» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/10/2012 - ඉරිදා ලංකාදීප
උරුමයක උල්පත් සොයා යා යුතු යුගය හමුවේ අභියෝග - මිලින්ද මොරගොඩ

අතීත උරුමය හා එහි උල්පත් සොයා ගවේෂණයක නිරත වන්නට අපට සිදුව ඇත. බටහිටට යත්ව සිටි සමයෙන් පසු එයට පසුබිම සකස් විය. අධිරාජ්‍යයවාදීන්ගේ ආක්‍රමණ හමුවේ රටක වශයෙන් ශ්‍රී ලංකාවට එල්ලවූ විනාශය සුළු පටු නොවේ. වැවු අමුණු, දාගැබ්, කෝවිල, පල්ලිය යනාදී වශයෙන් සියලු තැන ආක්‍රමණයකට ලක්විය. මෙරට ආගම යටපත් කර බටහිර ආගම ව්‍යාප්තවිය. බාෂාවේ, සංස්කෘතිය හා සිරිත් විරිත් විශාල වශයෙන් මිශ්රවූ බව නොරහසකි. යටත්ව සිටි වස පන්සියාක පමණ කාලය තුල ලාංකීය උරුමයට සිදුවූ හානිය ගැන මෙරට ජන සමාජය අදටත් මහත් වේදනාවෙන් පසුවෙයි.

දෑ හිතකාමීන්, නොයෙකුත් සංවිධාන අතීත උරුමය හා එහි සැගවුන තැන සොයා යමින් සිටී. බටහිර රටවල් පව‍ා ශ්‍රී ලංකාවේ සාඩම්බරනීය තැන් ගවීෂණයට උදවු කරන බවක් අද පැහැදිල්ය්ව පෙනේ. මෙරට අනන්‍යතාව දක්වන ඓතිහාසික වැඩකත්කමකින් යුත් පුරාවස්තු හා ලියකියවිලි හුවමාරු කර ගනිමින් තිබේ. එවැනි වකවානුවක් අතරතුර ත්‍රස්තවාදී ප්‍රශ්නය හමුවේ රටට යලිත් එවැනිම අභියෝගයකට මුහුණ පාන්නට සිදුවීම සැලකිය යුතු බැරෑරුම් අතත්වයකි.

උතුර-නැගෙනහිර පලාත්වල බෞද්ධ උරුමය ඉතිහාසයෙන් වෙන කල නොහැකිය. බුදු දහම මෙරටට පැමිණියේ ඉන්දියාවෙන්ය. ඉන්දියාව සමග පවතී සම්බන්ධතා වලදී උතුර හා නැගෙනහිර වෙරළ තීරය ඉතාම වැදගත් තැනක් බව පෙනේ. පුද සත්කාර ලබන්නට එකතු කරගත් කේෂ ධාතුන් වහන්සේද රැගෙන් තපස්සු-භල්ලුක වෙළෙද දෙබෑයන් දබඹදිව උත්තලා නගරයේ සිට ලංකාවට පැමිණ ඇත. ඔවුහු ගොඩ බස ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදීශයටය. කුච්වේලිය, කට්ටුකුලම් ප්‍රදේශයේ ගල්වාරයෙන් ගොඩබිම සමීපයට පැමිණ යාන්ඔය ඔස්සේ ගිරිකන්ඩ පර්වතයට වෙළෙද දෙබෑයෝ ලගාවී ඇත.

එහි පිහිටි සුරක්ෂිත තැනෙක බුදුරජානන් වහන්සේ ජීවමාන අවස්ථාවේ දීම ලැබුණු කේෂධාතු සහිත මංජුසාව තැන්පත් කර සිය ආහාර ගෙන ඇති අතර ආහාර ගෙන අවසන්ව පිටත්ව යන්නට සූදානම් වන අවස්ථාවේ දී මෙම කේෂ ධාතුන් එතනින් ඉවත් කර ගත නොහැකිවූ බවත්, එහිම එය නිධාන් කොට ගිරිහඩු සය ඉදි කල බවත් ඉතිහාසය ගැන දක්වන මහාචාර්ය එච්. ටී. බස්නායක මහතා ලියන ලද "ගිරිහඩු මහා වෙහෙර පින් බිම තිරියාය" කෘතියෙහි සදහන් වෙයි.

මෙරට ඉදිවූ පළමු බෞද්ධ සංකේතය ගිරිහඩු මහා වෙහෙර බව සැලකිය හැකි සාධක හමුවී ඇත. එපමණක් නොවේ. මෙම ස්ථානය ලෝකයේ පළමු බෞද්ධ සිද්ධස්ථානය වන්නට ද බැරි නැත. වර්ෂ 303-331 අතර කාලයී දී රජ කල කිත්සිරි මෙවන් රජ සමයේ හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් ශ්‍රී දළදා වහන්සේ මෙරටට වැඩමවා ඇත. කළිගු රට විසූ ගුහසීව රජු තමනට එල්ල වූ ආක්‍රමණ අවස්ථාවක දී දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට එය ලංකාවට වැඩම කරවා තිබේ. ලංකා පටුනට ගොඩ බස පසුව එහි සිට අනුරාධපුරයේ ගල පාලම පැත්තෙන් රට අභ්‍යන්තරයට වැඩම කර රාජ්‍ය බාරයට පත්වූ බව ඉතිහාසයෙහි සදහන්ය.

මෙම ස්ථානය පුරාවිද්‍යා කැනීම් වලට ලක් කරන ලදුව පැරණි වෙහෙරක, පඩිපෙළ හා බැමි යනාදිය තහවුරු කර ඇති බව පෙනේ. ලංකාපටුන කළපුවක්‌ ඔස්සේ සම්බන්ධ කරන අක්කර හැත්තෑ ගණනකින් යුත් දුපතකි. ගොඩබිමින් සම්බන්ධ වන පාලම කදී ඇති අතර දැනට බැතිමතුන් උදෙසා කුඩා බෝට්ටු සේවයක් පවත්වාගෙන යයි.

පුල්මුඩේ ප්‍රදේශයේ පිහිටි අසිරිමලේ ප්‍රදේශය ද පූරාවිද්‍යා දෙපාර්තමේන්තුව රක්ෂිතයක් වශයෙන් නම් කර ඇති භූමියකි . එහි ඇති වැල්ල සහල් වලට සමානය . වෙනත් තැන වලට වඩා වෙනස් පාංශු ලක්ෂණ පෙන්නුම් කරන මෙම භුමිය සතු උරුමය කුමක් දැයි තහවුරු කර ගැනීමට රටට වටිනා අවස්ථාවකි . යාපනය නාග විහාරය මෙරටට ජය සිරි මහා බෝධිය වැඩම කිරීම හා සම්බන්දය .එවකට දබකොළ පටුන යනුවෙන් පවති කුඩා වරාය ඕසේ බෝධිය වඩමවා ඇති අතර එය විශේෂිත තැනකි .කිලිනොචියේ ලුම්බිණි විහාරයද ඓතිහාසික වැදගත් කමකින් යුතු පුද බිමකි .

බුදු දහමට පමනක් නොව හින්දු , කිතුනු සහ ඉස්ලාම් ආගමට සම්බන්ධ විශේෂිත තැන යලි ගොඩනැගිය යුතු තත්වයක තිබේ . හින්දු කොන්ග්‍රසය සමග සාකච්චකර අවස්ථා ගණනාවක තිරුකොනේශ්වරම් හින්දු දීවලය ප්‍රතිසංස්කරණය කරන කටයුත්තට දායක වන්නට හැකිවිය .එහි දී එම ප්‍රදේශයේ හින්දු ආගමික චාරිත්‍ර සහ ජනතාවගේ වටිනා උරුමය අවබෝද කර ගැනීමට ඉඩ ලැබිණ .උතුරු පළාතේ තැන් ගණනාවක ආගමික සිද්දස්ථාන යලි නැගෙමින් තිබේ එයට සමාජය මහත් උනන්දුවෙන් සම්බන්දවෙයි. ඉස්ලාම් සහ කිතුනු ආගමික සහ සංස්කෘතික උරුමයද උතුරු හා නැගෙනහිර පළාත්වල නොයෙක් තැන්වල අනන්‍යව ඇත අවස්ථාවෝචිත පරිදි සියලු පැති ගවේෂණය කර උරුමය තහවුරු කිරීමේ වැඩ පිළිවලක අවශ්‍යතාවය තදින් දැනේ. අතීතය විමසා ශ්‍රිලංකාවේ ජාතික එකමුතුවක් ගොඩනැගෙන ආකාරයට උරුමය යලි සොයා යාම අවශ්‍යම කාරණයකි. දෙස් විදෙස් කීර්තිමත් ඉතිහාසඥයන් සහ සංස්කෘතික විද්වතුන් එයට එකතු විය යුතුය .ඔවුන්ගේ අදහස් සහ දැක්ම එහිලා වැදගත්ය. නුතන තාක්ෂණික යුගයේදී සංස්කෘතික වශයෙන් විවිධ මිශ්‍ර වීම් හා අභියෝග ඇතත් උරුමය නිසල දිය දහරාවකි . එහි උල්පත සමාජය පෝෂණය කරයි . නිසිලෙස උල්පත් පාදා රටට වැඩදායක ආකාරයට හැසිරවීමට සමත් ඥානවන්ත පිරිසක් රටට උවමන වී ඇත .

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.