» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/07/2013 - ඉරිදා ලංකාදීප
විප්ලවයෙන් වසන්තය නොපැමිණි ඊජිප්තුව - මිලින්ද මොරගොඩ

අරාබි වසන්තය තවමත් මතකයෙහි ඇති මාතෘකාවකි. තාක්ෂණික යුගයේ දී පාලකයන්ට එරෙහිව නැගුණ බලවේගය නොයෙක් ආකාරයට පැතිරෙන්නට පටන්ගත්තේය. මෙයින් අවුරුදු දෙකහමාරකට කලින් ඊජිප්තුවේ සිදුවීම් අද අලූත් මුහුණුවරක් ගෙන තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ ලෝක අවධානය පුළුල්ව සාකච්චා කරන්නට එය පසුබිම සකසා ඇත.

ඊජිප්තුවේ සිවිල් වැසියන්ගේ උද්ඝෝෂණ පැතිරෙන්නට හේතුවූ ප‍්‍රධාන කරුණක් නැත. එකම කරුණ සේ දැනෙන්නේ දීර්ඝ කාලයක් එකම පාලකයා රට මෙහෙයවීම පමණකි. එරට වැසියන්ගේ ආහාරයට ගැනෙන සුකී නම් මෙරට පිපිඤ්ඤා වැනි ගෙඩියක් අතට ගත් සිවිල් ජන කණ්ඩායම් එහි මිළ වැඩිවී ඇතැයි මත ඇවිලවීය. ෆේස් බුක් සහ ටිවිටර් යන සමාජ වෙබ් මත හුවමාරු කරන්නටත්, පතුරවන්නටත් පටන් ගත්හ. විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ හුවමාරු වූයේය. හැබෑ නායකත්වයක් පෙනෙන්නට නොතිබිණ. සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ ව්‍යුහයක් නැත. මතුපිටින් නොපෙනෙන සංවිධානයක් තොරතුරු තාක්ෂණය සමග ඇවිලී මහා විප්ලවයක් ඇති කළේය. ආගමික සහ සමාජ මතධාරීන්ගේ ද අදහස් වලින් උණුසුම් වූ මිනිසුන් පාරට බැස ජය ගොස නගන බව ලෝව පුරා මාධ්‍ය විකාශය කරන්නට පටන් ගත්තේය.

විරෝධතාකරුවන් උද්දාමයෙන් ඇළලී තව තවත් පෙරැුළි කරන්නට වූ අතර නීතිය, දේශපාලන වැරදි, මැතිවරණ අක‍්‍රමිකතා සහ මාධ්‍ය නිදහස ඇතුළු එකිනෙකට වෙනස් නොයෙකුත් පැති විරෝධතාකරුවෝ සීමාවකින් තොරව කරළියට ගෙනාවේය. උණුසුම් වූ විරෝධතාකරුවන් සහ පොලිසිය හා ගැටීමෙන් මිනිසුන් 846 ක් මිය ගිය අතර 6000 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ද වාර්තා විය. පොලිස් ස්ථාන 90 ක් කැරළි කරුවෝ ගිනිතබා විනාශ කර ඇත. පොදු දේපොල වනසමින් නැගෙන විරෝධය හමුවේ ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක්ට ධුරයෙන් ඉල්ලා අස්වනු හැරෙන්නට කළ හැකි යමක් නොතිබිණ. මෙවැනි නමුත් එකිනෙකට වෙනස් කරුණු හේතු කරගෙන සිවිල් උද්ඝෝෂණ ටියුනීසියාවෙන් ආරම්භ වී යේමනය, බහරේන්, ජෝර්දානය, සිරියාව හා ලිබියාව වැනි රටවලට ද පැතිරෙන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා නැගෙන අරාබි වසන්තයක් වශයෙන් දකින්නට ලොව පුරා විචාරකයෝ මැලිකමක් දැක්වූයේ නැත.

විප්ලවයට පදනම සකස්කළ අන්තර් ජාලයෙන් මත ගොඩනැගූ සටන්කාමීන් ගේ ඉලක්කය සපුරමින් මැතිවරණයක් පවත්වන්නට එරට මැතිවරණ කොමසාරිස් ක‍්‍රියා කළේය. මැතිවරණයෙන් පසු එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පළමු නායකයා වශයෙන් ඉස්ලාම් ආගමික මොහමඞ් මූෂි ඵදය්පපැා ඵදරිස බලයට පත්විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර මැද පෙරදිගට කලාපයට සීමා වී තිබුණ අනන්‍ය පාලන ක‍්‍රමය ඉවත් කිරිමට බටහිරට තිබුණ උවමනාව මෙයින් සාක්ෂාත් වූ බව පෙනේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථිකය තුළින් සමස්ථ ලෝක වාසී මිනිස් ප‍්‍රජාවට සමාන අයිතිවාසිකම් හිමිවනු ඇතැයි බටහිර විශ්වාසයයි.

නමුත් වර්තමානයේ ලෝකයේ විවිධ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග එකිනෙකට වෙනස්ය. ඉන්දියාව, චීනය වැනි විශාල රටවල් පවා බලය සහ සමාජ නියෝජනය අතර යම් පරතරයක් ඇතිව ක‍්‍රියා කරන බව පැහැදිලිය. නොයෙක් සංස්කෘතික සහ පැරණි සම්ප‍්‍රදායන්ට අනුව පවත්වාගෙන ගිය පාලන ක‍්‍රම මහජන නියෝජිතයන්ට අනුව මෙහෙයැවෙන ආකාරයට පරිවර්තනය කිරීම පහසු නැත. මුල් බැසගත් සංකල්ප වලට අභියෝග කරන්නට නම් ප‍්‍රබල ජන මතයක් අවශ්‍යය. ඊජිප්තුවෙන් පෙන්නුම් කළේ බෙදීමයි. මත බෙදී කණ්ඩායම් වෙන් වෙන් වශයෙන් සටන්කරන විට අරමුණ ගිලිහෙයි. පරිවර්තනයක් කරන්නට නම් සමාජය එකතු කිරීම අවශ්‍යය.

ඊජිප්තුවෙන් පෙනෙන අනෙක් පාඩම රට පාලනය කරන්නට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උහුලන්නට ඇති නොහැකියාවයි. පාලකයන් පහ කර මැතිවරණයකට මග පාදා ගත් නමුත් මැතිවරණයෙන් ජය ගත්තේ ජන මතය අවුලවන්නට සමත්වූ කණ්ඩායම් නොවේ. මුස්ලිම් සහෝදරත්වය ආගමික සහ සමාජ කටයුතුවල නිතරව සිට රට තුළ පදනමක සිටියේය. එහෙයින් මැතිවරණය දිනාගත්තේය. ජය ගත් නමුත් මහජනතාවගේ අපේක්ෂා ඉටු කරන්නට සම්පූර්ණයෙන් සමත්වූයේ නැත. පැවැති පාලනයටත්වඩා අන්තවාදී ආගමික අදහස් ඇති කරන්නට තැත් කළ බව පැතිරිණ. එහි ප‍්‍රතිඵලය වූයේ සිවිල් ජනතාව යළි නොසන්සුන් වීමයි. මහජනතාව යුද හමුදාව සමග එකතු වී තිබේ. කැරළි මැඩ සාමය ආරක්ෂා කර සිවිල් තත්ත්වය ඇතිකරන්නට නම් යුද හමුදාවට අවස්ථාව ඇති බව දැකගත හැකිය. වසන්තය අපේක්ෂා කළ සමාජ මතධාරීන් අභිබවා අලූත් රුල්ලක් නැගෙන බව පෙනේ. එය ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් පවා අපේක්ෂා නොකළ පැත්තකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකරන්නට අනියමින් මෙහෙවර කරන ලද නමුත් ඇතිකරන ලද ප‍්‍රථිපලය විස්මිත එකකි.

මෙම පසුබිම ජගත් විචාරකයන් අවබෝධ කර ගනු ඇත්තේ කෙසේදැයි තක්සේරු කිරීම ද වැදගත්ය. තෝම්ස් එල් ප‍්‍රීඞ්මන් ප‍්‍රකට තීරු ලිපි රචකයෙක්. ඇමරිකාවේ යුද වාර්තාකරුවෙකු ලෙස ලේඛන දිවියට ඇතුලූ වූ හෙතෙම පසුව ප‍්‍රසිද්ධ වුනේ ආර්ථික හා දේශපාලන ලියුම්කරුවෙකු වශයෙනි. හෙතෙම ිද ලෙක්සස් ඇන්ඞ් ඔලිව් ටී‍්‍රි ඔයැ ඛැංමි ්බා එයැ ධකසඩැ ඔරුැ නමින් කෘතියක් සම්පාදනය කළේය. ප‍්‍රීඞ්මන් එම කෘතියෙන් පෙන්වා දුන්නේ ගෝලීයකරණය හරහා ලෝකය යහපත් වෙන බවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැතිරෙන විට ලෝකය අලූත් තැනක් විය හැකිය යන බලාපොරොත්තු එහි අනාවරණය කළේය. ලෙක්සස් කියන්නේ ලොව වටිනාම මෝටර් රථය ඔලිව් අත්ත මැද පෙරදිග කලාපයේ සංකේතය. මේ දෙක අතර සංකලනය ගැන මතයක් පී‍්‍රඞ්මන් තමන්ගේ පොත හරහා එදා ඉදිරිපත් කරන ලද නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරනන්නට මැද පෙරදිගින් මතු වූ බලවේගය අද සමාජ ගෝලීයකරණය හමුවේ ප‍්‍රශ්නයකට මුහුණ පා සිටින බව පෙනේ. සියල්ල විනාශ කර අලූතින් පාලනයක් නිර්මාණය කරන්නට හැකියාව තිබේ. නමුත් එය මහජනතාව ඉල්ලන දෙය ද යන්න අද විචාරකයෝ නගන වැදගත් සහ උණුසුම් තර්කයකි. ප‍්‍රීඞ්මන් දෙවනුව ද මෙම කරුණ අභියෝගයට ලක්කරමින් තවත් කෘතියක් සම්පාදනය කර ඇත. ඔයැ උදරකා ෂි ත්‍ක්එ යන්න එයයි. එහි දැක්වෙන මතය ගෝලීවකරණය හා තාක්ෂණය තුළ ලෝකයේ සියලූ දෙනාටම ඇති සමාන අවස්ථා ඇත යන අදහසින් සම්පාදනය කර තිබේ. තෝම්ස් එල් ප‍්‍රීඞ්මන් සහ මයිකල් මැන්ඩෙල්බයුම් වන ලේඛකයා එකතුව තවත් කාතියක් පසුගිය කාලයේ දී සම්පාදනය කර තිබේ. ඔය්එ ඹිැා එද ඊැ ඹිල යන්න එයයි. එම කෘතියෙන් කියන්නේ ජාත්‍යන්තර සමාජය තුළ ඇමරිකාවට ප‍්‍රමුඛතාවය අහිමිවීම ගැනය. ලෝකයේ ප‍්‍රබලයා නැත්නම් අසමසම තීරකයා වශයෙන් කටයුතු කළ කාලය අභියෝගයට ලක්ව ඇතැයි මෙයින් විග‍්‍රහයට ලක්කරයි. අධ්‍යාපනය, යුගයට ගැලපෙන යටිතල පහසුකම්. බුද්ධිමතුන් එකතු කරගන්නට හැකිවීම, ධනය බිහිකිරීමට හේතුවන නීති රීති සම්පාදනය සහ අලූත් පර්යේෂණ හා සොයා ගැනීම් යනාදිය ඇමරිකාව අභිබවා වෙනත් රටකට නැගෙන්නට ඇති අවස්ථා පහක් ලෙස මෙම කෘතියෙහි දැක්වෙයි. මෙම කරුණු මත පදනම්ව ක‍්‍රියා කරන රටකට බලවතෙකු සේ නැගෙන්නට අවහිරයක් නැති බව එහි මතයක් ඇති කරයි.

මැද පෙරදිග වසන්තය දෙස මහත් අපේක්ෂා සහිතව බලා සිටි ොල්ක ප‍්‍රජාවට අද සම්ප‍්‍රදාය, තාක්ෂණික යුගය සහ අනාගතයේ බිහිවන පාලන රාමු දෙස අලූත්න් බලන්නට ඉඩ කඩ විවරකර ඇත. ¥ෂණය සහ බලය අනිසි ලෙස යෙදවිම වැනි කරුණු පදනම් කරගෙන සම්ප‍්‍රදායික පාලකයන් පන්නා දැමීම අපහසු නැත. අපහසු එයින් පසු ඇති කරන දර්ශනය නිසි ආකාරයට අවබෝධ කර ගැනීමයි. පොදු ජනතාව ජීවත්වන්නේ විවෘත සන්නිවේදන ජාලයකය. ලෝකයේ නොයෙක් තැනින් තොරතුරු පැමිණෙන අතර මත විහිදුවන්නට ද අසාමාන්‍ය ඉඩක් විවෘත වී තිබේ. එය වැදගත් ආකාරයට ග‍්‍රහනය කර ගන්නට අසමත් වන පාලකයෙකුට ඉදිරියට යාමට අවස්ථාවක් නැත. එය ඊජිප්තුවෙන් පමණක් නොව ලෝකයේ ඔුනෑම තැනෙකින් නැගෙන පණිවුඩයයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය එකම විකල්පය නොවන අතර එහි ඇති ලක්ෂණ වලින් රටට ගැලපෙන්නේ කුමක් ද යන්න සොයා දැන ගැනීම පාලකයෙකුට ඉතා දුශ්කරය. දශක කිහිපයකට කලින් නායකයාගේ පෞර්ෂයය තීරණය වූයේ පුවත් පතක එන ප‍්‍රකාශනයකින් හෝ මත දැක්වීමකින්ය. අදහස පමණක් නොව නායකයාගේ හැසිරීම පවා වර්තමානයේ දී ඉක්මනින් ජනතාව හමුවට පැමිණෙයි. වාර්තාකරණය දියුණුවීම හෙයින් නායකයන්ගේ සු`ළු අඩුපාඩු පවා ජනතාව අතරට යන බව පෙනේ. ප‍්‍රබල චරිත බව පෙනෙන නමුත් ඉක්මනින් මහජනතාවගෙන් ඈත්වෙන්නේ නිතර ජනතාව දකින හැසිරීම නිරීක්ෂණය කරන නායකයන් හෙයින් බව අවබෝධ කර ගත යුතුය. ජාත්‍යන්තර සමාජය උගන්වන පාඩම් දියුණුවන රටවලට මනා අත්දැකීම් සපයන බව අවබෝධ කර ගැනීම වැදගත්ය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.