» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/11/2020 - දේශය
පැරිසිය හදුන්වා දෙන විනාඩි 15 නගර

කොවිඩ් වසංගතයට වැහෙන නගර නැවත ජනාකීර්ණ වන අවස්ථාවේ අලූත් මුහුණුවරක් ලැඛෙන අවස්ථා වාර්තා වෙයි. පැරිස් නගරය එවැනි එක තැනෙකි. ප්‍රංශය වරක් නොව දෙවරක් වයිසරයෙන් පීඩාවට පත් රටකි. පැරිස් නගරය ගැන ලෝකවාසීන් තුළ තිබුණ විස්මය වෙනත් තැනෙකට හරවන්නට එහි පාලකයෝ පියවර ගනිමින් සිටිති. සුන්දර පැරිසියේ තිබුණ ලක්ෂණ ආරක්ෂා කරගනිමින් හරිත භූමියක් බවට පරිවර්තනය එහි අරමුණ බව පෙනේ. එක පැත්තකින් සොබා සො`දුරු බව ඇති කරන අතර අනෙක් පැත්තෙන් විනාඩි පහලොවක් තුළ නගරයේ එහා මෙහා ගමන් කරන පහසුව ඇති කරන්නට පියවර ගනිමින් සිටිති. අතිශය ජනාකීර්ණ හා වාහන තදබදය වැඩිම වශයෙන් තිබුණ පැරිස් නුවර දැන් විනාඩි පහලොවක නගරය වශයෙන් නැවත හ`දුන්වන්නට අවස්ථාවක උදා වී ඇත.

පසුගිය දශක දෙක තුළ ප්‍රංශ රජය වාහන තදබදය අඩු කර ජන ජීවිතය සුරක්ෂිත කරන්නට පියවර ගණනාවක් අනුගමනය කළේය. ජන ජීවිතය සුරක්ෂිත කිරීම යන්නෙන් අදහස් කරන්නේ වාහන වලින් නිකුත්වන දුම ආශ්වාස කිරීමෙන් සිදුවන විපත අවම කිරීමය. විශේෂයෙන් අවස්ථා හතරක දී වාහන ඇතුළු කිරීම නතරකළේය. එක වතාවක් තෝරා ගත් අංක සහිත වාහන ඇතුළු කිරීම තහනම් කළ අතර තවත් වතාවක් සතියකට දිනයක් සහමුලින්ම වාහන ගමනාගමනය අත්හිටුවීය. මහා මාර්ගයේ පා පැදිවලින් පමණක් ගමන් කරන්නට ඉඩ දී තිබුණි. පැරණි කාර් වලට ඉඩ නොදෙන සහ විදුලිය කාර් වලට පමණක් ඇතුළු වීමට දෙන පියවර ගත්තේය. එයට සමාන්තරව පුද්ගලික වාහන භාවිතය දුර්මුඛ කළේය. පොදු ප්‍රවාහනය ස`දහා විශාල ආයෝජනයක් ද කර ඇත. ප්‍රංශ රජය පා පැදි වලට විශාල අවස්ථා දෙන අතර කිලෝ මීටර් හාර සියයක් දුර පා පැදි මංතීරු සකස් කර තිබේ. වැය කරන ලද මුලද ඇමරිකානු ඩොලර් මිලියන 170 ඉක්මවන බව පැරිස් නගරය එක වතාවක් නිවේදනය කර තිබුණි. 2010 වසරේ සිට අද දක්වා වාහන තදබදය සියයට හතලිහකින් අඩු කරනගන්නට පැරිස් නගරය සමත් වූ බව ප්‍රකට බ්ලුම්බර්ග් පර්යේෂකයෝ අනාවරණය කළේය.

කොවිඩ් වසංගත වාතාවරණය අතරතුර වාහන භාවිතය අඩු කර පාපැදියට හුරු කරන අතර අඩුම කාලයකින් නගරය තුළ එහා මෙහා ගමන් කරන්නට පහසුකම් සැපයීමට යයි. මෙකී සංකල්පය සොබෝන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කාර්ලෝස් ගේ බව ස`දහන්ය. ඔහුගේ සිතැ`ගි අනුව මහ පාරට එන වැසියෙකුට විනාඩි පහලොවක් තුළ වෙළ`ද සැලට යා හැකිය. වැඩකරන තැනට ගමන් කරන පහසුව ඇතිවෙයි. දරුවා පාසලට ඇරලවා ආපසු එන්නට ගතවන කාලය පැය භාගයකි. වඩා වැදගත්ම කාරණය ආසන්නට රෝහලට විනාඩි පහලොවක් ඇතුලය ල`ගාවීමට හැකියාව ලැබීමය. ඉතා අධික වාහන තදබදයක් සහිත අවස්ථාවක වාහනයකට වී පැය ගණන් නොයිවසිල්ලෙන් සිටින නගරයක හැඩරුව වෙනස් කරන්නට මහාචාර්ය කාලෝස් සිහින මැවීය. ඡන්දයෙන් පත් වූ පැරිසියේ අලූත් නගරාධිපතිවරයා වැඩ ආරම්භ කළේ මෙම වැදගත් කාරණය සාක්ෂාත් කරන අදහස සහිතවය. හෙතෙම ඉරිදා වාහන නතර කළේය. නගරය තුළ තිබුණ වාහන ගාල් කරන ස්ථාන හැට දහසක් වහාම අවලංගු කළේය. ඒවා හරිත කලාප බවට හරවන ලද අතර පා පැදිවලින් නගරයට එන ජනතාවට සුව පහසුවෙන් වාඩි වී ගිමන් හරින්නට සුදුසු තැන් බවට පත් කළේය. එයින්න නතර වූයේ නැත. පාසල් හා පොදු කාර්යාල වැනි තැන් බහු කාර්ය ස්ථාන කරන පියවර ගත්තේය. ඒ අනුව සති අන්තය එම තැන්වල මිනිසුන්ට නොයෙක් ක්‍රියාකාරකම් සහිතය. ඇවිදින්නට හෝ ආහාරපාන ගන්නට නිදහස් අවකාශ බවට හැරේ. දරුවන්ගෙන් හිස් වූ පාසල නිකරුනේ තැඛෙන්නේ නැත. අනෙක ප්‍රධාන මහා මාර්ගවල පවා පාපැදි වලට මංතීරු සලකුණු කළේය. වාහනයට වඩා පාපැදියට ඉඩ දෙන අතර පැරිස් නගරය තුළ පමණක් පා පැදිවලට පමණක් වෙන් වූ කිලෝ මීටර් පනහක් දුර අලූත් මංතීරු තනා නිම කර ඇත.

මෙම තීරණ සමග නගර අලූතින් ප්‍රතිනිර්මාණය වෙයි. ගොඩනැගිලි සැලසුම් වෙනස් කෙරේ. පාපැදිවලට ඇතුළු විය හැකි සහ පා පැදැවලින් ගමන් කරන ජනී ජනයාට පිරිසිදුවන පහසුව ගැන කල්පනා කර ඇත. මෙම පියවර ගැනීම පහසු තීරණ නොවේ. සමහර පිරිසක් එරෙහිය. වාහන රියැදුරන්ගේ සංවිධානයක් බලවත් විරෝධය දක්වා ඇත. ඔවුන්ට අනුව එය තම අයිතිය පැහැර ගැනීමකි. කෙසේ වෙතත් විනාඩි පහලොවක නගර සංකල්පය පැරිසියට පමණක් නොව එයින් ඔබ්බට ද බෝ වෙන සූදානමක් ඇත. අලූත් වාර්තා පෙන්වා දෙන පරිදි ආශ්‍රිත නගර මෙම සංකල්පයට ඇතුළු වෙමින් තිබේ. ජනයා ගේ පහසුව පමණක් නොව පරිසර හිතකාමීබව ඉහළින් සලකන බව වාර්තා වෙයි.

ඉන්ධන භාවිතය අධිකවීම හා එයින් පරිසරයට සිදුවන හානිය සලකා බලන ලද ලෝකයේ නොයෙක් රටවල් ප්‍රධාන බලශක්තිය වශයෙන් පොසිල ඉන්ධන භාවිතා කිරීම අවලංගු කරමින් සිටී. එය මෙම වසංගත තත්ත්වය සමග අවස්ථාවක් බවට හරවා ගෙන ඇත. පසුගිය කාලයේ ඇමැස්ටඩ්‍රෑන් නගරය ඉන්ධන භාවිතා කරන වාහන නගරයට ඇතුළු කිරීම තහනම් කළ අතර වසර 2030 සිට සම්පූර්ණයෙන්ම ඩීසල් හෝ පෙට්‍රල් භාවිතය නතර කරන අදහසක් ඇතිව කටයුතු කරමින් සිටී. එරට වැසියන්ගේ දෛනික ප්‍රවාහනයෙන් සියයට තිස් හයක් පමණ පාපැදිය උපයෝගී වෙයි. පුද්ගලික ප්‍රවාහන භාවිතය සියයට 45 ක් පමණ වන අතර පොදු ප්‍රවාහන සේවා සියයට 11 පමණ ප්‍රතිශතයකින් උපයෝගී කර ගනිති. මෙම පුද්ගලික වාහන හා පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඉන්ධන භාවිතයෙන් තොර තත්ත්වයකට පත් කිරීමෙන් ඉතාම පිරිසිදු වාතය සහිත පරිසරයක් නිර්මාණය කර ගැනීම අපේක්ෂාවයි.

පරිසරය පිරිසිදු තැනක් කරන උවමනාවෙන් ඉන්ධන අත්හැර පැපැදිය හා විදුලිය වාහන හඳූන්වා දෙන රටවල් ජනතාව වෙනුවෙන් විවිධ සහන හඳූන්වා දෙන බව ද මෙහි දී පෙන්වා දිය යුතුය. එස්ටෝනියාව එයින් එකකි. එස්ටෝනියාවේ ටලින් නගරයේ ධාවනය කරන පොදු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම ගාස්තු වලින් තොරය. එයින් කොටසක් විදුලියෙන් ධාවනය වන අතර නොමිලේ හෙයින් පුද්ගලික වාහන පරිහරණය ඉතාම අවම කරන තීන්දුවක් වී තිිබේ. ලක්සම්බර්ග් පාලකයෝ විශේෂ නිවේදනයක් අනුව 2018 ග්‍රීස්ම සෘතුවේ සිට එරට පොදු ප්‍රවාහන සේවා නොමිලේ සපයන බව මෙහි දී මතක් කළ යුතුය. පොදු ජනතාවට නොමිලේ ප්‍රවාහන සේවා සපයන ලෝකයේ පළමු රට වශයෙන් ජාත්‍යන්තර මාධ්‍ය එම තීරණය හඳූන්වා තිබුණි. ඉන්ධන භාවිතාව අත් හැරීම, විදුලිය බලයෙන් ධාවනය වන වාහන තදබදය අඩු කරන පියවර හා විනාඩි පහලොවක නගර සහ යනාදි වශයෙන් ජගත් ප්‍රජාව ප්‍රවාහනයේ අලූත් රාමු හඳූන්වා දෙමින් සිටී. මේවායෙන් අත්පත් කරගන්නා අවස්ථා ජන සමාජයේ පැවැත්මට ඉතා සහ සංචරණයේ අලූත් පැති ගැන හිතන්නට පටන්ගෙන තිබේ.