10/07/2013 - ලංකාදීප
ශාන්ති නායකයාණන්ගේ දැක්ම අන්තවාදී නැඹුරුවකට? - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
බුද්ධ දර්ශනය තර්ජනයකට ලක්ව නැත. නමුත් එහි ප‍්‍රතිරූපයට අභියෝග එල්ල වෙමින් තිබේ. රට තුළ ද රටින් බැහැරව ද වාර්තාවන සිද්ධි සම්පිණ්ඩනය කරන විට පෙනෙන්නේ ශාන්ති නායකයාණන්ගේ දර්ශනය වෙනුවට අන්තවාදී වෛරී පසුබිමක් ඇති වන බවය. මැදුම් පිළිවෙත බුදු දහමේ පදනමයි. අන්තවාදයක් එහි නැත. අට ලෝ දහමට අනුව දුක සැප සමව ඉවසීම එහි පිළිවෙතයි. ආගමික අන්තවාදය දරුණු එකකි. අන්තවාදී භක්තිකයන් අතර ඇවිලෙන මතවාද යුද ගැටුම් ඇති කරන්නට මග පාදා ඇති බව ඉතිහාසය පෙන්වන කරුණකි...
More...
 
14/07/2013 - ඉරිදා ලංකාදීප
විප්ලවයෙන් වසන්තය නොපැමිණි ඊජිප්තුව - මිලින්ද මොරගොඩ
අරාබි වසන්තය තවමත් මතකයෙහි ඇති මාතෘකාවකි. තාක්ෂණික යුගයේ දී පාලකයන්ට එරෙහිව නැගුණ බලවේගය නොයෙක් ආකාරයට පැතිරෙන්නට පටන්ගත්තේය. මෙයින් අවුරුදු දෙකහමාරකට කලින් ඊජිප්තුවේ සිදුවීම් අද අලූත් මුහුණුවරක් ගෙන තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ ලෝක අවධානය පුළුල්ව සාකච්ජා කරන්නට එය පසුබිම සකසා ඇත…
More...
 
17/07/2013 - ලංකාදීප
තුන් ඈඳුතු - ඇත්ත නොපෙනන කතාන්දරය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
තමන්ගේ දරුවා හොඳ පාසලකට ඇතුලත් කරගන්නේ කොහොමද යන්න දෙමවුපියන්ට ඇති ප‍්‍රශ්නයකි. ගමනක් බිමනක් යන්නට මගට පිවිසෙන මගියාට එහි ඇති අපහසුව බලවත් ගැටලූවකි. ලෙඩක් දුකක් වැළ`දී ප‍්‍රතිකාර ගන්නට රෝහලකට යන දුගී දුප්පත් ජනතාවට මුහුණ දෙන්නට සිදුවන්නේ තවත් ප‍්‍රශ්න වැලකටය. මෙම එකිනෙකට ඈදී ඇති ප‍්‍රබල එදිනෙදා අවශ්‍යතා තුනකි. රටට කියන්නේ නම් ඒවා නොමිලේ දෙන බවය. ජනතාවට සහනයක් වශයෙන් සැපයෙන සේවා වගය. අධ්‍යාපනය, ප‍්‍රවාහනය සහ සෞඛ්‍ය වෙනුවෙන් ආණ්ඩුව විශාල මුදලක් වියදම් කරයි...
More...
 
21/07/2013 - ඉරිදා ලංකාදීප
කෘෂිකර්ම අංශයේ ඵලදායීත්වය නංවන පරිවර්තනයක් - මිලින්ද මොරගොඩ
ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති ශ‍්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක වන්නේ වසර තිස් පහක සිටය. මෙම කාලය තුළ සාමාන්‍යයෙන් සියයට හය ඉක්මවූ වර්ධනයක් ල`ගා කරගැනීම අපහසු වී තිබේ. දශක තුනක පමණ කාලයක් රටට බලපෑ ත‍්‍රස්තවාදය හා සිවිල් ගැටුම් එයට යම් ප‍්‍රමාණයකින් බලපෑ බව සැබැවකි. ආර්ථිකය දියුණුවී සමාජ අවශ්‍යතා සාධාරණව බෙදී ගිය පසුබිමක් ඇති කරන්නට හැකි වූයේ නම් ත‍්‍රස්තවාදයක් ඇති විය නොහැකි බවට ද මතයක් තිබේ...
More...
 
24/07/2013 - ලංකාදීප
නාගරීකකරණය වටහා ගැනීමේ වැදගත්කම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ප‍්‍රධාන නගර වටා ජනගහනය එකතුවීම සෑහෙන කාලයක සිට අඛණ්ඩව සිදුවන කි‍්‍රයාවලියකි. එය අප රටට පමණක් නොව ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් ද මුහුණ පෑ යම් ගැටලූවකි. සංක‍්‍රමණය සීමාකරන්නට නගරයේ තරමට ගම ද සංවර්ධනය කළ යුතු බවට මතයක් කලකට ඉහත තිබිණි. එය වෙනස්වී තිබේ...
More...
 
28/07/2013 - ඉරිදා ලංකාදීප
ජනතාවගේ හැසිරීම සහ දේශපාලනය ගමන්කරන දිසාව - මිලින්ද මොරගොඩ
වර්තමාන සමාජයේ පැවතුම්සහ සහ සිවිල් ජනතාව දක්වන ප‍්‍රතිචාර කෙරෙහි විද්වතුන්ගේ ගැඹුරු අවධානයට ලක් විය යුතු බව පෙනේ. පොදු ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවේ යම් යම් පදනම් කෙරෙහි විවේචනාත්මකව සලකන්නට පටන්ගෙන ඇත. අසාධාරණය සහ අයුක්තිය නොඉවසන සහ අන්තවාදී ආකාරයට කි‍්‍රයාත්මක වන බව නිරීක්ෂණය කළ හැකිය...
More...
 
31/07/2013 - ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ජනතාව ගෙවන මිල – මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ශ‍්‍රී ලාකේය ජන සමාජය භුක්ති විඳින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එය පවත්වාගෙන යන්නේ පාර්ලිමේන්තු මූල ධර්ම පදනම් කර ගත් මිශ‍්‍ර ක‍්‍රමයකටය. සම්ප‍්‍රදාය මත පාලනය වන බි‍්‍රතාන්‍යයෙන් එහි පදනම හ`දුන්වා දී ඇත. ඇමරිකානු ව්‍යවස්ථාවෙන් එන නිදහස් ආකල්ප පමණක් නොව ප‍්‍රංශයේ විධායක ජනාධිපති ක‍්‍රමයත් ශ‍්‍රී ලංකාවේ පාලන ක‍්‍රමය තුළ තිබේ...
More...
 
04/08/2013 - ඉරිදා ලංකාදීප
බ‍්‍රසිලයේ මධ්‍යම පැලැන්තියේ නැගීම සමග මතුවන ප‍්‍රවනතා - මිලින්ද මොරගොඩ
බස් ගාස්තු වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව බ‍්‍රසීලයේ වැසියන් විරෝධතා නගන ආකාරය පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය අවධානයට ලක්වූ පුවතක් විය. ජීවත්වීමට අපහසු ආකාරයට වියදම නැගෙන අතරවාරයේ බස් ගාස්තු වැඩි කිරීම සාමාන්‍ය ජනතාවට බරපතල ප‍්‍රශ්න මතු කරන ලද බව සදහන් විය...
More...
 
07/08/2013 - ලංකාදීප
රටට ගැලපෙන ආයතනික ක‍්‍රමයක් - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ආණ්ඩුවේ ව්‍යවසාය වල සාර්ථක අසාර්ථක භාවය පිළිබදව නොයෙක් අවස්ථාවල සාකච්ඡා කර තිබේ. දැනට පෙනෙන ආකාරයට රජයට අයත් ආයතන පවත්වාගෙන යන්නේ විශාල අලාභයක් සහිතවය. අකාර්යක්ෂමතාවද, දුෂණ සහ දේශපාලන අවශ්‍යතා අනුව මෙහෙයවීම ගැන නැගෙන චෝදනා බරපතලය...
More...
 
08/08/2013 - ලංකාදීප
කතිකාවත් පනතට පුළුල් අවධානයක් යොමු කළ යුතුයි - මිලින්ද මොරගොඩ
දිගු කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් පවතින කතිකාවත් පනත සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමුකළයුතු බවත් සසුනේ ඇතැම් අංශ අතර විනය සම්බන්ධයෙන් පැනනැගී ඇති මතභේද විසදා ගැනීමට... ජනාධිපති උපදේශක මිලින්ද මොරගොඩ මහතා උරුමයක උල්පත පදනම මගින් මෙරට බෞද්ධ පුනරුදය උදෙසා ගතහැකි පියවර ගැන අදහස් දැක්වූ අතර...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11
Record - 61 to 70 of 110 Records