19/02/2013 - ලංකාදීප
අන්තවාදයෙන් ප්‍රශ්න විසදෙයිද? - මිලින්ද මොරගොඩ
 

ශ‍්‍රී ලංකාව දීර්ඝ ඉතිහාසයක් සහ ගැඹුරු සංස්කෘතියක් ඇති රටකි. මෙරට පැවැත්ම සම්බන්ධව මානව සබදතා පැවති ආකාරය ගැන විශේෂ අධ්‍යයනයකට යා හැකිය. විවිධ ජාතීන්, විවිධ ආගම් සහ විවිධ සංස්කෘතික අනන්‍යතා සහිතව එකට සාමූහිකව විසූ බව එහි දී සදහන් කරන්නට හැකි වැදගත් කරුණකි. දූපත් ස්වභාවය නිසා ලෝකයේ නොයෙක් රටවලින් විවිධ අවස්ථාවල ජාතීන් සෑහෙන ප‍්‍රමාණයක් මෙරටට පැමිණ ඇත. වෙළදාම ට පැමිණ ඇති පිරිසකි. අසල්වැසි ඉන්දියාවෙන් බුදු දහම සහ සංස්කෘතික සම්බන්ධතා ඇති කිරීමට පැමිණ ඇති දුත කණ්ඩායම් ද ගණනාවකි. පෙරදිග රටවලින් පමණක් නොව අපරදිග රට ආක‍්‍රමණය කර තිබේ. එයින් සිදුවූ බලපෑම තක්සේරු කිරීම පවා අපහසුය. අවුරුදු පන්සියයක් යටත් විජිතයක්ව පැවතින. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ අප ජීවත්වන්නේ මිශ‍්‍ර සමාජයකය. ජාතීන්, ආගම් සහ විවිධ සංස්කෘතික අනන්‍යතා සහිතවය. භාෂාව පවා නොයෙක් ආකාරයට මිශ‍්‍ර වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ ජීවත්වන්නේ බහුතර සිංහල බෞද්ධ ජනතාවකි. කිතුනු, හින්දු සහ ඉස්ලාම් යන ආගම් අදහන සුළු ජාතික පිරිස ප‍්‍රතිශතයක් වශයෙන් අඩුය. වර්තමානයේ සුළු ජාතීන් ගේ ක‍්‍රියාපටිපාටිය ගැන සමාජයේ මහත් විවාදයකි. විශේෂයෙන් මුස්ලිම් ආගම සම්බන්ධව ආන්දෝලනයක් හටගෙන තිබේ. එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල සුළු ජාතින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට සම තැන ලබා දීම ප‍්‍රධාන ජාතිය සතු වගකීමක් සේ සලකයි. නමුත් මෙරට අද වන විට වාර්තාවන සිදුවීම් අනුව සුළු ජාතිකයන් තමන් අභිබවා යතැයි මතයක් මහ ජාතිය වන සිංහලයන්ට පැන නැගී තිබේ. එයට පසුබිමක් ඇත. අතීතයේ සිට සිංහලයන් හින්දු මුස්ලිම් සහ බටහිර ආක‍්‍රමණ වලට ලක්ව තිබේ. පන්සලත්, බුද්ධාගමත් බරපතල විනාශයක ලක්විය. රට යටත් කරගත හැකි එකම මග ආගම හා සංස්කෘතිය විනාශ කිරීමෙන් බව අධිරාජ්‍යවාදී බලවේග අවබෝධ කරගෙන සිටියේය. දෙවනුව, සිංහලයන් ට ඇත්තේ ශ‍්‍රී ලංකාව පමණකැයි ආකල්පයක් ඇත. කලාපයේ වෙනත් රටවල් සමග මෙරට සෙසු ජන කණ්ඩායම් වලට ජාති සහ ආගම් වශයෙන් සම්බන්ධතා තිබේ. එවැනි පසුබිමක සිංහල බෞද්ධයන් තමන් අභියෝගයකට ලක්ව යටපත්වන කොටසක් යැයි උපකල්පනය කරන බව නිගමනය කළ හැකිය. සිංහල ජාතියට සිදුවූ මෙවැනි ඓතිහාසික අසාධාරණකම් වලට විසදුම් සොයන්නට ගන්නා තීරණ හමුවේ අද මෙරට වෙසෙන ජාතීන් අතර නොයෙක් ව්‍යාකූලතා පැන නැගී ඇත. වැරදි නිවැරදි කරන්නට ගන්නා තිරණ තවත් ජාතියකට අසාධාරණයක් නොවීම ඉතාමත් වැදගත්ය.

බෞද්ධ සිද්ධස්ථාන නාගදීපයේ සිට දකුණේ ඈත කෙළවර දක්වා පිහිටා ඇත. බෞද්ධාගම ආරක්ෂා කරන බවට ව්‍යවස්ථාවෙන් ද තහවුරු කර තිබේ. ජාතික ධජයේ ද බෞද්ධ ලකුණ සහ සිංහල ජාතියට විශේෂ අනන්‍යතාවයක් සපයා ඇත. රජය එය අනුගමනය කරයි. පුද්ගලික අංශය පවා ආගමික හෝ වාර්ගික පදනම මත විශේෂ හෝ අඩු සැලකිල්ලක් දක්වන්නේ නැත. නීතිය හා විධි විධාන මගින් ද එය තහවුරු කර තිබේ. එනමුත් පෙනෙන ආකාරයට මහ ජාතිය වන සිංහලයන් තමන් රට තුළ සුළු ජාතියක් සේ සිතමින් කටයුතු කරන්නට උත්සාහ කිරීම ඉදිරියේ දී අනවශ්‍ය අර්බුද ඇතිකරන්නට හේතු විය හැකි බව නොඅනුමානය. එසේම බුද්ධ ධර්මයෙන් උගන්වන මධ්‍යම ප‍්‍රතිපදාව ද සෙසු ජන කොටස් සහ අන්‍ය ආගමික නායකයන් හා බැතිමතුන් වටහා ගැනීම වැදගත්ය. අන්තවාදයෙන් තොර මැද මාවතේ දර්ශනය අනුව කි‍්‍රයා කරන බෞද්ධයන් ඉවසිලිවන්තය. බෞද්ධයන් ගේ අන්තවාදයෙන් තොරවීම සහ ඉවසිල්ල දුර්වලකමක් සේ සැලකීම නුවනට හුරු නැත. සියලූ ආගම්වල නායකයින් පවතින තත්ත්වය ගැඹුරින් සිතා බලා සත්‍යය වටහා ගත යුතුය. බුදු රජාණන් වහන්සේ පවා දේශනා කර ඇත්තේ තමන් කී පමණින් පිළිගැනීමට වඩා එය විමසා බලා තීන්දු ගැනීමේ අවශ්‍යතාවයයි. රන්කරුවෙකු රන් කැබැල්ලක් නියම රන් බව දැක එය කපා, පුලූස්සා තහවුරු කරගන්නාක් මෙන් එය කළ යුතු බව බුද්ධ දේශනාවෙහි දැක්වෙයි. පවතින තත්ත්වය ද එවැනි පොදු ජනතාව ගේ සියුම් විග‍්‍රයකට ලක්කිරීම කාලෝචිතය.

බෞද්ධයන් බුදු දහම අදහන අතර එහි ඇතුලත් විශිෂ්ට දර්ශනයට ගරු කරමින් දහමට අනුව හැසිරෙන්නට උත්සාහ ගැනීම වැදගත්ය. අන්‍ය ආගම් වලට ද ගරු කළ යුතු අතර එම ආගම් වල ස්වභාවය හා සංස්කෘතිය අවබෝධකර ගැනීම ද අවශ්‍යය. එයට බාධාවන යම් ගැටලූවක් ඇත්නම් විසදා ගැනීමට මාර්ගයක් තිබේ. එය සාකච්ඡාවයි. සුහදව එකතුවී සුහදව සංවාද කර සුහදව විසිරයන ආකාරය බුද්ධ දේශනාවේ සදහන්ය.

ඉස්ලාම් ආගම ද පෙරදිග ඉහල ශිෂ්ඨාචාරයක එක කොටසකි. ගණිතය හා විද්‍යාවේ නොයෙක් සොයාගැනීම් වලට එකී ශිෂ්ඨාචාරයෙන් ලැබී ඇති පිටිවහල විශාලය. ඉස්ලාම් ආගම ඉතාමත් සංකීර්ණ එකකි. එහ තද විනයක් තිබේ. දවසකට පස් වතාවක් ආගම යාඥා කළ යුතුය. එය පහසු නැත. පදිංචිව සිටින තැන හෝ වැඩකරන තැනට නුදුරෙන් පල්ලියක අවශ්‍යතාව පැන නැගෙන්නේ එවිටය. ඉස්ලාම් භක්තිකයන් ගත යුතු ආහාර සම්බන්ධව අනුගමනය කළ යුතු නීති පද්ධතියක් තිබේ. ඇදුම පැළදුම සම්බන්ධ නීතියක් ඇත. කාන්තාව සහ සමාජ අවශ්‍යතා සම්බන්ධව වෙනම නීති පද්ධතියකි. එවැනි තද විනයක් ඇතිකරන්නට ඉස්ලාම් ආගමට සිදුවූයේ බැතිමතුන් නිසි මගට ගෙන යහපත් තැනකට පත් කරන අරමුණෙන් බව පැහැදිලිය. අනෙකුත් ආගම්වලට සාපේක්ෂව දැඩි පාලනයකින් අනන්‍ය ආකාරයකට කි‍්‍රයාකිරීම හමුවේ යම් ආකාරයකට අන්තවාදී සංකල්ප ඉදිරියට පැමිණ තිබේ. ජාත්‍යන්තර සමාජයේ ද ඉස්ලාම් අන්තවාදය තියුණු අවධානයකට ලක්ව ඇත. එවැනි අන්තවාදයකට ඉස්ලාම් සමාජය ගමන්කර ඇත්තේ නොයෙක් පීඩනයන්ට ගොදුරුවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් බව වටහා ගක හැකිය. අන්තවාදී වූ පමණින් විශ්ව සාධාරණ පොදු ධර්මතා ඉක්මවායාම යුක්ති සහගත නොවේ.

මෙරට වෙසෙන ඉස්ලාම් ආගමිකයන් ද බුදු දහමේ එන මැද මාවත අවබෝධ කරගෙන තම අන්තවාදී ප‍්‍රතිපත්තිවල පාලනයක් කාලීනව ඇතිකරගත යුතුය. සිංහල බෞද්ධයන් ද මුස්ලිම් ආගමේ අනන්‍යතා හදුනාගෙන ඒවා ඉවසන්නට හුරුවිම වැදගත්ය. ඉස්ලාම් ආගමේ නියමයන් පරිවර්තන වූ ආකාරය සම්බන්ධව ජාත්‍යන්තර අත් දැකීම් තිබේ. ප‍්‍රංශය මෑතක දී මුස්ලිම් කාන්තාවන්ට සම්පූර්ණයෙන් සිරුර ආවරණය කරගෙන ප‍්‍රසිද්ධියේ පෙනී සිටීම තහනම් කළේය. තුර්කිය ගොඩ නැගූ නායක ඇටර්ටක් එරට සමාජය ප‍්‍රතිසංවිධානය කරන විට ඉස්ලාම් ඇ`දුම සංශෝධනය කර භාෂාව ද වෙනස් කිරීමෙන් සමාජයට වැඩි නිදහසක් දුන් බව ද අමතක කළ යුතු නැත. නමුත් බි‍්‍රතාන්‍ය මෑතක දී ඉස්ලාම් අනන්‍යතාව පිළිගැනීමට ප‍්‍රතිඥා දුන්නේය. විචාරකයන් දක්වන පරිදි ප‍්‍රංශය වැනි රටවල් සියලූ අනන්‍යතා මිශ‍්‍රකර අලූත් සමාජයක් ගොඩනගයි. එය පළතුරු මිශ‍්‍රකර සකස්කරන පෲඞ් සැලඞ් එකක් වැනිය. තවත් සමාජ එනම් බි‍්‍රතාන්‍ය සහ සිංගප්පූරුව වැනි රටවල් එක් එක් අනන්‍යතා වෙන වෙනම පවත්වාගෙන යමින් මිශ‍්‍ර නොකරන පිළිවෙතක සිටී. අප රටට ගැලපෙන්නේ මෙයින් කවර ක‍්‍රමයක් දැයි සාකච්ඡා කිරීම බුද්ධිමතුන්ගේ වගකීමකි.

අද රට තුළ හලාල් වචනය විශාල අවධානයකට ලක්ව තිබේ. රට පුරා මුස්ලිම් පල්ලි ඉදිකරන බවට චෝදනා නැගෙයි. මුස්ලිම් කාන්තාවන් සම්පූර්ණයෙන්ම සිරුර ආවරණයවන ආකාරයේ ඇදුම් ඇදීමට මෑතක සිට නැඹුරුවක් දක්වන බව පෙනේ. එය සමාජයේ විරෝධය ඇතිකරන හේතුවකි. ඉස්ලාම් ජාතිකයන්ට හලාල් ආහාර හදුනා ගැනීමට අවශ්‍ය අතර බෞද්ධයන්ට එම ආහාර ප‍්‍රතික්ෂේප කරන්නට ද අයිතියක් ඇත. තැන තැන පල්ලි ඉදිවීම නතර කළ යුතු සේම බුදු දහමට අගෞරවයක් වන ආකාරයට මංසන්ධිවල බුදු පිළිම තැන්පත් කිරීම ගැන ද තීරණයක් ගත යුතුය. හලාල් සලකුණ අවශ්‍ය අයට එම ආහාර හෝ වෙනත් සේවා මිලදී ගැනීමට වෙළද සැල් වල වෙනම ඒකක ඇති කිරීම ප‍්‍රායෝගිකය. ලෝකයේ නොයෙක් ප‍්‍රමිති සකස් කරන්නේ පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින්ය. සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර වේගන් නමැති වෙළද ලකුණකින් නොයෙක් රටවල අළෙවි වෙයි. මෙරට බෞද්ධයන්ට එවැනි ලකුණකට යා හැකි නම් බොදුනු පාරිභෝගිකයන් මිලදී ගන්නේ එම වෙළද භාණ්ඩ පමණකි. ලාංකික නිපැයුම් සම්බන්ධ අනන්‍ය වෙළද සලකුණක් දැන් රට තුළ ඇත. ප‍්‍රකට සමාගම් ඉදිරිපත් කරන සංකේත අනුව පරිසර හිතකාමී ලෙස නිපදවන ලද බවට තත්ත්ව සහතික ඇති ආහාර වෙළ`ද පොලේ ඇති බව ද අමතක කළ යුතු නැත. ජ්‍යාතන්තර චොකලට් විශේෂයක් ළමා ශ‍්‍රමිකයන් උපයෝගී කරනොගෙන නිෂ්පාදනය කර ඇතැයි දක්වන සලකුණකින් සිය නිපැයුම් වෙළද පොළට ඉදිරිපත් කරයි. මෙම සියලූ දේ අවසානයේ තීරණය වන්නේ බලහත්කරය මත නොව පාරිභෝගිකයන්ගේ ඉල්ලීම අනුව බව තේරුම් ගැනීම වැදගත්ය. හලාල් සහතිකය රට තුළ බහුතර ජනගහනයකට වැදගත් නැති අනුමැතියක් විය හැකි නමුත් මෙරට නිපැයුම් පිටරටට යැවෙන විට එම සලකුණ ඉතා වැදගත් එකකි. තායිලන්තය ථේරවාදී බුදු දහම අනුව, බුදු දහම රාජ්‍ය ආගම හා සංඝ රාජවරයෙකු වැඩ සිටින රටකි. එරට නිපැයුම් මැද පෙරදිගට යවන්නේ හලාල් සහතිකය ඇතිවය. එරට විශ්ව විද්‍යාලයක් එම සහතිකය වෙනුවෙන් අවශ්‍ය තත්ත්ව පර්යේෂණ කිරීම ද අපගේ සැලකිල්ලට ලක්විය යුතුය.

පල්ලි ඇති කිරීම නතර කර එය විනාශ කිරීම වෙනුවට පන්සල ගොඩ නගා එයට බොදුනුවන් කැදවන මග සකසා ගත යුතුය. උතුර නැගෙනහිර පලාත්වල බෞද්ධ සිද්ධස්ථාන රැසක් පසුගිය ත‍්‍රස්තවාදී කලබල සමයේ නටඹුන් බවට පත්විය. ගිරිහ`ඩු සෑය, ලංකා පටුන, ඩෙල්ෆ් දුපත වැනි තැන් වල පවා ඇති බොදු සිද්ධස්තාන නැවත ගොඩනගා ශක්තිමත් කිරීම අලූත් යුගයකට වැදගත්ය. බෞද්ධකම පදක්කමක් සේ උපතින් ලබාගැනීම පමණක් ප‍්‍රමාණවත් නැත. බෞද්ධයෙකු විය යුතු බුදුන් වදාල දහම අනුව හැසිරීමෙන්ය. පන්සලට දේශපාලනය ඇතුළුවී එහි බලය ද, ධනය ද ආරක්ෂාවන විට ශ‍්‍රී සද්ධර්මය රැකෙන්නේ නැත. ඉස්ලාම් ආගම යටපත් කරනු වෙනුවට සංඝ ශාසනය යළි පුනර්ජීවනයකට ලක්කර ආදර්ශවත් කළ යුතුය. ශාසන සංශෝධනකින් හා කතිකාවතකින් රට නියම මගට ගන්නට හැකියාව තිබේ. එවිට බොදුනුවන් ගේ බලය තරවන අතර අන්‍ය ආගම් තමන් යටපත් කරනු ඇතැයි යන බිය ද පහව යයි. තමන් ආරක්ෂිත නැති සමාජයක සුරක්ෂිතව වැඩෙන තැන දැක එයට එරෙහිව හඩ නැගීම සාමාන්‍ය සිරිතයි. බුද්ධිමතුන් මෙම පසුබිම අවබෝධ කරගෙන බොදුනුවන්ගේ අනන්‍යතාවය සකස් කර ගැනීම කෙරෙහි ද සැලකිල්ලක් දැක්වීම වටී. සිවිල් සමාජය ජන සමාජයේ කේන්ද්‍රස්ථානයක් බවට පන්සල පත් කිරීමේ වගකීමෙන් බැහැරවිම අද පවතින ප‍්‍රශ්න වල පදනමයි. ත‍්‍රස්තවාදයට ගොදුරු වූ යුදකාමී අන්ධකාර වකවානුවක දී එවැනි මගහැරීම් අපේක්ෂා කළ යුතුය. සාමය ගොඩනැගෙන විට සමාජයේ පුරුෂාර්ථයන් ද යළි ඇතිවීම වැදගත්ය. එය කළ හැකි ආගමික විනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් පමණකි.

එකට ජීවත්වන කුඩා රටක යම් යම් අවස්ථාවල අනවබෝධය හා පරස්පරතා ඇතිවිය හැකිය. නිදහස ලබන්නට කලින් පවා සිංහල බෞද්ධයන් හා ඉස්ලාම් භක්තිකයන් අතර ගැටුම් තිබී ඇත. පසුව නිදහස උදෙසා සටන් කරන වකවානුවේ මෙරට සියලූ ජාතීන් ගේ එකමුතුවෙන් ලංකා ජාතික සංගමය පිහිටුවාගෙන සමගි සම්පන්නව ක‍්‍රියා කර තිබේ. කලක් පැවති ආගමික සහජීවනය යම් ගැටලූ සහගත තැනකට යළි පත්වෙමින් ඇත්තේ මෑතක සිටය. ඒවා සමනය කරගත හැක්කේ ඥානාන්විතව ක‍්‍රියා කිරීමෙන්ය. නොයෙක් මත ගොඩ නගා එකිනෙකා අතර වෛරය පැතිරවීම සුදුසු නැත. අන්‍ය ජාතීන් හා ආගම් අතර අවබෝධය ඇතිකරගත යුතුය. එය කුඩා අවධියේ සිට ආරම්භ විය යුතු එකකි. පාසල් දරුවන් අතර බැදීම් ඇතිකළ යුතුය. එක් එක් ආගම් වල කියැවෙන පණිවිඩය මතු පිටින් නොව හරය වශයෙන් උගන්නවන්නට අවශ්‍යය. අද වන විට පාසල් ආගම් හා ජාති වශයෙන් වෙන් වෙන්ව පැවතිම එකිනෙකා අතර සංස්කෘතික සහ අනන්‍ය ලක්ෂණ හදුනා ගැනීමට බාධාවකි. පොත පත මගින් වෙනස්කම් උගන්වන නමුත් එය ඉතා කෙටියෙන් සහ විභාග අරමුණට පරිබාහිරව හෙයින් වැඩි අවධානයකට ගැනෙන්නේ නැත. මිශ‍්‍ර පාසල් ඇති කර සියලූ දෙනා එකට හිද එකිනෙකා ගේ ඇවතුම් පැවතුම් දැන ගන්නට පුලූල් අවස්ථාවක් සැපයිම ගැටලූ නිරාකරනයට ලැබෙන එක් වැදගත් පදනමකි. සමාජයක් පරිවර්තනය කරන්නට භාවිතා කළ හැකි එකම හා හොදම ආයුධය අධ්‍යාපනය බව නෙල්සන් මැන්ඬේලා දක්වා ඇත.

ශ‍්‍රී ලංකාව ඇතුළු වෙමින් සිටින්නේ අලූත් යුගයකටය. තොරතුරු තාක්ෂණය එහි මෙවලමයි. මානව සම්පත එහි වැදගත්ම සාධකයයි. සමාජය ගෝලීයකරණයට ලක්වෙමින් තිබේ. දුපත් ආකල්ප අද නැත. මෙරට සාමාන්‍ය ජනතාව පවා දුපතෙන් ඔබ්බට යාමෙන් අත්දැකීම් ඇති පරිනත පිරිසකි. ලෝකය වෙනස්වන ආකාරය දෙස බලා අලූත් තීරණ ගන්නට, අලූත් ආකාරයකට හිතන්නට අපට හැකියාව තිබිය යුතුය. පැරණි සාම්ප‍්‍රදායික යුගයේ පැවති ආගමික නීති සහ සංස්කෘතික ලක්ෂණ සමාජයකට බලහත්කාරයෙන් පැටවීම යුක්ති සහගත නැත. මෙකී සියලූ පැති ගැඹුරින් සලකා බලා ශ‍්‍රී ලාංකේය අනන්‍යතාව යළි ගොඩනගන ජාතික සැලැස්මක් රටට අද අවශ්‍යය. එය කල හැකි යහපත් සංවාදයකින් පමණකි. ආගමික සහජීවනය ඇතිකරන ස්වාධීන බලවේගයක් රටට අවශ්‍යය. පොදු දර්ශනයක් ගොඩනගන්නට හැකියාව තිබිය යුතුය. සර්ව ආගමික නියෝජිතයන් බුද්ධිමතුන් සහ සමාජ නායකයන් සම්බන්ධකරගෙන පොදු වැඩ පිළිවෙලක් සම්බන්ධව ප‍්‍රතිපත්ති තීරණ වලට යා හැකි පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කිරීම අවශ්‍යය. ප‍්‍රතිපත්ති තීරණගත හැකි ආකාරයට අන්තවාදයෙන් තොරව එක් එක් ආගම් වල දර්ශනය පොදු සමාජයේ දී ක‍්‍රියා කරන ආකාරය ගැන එහි දී තීරණය කළ හැකි වෙයි. එම තීරණ සමාජයට ප‍්‍රකාශ කිරීමෙන් පොදු එකගතාවයක් ඇති වෙයි. හලාල් සහතිකය. පල්ලි ඉදිකිරීම, බෞද්ධ සිද්ධස්ථාන පුනර්ජීවනය වන ආකාරය, ආගමික ඇදුම පැළදුම ගැන පවා පොදු තීරණ වලට එන්නට හැකියාව ලැබේ. සමාජය එවැනි සංශෝධන වලින් පොහොසත් කර ගැටලූ නිරාකරණය කර ගත් රටවල් ගැන අධ්‍යයනය කර අනාවරණය කිරීමෙන් සමාජයට එයින් අත්දැකීම් ලැබේ. මාස හයක් හෝ අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ එකි ජනාධිපති කොමිසමට රටට ගැලපෙන නිර්දේශ සකස්කරන්නට හැකි නම් ඉතාම වැඩදායක ලෙස ගැටලූ නිරාකරණයට ඉඩ සැලසෙන බව ද සදහන් කළ යුතුය. මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.