27/11/2012 - ලංකාදීප
හැරවුම් ලක්ෂය හෙට සිට සෑම බදාදාවකම
 
Milinda Moragoda newest talk show - Turning Point
 

මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කරන අලූත්ම සංවාදාත්මක වැඩසටහන 'හැරවුම් ලක්ෂ්‍යය' සෑම බදාදාවකම රාත‍්‍රී 10.30 ට සිරස ටී.වී. ඔස්සේ විකාශය වෙයි.

1999 වසරේ සිට 'ඉන් බ්ලැක් ඇන්ඞ් වයිට්', 'කමාන්ඩිං හයිට්ස්', 'ෆේස් ද නේෂන්', 'ගමින් ගමට', 'උරුමයක උල්පත්', 'නිදහස', යුක්තිය උදෙසා මිලින්ද සමඟ', 'සංවාද' සහ දිදුලන දියත වැනි වවැඩසටහන් රැසක් සිරස ටීවී හා සිරස ගුවන් විදුලිය ඔස්සේ පවත්වා තිබේ. නොවැම්බර් 28 බදාදා රාත‍්‍රී විකාශය වන වැඩසටහනින් ජාත්‍යන්තර ආර්ථිකයේ වත්මන් ස්වභාවය හා එය ශ‍්‍රී ලංකාව කෙරෙහි බලපවත්වන ආකාරය විග‍්‍රහ කරනු ඇත.

නිහාල් වික‍්‍රම එදිරිසූරිය සමග ඉදිරිපත් කරන වැඩසටහන සම්පාදනය කරන්නේ වරුණ කරුණාරත්න මහතාය.