» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/09/2012 - ඉරිදා ලංකාදීප
රාජ්‍ය සේවයේ කාර්ය භාරය විප්ලවීය වෙනසකට - මිලින්ද මොරගොඩ

පොදු ජනතාව රාජ්‍ය සේවය පිණිසයි මුද්‍රාව සහිත ලිපියක් තැපෑලෙන් ලැබෙනවිට භාර ගත්තේ මහත් ගෞරවයකින්ය. ලිපිය ලියා අත්සන් කරන්නට කලින් සටහන්ව තිබුණේ මෙයට අවංක සේවක යන හැදින්වීම සමගය. රජයේ සේවය මහජනතාව වෙනුවෙන්ය. එය කාර්යක්ෂම සහ වඩා ගුණාත්මක බවකින් යුක්ත විය යුතුය. මෙරට රාජ්‍ය සේවයට දිග ඉතිහාසයක් තිබේ. වර්තමානයේ දී රජයෙන් මහජනතාව අපේක්ෂා කරන සේවාව වෙනසකට පරිවර්තනය වී ඇත. අද මෙරට ජනතාවට රජයේ කාර්යාලයකින් ඉක්මනින් තම කාරිය ඉටුකර ගත හැකි ආකාරය ගැන අදහස් විවිධය. මහජනතාවට සේවය සැපයීම උදෙසා ආණ්ඩු විශාල වියදමක් දරන නමුත් එහි කාර්යක්ෂමතාව හා ඵලදායීත්වය ගැන ප‍්‍රශ්න තිබේ. ආණ්ඩුවක ආයතන වලින් ඉටු කරන කාර්ය භාරය වඩා සාර්ථක එකක් කරන්නට අන්තර් ජාතිකව නොයෙකුත් පර්යේෂණ පැවැත්වෙයි. අත්හදා බැලීම් කරයි. එහි අවසාන ඉලක්කය ජන ජීවිතය නගා සිටුවීමයි.

පසුගිය කාලය තුළ බි‍්‍රතාන්‍ය රාජ්‍ය සේවයේ කාර්ය භාරය විප්ලවීය වෙනසකට හැරවීය. එය ආරම්භ වූයේ 1980 ගණන් වල සිටය. මහජනතාවට සේවයක් කරන ආයතන මෙහෙයැවීම රජයට පමණක් සීමා නොවීම එයයි. එහි අලූත්ම පෙරැළිය බන්ධනාගාර පාලනය සදහා ද රජයට පරිබාහිර ආයතන ප‍්‍රවේශවීමයි. බි‍්‍රතාන්‍ය ඇගුළු යුරෝපීය රටවල් ආර්ථික ප‍්‍රශ්න වලට මුහුණ පා සිටී. රජයේ වියදම් සීමා කිරීම සහ අලූත් ප‍්‍රතිසංස්කරණ වැඩ සටහනකින් විනා වෙනසක් වන්නේ නැත. පුද්ගලිකකරණය ඇරඹුනේ බි‍්‍රතාන්‍යයෙන්ය. එරට පතල් හා ආකර සම්පත් පුද්ගලික අංශයට පැවරෙන විට එය දෙස ජගත් ප‍්‍රජාව බලා සිටියේය. හිටපු අගමැතිවරයක වූ මාග‍්‍රට් තැචර් ගත් නිර්භීත තින්දු හෙයින් ලෝක වාසීහු ඇයට යකඩ ගැහැනිය යැයි නම් පට බැන්දාය. ප‍්‍රතිසංස්කරණ දරුණු බවට විවේචන ඇතිවූ අවස්ථාවේ එය සිමා කළ අතර පසුව වත්මන් ආර්ථික අභියෝග සමග බි‍්‍රතාන්‍ය රජය එකී රැුල්ල තවත් තලයකට ඔසවා තිබේ. එයින් එරට රජයේ වියදම් අඩු කෙරේ. ක‍්‍රමය කාර්යක්ෂම වෙයි. රජයට අයත් වගකීම බාහිර ආයතන වලට පැවරෙයි. එය පැවරෙන්නේ අද ව්‍යාපාර අංශයේ අන්තර් ජාතිකව ප‍්‍රකට^outsourcing& ක‍්‍රමයටය. එහිදී අවශ්‍ය සේවය ලබා ගැනීමට බාහිර ආයතන හවුල් කර ගැනේ. හවුල් කර ගැනීමේ දී මිල ගණන් කැදවන අතර වෘත්තීය දක්ෂතාවයෙන් යුතු ආයතන තරගකාරීව සේවා සපයන්නට ඉදිරිපත් වෙති. නියාමන මණ්ඩලය නියමිත නිර්නායක සපුරන ආයතනයකට සේවාව භාර දෙයි. එය පැවරෙන්නේ ගිවිසුමකින්ය. ආන්ඩුව නඩත්තු කළ යුතු ආයතනයක් එයට වඩා කාර්යක්ෂමව හා වියදම් අඩු ආකාරයට කලමණාකරනය කර රටට නිසි සේවය එයින් සපුරා ගැනේ. බි‍්‍රතානය ස්වකීය බන්ධනාගාර පද්ධතිය ද බාහිර ආයතනයකට පැවරීමට තීන්දු කිරීම විශේෂත්වයයි. මෙවැනි සේවා සදහා දක්ෂ ආයතන ජාලයක් පිහිටුවා එවැනි බාහිර පාර්ශව මගින් සේවා ඉටුකර ගැනීමෙන් රජය කාර්යක්ෂම කිරීම එක අරමුණකි.

මහජනතාවගෙන් අය කර ගන්නා බදු, රටක පැවැත්මට ලැබෙන ප‍්‍රධාන ආදායමයි. බදු මගින් උපයාගන්නා ආදායම උපරිම හො`දින් වියදම් කළ යුතුය. එයින් නාස්තියක් සිදුවන්නේ නම් අපහසුවට පත්වන්නේ බදු ගෙවන ජනතාවයි. රජයේ වියදම අඩු කළ හැකි නම් ජනතාවගෙන් අයකරන බදු ප‍්‍රතිශත අඩු කළ හැකිය. ආණ්ඩුවට බදු ගෙවීම යුතුකමක් නමුත් ඕනෑම රටක පුරවැසියන් ස්වකීය බදු වැයකරන ආකාරය ගැන පැහැදීමක් නැත. විශේෂයෙන් දියුණුවන රටවල රජයේ ආදායම වැය කරන ආකාරය ප‍්‍රශ්න සහගතය. නොයෙක් අක‍්‍රමිකතා සහ දුෂණ ගැන තොරතුරු පළවෙයි. එය වලකන්නට නොයෙකුත් නීති පනවන්නට සිදුවී ඇත. නීති නිසි ආකාරයෙන් කි‍්‍රයාත්මක වේ දැයි සොයා බලන යාන්ත‍්‍රණය ද වියදම් සහගත එකකි. මහජන මුදල් වැය කරන ව්‍යාපෘතිවල ක‍්‍රියාවලිය දැනගැනීමට හැකිවන ආකාරයට තොරතුරු දැනගැනීමේ අයිතිය වැනි අලූත් ක‍්‍රමවේද ඉදිරිපත් කරන්නට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට සිදුවූයේ එහෙයින්ය.

බි‍්‍රතාන්‍යයේ බන්ධනාගාර පාලනය කර පවත්වාගෙන යාම පැවරුණ එක් සමාගමක් ප‍්‍රංශයේ එකකි. තවත් එකක බි‍්‍රතාන්‍යයේ ව්‍යාපාර පවත්වාගෙන යන ඕස්ටේ‍්‍රලියාව දක්වා විහිදුන සම්බන්ධතා ඇති එකකි. බි‍්‍රතාන්‍ය රජයෙන් එරට වැසියන්ට ඉටු විය යුතු සේවයේ විවිධ අංශ දක්ෂ පුද්ගලික ව්‍යවසායකයන්ට හා කළමණාකාර ආයතන වලට භාරදීමෙන් මහජනතාවට හොද සේවයක් ඉටු වෙන්නට පටන්ගෙන තිබේ. එසේම එය රජයේ වියදම පාලනය කරන්නට ද ලැබී ඇති අවස්ථාවකි. එරට කම්කරු සහ කන්සවටිව් යන ප‍්‍රධාන දේශපාලන පක්ෂ මෙම ප‍්‍රතිපත්තියට එකගවීම කැපී පෙනෙන ලක්ෂණයකි. රජය පමණක් නොව කාර්යයට දක්ෂ බාහිර සංවිධාන වලින් සේවය ඉටු කර ගැනීම කළමණාකාරන උපායක් ලෙස ස්ථාවර වන්නට පටන්ගෙන තිබේ.

ගොඩනැගිලි නඩත්තුව, කසල ඉවත් කිරීම, රජයේ සේවකයන් පුහුණු කිරීම සහ පාසල් දරුවන්ගේ ආහාර සැපයීම යනාදී වශයෙන් එතෙක් රජයෙන් කළ සේවා මාග‍්‍රට් තැචර් පාලනයේ දී රජයට පරිබාහිර ආයතන වලට පැවරීය. එය පදනමක් වූ අතර දැන් බන්ධනාගාරය, රෝහල් විකිරණ සේවා සහ පොලිසිය ඉටු කරන ඇතැම් රාජකාරි පවා පුද්ගලික අංශයට පවරන ප‍්‍රවේශයක සිටී.

ආර්ථිකයේ නොයෙක් පැති අන්තර් ජාතිකව පරිවර්තනයක් සිදුවෙමින් පවති. එය සිදුවන්නේ නොසිතන ආකාරයටය. අවසාන ඉලක්කය මහජනතාවට යහපතක් කිරීමයි. මෙම වෙනස්කම් රටක පාලනය හා සංවර්ධනය කෙරෙහි ඇති කරන්නේ විශාල බලපෑමකි. මහජනතාවගේ ජීවන මට්ටම කෙරෙහි එය බලපවත්වයි. ආර්ථික සංකල්ප වෙනස් වන නමුත් එහි මූලධර්ම වෙනස් වන්නේ නැත. තරගකාරීත්වය හා කාර්යක්ෂමතාවය එයට එකතු වෙමින් තිබේ. වඩා හොදින් කරන්නට හැකියාව ඇති පුද්ගලයා ආණ්ඩුවේ හෝ එයින් පරිබාහිර ආයතනයක සේවය කළ හැකිය. නමුත් මහජනතාව වෙනුවෙන් ඔහුගේ සේවය ගැනීම ආණ්ඩුවක වගකීමයි. තීරණ ගන්නා ආකාරය අනුව එහි බලපෑම එකිනෙකට වෙනස්ය. ආණ්ඩුවට අයත් ආයතනයකට වඩා දක්ෂ ලෙස පුද්ගලික අංශයේ ආයතනයක් කාර්ය කලමණාකරනය කරන්නේ නම් එය ඕනෑම ආර්ථිකයෙක වැදගත් අංගයකි. වර්තමානයෙහි එය සම්බන්ධයෙන් අලූත් අදහස් පැන නැගෙමින් තිබේ.

ශ‍්‍රී ලංකාවට ද මෙවැනි අත්දැකීම් විමර්ශනය කළ හැකිය. දැනට රජය යම් යම් කාර්යය ඉටු කිරීමේ දී පුද්ගලික අංශය හවුල් කරගනිමින් සිටී. සම්පූර්ණයෙන්ම රජය මෙහෙයවමින් සිටි කාලයට වඩා එහි වෙනසක් ඇත්දැයි තීන්දු කළ යුතු පොදු ජනතාවය. ආයතනයක අධිකාරී බලය සම්පූර්ණයෙන් රජය යටතේ තබා ගත හැකිය. එයින් මහජනතාවට ප‍්‍රයෝජනයක් නැත්නම් එහි වලංගු භාවය ප‍්‍රශ්න කරන්නට සිදුවෙයි. පසුගිය දශක කිහිපය තුළ අධ්‍යාපන, සෞඛ්‍ය, ප‍්‍රවාහන, දුරකථන සහ තොරතුරු සන්නිවේදනය, රක්ෂණ සහ බලශක්තිය ඇතුලූ අංශ විශාල ප‍්‍රමාණයක් කරා රජයට පරිබාහිරව ආයතනික වශයෙන් පැතිරීමක් සිදුව තිබේ. පුද්ගලික අංශය තරගකාරීව එකී ව්‍යවසාය පවත්වාගෙන යයි. රජය පමණක් ක‍්‍රියා කළ කාලයට වඩා වෙනස් ප‍්‍රයෝජන මහජනතාව භුක්ති වි`දිමින් සිටී. නොයෙකුත් ගැටලූ ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් යතාර්ථය වෙනස් එකකි. රජයට පමණක් අයිතිය තිබුණ දුරකථන සැපයුම පුද්ගලික අංශය සමග බෙදා ගැනීම මෙරට සන්නිවේදන අංශයෙහි පෙරැළියක් කළේය. රජයට අයත් ආයතන සම්ප‍්‍රදායික නීති රීති හා ප‍්‍රතිපත්ති තුළ මෙහෙයවෙන ආකාරයක් තිබේ. තමන්ට දරා ගන්නට හැකි අංශ නිසි ආකාරයට පවත්වාගෙන යමින් සුදුසු දේ බාහිර ආයතන වලට පැවරීම කළ හැකිය. එයින් ප‍්‍රතිසංවිධානයක් වෙයි. දැනට රජයේ සේවය තුළ තිබුණ විනය ගරුක කීර්තිමත් බව අඩුවී ඇත. රාජ්‍ය සේවය වෙනසකට ලක්විය යුතු බව මෙරට දේශපාලනයෙහි නිරත සියලූම පක්ෂ පිළිගන්නා බව නිසැකය. නමුත් එකී පරිවර්තනය කරන්නේ කවර ආකාරයකටදැයි නිශ්චිත ප‍්‍රතිපත්තියකට පැමිණෙන්නට හැකියාව ලැබී නැත. මෙවැනි අලූත් පැති ගවේශනයෙන් රටට ගැලපෙන ක‍්‍රමයක් සකස් කර ගත හැකිය.

රාජ්‍ය අංශය නිවැරදි මගට අවතීර්ණ කිරීමේ ක‍්‍රමවේදය වෙනුවට පුද්ගලික අංශය තරගයට එකතු කරන්නට නැඹුරු වූ රටවල් දැන් සම්පූර්ණයෙන් ම ස්වකීය මෙහෙයුම් පුද්ගලික අංශයට භාර දෙන්නට නිර්භීත වී ඇත. රජය පමණක් මෙහෙයවිය යුතු බවට තිබුණ ඇතැම් ක්ෂේත‍්‍රවලට ද එය ප‍්‍රවේශ වී තිබේ. ආරක්ෂාව හා ජාතික අනන්‍යතාව ඉදිරියේ දී පවා එය බල පවත්වා ඇත. ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී බි‍්‍රතාන්‍ය රජය වෙනුවෙන් විවිධ ක්ෂේත‍්‍රවල මෙහෙයවීම වෙනත් ආයතන හවුල් කරගෙන තිබිණ. ආරක්ෂාව එයින් ප‍්‍රධාන එකකි. බදු ගෙවන ජනතාව තෘප්තිමත් කරන සේවයක් සැපයීම ආණ්ඩුවක වගකීමයි. ප‍්‍රශ්නය දෙස පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලීම වැදගත්ය. තෝරා ගැනීමට අයිතියක් ඇති අවස්ථාවක මහජනතාව හැසිරෙන ආකාරය ආණ්ඩු ඉගෙන ගත යුතු පාඩමයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.