26/09/2012 - ලංකාදීප
ජනතා බලය බාල්දු වෙලාද? - මිලින්ද මොරගොඩ

අවුරුදු පන්සියයක පමණ කාලයක් ශ‍්‍රි ලංකාව බටහිර අධිරාජ්‍යවාදීන්ට යටත්ව සිටියේය. එය ඉතා අමිහිරි වකවානුවකි. ජනී ජනයා දුප්පත් බවෙන් ද, දරුණු නීති වලින් ද පීඩාවට පත්ව සිටියේය. යටත් වූ දිනයේ සිටම නිදහස දිනා ගැනීමට සටන් පැවතිණ. පසු කාලයේ දි අවිය වෙනුවට ජන විරෝධය ප‍්‍රබලව නැග ආවේය. අධිරාජ්‍ය වාදීන් රටට හුරු කරවන්නට උත්සාහ කළ ආගම, මත් පැන් හා ගව මස් විරෝධය සාමාන්‍ය ජනතාව ඒක රාශි කළ සංකේතයි. පානදුරාවාදය එහි උච්ඡුතම අවස්ථාවකි. අමද්‍යප ව්‍යාපාරය ගමින් ගම යමින් ජනතාව අවදි කළේය. බුදු දහම අවබෝධ කරගත් විදේශිකයන් පවා ලාංකිකයන්ගේ නිදහස් සටනට එකතු විය. සැබෑ උද්යෝගයකින් එකතු වූ ලාංකිකයෝ පසුව ලංකා ජාතික සංගමය පිහිටුවා ගත්හ. එය පදනමක් කරගෙන ශක්තිමත් අවංක ජනමතයක් ගොඩනගන්නට සමත්විය. ජාති ආගම් බේධයෙන් තොරව එකට එකමුතු වූහ. එක මතයක සිටි, සෑම ජාතිකයක්ම නියෝජනය කළ බුද්ධිමත් පිරිසක් එහි විය. අභියෝග වලට මුහුණ දෙමින් ස්වකීය ජීවිතය පොදු යහපත වෙනුවෙන් කැපකළ එකී නායකයින් ගේ ශක්තියෙන් වර්තමානය බිහිව ඇත.

ජාතික සංගමය බිහිවූයේ 1919 වසරේ දීය. ලාංකිකත්වය මතු කෙරෙන වැඩ පිළිවෙල ඇරඹිණ. සැම ජන කොටසකගේ ම අවශ්‍යතා සොයා බලා බුද්ධිමත්ව කි‍්‍රයා කිරිම අභිමතාර්ථය විය. විදේශීය බලවේග මතවාදීව පරාජය කර නිදහස ලබා ගැනීමත්, නිලධාරීවාදය අහෝසි කර, ස්වදේශිකත්වය අගය කරන මහා උවමනාව ඉටු කරගැනීමත් සැලකිල්ලට ලක් විය. නිදහස ලබා ගැනීමෙන් පසු රට පාලනය කිරීම ද ජාතික සංගමයට පැවරුන කාර්ය භාරයකි. එකි වගකීම අදෙසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකට හැරෙමින් එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත්තේය. දැනට අවුරුදු හැට හයකට කලින්ය. අවුරුදු හයක් ගත වන්නට ද මත්තෙන් එක්සත් ජාතික පක්ෂය තුළ මතවාදී වෙනස් අදහස් මතු වූයේය. පක්ෂය කැඞී වෙන්විය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවූයේ ඒ අනුවය. ජාතික සංගමයෙන් ඇරඹුන රට පාලනය කිරීමේ දේශපාලන යාන්ත‍්‍රණය ප‍්‍රධාන පක්ෂ දෙකකට වෙන් වීම සියුම් සංධිස්ථානයකි. වෙන්ව වෙනම බලවේගයක් නිර්මාණය කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර හැටක් සම්පූර්ණය.

නිදහස ලබන විට මෙරට සියලූ ප‍්‍රබල ජන කොටස් එකට එකමුතුව එක අනන්‍යතාවයක පිහිටා ක‍්‍රියා කරමින් සිටියේය. එයින් දශක හයකට පසු එවකට රටට තිබුණ මූලික දර්ශනය අද අඛණ්ඩව පවත්වාගෙන යන්නට අපට හැකිවී තිබේ ද, යන්න ගැඹුරෙන් විමසිය යුතුය. ලංකා ජාතික සංගමයෙන් පදනම ඇතිව බිහිවූ පක්ෂ පසුව යළි යළිත් කැඞී බිදී වෙන්වෙමින් කුඩා රටක නොපැවතියුතු තරම් දේශපාලන පක්ෂ ප‍්‍රමාණයක් දක්වා පත් ව ඇත. එපමණක් නොව, පක්ෂ වල ජන පදනම ද දිනෙන් දිනම පිරිහෙමින් තිබේ. මෙවැනි පසුබිමකට රට ගමන් කිරීමට හේතු වූ කරුණු ගැන විවේචනයක් කිරීම කාලෝචිතය. ප‍්‍රධාන ධාරවේ පක්ෂ දෙකටම දශක හය සපිරී ඇති අවස්ථාව එයට ඉතාමත් උචිත පසුබිමකි. එකට එක්ව එක අරමුණකින් ක‍්‍රියා කළ සමාජයකට බෙදී, ගැටී, වෙන්වන්නට සිදුවූයේ ඇයි? එදා තිබුණ අනන්‍යතාවය අනුව සකස්වූ දේශපාලන පක්ෂ වර්තමාන සමාජ ක‍්‍රමය කැදවාගෙන පැමිණ ඇත්තේ කවර අවාසනාවන්ත තැනෙකටද? මැතිවරණයක් අවසානයේ ජීවිත දෙක තුනක් බිලිගන්නා සහ පලාත් පාලන මට්ටමේ සිට ජාතික තලය දක්වා ඕනෑම මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට අති විශාල ධනස්කන්ධයක් වැය කරන්නට සිදුවන දේශපාලන පක්ෂ ක‍්‍රමය රටට විපතකි. එය වටහා ගත යුතුය.

මෑත කාලය තුළ නොයෙකුත් අනන්‍යතා අනුව දේශපාලන පක්ෂ බිහිවිය. ජාතිවාදී පදනම එහි ඇත. ආගමික අනන්‍යතාවය අනුව පක්ෂ පිහිටුවා තිබේ. න්‍යාය අනුව පිහිටවූ පක්ෂ ද ඇත. ප‍්‍රධාන පක්ෂ ලාංකික සමාජයේ විශ්වාසය සම්පූර්ණයෙන් දිනාගන්නට අසමත්වීම මෙහිදී කැපී පෙනෙයි. දෙමව්පියන්ගේ ආභාෂය අනුව දරුවන් පක්ෂයට ලැදිි වන බවක් නොපෙනේ. තරුණ පරපුර ද පක්ෂ දේශපාලනය ගැන උනන්දුවක් නැත. ප‍්‍රධාන පක්ෂ දෙක තුළ කැපී පෙනෙන ප‍්‍රතිපත්ති වෙනසක් නැතිවීම ද ගැටලූවකි. පක්ෂ රාමුව සකස්ව ඇත්තේ නායකයන් දරන අදහස් හා ආකල්ප අනුවය. අධිරාජ්‍යවාදය රට තුළ ඇති කළ පංති පරතරය ද, රට බෙදා දේශපාලන පක්ෂ ගණනින් වැඩි කරන්නට හේතුවිය. යුද ගැටුම් සහිත කාලයේ ජාතීන් අතර අවිශ්වාසය වර්ධනය වූ අතර එය පක්ෂ වශයෙන් බෙදෙන්නට බලපෑ තවත් කරුණකි. අනන්‍යතා සලකා පක්ෂ බිහිවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියකි. නමුත් මනාප ක‍්‍රමය හා සමානුපාතික ඡුන්ද ක‍්‍රමය වැනි ලක්ෂණ හරහා අලූත් බේධ ඇවිලී සමාජය නවදුරටත් අවුල් කර ඇත. සෑම මැතිවරණයක් පාසාම ප‍්‍රධාන ධාරාවේ පක්ෂ වල පදනම සියුම් ලෙස ගිලිහී යමින් පවතින බව පෙනේ. පක්ෂ වලින් සාමාජිකයන් ඈත්වෙමින් තිබේ. විශේෂයෙන් තරුණන් පක්ෂ වලට ලැදි නැත. වර්තමාන ප‍්‍රශ්න දෙස ඔවුන් බලන ආකාරය වෙනස්ය. පාක්ෂිකයන්ට පමණක් අවස්ථාව දෙන ක‍්‍රමය සහ දේශපාලනඥයින් ගේ හැසිරිම තරුණ ජන විඥානය වෙනස් කරන්නට සමත්ව තිබේ. දේශපාලනඥයින් තම කුසලතා පෙන්වා ජනප‍්‍රිය වෙන්නට උනන්දුවෙයි. මෙරට පෙමණක් නොව වෙනත් රටවල පවා ගිලිහෙන ජන අවධානය දිනා ගන්නට ඇතැමෙකු වෙහෙසෙන්නේ එසේය. තරුණ ජනතාවගේ බුද්ධියට නිගරු කිරීම නුසුදුසුය. 1971, 89 සහ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය වැනි අරගල පැන නැංගේ තරුණන් අතරින්ය. සැහැල්ලූවෙන් හා විනෝදකාමීව ජනතා ප‍්‍රශ්න දෙස බලන්නට දේශපාලනඥයන් නැඹුරු වුවහොත් යළිත් එහි වන්දිය රුධිරයෙන් ගෙවන්නට සිදුවිය හැකිය. මනාප ක‍්‍රමය ඇතිකිරීමෙන් අපේක්ෂා කළ අරමුණට වෙනස් දෙයක් ද දැන් මතුව තිබේ. ජාති, ආගම් සහ කුළ පදනම් අනුව අපේක්ෂකයන් තෝරා ගන්නට පක්ෂ වලට සිදුව ඇති අතර ඡුන්ද දායකයන් ස්වකීය මනාපය පළ කිරීමේ දී පක්ෂ අරමුණු වලට වඩා අපේක්ෂකයන්ගේ පෞද්ගලිකත්වය සලකන්නට උනන්දු වන බව නිරීක්ෂණය කළ හැකිය. එය අද පමණක් නොව අතීතයේ පටන්ම සාමාන්‍යයෙන් තිබුණි. නමුත් මනාප ක‍්‍රමය සමග එය තවත් විකෘති වී තිබේ. එය අයහපත්ය. පක්ෂ යාන්ත‍්‍රණය තුළට ජාතිකත්වය ඇතුල් වූ විට මහ ජාතිය හා සුළු ජාතිය වශයෙන් කණ්ඩායම් බෙදෙන්නට පටන් ගනී. පසුගිය කාලය තුළ එකී අවාසනාවන්ත සිදුවීම් මෙරට දේශපාලනයේ දී දැකගත හැකිවිය. බෙදීම් වැඩිවන විට සුළු ජාතීන්ගේ අවශ්‍යතා ප‍්‍රධාන පක්ෂ තුළ වැඩි අවධානයකට ගැනෙන්නේ නැත. සුළු ජාතීන් කොන්වෙයි. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසු තීරණාත්මක අවස්ථා වල දී සුළු ජාතික පක්ෂ බලය ස`දහා කේවල්කරන්නට පටන් ගනී. එයින් නායකයන්ගේ බලය තහවුරු වන නමුත් ඡුන්දය දුන් මහජනතාව ගේ අරමුණු ඉටු වන්නේ නැත. ජාතික සංගමය පිහිටවූ වකවානුවේ සුළු ජාතික නියෝජනයට වැදගත් ආකාරයට අවස්ථාව තිබිණ. අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් කි‍්‍රයාකරන්නට ඔවුන්ට ඉඩ තිබූණි. නමුත් කාලයකට පසු ක‍්‍රමාණුකූලව පරිසරය වෙනස් ඇත. අද දේශපාලන පක්ෂ තුළ එවැනි සාධාරණ පසුබිමකට ඉඩ නැත. අඩු තරමින් මහ ජාතියට පවා පක්ෂ තුළ තැනක් නැති පරිසරයක් සකස් වී තිබේ.

ප‍්‍රධාන පක්ෂ මෙම පරිසරය ගැන අවබෝධයක් ඇති කර ගත යුතුය. පක්ෂයක බලය මහජන නියෝජනය අනුව පවතී. ජන මතයට මහා බලයක්් ඇති බව වටහා ගැනීම වැදගත්ය. ජන මතය නැගෙන ආකාරය ද වෙනස් වී තිබේ. ජන නායකයින් පමණක් මත ඇතිකළ යුගය අවසන්ය. තොරතුරු තාක්ෂණය හා සමාජ වෙබ් අඩවි මත බිහි කරන අලූත් තැන්ය. දුරකථනයකින් යැවෙන කෙටි පණිවිඩයක බලය විශාලය. මත බිහිකරන පදනම සම්ප‍්‍රදායික කටකතා, ජනමාධ්‍ය හා එහි නූතන අංග වන සමාජ වෙබ් අඩවි දක්වා පුලූල් පරාසයකට පැතිරෙන විට එය සංකීර්ණ තත්ත්වයකි.

සමාජය වෙනස්වන විට එයට අනුකූල වන ආකාරයට පරවර්තනයකට ජාත්‍යන්තර යේ දේශපාලන පක්ෂ වලට හැකියාව ලැබී තිබේ. එය සාර්ථකත්වයයි. බි‍්‍රතාන්‍යයේ කම්කරු හා කොන්සවර්ටිව් පක්ෂ විශාල ප‍්‍රතිසංවිධානයකට ගියේය. ඇමරිකාවේ දේශපාලන පක්ෂ පවා වෙනස් වී ඇත. ජපානය හා කොරියාවේ දීර්ඝ කාලයක් බලයේ රු`දී සිටි පක්ෂ වල බලයෙන් පහවූ අතර එයින් පාඩමක් උගත් එම සම්ප‍්‍රදායික පක්ෂ යළි ප‍්‍රතිසංවිධානය වී තිබේ. මෙක්සිකෝවේ හා තායිවානයෙන් වාර්තා වූයේ ද එයයි. සිංගප්පූරුව ද එයට සූදානම් ය. සමාජයේ පහලම කොටසින් නැගෙන අදහස් පවා සැලකිල්ලට ගන්නා ආකාරයට එය පරිවර්තනය වීම ආදර්ශයකි. තොරතුරු තාක්ෂණය ද වහල් කරගෙන තිබේ. චීනයේ දේශපාලන ක‍්‍රමය දස වසරකට වරක් සංශෝධනය වෙයි. ඉන්දියාව සම්ප‍්‍රදායට අනුව පරිවර්තනයට මුහුණ දී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මෙම වෙනස සිදු නොවුන මැදපෙරදිග රටවල එය විප්ලවකාරී ආකාරයට සිදුවිය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වශයෙන් එක්සත් ජාතික පක්ෂයට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුල් වගකීමක් ඇත. වෙනස්වන සමාජ ප‍්‍රශ්න හා සමාජ රටාව වටහා ගෙන එයට අනුකූලව පක්ෂ යාන්ත‍්‍රණය සකස් කිරීම අවශ්‍යය. ජාතික සංගමයට අනන්‍යතාව හා දර්ශනය සැපයූයේ විද්වතුන්ය. වෘත්තිකයන්ය. අද දේශපාලන පක්ෂ වලින් එම පදනම ගිලිහී ඇත. දේශපාලනයට පැමිණ, ඇමති ධුරයක් හෝ සංස්ථාවක සභාපති කමක් අපේක්ෂා නොකරන විද්වතුන් සහ ව්‍යාපාරික අංශවල නායකයන් පක්ෂවල සේවයට ඉදිරිපත් විය යුතුය. දේශපාලනයේ නියැලිය යුතු නැති ඔවුන්ගේ වගකීම පක්ෂයට අවශ්‍ය බුද්ධිය හා දර්ශනය සැපයීමයි. එවැනි සෘජුව අදහස් පළකළ හැකි විශිෂ්ඨයන් පිරිසකගෙන් සැදුම් ලත් තලයක් දේශපාලන පක්ෂ වලට අවශ්‍යය. දේශපාලනඥයින්ට මහජනතාවගේ වෙනස්වන අපේක්ෂා ගැන හැගීමක් තිබිය යුතුය. රට පුරා යමින් මහජන අදහස් විමසමින් එයට අවනතවීම ප‍්‍රධාන දේශපාලන පක්ෂ වල යුතුකමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම් වෙනස්වී ඇත. යුක්තිය, සාධාරණත්වය ගැන අලූතින් ආකල්ප ඇතුළු වී තිබේ. කාන්තාව සමාජ ක‍්‍රමයේ ප‍්‍රබල බලගතු තැනකට පත්ව ඇත. අධ්‍යාපනය හා ප‍්‍රශ්න ගැන කාන්තාවන්ගේ අවබෝධය දියුණුය. දරුවන් හා තරුණ තරුණියන් පවා අද දැනුමින් පොහොසත්ය. ඔවුන්ගේ අවශ්‍යතා විවිධය. මෙරට ජනතාවගෙන් සැලකිය යුතු ප‍්‍රතිශතයක් ලෝකයේ තැනින් තැන සංචාරය කර වැඩ කිරීමෙන් අත්දැකීම් ලබා ඇත. මෙම අලූත් පැති ගැන සලකා රටට අලූත් පදනමක් සකස් කරන්නට උනන්දුවීම අවශ්‍යය. පාක්ෂිකයන්ට විනා ක‍්‍රමය තුළ ඇති පොදු අවස්ථා සීමා වන විට ඔවුහු පක්ෂ දේශපාලනයෙන් ඈත් වෙති. තවදුරටත් පක්ෂ අනුගාමිකයන් වන්නට ඔවුන් සුදානම් නැත.

ලෝකයේ නොයෙක් තැන දේශපාලන පක්ෂ පවතින්නේ යුක්තිය අනුවය. ඇමරිකාවේ ක‍්‍රමය අනුව පක්ෂ නායකයාගේ සිට මැතිවරණයට තරග කරන අපේක්ෂකයා දක්වා තෝරා ගන්නේ වැඩි දෙනාගේ කැමැත්තෙනි. කැමැත්තට ඉඩ දුන් පසු වෛරයක් නැත. බැරක් ඔබාමා ජයගත් පසු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට එම පක්ෂය තුළ තරග කළ හිලරි ක්ලින්ටන් ගෙන් පලි ගත්තේ නැත. ඔබාමා පාලනයේ ආණ්ඩුවේ බලගතු තනතුරකට හිලරි පත් කළාය. පක්ෂ යාන්ත‍්‍රණයේ තීරණ ගන්නා ආකාරය හා ක‍්‍රියාකරන ආකාරය පැහැදිලි නම් පක්ෂ වලින් ජන පදනම ගිලිහී යන්නේ නැත. පසුගිය දශක තුන තුළ අන්තර් ජාතිකව දේශපාලන පක්ෂ, ඒවායේ කි‍්‍රයාකාරකම් හා ප‍්‍රතිපත්තිවල සිදුවූ විශාල වෙනස යුද ගැටුම් සම්බන්ධයෙන් පැවති පූර්ණ අවධානය හෙයින් මෙරටට කාන්දු වූයේ නැත. එය විශාල හිඩැසක් ඇති කර තිබේ.

මේ අතර මහජනතාව මැතිවරණයක දී ඡුන්දය ප‍්‍රකාශ කරන්නට දක්වන උනන්දුව ද අඩු වෙමින් තිබේ. ඡුන්දය නොදෙන පිරිස, අවලංගුවන ඡුන්ද ප‍්‍රමාණය තේරී පත්වන අපේක්ෂකයාට හෝ පක්ෂයට ලැබෙන ඡුන්ද ප‍්‍රමාණයට වඩා ඉහළ යන අවස්ථා ඇත. බහුතර කැමැත්තෙන් පත්විය යුතු මහජන නියෝජිතයන්ට බහුතරයක් නැති බවට එය සාධකයකි. දේශපාලනඥයන් නිග‍්‍රහයට පත්වෙයි. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට එල්ලවන චෝදනා බරපතලය. දේශපාලනඥයන් හොරු, වංචාකාරයන් හා දුෂිතයන්යැයි පොදුවේ චෝදනා කරයි. මත අනුව අවංක, නිකැලැල් පුද්ගලයෙකු පවා අපහසුතාවයට පත්වෙයි. මෙවැනි චෝදනා නගන නමුත් දේශපාලනඥයන් ගේ කතාවට බුද්ධිමතුන්ගේ අදහස් වලට වඩා සමාජයේ ම වැඩි ඉඩක් ගනී. උත්සවයක මුල් තැන ලැබෙන්නේ ජනතා අප‍්‍රසාදය නැගෙන දේශපාලනඥයන්ය. එවැනි නායකයන් හමුවට යන මහජනතාව තම දරුවන් පාසලට ඇතුල් කරන්නට මැදිහත් වෙන්නැයි ඉල්ලයි. දරුවාගේ විවාහයට අත්සන් කරන ලෙස ඇරයුම් කරයි. මෙය වෙන්දේසියකි. මහජනතාවම ඉල්ලා සිටින මහා රැුවටිල්ලකි. දේශපාලනඥයන් ද මෙයට හුරු වී තිබේ. මහජනතාව තමන් කෙරෙහි දක්වන සැලකිල්ල අඩු බව දන්නා හෙයින් ඡුන්ද දිනන්නට සල්ලි වියදම් කරයි. බලය ඇති කාලයේ ධනය උපයන මාර්ග සකස් කර ගනී. සමාජයේ නීති විරෝධීව ධනය උපයන්නට හපන් පිරිස බලය ඇති දේශපාලනඥයන් වටා එකතු වෙයි. නීතිය ද අසරණය. යුක්තිය ඉල්ලන මහජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මෙම ව්‍යවසනය දැක කම්පාවට පත්ව ඇත.

බලවත් විය යුතු මහජනතාවයි. මහජනතාව තමන් සතු බලය ගැන නිසි තක්සේරුවක නැත. ජනතා පරමාධිපත්‍ය ඇත්තේ ජනතාව සතුවය. තම අයිතිය ගැන කතා කරන නමුත් දේශපාලනඥයන්ට අවස්ථාව දී නිහඩවීම වර්තමානයේ සුලබය. වීරයන් කරන දේශපාලනඥයන්ට පසුව ගරහන්නේ ද ජනතාවයි. එය මෙරට දේශපාලනය සහ සමාජ ක‍්‍රමය අතර පවතින වටහා ගැනීමට අපහසු සංකීර්ණ ස්වභාවයකිි. දශක තුනක කාලයක් සමාජය ගැටුම් හා අරගල මැද පසුවිය. ආයතන පිරිහී තිබේ. දේශපාලනඥයන්, රජයේ සේවය, අධිකරණය කෙරෙහි විශ්වාසය පහත වැටී ඇත. පොලිසිය පවා මහජනතාවගෙන් ඈතය. රටේ ආයතන හා ආකල්ප ජන විඥානයට ඉඩ නොදෙන බලහත්කාරි ව්‍යුහයෙන් ඉවත් විය යුතුය. එවිට යළි ජන බලය ගොඩනැගෙයි. රජය සතු අධිකාරිය වෙනුවට මහජනතාව සතු පරමාධිපත්‍ය නැගෙන්නේ එවිටය. ජාතික සංගමය පිහිටුවන වකවානුවේ පැවති පසුබිමට රට පත්කළ යුතුය. අවංක ප‍්‍රතිසංස්කරණයක් කිරීමේ විරෝධයක් ගොඩනැගීම අවශ්‍යය. ආණ්ඩු පෙරැලීම නොව ආකල්ප වෙනසකින් දශක හයක් පරණ අදහස් වලින් හෙබි ප‍්‍රධාන පක්ෂ අලූත් කරන බලවේගයක් පැන නැගිය යුතුය. එය කළ හැක්කේ ජාතික සංගමය බිහිකවූ වකවානුවේ ආකාරයට රටට ආදරට කරන විද්වත් වෘත්තිකයන් ප‍්‍රධාන දේශපාලන පක්ෂ වලට පටු පරමාර්ථ වලින් තොරව එකතුවි කැපවී ක‍්‍රියාකිරීමෙන් පමණකි.