» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
10/06/2012 - ඉරිදා ලංකාදීප
සමාජ උන්නතිය වෙනුවෙන් අලූත් කෝණයකින් බලන දැක්මක්!

වැඩකරන ජනතාවට ජිවන වියදම ප‍්‍රශ්නයකි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ දිනපතා වැඩිවෙයි. වැටුප ජිවත්වන්නට ප‍්‍රමාණවත් නැත. ගමනා ගමනය වෙහෙසකරය. දරුවන්ගේ අධ්‍යාපනය හිතට බරකි. උතුරේ ගැටලූවට බලය බෙදාහැරීමට කරන යෝජනා ගැන ඔවුන් තුළ උනන්දුවක් තිබේද? ඩෙංගු උවදුර පැතිරෙයි. මව්වරු දරුවන් ගේ ආරක්ෂාව ගැන බියවෙයි. ජිවිත ප‍්‍රශ්න වලින් හෙම්බත්ව ඇති ඇතැම් ගෘහ මූලිකයෝ මත් ද්‍රව්‍යයන්ටත්, මත් පැනටත් ගොදුරුවෙමින් සිටී. උගත්පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාව කි‍්‍රයාත්මක කිරීම ගැන අන්තර් ජාතික ප‍්‍රජාව දක්වන අදහස් ගැන කාන්තාවෝ අවධානයෙන්ද? දේශපාලන අවධානය ව්‍යවස්ථාව වෙනස් කිරීම ගැනය. මැතිවරණය හෝ ආණ්ඩු පෙරැුළීමය සම්බන්ධවය. ¥ෂණ හා අක‍්‍රමිකතා ගැන කොප් වාර්තා ගැන කතා කරන නමුත් ජන සමාජයේ වැඩි දෙනෙකුට මෙම කරුණු නිතර ඇහෙන මාතෘකා පමණකි. පොදු ජනතාවගේ පැත්තෙන් බලා ඔවුනගේ ජීවිත නගා සිටුවීම වෙනුවට පවතින ක‍්‍රමය නඩත්තු කරන්නට මහජනතාව හවුල් කර ගැනීමේ අරමුණ දියුණු වී වැඩෙනු පෙනේ.

දේශපාලනඥයන්, දේශපාලන පක්ෂ හා මාධ්‍ය ඇති කරන න්‍යාය පත‍්‍රයට එපිටින්, අලූත් කෝණයකින් බලන දැක්මක් රටට උවමනා වී තිබේ. ලාංකිකයන් ගේ ජීවිත රටට වැදගත්ය. රට පාලනය කරන්නට පක්ෂ දේශපාලනය අවශ්‍ය බව පිළිගත හැකිය. නමුත් මෙම දේශපාලන ක‍්‍රමය මහජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක‍්‍රියාකරන බව සාක්ශාත්වීම වැදගත්ය.

ශ‍්‍රී ලංකාව වේගයෙන් වෙනස්වෙමින් පවතින රටකි. ජනගහනය මිලියන විසි එකකට ආසන්නය. සම්පත් සීමිතය. තද බද වෙමින් ඇති සමාජයක් තුළ සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් ප‍්‍රයෝජන ගන්නට නැඹුරුවීම තියුණු අවශ්‍යතාවයි. ආර්ථිකය දියුණු කරගෙන ජන ජීවිතය නගාසිටුවීම දේශපාලනයට වඩා වැදගත් එකක් බවට පත්වෙමින් තිබේ. ඕනෑම සමාජයක වැඩ කළ හැක්කේ තරුණන්ටය. ලංකාවේ ජන පිරමිඩයේ තරුණ බලකායට වැඩි අවස්ථාවක් පැවති යුගය අතීතයට එක්වී ඇත. එළැඹෙමින් ඇත්තේ වයස්ගත ජනකොටස සමස්ථ ජනගහනයෙන් වැඩි ප‍්‍රතිශතයක් වන දිනයයි. තරුණ ජන කොටස ඉහළ ප‍්‍රතිශතයක් ව තිබුණ කාලයේ දී රටට යුද ගැටුම් වලට මුහුණ දෙන්නට සිදුවිය. ත‍්‍රස්තවාදයෙන් රට මුදාගන්නට ජිවිත පරිත්‍යාගයෙන් සේවය කරන්නට තරුණ පිරිසට හැකියාව ලැබිණ. නිෂ්පාදනය වැඩි කර රට දියුණු කළ යුතු අවස්ථාවේ දී රට නිදහස් කරගන්නට කැප වූ තරුණ පිරිස කාලය ගෙවීයාමත් සමග වැඩිවයස්ගත ජනගහනයට එකතු වෙමින් තිබේ. එයින් ඉ`ගි කරන්නේ ඉදිරි දශකය තුළ ශ‍්‍රී ලංකාවේ ආර්ථික සහ සාමාජයීය මුහුණුවර සහමුලින් ම වෙනස්වන බවයි.

මෙරට පැවැත්ම වෙනස් කරන්නට අවශ්‍ය තීන්දු ගැනීමට බල කරන මොහොත උදා වී ඇත. යුද්ධය පැවති කාලයේ රටට ජීවිත අහිමි විය. මහජනතාව එම වේදනාව රට වෙනුවෙන් දරාගත්තේය. අද මිනිස් ජීවිත අහිමි කරන හදිසි අනතුරු වැඩිවී ඇත. බෝවෙන රෝග වලට වඩා පාලනය කර ගත හැකි රෝග වලින් මිනිසුන් මියයයි. හෘදයාබාධ ඒ අතරින් ප‍්‍රමුඛය. අට දහසකට වැඩි පිරිසක් හෘද රෝග සායනවල සැත්කම් බලාපොරොත්තු ලේඛනයේ සිටින බව අනාවරණය විය. මෙම කණ්ඩායම ජීවත්වන්නේ අවිනිශ්චිත තත්ත්ව යටතේය. දියවැඩියාව අනතුරුදායක ලෙස පැතිරෙමින් තිබේ. පිලිකා රෝගයට ගොදුරුවූ පිරිස බහුලය. ආමාශ, ස්නායු හෝ රුධිර රෝග වෙනදාට වඩා වැඩිය. මෙම බෝ නොවෙන රෝග වලක්වා ගැනිමට හැකියාව ඇත. ආහාර පිළිවෙත එකකි. දෙවනුව නිසි කලට ශරීර සෞඛ්‍ය ගැන අවදානය දැක්විය යුතුය. ජීවන වියදම නිසා පීඩාවට පත්ව ඇති ජනතාව තම සෞඛ්‍ය ගැන වියදමක් දරන්නට නොහැක. එයට විස`දුමක් වශයෙන් රක්ෂණ ක‍්‍රම හා ආයතනික මට්ටමින් සුව සේවා පහසුකම් සැපයීම කෙරෙහි යොමුවීම වටී. කුසගින්නට ආහාර ගැනීම වෙනුවට ශරීරයට අවශ්‍ය දේ සැපයෙන ආහාර පිළිවෙත් අවශ්‍යය. ගන්නා ආහාර ශක්තිය වඩවන අතර එයට පරිබාහිර අනවශ්‍ය මේද දහනයට සිරුර වෙහෙසවා වැඩ කළ යුතුය. වෙහෙසෙන්නේ නැති පිරිස ව්‍යායාම වල නිරතවීම වැදගත්ය. කය වෙහෙසා වැඩ කරන පිරිස සීමිතය. රජයේ හෝ කාර්යාල සේවයේ නිරත මිලියන ගණන රටේ ජනගහනයෙන් සෑහෙන කොටසකි. සුව සිරිත් අනුගමනය නොකිරීම හා නිසි ස්වස්ථතාව පවත්වා ගැනීමට අපොහොසත්වීම හමුවේ බෝ නොවෙන රෝග වලට ගොදුරුව ඇති පිරිස ජනගහනයේ සෑහෙන කොටසක් වී ඇත. එදිනෙදා ජීවිත ප‍්‍රශ්න වලට දුම්වැටියෙන් මත් ද්‍රව්‍ය හා මත්පැන් වලින් හිත රවටා ගන්නට නැඹුරුවන පිරිස බෝ නොවෙන රෝග වලට ගොදුරු වෙති.

හදිස්සිය, මහා මාර්ගයේ විනය නොතැකීම, හදිසි අනතුරු වලට හේතුවයි. නිතිපතා සිදුවන භයානක අනතුරු වාහන පදවන්නන්ගේ සහ මහමග පාවිච්චි කරන පදිකයන්ගේ මානසික තත්ත්වය පෙන්වන කැඩපතකි. ලෝකයේ වෙනත් රටවල ද වාහන වැඩිවෙමින් පවතී. මහජනතාව ඉක්මනින් ස්වකීය කටයුතු ඉටු කරගන්නට වැර දරයි. නමුත් අනතුරු බහුල නැත. නීතියට වඩා සදාචාරය හා මහ පාරේ ගමන් කරන දුබලයා ගැන අවධානයක් ඇත. දුබලයා යනු ගතින් දුර්වලයා නොවේ. පදිකයා ගැන යතුරු පැදිකරුවා සැලකිල්ලක් දැක්විය යුතුය. යතුරු පැදිය ගැන තී‍්‍ර රෝද රිය ගැන මෝටර් රථවාහන පදවන්නන් අවධානය යොමු කළ යුතුය. මෝටර් රථ පදවන්නන් අතරින් සුපිරි වාහන හිමි බලවතුන් නීති නොතකමින්, අවිචාරයෙන් මහ මග ධාවනය කරන බව පෙනේ. ඔවුන් අගෞරව කරන්නේ දුබලයන්ටය. බර වාහන, කන්ටේනර් සහ ලොරි රථ ස්වකීය අරමුණ විනා සෙසු පිරිස ගැන විමසිලිවත් නොවන බව පෙනේ. ඔවුන් හා තරගයට එන ත‍්‍රී රෝද රථ වාහන පදවන්නන්ගේ නොසැලකිල්ල දක්වන හො`ද උදාහරණයකි. මෙම පැති මගින් රටට අනාවරණය කරන පණිවිඩයක් තිබේ. හදිසි අනතුරු වලක්වා ගැනිමට සමාජ විනය අත්‍යන්‍ශ්‍ය වගයි. එය සහ බෝ නොවෙන රෝග වලින් අහිමිවන ජීවිත මගින් ජන සමාජයට ඇති කරන භයානක පැත්ත තේරුම් ගත යුතුය. දේශපාලන අන්ධකාර කලූ වලාවක් මෙම වැදගත් කරුණු ස`ගවා තිබේ. පිලියම් සෙවීමට ඇති උනන්දුව හීනකර ඇත. එය අද ඉගෙන ගත යුතු පාඩමයි.

මහජන ජීවිත අවදානමට යොමුවන අවස්ථා වලකන්නට ගතයුතු පියවර ගැන ආණ්ඩුවට වගකීමක් තිබේ. බෝවෙන රෝග කෙරෙහි අන්තර් ජාතික අවධානයක් ඇත. ජන අවධානයට ලක්කර ඒවා පාලනය කරන්නට විශේෂ සැලසුම් සකස් වෙයි. මෙරට ඇතිවෙමින් පවතින නව ප‍්‍රවනතා අධ්‍යයනය කිරීම වැදගත්ය. ඇගලූම් කර්මාන්තය රටට ධනය උපයන ප‍්‍රධාන මගෙකි. එහි නිරත තරුණ ජීවිත ගතවන ආකාරය රටේ අනාගතයට කරන බලපෑම විශේෂ විමර්ෂණයකට ලක්නොවීම අයහපත්ය. මැද පෙරදිග ඇතුලූ රටවල සේවය කරන දුගී දුප්පත් පවුල් වල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වාර්ෂිකව රටට එවන විදේශ විනිමය ප‍්‍රමාණය මෙරට වැඩිම විනිමය ඉපැයීමේ මගයි. එම මුදල් අතට පත්වන පිරිස එය නැනවත්ව යොදවන්නේ දැයි සැකයකි. පවුල්වල ගැටලූ මතුවන බව සමීක්ෂණ වාර්තා පෙන්වයි. මව්වරු විදේශගතව ඇතිවිට දරුවන් ගේ අධ්‍යාපනය හා අනාගතය අ`දුරු වන්නට ඇති අවස්ථා ගැන කියැවේ. ධනය ඉපැයීම පමණක් නොව එම ධනය යහපත් අන්දමට පරිහරණය කරන ආකාරය ගැන විදේශ ගතවන පිරිසට දෙන අවබෝධය කාලානුරූපව වෙනස්විය යුතුය.

ශ‍්‍රී ලංකාව අලූත් යුගයකට ඇතුලූ වෙමින් තිබේ. අන්තර් ජාතික වෙනස්වීම් රටට දැනේ. රට දියුණුවන විට ජීවන මට්ටම ඉහළට නැගෙන්නට අවශ්‍යය. මූලික පණිවිඩය විය යුතු ජීවිත අර්ථවත් ලෙස හැඩගසා ගැනීමයි. නිදහස ලැබුණ වකවානුවට වඩා ආර්ථිකය දියුණු බව දත්ත දක්වයි. එදා පරම්පරාව ගැන අත්දැකීම් ඇති අයෙකු මෙම දියුණුව ගැන සතුටට පත්වනවාදැයි අප ගෙන්ම ප‍්‍රශ්න කළ හැකිය. ආර්ථිකය සේ ම ජීවිත ද දියුණු කරන සැලසුම් සකස් කරන්නට මග සකසා ගත යුතුය. අදන ිසි මගට අවතීර්ණ වුවහොත් ඉදිරි පරම්පරාව සුරක්ෂිතය. දේශපාලන පක්ෂ මෙවැනි පැති ගැන අවධානය යොමු කිරීම වටී. ජීවිත වල වටිනාකම්, සමාජ උන්නතිය හා සාධාරණත්වය ගැන සාධනීය සංවාදයක යෙදෙන්නට සූදානමක් ඇති දේශපාලනඥයන් රටට අවශ්‍යය. එවැනි අලූත් පරපුරක් බිහිවන විට ඔවුන් දිරිමත් කරන හා අගය කරන සමාජයක් අප බිහි කළ යුතුය. ව්‍යවස්ථාව, බලය බෙදාහැරීම, අන්තර් ජාතික බලපෑම් වැනි මාතෘකා නිස්සාර නැත. එනමුත් මහජනතාව මෙවැනි අදහස් වලින් හෙම්බත්වී සිටී. දේශපාලනඥයන් සමාජයෙන් දුරස් වෙමින් සිටින්නේ සමාජයේ හැබෑ අවශ්‍යතා ගැන සාකච්ඡුා නොකරන හෙයින් බව තේරුම්ගත යුතුය. ක‍්‍රමය හා මෙම ක‍්‍රමය පවත්වාගෙන යන්නට උදවුකරන ගෝත‍්‍රික ලක්ෂණ හ`දුනාගෙන වැඩදායක අර්ථවත් සමාජයක් කරා යොමුවීම සැනසිල්ලට හේතුවනු ඇත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.