මෙරට අධ්‍යාපන ක්ෂේත්රය තුළ තරමක උණුසුම් විවාදයක් හටගෙන තිබේ. පාසල් කිහිපයක විනය ප්‍රශ්න ඇති බව පෙනේ. නිදහස් රජය අධ්‍යාපනයට කරන වියදම සම්බන්ධයෙන් විද්වතුන් තර්කයක් ගොඩනගයි. රජයේ වියදම් හා අධ්‍යාපනයට දෙන දායකත්වය කෙරෙහි සංවාදය වර්ජනයක් දක්වා පැතිර ඇත. සමාජයේ සබුද්ධිමත් කණ්ඩායම රටේ අනාගතය ගැන ස්වකීය දැඩි අවධානය යොමු කිරීම සුබ පෙරනිමිත්තකි. එය වැදගත්ය. නමුත් ප්‍රායෝගික විය යුතුය. සමාජයේ ඉහළ තලයේ කච්ඡවට ලක්විය යුතු කරුණු පොදු ජනතාව අතරට ගෙන යෑම පරෙස්සමෙන් කළ යුතුව තිබේ. පවතින තත්ත්වය දෙස විමසිලිමක්ව බලා විස`දුම් යෝජනා කිරීම අවශ්‍යය.
දරුවන්ගේ අනාගතය ගොඩනැගීම සහ එයින් රටක අභිවෘද්ධිය ඇති කිරීම කෙරෙහි සමස්ථ සමාජයම සැලකිල්ල දැක්විය යුතුය යන්න අවිවාදිතය. නිදහස් අධ්‍යාපනය ගැන විවිධ මත තිබේ. නිදහස ලැබීමෙන් පසු දශක හයකට වැඩි කාලයක් රට තුළ අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද ආයෝජනය සුළු එකක් නොවේ. මෑත භාගය තුළ රජය පමණක් නොව පුද්ගලික අංශය ද අධ්‍යාපන ක්ෂෙත්රයෙහි නියැලී සිටියි. රජයේ ප්‍රතිපත්තිය කුමක් වුවත් සහ පොදු ජනතාව නිදහස් අධ්‍යාපනයට කොතරම් ඇල්මක් දැක්වුවත් පුද්ගලික අධ්‍යාපනය ද වෙන් කළ නොහැකි ලෙස සමාජය තුළට ප්‍රවේශ වී ඇත. රජයේ පංගුව කුමක් විය යුතු ද යන්න විමසන අතර සිදුවිය යුතු හැබෑ වෙනස්කම් පැත්තට මෙම සංවාදය යොමු කළ යුතුය.
මැලේසියාව ස්වකීය අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධයෙන් විධිමත් අලූත් ජාතික සැලැස්මක් සකස්කර තිබේ. 2013-2025 දක්වා කාලය තුළ ඉටු කරන ප්‍රධාන කරුණු හතරක් වටා එම සැලසුම කේන්ද්‍රගත කර ඇත. ඉදිරි අවුරුදු දහ තුනක කාලය තුළ එරට අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමේ පහලම තුනෙන් එකක රටවල් අතර සිට ඉහළම තුනෙන් එකක රටවල් කාණ්ඩයට ඇතුලත් කිරීම එහි ඉලක්කයයි. සිසුන් මිලියන පහකට වැඩි පිරිසක ගේ අධ්‍යාපනය දියුණු කරන සැලසුම පසුගිය සැප්තැම්බර් මැද එළි දැක්වුණේ එරට අගමැති තුමා ගේ සහ අධ්‍යාපන ඇමති ධුරය ද හොබවන නියෝජ්‍ය අගමැති තුමා ගේ ද ප්‍රධානත්වයෙනි.
මැලේසියානු අධ්‍යාපන සැලසුම ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ දී එරට මාධ්‍ය එයට පැහැදිළි පක්ෂපාතී බවක් පළ කර ඇත. සැලසුම පුළුල් සංවාදයකට හරවා ඇති අතර දක්වන ප්‍රතිචාර වලින් දැනටමත් පෙන්වා ඇත්තේ කාලීනව එහි ඇති වැදගත් බවයි. මැලේසියාව පසුගිය වසර පනස් පහක කාලය තුළ එරට වාර්ෂික අය වැයෙන් සියයට විසි පහක් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කර තිබේ. එයින් නෙලා ගෙන ඇති ප්‍රතිඵල සෑහන තරම්ය. ශ්‍රේණිගත කිරීමේ දී මැලේසියාවේ සමස්ථ අධ්‍යාපනය අන්තර් ජාතිකව සැලකිය යුතු තැනෙකය. ගණිතය, විද්‍යාව හා භාෂා අධ්‍යයනය සම්බන්ධයෙන් හො`ද ප්‍රතිඵල දක්වා තිබේ. සකස් කර ඇති අලූත් සැලසුමට අනුව දැනුම, සිතන්නට අවස්ථාව, නායකත්වය, භාෂා අධ්‍යයනය, යහපත් ගති ලක්ෂණ සහ ජාතික අනන්‍යතාවය ඉදිරියට ගැනීම මූලික ඉලක්කය වී තිබේ.
දැනුම සම්බන්ධව සකස් කර ඇති සැලසුමෙහි දී එරට දරුවන් සාක්ෂරතාවයෙන් උසස් කරන අතර ගණිතය සහ විද්‍යාව උගන්වනු ඇත. මැලේසියාව, ආසියාව හා ලෝක ඉතිහාසය හා භූගෝලිය තත්ත්වය හදාරන්නට පොළඹවන අතර අමතර වශයෙන් කලාව සංගීතය හා ක්‍රීඩාවට යොමු කෙරේ. සිතන්නට අවස්ථාව යටතේ ප්‍රශ්න විස`දා ගැනීමට නැඹුරුව, දැනුම පදනම් කර ගත් ආර්ථිකයකට චින්තනයක් ඇති කරන අතර නිර්මාණාත්මක සිතිවිලි හා නව නිර්මාණ බිහි කිරීමට හැකි ආකාරයට ප්‍රශ්න කරන නව සිතිවිලි දරුවන් තුළ ඇති කරනු ඇත. නායකත්වය යටතේ ප්‍රායෝගිකව හා න්‍යායිකව දරුවන් නායකත්වය ගැනීමට හුරුකරන්නට යෝජිතය. එහිදී වඩා සැලකිල්ල දක්වා ඇත්තේ ආත්ම විශ්වාසය නැගෙන ආකාරයට සන්නිවේදන කුසලතා ද වර්ධනය කරවීමට බව එම වාර්තාව පෙන්වයි. භාෂා අධ්‍යයනය යටතේ පාසලින් පිටවන දරුවන් අනිවාර්යයෙන් ම භාෂා මැලේසියා සහ ඉංග්‍රිසි භාෂාව සමතුන් වන අතර තවත් අතිරේක භාෂාවක් හැදෑරීමට ද අවශ්‍යනම් දිරිගන්වයි. ගති ලක්ෂණ දියුණු කිරීම යටතේ සෑම දරුවෙකුම වැඩිහිටි වියේදී අභියෝගයක දි තැන්පත්ව ක්‍රියාකරන ලක්ෂණ වගා කරවයි. නිවැරදි දේ කරන්නට හා ගැටුම් සාමකාමීව නිරාකරණයට මග දක්වන බව සැලසුමෙහි දක්වා තිබේ. ජාතික අනන්‍යතාවය උදෙසා සියලූ දෙනා මැල්සියානුවන් සේ ක්‍රියා කිරීමට හුරු කරවනු ඇත. නොයෙකුත් බෙදීම් හා වෙනස්කම් වෙනුවට එකමුතුව එක රටක් වශයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය දැක්ම මෙමගින් සපයන බව දක්වා ඇත.
මෙම සැලසුම ක්‍රියාවට නැගීමේ දී ඉදිරි වසර කිහිපය තුළ විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා පිටවන හො`දම සියයට තිහක කොටසක් වසරක් පාසා ගුරුවරුන් ලෙස බ`දවා ගැනෙණු ඇත. ඉහළ අධ්‍යාපන මට්ටමක් සහිත ගුරුවරුන් ප්‍රමාණය හාර ලක්ෂ දස දහසකින් වැඩිවනු ඇතැයි සැලකේ. එරට විදුහල්පතිවරුන් අතරින් සියයට හතලිහක් ඉදිරි වසර පහ තුළ විශ්‍රාම ලැබීමට නියමිත අතර ඇබෑර්තු වලට පත්වන ඊළ`ග තලය අලූත් දැනුමෙන් සන්නද්ධ කරන වැඩ පිළිවෙලක් ද ඇතුලත්ය. අධ්‍යාපන අංශයේ පිබිදීමක් අපේක්ෂා කරමින් දෙමවුපියන් සහ පුද්ගලික අංශය සම්බන්ධකරගෙන භාරකාර පාසල් පන්සියයක් ඇති කරන්නට ද යෝජිතය. මෙම භාරකාර පාසල් පද්ධතියට රජය මුල්‍ය ආධාර සපයන නමුදු පාලනය පරිබාහිර එකකි. අමාත්‍යංශය හා අත්‍යන්තර පද්ධති අතර ප්‍රගතිය අපේක්ෂාවෙන් විනිවිද පෙනෙන පරිපාලන ක්‍රමවේදයක් අනුගමනය කරනු ඇති බව ද මෙම සැලසුම අනාවරණය කරයි.
මෙම නව සැලසුම එරට සෑම පාර්ශවයක්ම සම්බන්ධ වී නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මාස තුනක කාලයක් මැලේසියාවේ ප්‍රධාන නගරවල ප්‍රසිද්ධ රුස්වීම් වල සිට විශේෂඥයන්ගෙන් සැදුම්ලත් වට මේස සාකච්ඡුා විශාල ප්‍රමාණයක් පවත්වා එයින් අනාවරණය කර ගත් කරුණු මෙයට ඇතුලත්ය. එකී ජාතික සංවාදයේ දී අඩුම තරමින් විදුහල්පතිවරු 750 ක්, ගුරුවරුන් 15,000 ක්, සිසු සිසුවියන් 22,000 ක් දෙමවුපියන් 2,000 ක් සහ විශ්ව විද්‍යාල හයක් එකතු වී අදහස් හුවමාරු කරගෙන ඇත. එපමණකින් නතර නොවේ. දැනට ප්‍රසිද්ධ කර ඇති සැලසුම තවදුරටත් මාස තුනක් සාකච්ඡුා කරන්නට විවෘතය. වසර 2013 දී එය එරට කැබිනට් මණ්ඩලය අනුමත කිරීමෙන් පසු ක්‍රියාවට නගන්නට යෝජිතය. මැලේසියාව් ඉහළම බුද්ධිමතුන් සමග එකතු වූ කීර්තිමත් විදේශීය අධ්‍යාපනඥයන්ගේ දැක්ම මෙම සැලසුමට ඇතුලත්ව ඇති අතර ඉදිරි දශක කිහිපය තුළ ආසියාවේ දැනුම හා බුද්ධිය සම්බන්ධ විශාල පරිවර්තනයකට මෙම ජාතික අධ්‍යාපන සැලසුම උපයෝගී වනු ඇතැයි සැලකේ.
ආසියාවේ කැපී නෙනෙන ආර්ථික සහ සමාජ වටපිටාවක් සහිත මැලේසියාව අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන දැක්ම දෙස අවධානය යොමු කිරීම අපට ද වැදගත්ය. මෙම සැලසුම අන්තර් ජාලයෙන් කියැවිය හැකිය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නැවුම් හැරවුමකට යොමු කිරිමට මෙයින් නිකුත් කරන පණිවිඩය අධ්‍යයනය කිරීම වටී. ශීීී්ර ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉතා සංකීර්ණ එකකි. ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුළුවන දරුවන් අතරින් විහ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ඇත්තේ ඉතා සීමිත පිරිසකටය. උසස් අධ්‍යාපනය හදාරා එයින් පිටවන දරුවන් පවතින රුකියා වෙළ`ද පොලේදී ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන අතර ආයතන ඉල්ලන සුදුසුකම් සපුරන්නට අධ්‍යාපන ක්‍රමයට සම්පූර්ණ හැකියාවක් නැත. නොමිලේ අධ්‍යාපන අවස්ථා ගැන ප්‍රකාශ වන නමුත් දෙමවුපියන්ට අධ්‍යාපනය වෙනුවෙන් දරන්නට සිදුව ඇති වියදම මහත්ය. එය ඉතා තරගකාරී වී ඇති අතර අසමානත්වය කැපී පෙන්. විශාල වෙහෙසෙක් හා විශාල වියදමක් දරමින් නඩත්තු කරන අධ්‍යාපනයෙන් බිහිවන දරුවන්ගේ දැනුම කෙසේ වෙතත් සිතන්නට අවස්ථාව, නායකත්වය, භාෂා අධ්‍යයනය, යහපත් ගති ලක්ෂණ සහ ජාතික අනන්‍යතාවය ඇතිකිරීමට දෙන පිටිවහල අප ගැඹුරෙන් ප්‍රශ්න කළ යුතුය. නිසි අධ්‍යාපනයක් ඇත්නම් රටට මුහුණ දෙන්නට සිදුව ඇති අර්බුද සෑහෙන තරමකින් නිරාකරණය කරගත හැකි වග පැහැදිලිය.
මෙම තීරණාත්මක අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනඥයන්ට හා ජාතික නායකයන්ට විශාල වගකීමක් තිබේ. අධ්‍යාපනයට කරන වියදම සම්බන්ධ ප්‍රතිශතය කුමක් වුවත් එය අන්තර් ජාතිකව කෙබ`දු තැනෙක ඇත්දැයි විමසීම අපගේ වගකිමකි. දශක හයක කාලයක් තුළ පැමිණි ගමන් මග සාදාරණ විවේචනයකට ලක්විය යුතුය. මැලේසියාව කර ඇති දීර්ඝ කාලීන ආයෝජනයෙන් පසු ඔවුන් ලෝක තලයේ පහලම තුනෙන් එකක පසුවන්නේ නම් ශ්‍රී ලංකාවේ තත්වය කෙබ`දු විය හැකිද? අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් අලූත දර්ශනයක් රටට ඇතුල් කළ යුතු යුගයක් අප ඉදිරියෙහි තිබේ. මැලේසියාව එක උදාහරණයකි. ලෝකයේ නොයෙක් තැන නොයෙක් ආකාරයට වෙනස් වෙමින් තිබේ. සියලූ දෙනා එකතු වී අලූත් ආකාරයකට ක්‍රියාකරන අලූත් සැලැස්මක් ගැන අවධානය යොමු කිරීම වටී. අධ්‍යාපනඥයන් හා රටේ නියමුවන් ඒ වෙනුවෙන් නව මාර්ග සිතියමක් සකස් කළ යුතුය. නිශ්චිත කාල වකවානුවක දී පුළුල් ජන මත විමසුමක් සහිතව අධ්‍යාපනයේ වෙනසක් ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කළ හැකිය. එයට එකතුවන පිරිසගෙන් අදහස් විමසා හො`දම දේ තෝරා ගත යුතුය. මෙරට ජීවත්වන සියලූ දෙනාටම අදහස් තිබේ. මෙම අදහස් ගොනු කරන වැඩ පිළිවෙලක් සකස් කිරීම වැඩදායකය. ජාතික වශයෙන් ඇවිලී යන අධ්‍යාපනයට කරන වියදම සම්බන්ධ කතිකාව එයට පදනමකි. වියදම නැංවීමෙන් තාවකාලිකව විස`දුමක් සකස් කළ හැකිය. එය මෙරට දරුවන්ගේ අනාගතය විස`දන යෝජනාවක් දැයි අවංකව අපගෙන් ම ප්‍රශ්න කළ යුතුය. අනන්‍යතාවය ඇති කරන, නායකත්වය විදහා දක්වන හා අලූත් බලාපොරොත්තු වඩවන අධ්‍යාපන සැලසුමකට අවකාශය නිර්මාණය වී තිබේ. අවසාන වශයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්, බුද්ධිමතුන් එකතුවී අනුමත කර ගන්නා සැලසුම ට බලයට පත්වන දේශපාලනඥයන් වෙනස් නොකර ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවක් ගත යුතු අතර එය පැහැදිලිව ඉටු වන්නේ දැයි බලන්නට ස්වාධීන වියත් මඩුල්ලක් පත් කළ යුතුය. පාසල් අධ්‍යාපනය දේශපාලනයෙන් බැහැර කර කාලීන අවශ්‍යතා මත ගොඩ නැගෙන්නට ඉඩ දෙන්නට එය ඉතාම වැදගත්ය. පාසල් අධ්‍යාපනය ගැන තීන්දු ගැනීමෙන් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය යන අංශ ගැන ද අවධානය යොමු කළ හැකිවෙයි.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|