» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/04/2012 - ඉරිදා ලංකාදීප
ජිනීවා යෝජනාවෙන් උගතයුතු පාඩම සහ වත්මන් මෙහෙවර - මිලින්ද මොරගොඩ

එක්සත් ජාතීන්ගේ, මානව හිමිකම් කවුන්සලයේ දී ශ‍්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් වූ යෝජනාව රටට සන්ධිස්ථානයකි. මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සාකච්ඡා සභාවකි. රටකට එරෙහිව තීන්දු තීරණගැනීමේ නීතිමය බලතල එයට නැත. එහෙත්, මානව අයිතිවාසිකම් පිළිබද අන්තර් ජාතික ගිවිසුම් වලට අත්සන් කරන ලද රටක් ඒවාට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න ගැන විමසිලිවත්වන අයිතියක් කවුන්සලයට තිබේ.

දෙවන ලෝක මහා යුද්ධයට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවිය. පසුව ලෝක වාසීන්ගේ මානුෂික තත්ත්ව අවධානයට ගෙන විශ්ව සාධාරණ ප‍්‍රකාශනයක් එළි දැක්වීය. එය තවත් පුලූල් කරමින් responsibility to protect - R2P නම් ''ආරක්ෂා කිරීමේ වගකීම'' යන ප‍්‍රතිපත්තිය සකස් කර තිබේ. වර්තමානයේදී, එය සමාජ වටිනාකම් සම්බන්ධව එක්තරා මිනුම් දණ්ඩකි. ජාත්‍යන්තර ප‍්‍රජාව මෙම ප‍්‍රතිපත්තියට සම්පූර්ණයෙන් ම එකග නැත. චීනය එයට කැමැත්තක් දැක්වූයේ නැත. රැසියාව එයට එකග නොවූයේ ය. මානව හිමිකම් කවුන්සලය හදුන්වාදෙන විට අමෙරිකාව මෙය තමන් ගේ ග‍්‍රහනය කරන්නට එන සම්ප‍්‍රදායක් යැයි කල්පනා කළේය. ජෝර්ජ් බුෂ් පාලනය එයට එකග නොවූ නමුත් බැරක් ඔබාමා ගේ පාලනය යටතේ මෑතක දී කවුන්සිලයට එකගවිය.

''ආරක්ෂා කිරීමේ වගකීම'' ප‍්‍රතිපත්තිය පුද්ගල අයිතින් හා සමාජ සුරක්ෂිත භාවය වෙනුවෙන් පෙනී සිටින පොදු ජන සංවිධානවල උවමනාව අනුව බිහිවූවකි. මහජනතාව ආරක්ෂා කරන්නට ආණ්ඩු උනන්දු නැතැයි යන ගැඹුරු මතය එයට පාදක විය. 1993 දී රුවන්ඩාවේ ගෝති‍්‍රක සටන් එයට උල්පතයි. ගෝත‍්‍ර අතර ගැටුම් උග‍්‍ර වී කුරිරු ඝාතන එරට සිදුවිය. එය ගෝත‍්‍ර අතර යුද්ධයකි. රටවැසියන්ට එරෙහිව සිදුවූ එයින් ලක්ෂ අටකට අධික මනුෂ්‍ය සංහාරයක් සිදුවූ බව වාර්තා කියයි. එය මෙරට ත‍්‍රස්තවාදය මර්දනය කර සාමකාමී ජන ජීවිතයක් ඇතිකිරීමේ මානුෂික මෙහෙයුමට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. රුවන්ඩාවේ සිදුවීමට බලවත් ජාතීන් මැදිහත් නොවීම විවේචනයට ලක් වූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග වෙනුවෙන් පෙනී සිටින දියුණු සමාජය එය නොතකා හැරීම විශ්ව සාධාරණ ගුණාංගයක් නොවන බවට බරපතල චෝදනා නැගින. සියලූ පැති ගැඹුරින් නිරීක්ෂණය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය ''ආරක්ෂා කිරීමේ වගකීම'' සම්බන්ධ රාමුව 2000 වසරේ දී සකස් කළේය. රටවල් තුළ සිදුවන සිද්ධි විශ්ලේෂණය කරන සම්මුතියකි. එයට මූලික කරුණු තුනක් ඇතුලත්ය. '' ඕනෑම රටක් තම පුරවැසියන් භීෂණකාරී ඝාතන වලින් ආරක්ෂා කරගත යුතුය'' යන්න එහි පළමු කාරණයයි. එම ''අරමුණ සාක්ෂාත් කරගන්නට නොහැකි බව පෙනෙන අවස්ථාවක එයට සහාය වීමට ජාත්‍යන්තර ප‍්‍රජාවට අයිතියක් ඇත'' යන්න දෙවැනි වගන්තියේ හරයයි. තෙවැන්න, ''එකී උත්සාහය ද අසාර්ථක වන අවස්ථාවක ජාත්‍යන්තර ප‍්‍රජාවට එකී රටට ඇතුල් වී ආර්ථික බලපෑම් මගින් හෝ හමුදා මැදිහත්වීමකින් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරගත යුතු'' බව තුන්වැනි කාරණයයි. යුගෝස්ලාවියාවේ ඇතිවූ තත්ත්වයට ජාත්‍යන්තර ප‍්‍රජාව මැදිහත්විය. එය ස්වකීය පැවැත්මට ගැලපෙන බව තෝරාගත් අප‍්‍රිකානු එකමුතුවේ රටවල් තම ව්‍යවස්ථාවට ''ආරක්ෂා කිරීමේ වගකීම'' හෙවත් R2P සම්ප‍්‍රදාය ඇතුලත් කරගෙන ඇත.

මානුෂික මෙහෙයුමේ දී සාමාන්‍ය ජනතාවට අවම වශයෙන් හානියක් නොවන්නට ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙහෙසුන බව දන්නේ අප සමාජයයි. මිනිස් පලිහක් කරගන්නට ත‍්‍රස්තවාදීන් ප‍්‍රයත්න දැරූ ආකාරය රටට අමතක නැත. කොටුවී සිටි දස දහස් ගණන් ජනතාව ආරක්ෂක හමුදාවේ සෙවන සොයා පැමිණි අතර රැකවරණය සහිතව නැවත ගම්බිම් වල යළි පදිංචි කිරීමේ මෙහෙවර අද ඉටුකරන්නේ රජය හා ආරක්ෂක අංශයයි. බිම් බෝම්බ අතුරමින් පොදු ප‍්‍රවාහන සේවා හා සිවිල් ජනතාව ගැවසෙන ස්ථාන ඉලක්ක කරගනිමින් ත‍්‍රස්තවාදීන් මහා ඝාතන කළේය. සත්‍යය එය නමුත් කුඩා රටකට තමන් මුහුණ දුන් පිඩනය නිවැරදිව ජගත් ප‍්‍රජාව වෙත සන්නිවේදනය කිරීම පහසු නැත. රටේ ජනතාව ඝාතනයට ලක්වූ හෙයින් ත‍්‍රස්තවාදී වෙනත් ජන කණ්ඩායමක් ඝාතනය කරන්නට සිදුවූ බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට කෙලින් ප‍්‍රකාශ කළ නොහැකිය. එය මෙම කවුන්සිලය ක‍්‍රියාකරන පසුබිම හා ඉදිරිපත්වූ යෝජනාව සමග තේරුම්ගත යුතු යථාර්ථයයි. ලෝකය සාධාරණ නැත. එහි බලවතා නැගී සිටින අතර කුඩා රටකට සිදුවන්නේ එහි නියමයන්ට අවනතවීමය. ජගත් ප‍්‍රජාවට එයට අයිතියක් තිබේ. එය පිළිගන්නා අතර ශ‍්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩවන හා උසස් මානුෂික ගුණාංග විනාශ කරන කිසිවක් සිදු නොවූ බව පැහැදිලිව පෙන්වීමේ අයිතිය අපට ඇත. වැදගත් වන්නේ එකී අරමුණ ඉටු කර ගැනීමට ගන්නා උපාය මාර්ග මගින් රටේ කීර්තිය වැඩි කරන අතර අප උසස් මානුෂික ධර්මතා සහිත පිරිසක් බව ඔප්පු කිරීමයි. සාකච්ඡුාවෙන්, සංවාදයෙන් ප‍්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට තරම් සබුද්ධියක් ඇති බව ක‍්‍රියාවෙන් පෙන්වාදීමයි.

කවුන්සිලයට අනුව ඔවුන්ට දැනෙන ප‍්‍රශ්නය මානව හිමිකම්ය. නමුත් රටේ මහජනතාව වි`දවන සැබෑ ප‍්‍රශ්න ජිනීවා නුවර දී අනාවරණය වූයේ නැත. මානව හිමිකම් කවුන්සල 2009 වසරේ සැසිවාරයට ශ‍්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කළේය. දහතුන් වැනි සංශෝධනය හා බලය බෙදාහැරීම ගැන එහි සදහන් වූ අතර ඉන්දියාව ඇතුලූ රටවල් එයට සහය දැක්වීය. විශේෂයෙන් ඉන්දියාව යෝජනාවට පක්ෂවීම රටට දැනී ඇත. ලෝකයේ ඉදිරියට ගමන් කරන රටක් වශයෙන් එරට සමග සම්බන්ධතා වැදගත්ය. ආසන්නයේ ඇති කුඩා රටවලට විශාල රටක් සමග ප‍්‍රශ්න ඇත. මෙක්සිකෝවට ඇමරිකාව සමග විස`දාගත යුතු ප‍්‍රශ්න ඇතත් ඔවුන්ට ආර්ථික ශක්තිය ඇමරිකාවයි. චීනය ආසන්නයේ පිහිටි වියට්නාමය වැනි රටවල හා රැසියාව ආසන්නයේ ඇති රටවල යථාර්ථය ද එයයි. ඕනෑම කුඩා රටක් ආර්ථික අවස්ථා ඇත්තේ විශාල රටක් සමග බව දනී. ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග ඇති ප‍්‍රශ්න හා ආර්ථික අවස්ථා සමබරව තබා ගැනීම වැදගත්ය. මෙවර සැසිවාරයේ දී උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි යෝජනාව වැඩි බරක් තබා ඇත. ශ‍්‍රි ලංකාවේ ජනවර්ග අතර ප‍්‍රශ්නයක් ඇති අතර දෙමළ ජනතාවට සාධාරණය ඉටුකරන්නැයි ඔවුහු කියා සිටිති. ත‍්‍රස්තවාදය අවසන් කිරීම සමග ජන ජීවිතය සම්බන්ධයෙන් තිබුණ භීතිය පහවි. නමුත් එයට නොදෙවෙනි අන්දමට මහජනතාවගේ අපේක්ෂා, ඉහළ ගොස් තිබේ. සාධාරණ, යුක්ති ගරුක අවස්ථා සමාජය ඉල්ලා සිටියි. උතුරට පමණක් ඇති අසාමාන්‍ය ප‍්‍රශ්නය කුමක්දැයි විමසන සමාජය රටට ඇති නොවිස`දුන මහජන ගැටලූ පෙන්වා දෙයි. එය අවධානයට ගත යුතු කරුණකි.

මානුෂික මෙහෙයුමේ දී, ප‍්‍රතිපත්තියක් වශයෙන් හෝ උවමනාවෙන් සිවිල් ජනතාව ඝාතනය වන ආකාරයට ශ‍්‍රී ලංකාව කි‍්‍රයා කර නැති බව එහි එන ප‍්‍රධාන නිර්දේශයකි. එවැනි සාධක අතුරින් තෝරාගත් රටට ගැලපෙන නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුත්තේ ශ‍්‍රී ලංකාවයි. ගැටුම් සහිත කාල පරිච්ඡේදයේ දී සාමාන්‍ය ජනතාව මුහුණ දුන් ප‍්‍රශ්න වලට සාධාරණ විසදුම් ලැබුණේ නැත. ඒවා කල් ගියේ යුද්ධය පළමු සාධකය වශයෙන් සැලකුණ හෙයින්ය. අද මෙරට දේශපාලන ක‍්‍රමය පිරිහී තිබේ. දේශපාලනඥයන් කෙරෙහි ගෞරවයක් නැත. ඡුන්ද ක‍්‍රමය, හා ප‍්‍රාදේශීය මැතිවරණයකට පවා කරන වියදම මහජන විරෝධයට ලක්ව තිබේ. මෙම ක‍්‍රමය දූෂණයට හා වංචා වලට පාර කපන බව මහජනතාවගේ තීන්දුවයි. අධිකරණය කෙරෙහි ගෞරවය පිරිහී තිබේ. යුක්තිය ඉටු කර ගැනීමට ගතවන කාලය හා එයට යෙදවිය යුතු ධනය සාමාන්‍ය ජනතාවට ඉහිලූම් නොදේ. කාන්තාවට නිසි තැන, තොරතුරු දැනගැනීමේ අයිතිය, සංඝ කතිකාවත, පුරවැසියන්ට බලය හිමිවන ආකාරයට බලය බෙදාහැරීම, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් සහ සමාන අවස්ථා හිමිවීම වැනි පැති ගැන විශාල සංවාද තිබේ. ආර්ථිකය ප‍්‍රශ්න සහගතය. මහජනතාව ජීවත්වන්නේ යුද සමයේ පැවති ජීවන තත්ත්වයටත් වඩා අමාරුවෙන් බව ප‍්‍රකාශ වෙයි. රාජ්‍ය ආයතන අකාර්යක්ෂමව මෙහෙයවෙන අතර ඒවායේ පාඩු ඉමහත්ය. රජයේ සේවය ගැන මහජනතාව තෘප්තිමත් නැත. එහි ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. මෙම ප‍්‍රශ්න විසදීමට ආණ්ඩුව මහත් වෙහෙසක්ගන්නා නමුත් තවමත් ජනතාවට දැනෙන අන්දමේ පරිවර්තනයක් වී නැත. අවුරුදු තිහක් පැවති ත‍්‍රස්තවාදය අවසන් නමුත්, අවුරුදු තුනකට ආසන්න කාලයකින් සියලූ දේ වෙනස් කළ නොහැකි බව පිළිගත හැකිය. නමුත් ගැටුම් සහිත කාල පරිච්ඡේදයෙදී මහජනතාව විශාල පරිත්‍යාගයක් කළේය. යුද වියදම් වෙනුවෙන් ස්වකීය ප‍්‍රශ්න අමතක කර කැපවීමෙන් කි‍්‍රයා කළහ. දැන් ඔවුහු සහන ඉල්ලති. පවතින මුහුණුවර වෙනස් කිරීම අවශ්‍යය. ප‍්‍රශ්න විස`දීමට කල්මැරිය හැකිය.

පසුගිය අවුරුදු තිහ තුළ සම්ප‍්‍රදායික ආර්ථිකයට වඩා වෙනස් මගකට රට අවතීර්ණ වූයේ නැත. විදේශ රැකියා අලූත් අවස්ථාවක් වුවත් එයින් මතු කර ඇති සමාජ ප‍්‍රශ්න දරුණුය. ආර්ථික ක‍්‍රමයෙන් ඇති කරන කැකෑරෙන ප‍්‍රශ්න රට තුළ සිදුවන ඝාතන, මංකොල්ල, පැහැර ගැනීම් සහ මත් උවදුර පෙන්නුම් කරයි. ආර්ථිකය පුලූල්වන විට සමාජ විනය ගොඩ නැගේ. අප රට තුළ එය සිදුවන්නේ උවමනා තරමින් නොවේ. දෙමළ ජනතාවට ඇති ප‍්‍රශ්නය කුමක්දැයි සිංහල ප‍්‍රජාව අසන අතර තමන්ට ද වෙනසකින් තොරව ප‍්‍රශ්න ඇති බව ඔවුහු ප‍්‍රකාශ කරමින් සිටී. මුස්ලිම් ජනතාව තමන්ගේ අයිතිය ගැන කතාකරන්නට පටන්ගෙන තිබේ. පන්ති ප‍්‍රශ්න නිසා තමන්ට අසාධාරණයක් වී ඇතැයි සිතන පිරිස ද සු`ථ පටු නැත. වරප‍්‍රසාද ලත් පැලැන්තියට පිටස්තරව, බලයට පත් ප‍්‍රධාන නායකයා වශයෙන් සැලකෙන වත්මන් ජනාධිපති කෙරෙහි බලාපොරොත්තු තැබූ කණ්ඩායම අද තමන්ට හිමි අවස්ථාව කුමක්දැයි ප‍්‍රශ්න කරයි. මෙය ඉතා සංකීර්ණ තත්ත්වයකි. මහජන අවශ්‍යතා ඉටුකර රට ගොඩනැගීම විනා වෙනත් විකල්පයක් නැත. මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට, පලාත් සභාවට හෝ පලාත් පාලන ආයතනයට යවන මහජනතාව ඉල්ලන්නේ තම දරුවන්ට යහපත් හෙට දවසකි. කුඩා රටක විශාල මහජන නියෝජිතයන් පිරිසක් අපට සිටී. යුද්ධය අවසන් නමුත් මව්බිම තුළ තම දරුවන් ට අනාගතයක් නැති බව ජනතාව විශ්වාස කරන්නේ නම් රටට ප‍්‍රශ්නයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ තරුණ පරපුරෙන් වැඩි දෙනෙකු සොයන්නේ රට හැර යන අවස්ථාය. දෙමාපියන් වැඩි දෙනෙකු දරුවන් විදේශ ගතකර උසස් අධ්‍යාපනය දෙන්නට උත්සුක වෙති. ප‍්‍රශ්නය ඇත්තේ එතැනය. රට තුළ සංහිිදියාව, ප‍්‍රතිසංධානය තහවුරු වී නැත.

මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් වූ යෝජනාව රටේ මානව හිමිකම් ගැන කතා කරන නමුත් අප හමුවේ ඇති ප‍්‍රශ්න එයට වඩා පුලූල්ය. ඒවා විස`දන්නට රටට අවශ්‍ය සම්පූර්ණ පෙරුලියකි. ජාත්‍යන්තර බලවතුන් ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර අර්බුදය දකින නමුත් උතුරට පමණක් විසදුමක් සැපයීම සමාජ උන්නතියට හේතු නොවේ. රජය දැනටත් උතුර වෙනුවෙන් විශාල සංවර්ධනයක නිරතය. දකුණේ ද සංවර්ධන වැඩ සටහන් කි‍්‍රියාත්මකය. නමුත් මේවායේ ප‍්‍රතිඵල මහජනතාවට දැනෙන්ට පටන්ගෙන නැත. එයට හේතුව කුමක්ද? බරපතල ආයතනික, සාමාජයීය හා ආර්ථික ප‍්‍රතිසංස්කරණයකින් විනා ශ‍්‍රී ලංකාවේ පවතින මුහුණුවර වෙනස් කිරීම පහසු නැත. එයට සමාජ කැපවීමක් අවශ්‍යය. යුද ගැටුම් පැවති අවුරුදු තිහක කාලය තුළ ලෝකයේ ස්වභාවය වෙනස් වී තිබේ. ගෝලීයකරණ සමාජයක් බිහිවී ඇත. රටින් පිට සිටින ලක්ෂ සංඛ්‍යාත රට වැසියන් ලෝකයේ දියුණුව හා ලංකාවේ පවතින තත්ත්වය දකින අතර ඔවුහු ඒ ගැන අදහස් දක්වති. යුද අන්ධකාරයෙන් මිදී වර්තමානයට අවතිර්ණ වී ඇති අවස්ථාවේ දී මහජනතාව බලා සිටින එතෙක් අත පසුවූ පරිසරය සකස් කර ගත යුතුය. එය උතුරට පමණක් නොව මුලූ රටට ම දැනෙන අවශ්‍යතාවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආර්ථිකය හා සමාජය තුළ ඇති දැවෙන ප‍්‍රශ්න ඉදිරියට ගැනීම වටී. සමාජ සම්මුතිය ගොඩනැගිය යුතුය. අලූත් පදනමක්, අලූත් සංස්කෘතියක් රට තුළ බිහි කළ යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.