» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/12/2012 - ඉරිදා ලංකාදීප
වැඩකරන ජනතාව මුහුණ දිය යුතු අභියෝග - මිලින්ද මොරගොඩ

මෙයින් වසර දහයකට කලින් ෆේස් බුක් යන සමාජ වෙබ් අඩවි ගැන දැන සිටියේ නැත. අන්තර් ජාලය ගැන දැනුමක් නොතිබිණ. එදා ජීවත් වූ අයෙකු එයින් අවුරුදු දහයකට පසු ලෝකයේ රැකියා බිහිවන අවස්ථා කෙබදූ විය හැකි දැයි දළ වශයෙන් හෝ අනුමාන කරන්නට නැත. සුපුරුදු පරිදි ලෝකය පවතිනු ඇතැයි අපේක්ෂා කරන්නට ඇති අතර අනාගතය උදෙසා ආකල්ප වෙනස්කර ගැනීම අවශ්‍යම නොවෙන්නට ඇත. නමුත් අද සිදුවෙමින් පවතින දේ අනුව වැඩ කරන පසුබිම සහමුලින්ම වෙනස්වී තිබේ. අද ජීවත්වන්නේ ගෝලීයකරණ සමාජයකය. අධ්‍යාපනයෙන් පසු තමන් ජීවත්වන ප‍්‍රදේශයේ රැකියාවක නියැලී සැහැල්ලූ ජීවිතයකට අනුගතවීම සාමාන්‍යයෙන් සිදුවිය නොහැකි දෙයක් බවට පත්ව තිබේ. සමාජය රැකියාවක වටිනාකම. රැකියා බිහිකරන ආකාරය හා අනාගතයේ දී වෘත්තීය ජීවිතයේ ඇතිවිය හැකි වෙනස්කම් දැන් විවෘතව කතා කරන්නට පටන්ගෙන ඇති බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ පවා ජනගහනයෙන් සියයට දහයකට වැඩි කොටසක් රටින් බැහැර රැකියා අවස්ථා වලට යොමු වී ඇත. එය විශාල පරිවර්තනයකි. නුදුරු කාලය තුළ එය තවත් වේගයෙන් වෙනස්විය හැකි බව පෙනෙන්නට තිබේ.

අලූත් අවුරුද්දක් උදාවෙන දින කිහිපය අභිමුවෙහි සිටින ශ‍්‍රී ලාකේය පොදු ජනතාවට ඉදිරි දශකය තුළ ඇතිවිය හැකි ප‍්‍රවනතා සම්බන්ධයෙන් යම් අවබෝධයක් තිබිය යුතුය. ජාත්‍යන්තරයේ සිදුවෙමින් පවතින නව ප‍්‍රවනතා කෙරෙහි විශේෂ සැලකිල්ලක් යොමු කිරීම වැදගත්ය. ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව තවමත් භාවිතාවන කාර්යාල උපකරණ වලින් සෑහෙන කොටසක් වැදගත් නැති වනු ඇති බව පළවෙයි. එහි මුල්තැන පටිගත කිරීමේ යන්ත‍්‍රයට හිමිව තිබේ. කාර්යාලයක සාකච්ඡා හෝ සංවාද පටිගතකර පසුව ලේඛනගත කිරීමේ කාර්යය ජංගම දුරකථනයටම පැවරෙනු ඇත. පරිගණක අලෙවිය 2011 දී ඇමරිකානු ඩොලර් බිලියන 40.7 ක සිට 2020 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 241 ඉක්මවනු ඇති අතර 2012 වන විට තොරතුරු ගබඩාකරගත හැකි ෆාම් ටොප් වැනි උපාංග අලෙවිය සියයට 94 කින් පහත වැටෙනු ඇතැයි පළවෙයි. කාර්යාලයක සම්ප‍්‍රදායික කාමර වෙන්කරන සීමා මායිම් ඉවත්වන අතර ඉදිරි වසර පහ තුළ පොදුවේ සම්පත් බෙදාගන්නා කාර්යාල සංස්කෘතියක් ඇතිවනු ඇත. මේසයට සවිකරන පරිගනක වෙනුවට කාර්ය රරැසක් ඉටු කරන ටැබ්ලට් වර්ගයේ පරිගණක භාවිතය ජනපි‍්‍රය එකක් බවට පත්වීමට ඉඩ තිබේ. ඒ සමග කාර්යාල මේසය මත දැනට ඇති දින සටහන් අනුව සිහි කැදවන සටහන් පොත් ඉවත්වී නෙයෙකුත් සමාජ වෙබ් අඩවි සහ ස්මාට් දුරකථන එම රාජකාරිය භාර ගන්නා වග තහවුරුවී තිබේ. කාර්යාලයට පැමිණීම හා නික්මයාම වෙලාව සටහන් කරන යන්ත‍්‍රයකට හෝ ඔරලෝසුවකට අනුව සිදු නොවන අතර නිවාඩු දිනය යන ආකල්පය පවා වෙනස්ව වැඩ ඇති විට ඕනෑම තැනක සිට මෙහෙයවන්නට හැකි කාර්යාල පද්ධතියක් බිහි වීමට ඇති අවස්ථාව බහුලය.

ඇමරිකානු පර්යේෂණ ආයතන වලට අනුව තවත් දියුණු විය හැකි පැත්තක් ලෙස පරිසරය සංරක්ෂණය කෙරෙන වෘත්තීන් ඉදිරියට එනු ඇත. මේවා ලෝකයේ වෙනස්වන පරිසරය ආරක්ෂා කරගනිමින් මිනිසුන්ට ජීවත්විය හැකි වාතාවරණයක් ඇතිකිරීමට තුඩුදෙන හරිත රැකියාවන්ය. බලශක්තිය, රථවාහන හා වෙනත් අංශ වල නොයෙකුත් ආකාරයෙන් පරිසරය ආරක්ෂා කරන්නට වගකීම් ඉසිලිය හැකි සම්පත්ධාරීන්ට අවස්ථාව හිමිවිය හැකිය. කාලගුණ වෙනස්වීම් අනුව පරිසරයට හානි පමුණුවන කර්මාන්ත ආශ‍්‍රීතව රුකියා වලට බාධා පැමිණෙන අතර එයට විකල්ප වශයෙන් හරිත රැකියා අවස්ථා ප‍්‍රමාණවත් ලෙස වර්ධනය වීමට ඇති ඉඩ කඩ අඩු විය හැකි බව ද තවත් අදහසකි.

සම්ප‍්‍රදායික අධ්‍යාපන ක‍්‍රමය හා සම්ප‍්‍රදායික රුකියා වෙළද පොළ ගැන තක්සේරුවක සිටින අපට මෙම වෙනස්කම් ගැන අවබෝධයක් ඇති කර ගැනීම වැදගත්ය. යටත් විජිත යුගය අවසන් වන විට මෙරට සමාජයේ තහවුරු වී තිබුණේ රජයේ සේවයට ඇතුලත්වීමේ සිහිනයයි. කරපටියක් පැළද රජයේ කාර්යාලයක සේවය කිරීම පරම්පරාවට ඉහළම ආඩම්බරයකි. අධ්‍යාපන ක‍්‍රමය වෙනස්වීම සමග සමාජයේ පිළිගැනීම වෙනස්විය. වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකුට එහි දී ඉහළ තැනක් ලැබිණ. නමුත් ඉදිරි දශක දෙක තුන තුළ ලෝකයේ ආකල්ප හා පැවැත්ම ඉතාමත් වේගයෙන් වෙනස්වන බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන රටාව අනුව ඉගෙන ගන්නා දරුවන්ට වැඩ කරන්නට සිදුවන්නේ සමාජ ගෝලීයකරණයකට ලක්වන පසුබිමකය. අද කතාකරන මෙවලම් එදිනට වලංගු නැත. වෘත්තීය අයිතිවාසිකම් හා කාර්යාල නීති රීති අවලංගුය. වෘත්තීය හිමිකම් හා සුබසාධන වැඩ පිලිවෙල වෙනස් මුහුණුවරක් ගනු ඇත. එමලණක් නොවේ. රැකියාවට ලැබෙන සමාජ ගරුත්වය ද වෙනස් වන බව පැහැදිලිව පෙනේ. අප අද හැදෑරිය යුතුව ඇත්තේ අලූතින් සිදුවෙමින් පවතින දේ කෙරෙහිය. අධ්‍යයනය මගින් රටට උචිත ආකාරයට යම් සාධනීය පරිවර්තනයකට මග සකස් කර ගත යුතුව තිබේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.