01/01/2020 - ලංකාදීප
නොතේරෙන දේ වුවත් ගායනයේදී හදවතට සමීපවෙයි
www.milindaprashna.com
අලූත් යුගයක් උදා වෙමින් තිබේ. පවතින දේශපාලන, සමාජ හෝ වෙනත් පැති කෙසේ වෙතත් තාක්ෂණික වශයෙන් දියුණු සහ සංකීර්ණ අවධියකට ලෝකය ගමන් කරමින් සිටී. විශාල බලාපොරොත්තු සහිතව උදා වූ නව වසර පරිවර්තන යුගයක පදනමක් සනිටුහන් කරනු ඇත...
More...
 
05/01/2020 - ඉරිදා ලංකාදීප
තරුණ කාන්තාවන් පාලනයට සම්බන්ධ කරගැනීම ගැන පින්ලන්තයෙන් ආදර්ශයක්
තරුණන්ට රට වගකීම් භාර දෙන යෝජනා කරන නමුත් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වෙන්නේ නැත. අනාගතය තරුණ තරුණියන් අත බව ප‍්‍රකාශ වන නමුත් වැඩිහිටියෝ බලය අත් හරින්නට කැමැත්තක් නැති බව ඉතා පැහැදිලිය. පින්ලන්ත අගමැතිනිය වශයෙන් තිස් හතර හැවිරිදි සානා මරීන් බලයට පත් වූ අතර ලෝකයේ ලාබාලතම අගමැතිනිය වශයෙන් ප‍්‍රසිද්ධියට පත් ව තිබේ...
More...
 
08/01/2020 - ලංකාදීප
බලයට උඩගු නොවී සාමාන්‍ය සෙබලෙකු සේ සිටි සුලෙයිමානි
www.milindaprashna.com
ඉරාන හමුදා ප‍්‍රධානි කසෙම් සුලෙයිමානි ගේ ඝාතනය ලෝකය පුරා කැළඹීමක් ඇති කර තිබේ. ඉරාකයේ බැග්ඩෑග් ගුවන් තොටුපොල අසල දී එල්ල කරන ලද ඩෝන ප‍්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ අනුදැනුම ඇතිව මෙම ප‍්‍රහාරය එල්ල කරන ලද බව සදහන්ය...
More...
 
12/01/2020 - දේශය
විශ්ව විද්‍යාල උපාධිට වඩා දක්ෂතාවයට තැනක්
මානව සම්පත ගැන පවතින ආකල්ප තීරණාත්මක අන්දමට වෙනස් වෙමින් තිබේ. ජාත්‍යන්තරය හැසිරෙන ආකාරය නවතම මුහුණුවරක් ගෙන ඇත. අනාගතයේ දී ඇති වන රැකියා අවස්ථා වල දී විශ්ව විද්‍යාලයක උපාධි සහතිකය තරමට සමහරවිට එයටත් වඩා වටිනාකමක් කුසලතාවයට ලැබෙනු ඇති බව පළවෙයි...
More...
 
15/01/2020 - ලංකාදීප
තෛපොන්ගල් සමග බැදූනු සිංහල අලුත් අවුරුද්ද
www.milindaprashna.com
ලොව පුරා දෙමළ ජනතාව අද දිනයේ දී තයිපොන්ගල් උත්සවය නිමිති කරගෙන වතාවත් පවත්වති. වැදගත් සංස්කෘතික සමාජයීය පිලිවෙත් විදහා දක්වන අනර්ඝ පිලිවෙතක් වශයෙන් සදහන් කළ හැකිය. තයිපොන්ගල් උත්සව පුරාණය දකුණු ඉන්දියාව දක්වා විහිදෙයි...
More...
 
19/01/2020 - ඉරිදා ලංකාදීප
උපාධිය අබිබවා කුසලතාව පෙරට
නිදහස් වෘත්තීය අවස්ථා ලබාගැනීමේ දී අධ්‍යාපන සහතිකය වැදගත් ද යන ප‍්‍රශ්නය අලූතින්ම කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබේ. උපාධියක් ලැබීම ඉගෙනගන්නා සිසු සිසුවියන්ගේ ඉලක්කයකි. එය වෘත්තීය අවශ්‍යතා වෙනුවෙන් හොද පදනමක් වනු ඇතැයි පිලිගැනේ...
More...
 
19/01/2020 - දේශය
කියැවීමෙන් සම්පූර්ණ වන බව නොසිතන පරපුරක්
කියැවීමෙන් මිනිසා සම්පූර්ණ වන බව පැරණි සමාජය විශ්වාස කළ දෙයකි. අතට ලැබෙන ඕනෑම දෙයක් නොකියවා ඉවත නොදමන සේ වැඩිහිටියෝ අවවාද කළහ. පුස්තකාලයට ඉහළ තැනක් ලැබුණ අතර පොත පත පරිහරණය හොද බුද්ධිමතෙකු බවට පත් වන පළමු පියවර සේ සලකන ලදහ...
More...
 
22/01/2020 - ලංකාදීප
බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් අපටත් පාඩමක්
www.milindaprashna.com
බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය කැබිනට් මණ්ඩලයට තදින් අවවාද කර තිබේ. ප‍්‍රතිඵල නොපෙන්වුවහොත් සතියකින් කැබිනට් ප‍්‍රතිසංස්කරණයක් කරන බවට අනතුරු අගවා ඇත. පළපුරුදු ඡ්‍යෙශ්ඨ ඇමැතිවරුන් පවා පරිවාස කාලයකට යටත් කර ඇති බව අනාවරණයවේ...
More...
 
26/01/2020 - ඉරිදා ලංකාදීප
ජලය අර්බුදයක් විය හැකි යුගයක් අභිමුවෙහි ශ‍්‍රී ලංකාව
ලෝකය පුරා ජලය සම්බන්ධ ප‍්‍රශ්න පැන නැගී තිබේ. නොබෝදා නේපාලයේ කත්මන්දු නගරයේ ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් සිදුවී ඇති පසුබිම දීර්ඝ අනාවරණයකට ලක්විය. එහි සදහන් කරන පරිදි නාගරික නල ජලය බෙදාහැරීම අඩපණ වී ඇති අතර විකල්පයක් වශයෙන් ජල බවුසර් මගින් ගෘහ ඒකක වලට බෙදාහැරීම ඇරඹී ඇත...
More...
 
26/01/2020 - දේශය
රුධිර නාලිකා ඔස්සේ ගමන් කරන දොස්තර
හදවත් රෝග බහුලව වාර්තාවන කාල වකවානුවක් උදා වී තිබේ. අතිශය කාර්ය බහුල, පීඩනයක් සහිත ජීවිතයක් ගත කරන ජනී ජනයා බෝ නොවෙන රෝග වලට ගොදුරුවන අවදානම වැඩි බව වෛද්‍ය වාර්තා පෙන්වා දී ඇත. දියවැඩියාව, පිලිකා, වකුගඩු හා විශේෂයෙන් හදවත් ආශ‍්‍රිත රෝග එයින් ප‍්‍රධාන තැනක් ගෙන ඇති බව වැඩිදුරටත් දක්වයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 1 to 10 of 96 Records