» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/07/2013 - ඉරිදා ලංකාදීප
ජනතාවගේ හැසිරීම සහ දේශපාලනය ගමන්කරන දිසාව - මිලින්ද මොරගොඩ

වර්තමාන සමාජයේ පැවතුම්සහ සහ සිවිල් ජනතාව දක්වන ප‍්‍රතිචාර කෙරෙහි විද්වතුන්ගේ ගැඹුරු අවධානයට ලක් විය යුතු බව පෙනේ. පොදු ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවේ යම් යම් පදනම් කෙරෙහි විවේචනාත්මකව සලකන්නට පටන්ගෙන ඇත. අසාධාරණය සහ අයුක්තිය නොඉවසන සහ අන්තවාදී ආකාරයට කි‍්‍රයාත්මක වන බව නිරීක්ෂණය කළ හැකිය. පිරිහීම විනාශයට මුලයි. සමාජය පිරිහීමට නොයෙක් හේතු තිබේ. ජනතාව පරමාදර්ශී චරිත වශයෙන් සලකන තැන් විකෘතිවීම එහි එක් ප‍්‍රධාන කරුණකි. එයින් ජනතාව තුළ අවිශ්වාසය ඇතිවෙයි. ඔවුහු සැක කරන්නට පටන්ගනී. නොයෙක් ඕපා ¥ප මත පැතිරෙයි. යතාර්ථය වෙනුවට එකී මත කෙරෙහි සමාජය නැඹුරු වෙයි. එකිනෙකට වෙනස් තොරතුරු හෙයින් ජන මත බෙදීමෙන්, රටක් වශයෙන් එකතුවීම වලකයි. එය බරපතල ප‍්‍රශ්නයකි. අනාගතය උදාකර ගත හැක්කේ එකමුතු වීමෙන් පමණකි.

මැදි ආදායම් රටක් වශයෙන් දියුණු වන විට ජනතාවගේ අවශ්‍යතා සහ සිතුම් පැතුම් වේගයෙන් වෙනස්වන බව අවබෝධකර ගත යුතුය. ආර්ථික ජවය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර යම් පරතරයක් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව තීරණ ගැනීමේ ක‍්‍රමවේදය සාකච්ඡුාවෙන් සංවාදයෙන් සිදුවිය යුතුය. එහි ක්ෂණික ප‍්‍රතිඵල අපේක්ෂා කිරීම සාධාරණ නැත. නමුත් ආර්ථිකයක ඇත්තේ වේගයයි. ඉක්මන් තීරණ ගැනීම සහ තරගකාරීත්වය ආර්ථිකය තුළ බහුලව ප‍්‍රයෝජනයට ගැනේ. මෙම අංශ දෙක අතර තුලනාත්මක තත්ත්වයක පැවත්වා ගැනීම අවශ්‍යය. මහජනතාවගේ අපේ්ක්ෂා සහ ඒවා සාක්ෂාත් කරන්නට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව හ`දුනා ගැනීම වැදගත්ය.

ප‍්‍රශ්නයක දෙපැත්තක් තිබේ. දෙපැත්තම සොයා එහි හො`දම දේ ගැන තීරණ ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය අනුව පමණකි. මහ ජනතාව පාරට පැමිණ විරෝධතා දැකිවීම අද සුලබ දෙයකි. විභාග ප‍්‍රතිඵල, පාසලේ ප‍්‍රශ්න පත‍්‍ර වැරදි ගැන මාස ගණනක් චෝදනා ප‍්‍රතිචෝදනා නැගෙයි. දේශපාලනඥයන්ට, අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් නොව නීතියට ද එය විස`දන්නට හැකියාවක් ලැබී නැත. විශ්ව විද්‍යාල සිසුන් පාරට බැස විරෝධය පළ කරයි. බස් සහ දුම්රිය සේවාවල සේවක කාර්ය මණ්ඩලට ගමන් නවත්වා වර්ජනය කරයි. සෞඛ්‍ය අංශ අරගල කරයි. මෙම සේවා නතරවීමෙන් ජන ජීවිතයට ප‍්‍රශ්න මතුවන බව රහසක් නොවේ. වර්ජනය සාර්ථක බව කියන්නේ තමන්ගේ පැත්තෙන් පමණකි. එම වර්ජනය හමුවේ සාමාජන්‍ය ජනතාව පත්වූ අපහසුතාවය ගැන තැකීමක් නැත. එයින් පෙනෙන්නේ කුමක්ද? වැරදි හදාගන්නට උත්සාහ කරන්නේ වැරදි ආකාරයටය. සිසුන් පාරට පැමිණ විරෝධතා පවත්වන විට එදිනෙදා මග මග භාවිතා කරන පිරිස හිරිහැරයට ලක්වෙයි. අධිවේගී මාර්ගය තැනීමේ සැලසුම් වලට විරුද්ධව දුමිරිය නවතා විරෝධය පළ කරනු දැක ගත හැකිවිය. ගාල්ල අධිවේගී මාර්ගය තනන කාලයේ ද එවැනි ම විරෝධතා තිබුණ බව මතකය. අද පවතින විරෝධතා වලට එකතුවන්නේ දැනුම් තේරුම් ඇති අයයි. ක‍්‍රමයක් ඇත. ක‍්‍රමය වැරදිනම් එය හදා ගන්නා ආකාරය ගැන ද අපට අවබෝධයක් තිබේ. නමුත් තමන්ගේ දරුවා පාසලට ඇතුලත් කර ගන්නට උත්සාහ කරන්නේ අනුන්ගේ දරුවා එතැනින් ඉවත් කිරීමෙනි. සම්පූර්ණ ක‍්‍රමය සමාලෝචනය කර නිවැරදි ප‍්‍රතිපත්ති සහන්නට අප සූදානම් නැත්තේ ඇයි? සංවර්ධනය ස`දහා තීන්දු ගත යුතුය. කොටසකට යහපත් දේ තවත් කොටසකට ප‍්‍රශ්න ඇති කරයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරුම් ගත යුතුය.

අද පවතින මෙම පසුබිම පැහැදිලි කරන එක් වාදගත් කාරණයක් තිබේ. එනම් අප සියලූ දෙනාට එකතු වී සංවාදයෙන් ප‍්‍රශ්නයක් විස`දා ගන්නට නොහැකි බවයි. සාමකාමිව එකතුවී. සාමකාමීව සංවාද කර අවසානයේ සාමයෙන් විසිර යන ලෙස බුද්ධ දර්ශනයෙහි දැක්වෙන විශිෂ්ට අර්ථය අද සමාජය අනුගමනය කරන්නේ නැත. පාසලේ සිට විශ්ව විද්‍යාලයේ වියතුන් දක්වා තැන් ස්වකීය යුතුකම හා වගකීම අමතක කර ආත්මාර්ථකාමී ලෙස හැසිරෙන්නට පටන්ගෙන තිබේ. දේශපාලනඥයන් පිරිහී ඔවුන් ¥ෂිතයන් යැයි චෝදනා කරන සමාජය ඊළ`ග මැතිවරණයක දී යළි තෝරා ගන්නේ ඔවුන්වමය.

මහජනතාව අවසාන වශයෙන් නීතිය හා යුක්තිය කෙරෙහි බලාපොරොත්තු තබයි. යුක්තිය ඉටු කිරීමට ගන්නා කාලය සහ එය ඉටු වන ආකාරය ගැන මහජන අපේක්ෂා බි`දී යමින් තිබේ. මහ මග සිදුවන අනතුරක දී වාහන ගිනි තබන්නට සහ අපරාධයක් සිදුවූ විට ජනතාව සැක කරන පුද්ගලයන්ගේ දේපොල විනාශ කර ද`ඩුවම් දෙන ප‍්‍රවනතාවක් ද මෑතක සිට අතිව තිබේ. නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් සේවාව මහත් විවේචනයට ලක්ව ඇත. පොලිස් නිලධාරීන් අතරින් ඇතැම් පිරිසක් කෙරෙහි සමාජය බලන්නේ අප‍්‍රසන්න හැ`ගීමකින්ය. නිලධාරීන් ගෙන් විමසුවහොත් ඔවුන් එම තත්ත්වයට පත්ව ඇති අතර එයට වගකිවයුතු පවතින ක‍්‍රමයයි. ආයතන වල වගකීම අමතක කර පටු පරමාර්ථ වෙනුවෙන් කි‍්‍රයාකිරීම හෙයින් පොලිසියේ සේවාව සහ අධිකරණයේ ක‍්‍රියාදාමය මහජනතාව අතර හෑල්ලූවට ලක්ව ඇත. ළමා අපචාර, අපරාධ හා මත්ද්‍රව්‍ය හමුවේ සමාජය නිහ`ඩය. විශේෂයෙන් කාන්තාව මෙම ව්‍යසන හමුවේ අපේක්ෂා භංගත්වයට පත්ව තිබේ. ඔවුන්ගේ මතය සමාජය නොසලකා හැර ඇති අතර එයින් අත්පත්ව ඇත්තේ භයානක ප‍්‍රතිඵලයකි. ඇතැම් ජන නායකයින් ගේ හැසිරීම චෞර ස්වභාවයකි. නීතිය හා බලය අතට ගෙන තිබේ. ආගමික සහ සමාජ නායකයන් නිහ`ඩය. හ`ඩක් නැගෙන්නේ අන්තවාදී ආකාරයටය. නොඇසිය යුතු දේ අහන්නට ලැබේ. නොදකින්නට ප‍්‍රාර්ථනා කරන දේ දකින්නට ඇත. විකෘති ව ඇති ක‍්‍රමය සම්පූර්ණයෙන් ම වෙනස් කරන්නට නොහැකි නම් කළ හැකි දේ කරන්නට වගකිව යුතු සියලූ දෙනා පෙල ගැසිය යුතුය.

පවතින පාලන ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකකි. ව්‍යවස්ථාවක් ඇත. සියලූ වැරදි වලට හේතුව ව්‍යවස්ථාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය බව කියන්නට පටන්ගෙන තිබේ. ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු පලක් නැති එකක් බව දක්වයි. ව්‍යවස්ථාව වැරදි නම්, පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ ගැටලූ ඇත්නම් පක්ෂ විපක්ෂ සියලූ දෙනා එකතුවී අලූත් ක‍්‍රමයක් සකස් කරගැනීම අවශ්‍යතාවයයි. එයට සූදානමක් නැත්තේ මන්ද? ආණ්ඩුව තමන්ගේ ප‍්‍රතිපත්ති නිවැරදි යයි සිතයි. විපක්ෂ දේශපාලන පක්ෂ උත්සාහ කරන්නේ මහජන විරෝධතා තමන්ට වාසි ලෙස හරවා ගන්නටය. මේවායෙන් ප‍්‍රශ්න විසෙ`දන්නේ නැත.

සමාජයක සියළුම පුරවැසියන්ට සමාන අවස්ථා හිමිවිය යුතුය. විශේෂයෙන් අධිකරණය ස්වාධීන එකක් කරන්නට ධෛර්යය උපදවා ගත යුතුය. යුකිතිය පසි`දලන බව සමාජයට ඒත්තු යන ආකාරයට ක‍්‍රියා කිරීම අධිකරණයේ වගකීමයි. පාලකයන් තමන් අවංකව මහජන සේවයක් කරන බව ඔප්පු කළ යුතුය. ආගමික නායකයන් නිසි දැක්මක් ඇතිව මග පෙන්වීම අවශ්‍යය. බුද්ධිමතුන් පටු පරමාර්ථ වලින් තොරව අදීනව හැසිරීම අවශ්‍යය. සමාජය එකතු කර අලූත් යුගයකට ඇතුළු කරන්නට නම් වර්තමානයෙහි අප දකිමින් සිටින තත්ත්වය අවබෝධ කරගෙන අනාගතය නිරවුල් කරගන්නට වෙහෙසීම වැදගත්ය. එහි බරපතල වගකීමක් සහ කාර්ය භාරයක් සමාජ නියමුවන්ට ඇත. සිවිල් සංවිධාන, ජන මත ප‍්‍රධානීන් සහ බුද්ධිමතුන් තමන්ට හැකි පමණනින් එයට දායකවීම අවශ්‍යය.

සෑම දෙමාපියෙකුම ස්වකීය දරුවන්්ගේ අනාගතය උදෙසා යම් පරිවර්තනයක් කරන්නට අදිටන් කර ගත යුතුය. කැපවීමෙන් විනා දකිමින් සිටින සිහින සැබෑ කර ගන්නට නොහැක. දියුණුවට පත් සෑම සමාජයකම පරිවර්තනයක් සිදුව ඇත. එම පරිවර්තනය සිදුවියයුතු ප‍්‍රතිසංස්කරණයක් වශයෙනි. රට දියුණු කරන්නට කෙටි මාර්ග නැත. නිලධාරීන්ද, දේශපාලනඥයන් ද කළ යුතු ප‍්‍රතිසංස්කරණ මොනවාදැයි හො`දින් දනී. සෞඛ්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන යනාදී වශයෙන් සෑම ක්ෂේත‍්‍රයකම කළ යුතු දේ පැහැදිලි ප‍්‍රතිපත්ති මත පවත්වාගෙන යන්නට අවශ්‍යය. දේශපාලනඥයන්ට ද ස්වයං විවේචනයකට කාලය එලැඹ තිබේ. මහජනතාවට සත්‍ය අනාවරණය කර ගත යුතු බැරූරුම් තීන්දු ගැනීම අවශ්‍යය. කෙටි කාලයකට වේදනාවක් ඇතිවිය හැකි අතර දරුවන්ගේ යුගය වන විට රට යහපත් තැනක් බවට පත්වනු ඇත. එයින් විනා අන් මගක් නැත. ලෝකයේ නොයෙක් රටවල සිදුවූ දේ අධ්‍යයනය කිරීමෙන් එය සාක්ෂාත් වෙයි. සමාජය නිසි මගට හරවා ගැනීමේ වගකීම අප සියලූ දෙනා අත පවතී. බටහිරෙන් හෝ වෙනත් රටකින් පැමිණ අපගේ අවශ්‍යතා ඉටුකරන සමාජ ක‍්‍රමය සකස් කරන්නේ නැත. සමාජය එකතු වී ප‍්‍රශ්න විස`දාගැනීමට හැකි මග සොයා යාම අවශ්‍යතාවයයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.