» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/08/2013 - ඉරිදා ලංකාදීප
බ‍්‍රසිලයේ මධ්‍යම පැලැන්තියේ නැගීම සමග මතුවන ප‍්‍රවනතා - මිලින්ද මොරගොඩ

බස් ගාස්තු වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව බ‍්‍රසීලයේ වැසියන් විරෝධතා නගන ආකාරය පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය අවධානයට ලක්වූ පුවතක් විය. ජීවත්වීමට අපහසු ආකාරයට වියදම නැගෙන අතරවාරයේ බස් ගාස්තු වැඩි කිරීම සාමාන්‍ය ජනතාවට බරපතල ප‍්‍රශ්න මතු කරන ලද බව සදහන් විය. වැඩිවන ගාස්තුව ගාස්තු ගෙවීම ප‍්‍රශ්නයක් නොවන නමුත් අධික වාහන තදබදය ද එරට නාගරික ජනතාව පෙලූ බරපතල ගැටලූවක්. බස් ගාස්තුව සිද්ධියක් වූ නමුත් රට තුළ හතුවෙමින් තිබුණ නව ප‍්‍රවනතාවය විහිදී ගියේ එම අවස්ථාවේදීය. මිනිසුන් වීදි බැස උද්ඝෝෂණය කළ අතර දුප්පතුන්ට වැඩි බර පටවන නමුත් බලධාරීන් දුෂිතයන් බවට විරෝධතා පැතිරිණ. ජනතාව අතර ඇති වූ උණුසුම පාලනය කිරීමට ආරක්ෂක අංශ මැදිහත් වූ අතර රබර් උණ්ඩ සහ ක`දුලූ ගෑස් පාවිච්චි කළ බව මාධ්‍ය අනාවරණය කළේය.

බ‍්‍රසීලය දකුණු ඇමරිකාවේ පිහිටි රටකි. ඛනිජ තෙල් ඇතුලූ නොයෙක් ස්වභාවික සම්පත් බහුලය. සෑහෙන කාලයක් නොදියුණු රටක් ලෙස පැවතුන බ‍්‍රසීලය 1998 දී පමණ විශාල ණය අර්බුදයකට ද මුහුණ දුන්නේය. දිගු කාලයක් පෘතුගාලයේ යටත් විජිතයක් ලෙස පැවැති රට පසුව පවත්වාගෙන ගියේ හමුදා පාලනයක් වශයෙනි. ඉනික්බිතිව ප‍්‍රජාතන්ත‍්‍ර ක‍්‍රමයට මාරුවීම සමග පැවැති මැතිවරණ වලින් ජයගත් නායකයන්ට රට සංවර්ධනය කිරීම හමුවේ මතුවූ අභියෝග ඵීස`දා ගැනීම පහසු වූයේ නැත. කම්කරු පක්ෂයේ දේශපාලන නායකයා වශයෙන් ලූලා ද සිල්වා තුන් වතාවක් ජනාධිපතිවරණයට තරග කළ නමුත් සාර්ථක වූයේ නැත. 2002 වසරේ පැවැති ඡුන්දයෙන් ජයග‍්‍රහණය කළ හෙතෙම රටේ ආර්ථික සැලසුම් නව මගකට යොමුු කළ බව පිළිගැනීමයි.

වාමාංශික මතවාද සමග බලයට පැමිණි ලූලා ද සිල්වා ජනාධිපතිවරයා ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්ති අත්හදා බලන්නට පටන් ගත්තේය. ප‍්‍රතිසංස්කරණ මාලාවකට පසු බ‍්‍රසීලය ආර්ථික සහ සමාජයීය වශයෙන් පිබිදෙන්නට පටන් ගත් අතර රජයට මෙන්ම පුද්ගලික අංශයට ද ව්‍යවසාය වෙනුවෙන් ඉඩ දීම ඔහු අනුගමනය කල ප‍්‍රතිපත්තියයි. සංවර්ධනය වේගවත් වූ අතර 2011 අවුරුද්දෙ ජනවාරි වෙන තෙක් අඛණ්ඩව පාලනය කරගෙන යන්න සමත්වීම කැපී පෙනෙන කරුණකි. මෙම කාලය තුළ සමාජය තුළ සිදුවූ පරිවර්තනය සැලකිය යුතු තරම් එකකි. දුගී බව අඩු වූ අතර එරට මැද පන්තිය තරමක් ප‍්‍රසාරණය විය. දියුණු වන රට තුළ මහජනතාවගේ ආකල්ප සහ හැසිරීම අලූත් මගක් ගත්තේය. මැද පන්තියේ උවමනාවන් වෙන්ස වූ අතර එම අවශ්‍යතා දිනා ගැනීමට මහජනතාව පෙළ ගැසෙන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. දුගී දුප්පත් පහළ තලයේ සිට ඉහළට නැගුන මධ්‍යම පාන්තිකයන්ගේ අදහස් උදහස් සමග වර්නය වූ අලූත් බලාපොරොත්තු ඉහලින්ම ඉටු කිරීම වර්තමාන පාලකයන් මුහුණ දී ඇති ගැටලූව බව පෙනේ. බඩ වියත ගැන විතරක් හොයා බලමින් සිටි සාමාන්‍ය පොදු ජනතාව සමාජයේ අයිතිවාසිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ගුණාංග කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන්න පටන් ගෙන තිබේ. එය එරට සමාජය තුළ විශාල ප‍්‍රතිසංස්කරණයකට කරන බල කිරීමක් ලෙස වටහා ගත හැකිය.

බ‍්‍රසීලයේ දියුණුව සමග අලූතින් බිහිවුණ මැද පන්තිය ප‍්‍රශ්න කරන විමසිලිවන්ත පිරිසකි. ආර්ථික දියුණුව එරට මධ්‍යම පන්තිය යම් ප‍්‍රමාණයකට පුලූල් වීමට බලපෑ අතර එයින් ඉහළට නැගුන ජන කොටස දේශපාලන ක‍්‍රමය සහ දේශපාලනඥයන් ගැන තද ආවේගයකින ප‍්‍රශ්න කරන්නට පටන් ගෙන ඇත. සංවර්ධනයේ නාමයෙන් කරන වියදම සැක කරන නැඹුරුවක් ද දක්නට තිබේ.

බ‍්‍රසීලය පාපන්දු ක‍්‍රීඩාවට කළ ආයෝජනය විශාල එකක්. පාපන්දු ක‍්‍රීඩාවේ සංවර්ධනය සමග ජාත්‍යන්තර ප‍්‍රජාව දුප්පත් බ‍්‍රසීලය ගැන අවධානය යොමු කළේය. ක‍්‍රීඩාවෙන් ඉදිරියට පැමිණි රට ඔලිපිම්පික් සහ පාපන්දු ලෝක කුසලාන තරග සංවිධානයට ඉදිරිපත්ව සිටී. නමුත් එරට මැද පන්තියේ ජනතාවගේ ආකල්පය අනෙකකි. ක‍්‍රීඩාව දියුණු කරන්නට යොදවන ධනය රටේ යටිතල පහසුකම් වැඩි දියුණුවට වෙන් කරන්නට පාලකයන්ට නොහැකි මන්දැයි ඔවුහු ප‍්‍රශ්න කරති. ජනතාව විරෝධය නැගෙන අදහස් මතු කරන්න පටන් ගෙන ඇති අතර තාක්ෂණය එයට උපාකාරී වී තිබේ. විද්‍යුත් ලිපි සහ ෂෝෂල් මීඩියා යනුවෙන් හැ`දින්වෙන සමාජ වෙබ් තුළ මෙම සංවාදය සියුම් ලෙස නැගෙන්නට පටන් ගත්තේය. නගරයේ ඇති අසංවිධිත පහසුකම් වලට එරෙහිව අදහස් හුවමාරු වන අතර ධනවතුන් හෙලිකොප්ටර් වලින් ගමන් කරන අතර මහ මග බස්වල අධික තදබදයෙන් පීඩාවට පත්ව හිටි ජන කොටස් නොසන්සුන් විය. නැගෙන මත තාක්ෂණය හරහා රට පුරා පැතිර ගියේය. පොදු පහසුකම් වැඩි දියුණු කරන්නට උවමනාවක් නැතිකම ගැන විරෝධය නගන්නට පටන් ගෙන ඇත. නිසි සේවයක් සලසන්නේ නැතිි මගී ප‍්‍රවාහනය විවේචනය කරන අතර තව තවත් වැඩි ගාස්තු ගෙවන්නේ ඇයි යන ප‍්‍රශ්නය හමුවේ ජනතාව නැගී සිටි බව නිරීක්ෂණය කළ හැකිය. රාජ්‍ය සේවය ගැන චෝදනා එල්ල වූ අතර ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව සහ දුෂණය ගැන විවේචන මතුවන ආකාරයට මැද පන්තිය සිවිල් සමාජය මත අවුලවන්නට පටන් ගත්තේය. බ‍්‍රසීලයේ පාපන්දු ක‍්‍රීඩාවේ වීරයා වූ පේලේ ගේ වීරත්වය පවා ප‍්‍රශ්න කරන මට්ටමට සමාජය පරිවර්තනය වීම විශේෂ සිද්ධියකි.

එරට මධ්‍යම පාන්තික ජන කොටස මෙවැනි පරිවර්තනයකට ලකම්ම ලෝකයේ ඕනෑම රටකට උපයෝගී කරගත හැකි අත් දැකීමකි. මධ්‍යම පන්තිය දැනුම සොයා යන තොරතුරු තාක්ෂණය ඇසුරු කරගෙන අලූත් දේ ගැන විමසා බලන්නට පටන් ගත් අතර යථාර්ථය අවබෝධ වන විට ශවුන් කළේ පවතින ක‍්‍රමයට එරෙහිවීමයි. පාලකයන්ට වඩා දැනුමක් අවබෝධයක් තමන්ට ඇති බව මධ්‍යම පන්තියේ සමාජය හිතන බව පෙණුනේ පැහැදිලිවය. රට ඉදිරියට ගෙන යන්නට තැත් දරන දේශපාලනඥයන් සහ න්‍යායාත්මක අදහස් එක්ක තර්ක කරන බ‍්‍රසීලයේ මැද පන්තිය ගෙන යන විවාදය අද ජාත්‍යන්තරයේ පුලූල් අවධානයට ලක්්වු මාතෘකාවකි.

ජනතාවගේ අදහස් නැගී ඇවිලෙන විට විපක්ෂ දේශපාලනඥයන් එයින් අවස්ථාව ගන්නට උනන්දුවක් දැක්වූ නමුත් විශේෂත්වය වුයේ මෙම විරෝධතා පිටුපස බලය ලබාගන්නට තැත් කරන නායකයන් හෝ දේශපාලනය නොතිබීමයි. තැනින් තැන නැගුන මැද පන්තියට නිසි නායකත්වයක්වත් තිබුණේ නැත. ක‍්‍රමය වෙනස් කළ යුතුයි සහ සමාජයට අවශ්‍ය දේ කරන්න පාලකයන් අසමත් කියමින් මතය පතුරවන නමුත් එය නිසි ආකාරයට ප‍්‍රායෝගිකව පෙන්වන්නට මෙම විකල්ප මතධාරීන්ට යම් රාමුවක් තිබුණේ නැත. මෙම තත්ත්වය ඉතාම සංකීර්ණ චිත‍්‍රයකි. ආර්ථිකය දියුණුවෙන අතර ජනතාව අතට ලැබෙන ආදායම ඉහළ යයි. අවශ්‍යතා වෙනස් වෙන්නට පටන් ගනී. දැනුම සමග ඉදිරියට එන මැද පන්තිය සමාජ අසාධාරණය ගැන අදහස් අවුලවයි. මැද පන්තියෙන් එන ප‍්‍රතිචාර වලට ක්ෂණික විස`දුම් පාලකයන්ට නැත.

ඉදිරියේ පවැත්වෙන බ‍්‍රසීල ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිනියට අභියෝග රාශියක් ඇති බව අද පවතින ස්වභාවය පෙන්නුම් කරයි. විපක්ෂයට බලයට එන්න ඇති වාසිය අඩු නමුත් තීරණාත්මක තැනකට රටේ මතය ගෙන යන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. බ‍්‍රසීල සංවර්ධනය සමග මහජනතාව ඔවුන් ගත කළ කටුක තැනින් නැගිටුවා අලූත් තලයකට ඔසවා තබන ලද නමුත් ජනතාවගේ අවශ්‍යතාව වෙනස්ය. පාලකයන් වටහාගත යුතු යථාර්ථය එයයි. කාලයක් ලෝකයට ණය ගැති රටක් හැටියට පැවැති යුගය අවසන් කර අද බ‍්‍රසීලය ආර්ථික වශයෙන් වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටී. මැද පෙරදිග රටවල පවතින ඛනිජ තෙල් සම්පත් ප‍්‍රමාණයටත් වඩා විශාල ඛනිජ තෙල් නිධි බ‍්‍රසීලයේ පවතින බව අනාවරණය වී තිබේ. තෙල් සම්පත නිසි ලෙස උපයෝගී කර ගන්නට හැකියාව ලැබුණොත් බ‍්‍රසීලයේ අනාගතය විස්මිත එකක් වන බව පැහැදිලිය.

නමුත් අද ගැටලූ නිර්මාණය වී ඇත්තේ ඇත්තේ රට තුළ නැගෙන ජන බලය සමගය. පැවැති තත්ත්වයෙන් මිදී අලූත් ජීවිතයකට ඇතුල්වන විට හිතන පතන ආකාරය වෙනස් වෙයි. අවශ්‍යතා ලැයිස්තුව වෙනස් වෙන අතර ඒක ලෝකයේ ඕනෑම රටක් මුහුණ දෙන බරපතල අභියෝගයකි. අයිතිවාසිකම් ගැන තර්ක කරන මැද පන්තියක් බිහිවෙන්නේ රටේ දියුණුව සමගය. අධ්‍යාපනය වැඩි දියුණු වී ජනතාව දැනුමෙන් පොහොසත් වන විට තමන් වටා ඇති රාමුව ප‍්‍රශ්න කරන්නට ඔවුන් නැගී සිටියි. බ‍්‍රසීලය මුහුණ පා ඇති වටපිටාව රාජ්‍ය පාලකයන්ට තවත් වතාවක් අලූතින් හිතන්න අවස්ථාවක් ඇති කරයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.