08/11/2020 - දේශය
ජීවත්වන නගරය හරිත කලාපයක් බවට හැරවීම
ලෝකය පුරා එකිනෙකට වෙනස් කැළඹිලි තිබේ. දේශපාලන, සමාජ හා සෞඛ්‍ය අර්බුද එමටය. යහපත් අනාගතයක් නිර්මාණය කරන්නට වෙහෙසෙන කැපවීමක් සහිත පුද්ගලයෝ මෙම පීඩනය හමුවේ පවා පරිසරය ගැන අවධානය යොමු කරති. කොන්ක‍්‍රීට් වලින් ඉදිවන මහා නගර තුළ ජෛව විවිධත්වය ඇති කර මානසික පීඩනය අවම කරන පියවර වෙනුවෙන් තීරණ ගනිමින් සිටිති...
More...
 
11/11/2020 - ලංකාදීප
ජීවිතය සහ ජීවත්වීම
www.milindaprashna.com
සාමාන්‍ය ජන ජීවිතය ගැටළු සහගත තැනකය. ජීවත්වීම පමණක් නොව ජීවිතය ගැන ද අවධානය යොමු කරන්නට සිදුවී තිබේ. දෙවැනි වතාවට කොවිඩ් රැල්ලක් නැගී ඇති අවස්ථාවක ජීවිත ආරක්ෂා කරගෙන ජීවන සටනට මුහුණ දිය යුතුව ඇත. විශේෂඥ වාර්තා අනුව වසර දෙකක් පමණ ඉදිරියට කොවිඩ් -19 වසංගතය සමග පවතින්නට සිදුවිය හැකිය...
More...
 
15/11/2020 - දේශය
ඖෂධ මාෆියාව, පසු ආබාධ සහ තවත් කතාන්දර
එක්තරා රෝගියෙක් වෛද්‍යවරයෙකු හමුවිය. දීර්ඝ කාලයක් පීඩා විඳින, බරපතළ රෝගයකට හෙතෙම ප‍්‍රතිකාර ගනිමින් සිටී. වෛද්‍යවරයා අමතා තමන්ට ඇති ගැටලු විමසීම අයිතියකි. මෙකී රෝගියා තමන් ගන්නා බෙහෙත්වලින් ශරීරයට අතුරු ආබාධ හෝ නරක තත්ත්වයක් ඇති විය හැකිදැයි ප‍්‍රශ්න කළේය...
More...
 
18/11/2020 - ලංකාදීප
ගොවියා ශක්තිමත් කිරීමට පැරණි ග්‍රහණ වලින් මුදාගනීමූ
www.milindaprashna.com
ඉන්දියානු රජය පසුගිය දා ගොවි ජනතාවට බලපාන අලූත් පණත් තුනක් සම්මත කළේය. කෘෂි නිෂ්පාදන මිල දී ගැනීමට රජයට පමණක් තිබුණ බැඳීම එමගින් ඉවත් කෙරේ. නව නීති අනුව ගොවියන්ට කෙලින්ම පුද්ගලික වෙළෙඳුන්ස මග ගනුදෙනු කළ හැකිය. අවශ්‍යනම් සමාගම් සමග ඉදිරි ගිවිසුම් වලට අත්සන් කිරීමට අවකාශය සැපයේ...
More...
 
22/11/2020 - දේශය
පැරිසිය හදුන්වා දෙන විනාඩි 15 නගර
කොවිඩ් වසංගතයට වැහෙන නගර නැවත ජනාකීර්ණ වන අවස්ථාවේ අලූත් මුහුණුවරක් ලැඛෙන අවස්ථා වාර්තා වෙයි. පැරිස් නගරය එවැනි එක තැනෙකි. ප්‍රංශය වරක් නොව දෙවරක් වයිසරයෙන් පීඩාවට පත් රටකි. පැරිස් නගරය ගැන ලෝකවාසීන් තුළ තිබුණ විස්මය වෙනත් තැනෙකට හරවන්නට එහි පාලකයෝ පියවර ගනිමින් සිටිති...
More...
 
25/11/2020 - ලංකාදීප
දොස්තර අන්තර්ජාලයෙන් නිවෙසට එන දිනය ළඟයි
www.milindaprashna.com
පාවහන් නැති වෛද්‍යවරයා එනම් "ඛෙයා ෆුට් ඩොක්ටර්" සංකල්පය අතීතයේ චීනයේ භාවිතා වූ සංකල්පයකි. පහසුකම් හි`ග එකල වෛද්‍යවරු චීනයේ දුෂ්කර ගම්මාන වල කදූ නගිමින්, බසිමින් සහ පාගමනින් ගොස් ජනී ජනයාට සේවා සපයා ඇත. චීනයේ පමණක් නොව ලෝකයේ කොතැනත් අද වනවිට වෛද්‍ය පහසුකම් දියුණුය...
More...
 
29/11/2020 - දේශය
ලෝකය බඩගින්නේ සිටියදී ආහාර අපතේ යැවීම
කුසගින්න බලවත්ව දැනෙන දෙයකි. එහෙත් ලොව පුරා මිලියනයක පිරිසක් නිතිපතා රාත‍්‍රියට කුසට යමක් රහිතව නින්දට යන බව වාර්තා වෙයි. එය එක්සත් ජාතීන්ගේ වාර්තාවල දැක්වෙයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දුෂ්කරතා සෑහෙන ප‍්‍රමාණයක් වැඩි වී තිබේ. එදාවේල සොයාගැනීමේ ප‍්‍රශ්නය එයින් එකකි...
More...
 
02/12/2020 - ලංකාදීප
දියර කිරි නිෂ්පාදනයට කටින් බතල සිටුවීම
www.milindaprashna.com
දියර කිරි නිෂ්පාදනය නංවන පියවර සම්බන්ධයෙන් බතල කොළ කටින් හිටවන හපන්කම අපට තිබේ. කිරි පිටි මිල වැඩිවන විට ජන ඝෝෂාව ඇවිලෙයි. පිටරටින් ගෙන්වන්නට යන වියදම පාලනය කරගත නොහැකි වූ විට පාලකයෝ නොයෙක් අර්ථකථන දක්වති. දුර දිග බලන සැලැස්මකට අනුව, වැඩ පිලිවෙලක් තිබුණි නම් අද වන විට කිරි ආහාර වලින් ශ්‍රී ලංකාව පොහොසත්ය...
More...
 
06/12/2020 - දේශය
දකුණු ඔස්ට්‍රේලියාව එක පැයක් සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන්
වසර හතරකට කලින් දකුණු ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ විදුලිය විසන්ධිවීමක් හේතුවෙන් විශාල ප‍්‍රශ්නයක් පැන නැගිණ. මහද්වීපයේ ජීවත්වන ජන කොටසින් න් පහෙන් එකක් වෙසෙන හා භූමි ප‍්‍රමාණයෙන් හතරෙන් එකක් විශාල එහි විදුලිය බිද වැටීම ගැන සෑහෙන චෝදනා එල්ල විය...
More...
 
09/12/2020 - ලංකාදීප
කොරෝනා එන්නතෙන් සමාජ පරතරය නංවයිද?
www.milindaprashna.com
කොවිඞ් -19 වයිරසයේ පැතිරීම එදිනෙදා පැවැත්ම වෙනස් කර තිබේ. සම්බන්ධතා කෙරෙහි තද බලපෑමක් කර ඇත. කණ්ඩායම් හැගීම හෝ එකමුතු භාවය වෙනුවට සමාජ දුරස්ථභාවය කෙරෙහි වැඩි අවධානයක් පවතී. මෙම වයිරසය, ඇති නැති පරතරය නොසලකා දියුණු නොදියුණු සෑම සමාජයක්ම ආක‍්‍රමණය කර ඇත. අලූත් වාර්තා අනුව කොවිඞ් සදහා එන්නතක් සොයා ගෙන තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 81 to 90 of 96 Records