක් ඇති මෙම පුදබිම ත‍්‍රස්තවාදී ගැටුම් නිසා 1985 න් පසුව හානියට පත්ව ජනශුන්‍ය ව පැවතින.

ජොන් කීල්ස් හෝල්ඩිං හි සභාපති සුසන්ත රත්නායක මහතා සහ ලංකා දුම්කොල සමාගමේ ප‍්‍රධාන විධායක ජේම්ස් යමනාකා මහතාගේ නියෝජිතයෙකු ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 6.5 ක මුදලක් ආරක්ෂක ලේකම්වරයා වෙත භාර දුන් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වෙයි. ජනාධිපති ජේෂ්ඨ උපදේශක කාර්යාලයේ අධ්‍යක්ෂක ආර්. ඒ. ඞී. සිරිසේන, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද පීරිස්, සැලසුම් ශිල්පී ඇෂ්ලි ඩිවෝස් මහත්වරු ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.