07/08/2016 - ඉරිදා ලංකාදීප
කඩුව, දැනුමෝත්පාදනය සහ තාක්ෂණික බෙදීම
ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය විකාශනය දෙස නිරීක්ෂණය කරන විට ඉංග‍්‍රීසි භාෂාවේ ආභාෂය ප‍්‍රබල හා සියුම් බව පැහැදිලිව පෙනේ. දශක හය හතකට කලින් ප‍්‍රවෘත්තිය සකස් වන්නේ එම මාධ්‍ය ආයතනයේම ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පළවන පුවත් පතෙන්ය. පසුව එය සිංහලට පරිවර්තනය වෙයි. මාධ්‍ය ජාලයේ අභ්‍යන්තර බෙදීම බලවත්ය...
More...
 
07/08/2016 - දේශය
අක්ෂර එකසිය හතලිහකින් ලොකු පණිවුඩයක්
සංක්ෂිප්ත, සෘජු සහ නිරවුල් භාවය සන්නිවේදනයේ දී වැදගත්ය. මානව සංහතිකය ඉතිහාසයේ නොවූ විරූ සන්නිවේදන ජයග‍්‍රහණයන් අත් පත් කරගනිමින් සිටී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සමස්ථ ලෝක ප‍්‍රජාවම දැවැන්ත සූක්ෂම තොරතුරු හුවමාරු ජාලයකින් ආවරණයවී තිබේ...
More...
 
10/08/2016 - ලංකාදීප
සතුටු ඇමති
www.milindaprashna.com
කැබිනට් මණ්ඩලය ආණ්ඩුවක පුලූල් වගකීමක් උසුලන බලවත් ව්‍යුහයකි. රටක් පාලනයට විෂයයන් අනුව කැබිනට් මණ්ඩල සාමාජිකයෝ තෝරා ගැනෙති. පාලකයන් ක‍්‍රියා කළ යුතු රටක අභිවාද්ධිය වෙනුවෙන්ය. ජනතාවගේ දියුණුව කැබිනට් මණ්ඩලයක සාමූහික වගකීමයි...
More...
 
14/08/2016 - දේශය
තායිලන්තය දුන් ව්‍යවස්ථා සම්පාදන පාඩම
රටක පැවැත්මට ව්‍යවස්ථාවක් සකස් කෙරේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ, නීතිය, මූලික මානව අයිතිවාසිකම්, සමාජ සමානාත්මතාවය වෙනුවෙන් එහි ලියැවෙන වගන්ති සමස්ථය වෙනුවෙන් පෙනී සිටින බවට පොදු විශ්වාසයක් තිබේ. තායිලන්තයේ ද අලූත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ඇත...
More...
 
17/08/2016 - ලංකාදීප
ලී ක්වාන් යූ
www.milindaprashna.com
සිංගප්පූරු ගුවන් සේවාව මෙයින් හතලිස් තුන් අවුරුද්දකට කලින් ආරම්භ කර අද වන විට සාර්ථකත්වයේ ඉහළ තැනක සිටින ව්‍යාපාරයකි. විසි හතර දහසකට වැඩි කාර්ය මණ්ඩලයක් සමග අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන පහලොව ඉක්මවන ආදායමක් උපයන සිංගප්පූරු ගුවන් සේවය අන්තර් ජාතික කීර්තියක් හිමි කරගෙන තිබේ...
More...
 
21/08/2016 - ඉරිදා ලංකාදීප
ජනමතය අවධාරණය කරන කතුවැකිය
ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව එහි භූමිකාවේ තෝරාගත් පැතිකඩ කිහිපයක් ඉකුත් සති පනහක කාලය තුළ සාකච්ඡා කෙරිනි. වසරකට මදක් වැඩි කාලය තුළ පළ වූ මෙම ලිපි පෙළ මෙරට මාධ්‍ය භූමිකාව දෙස ගැඹුරු නිරීක්ෂණයකට පසු කරන ලද සම්පූර්ණ අනාවරණාත්මක පර්යේෂණයක් සේ සඳහන් කරන්නට කැමැත්තක් නැත...
More...
 
21/08/2016 - දේශය
මයිකල් පෙල්ප්ස් ගේ පිහිණුම් ජීවිතය
අවුරුදු හතරකට වතාවක් ලෝකය වර්ණවත් කරන ඔලිම්පික් තරඟාවලිය මතක සටහන් රැසක් නිර්මාණය කරයි. ඇමරිකානු පිහිණුම් ශූර මයිකල් පෙල්ප්ස් එහි වර්නවත් බව දිනාගෙන තිබේ. හෙතෙම 2016 රියෝ ද ජෙනයිරෝ ඔලිම්පික් තරඟාවලිය සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් බවට පත් කර ගනී...
More...
 
24/08/2016 - ලංකාදීප
වැඩ කරන කාලය අඩු කරමු
www.milindaprashna.com
කාර්ලෝස් ස්ලිම් ව්‍යවසායකයෙකු වශයෙන් ලෝකයේ ඉහළම තැනට පත් ධනවතෙකි. මැක්සිකෝ පුරවැසියෙකු වන හෙතෙම 2010-13 කාලයේ ලෝකයේ ධනවත්ම පුද්ගලයා විය. නොබෝදා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වු හෙතෙම ශිෂ්ඨාචාරය දියුණුව සමග වැඩකරන දින ගණන අඩු විය යුතු බවට අදහසක් පළ කරයි...
More...
 
28/08/2016 - දේශය
අමුතුවෙන් සිතන මැල්කම් ග්ලැඩ්වෙල්
බ‍්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ හි දී 2016 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සමාප්ත විය. ජාතික ඔලිම්පික් කමිටු 207 ක් නියෝජනය කරමින් එකොලොස් දහසක් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ එයට සහභාගී වූහ. පලමු වතාවට අනාථ නියෝජිතයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගීවීම මෙහි කැපී පෙනෙන සිද්ධියක්විය...
More...
 
31/08/2016 - ලංකාදීප
පොදු ප‍්‍රවාහනය
www.milindaprashna.com
එස්තෝනියාව උතුරු යුරෝපා රටකි. කලින් සෝවියට් සමූහාණ්ඩුවේ පාලනයේ තිබූ එස්තෝනියාව නොබෝදා අලූත් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළේය. නගරය තුළ පොදු ප‍්‍රවාහනය ගාස්තු අය නොකර නොමිලේ පවත්වා ගෙන යන බවය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records