» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/09/2013 - ඉරිදා ලංකාදීප
ආර්ථිකය සම්බන්ධව මහජන අවබෝධය පුලූල් කරන මග - මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය පොදු ජනතාව ආර්ථික කරුණු ගැන විශේෂ සැලකිල්ලක් නොදක්වයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමාජය තුළ යම් උනන්දුවක් තිබිය යුතුය. මැදි ආදායම් ආර්ථිකයක් සහිත කුඩා රටක ජනතාව තුළ විවිධ අපේක්ෂා සහ බලාපොරොත්තු ඇත. නමුත් රටට ඇති සම්පත් සීමිතය. එම සම්පත් ඉතාමත් ඵලදායී සහ කාර්යක්ෂම ආකාරයට පරිහරණය කර රටත්, සමාජයත් සමෘද්ධිමත් තැනකට කැ`දවීම ඉතාම වැදගත්ය. රුකියා උත්පාදනය සහ පොදු ජනතාවගේ ජීවන මට්ටම නැංවෙන ආකාරයට ආර්ථික අවශ්‍යතා සැලසුම් කිරීම අවශ්‍යය. එයට පසුබිම සැකසීම ආණ්ඩුවට පමණක් බාර දීම සුදුසු නැත. රට තුළ සිදුවන ආර්ථික පරිවර්තනය ගැන යම් අවබෝධයක් සහ සංවාදයක් අවශ්‍යය. වර්තමානයේ පමණට වඩා දේශපාලන කරුණු මතුවන අතර ජන ජීවිතයට ඉතාම වැදගත් ආර්ථික කාරණා සැලකිල්ලට නොගැනීම ගැටලූවකි.

ශ‍්‍රී ලංකාවේ ජාතික ආදායම සහ වියදම අය වැය මගින් අවුරුද්දක් පාසා සැලසුම් කරයි. අපේක්ෂිත ආදායමක් තිබේ. නොයෙකුත් අවශ්‍යතා මත වියදම ඉහළට යයි. මේ අන්ත දෙක අතර පරතරය අයවැය හි`ගයයි. පුද්ගලික ජීවිතය හා සමානය. රුකියාවක් කරන පුද්ගලයෙකුට තම පවුලේ අසීමිත අපේක්ෂා ඉටු කරන්නට සිදුවෙයි. ලැබෙන වැටුප සියලූ දෙයට ප‍්‍රමාණවත් නැත. හිතවතුන්ගෙන් ණයට ගනී. ඒවාට පොලියක් නැත. වානිජ බැංකු වලින් ණය ගන්නට සිදුවෙයි. බැංකුවක් ණය දෙන විට එය අය කරගත හැකි ද යන්න සොයා බලයි. පුද්ගලයා අනුව වියදම සකස් කරගන්නට උපදෙස් දෙයි. නැතිනම් ආදායම වැඩි කර ගන්නට අනුගමනය කළ යුතු අලූත් යෝජනා ගැන කරුණු කියයි. රටකට ද එසේය. වියදම සකස් කර ගන්නට අපොහොසත් වන විට දෙස් විදෙස් ණය ගන්නට සිදුවෙයි. නිදහස ලැබූ වකවානුවේ සිට ලංකාවේ නායකයන් රට ගොඩනගන්නට විවිධ සැලසුම් ඉදිරිපත් කර තිබේ. එම සැලසුම්වල සාර්ථක අසාර්ථක භාවය සම්බන්ධව විවිධ මත තිබිය හැකිය. නමුත් අවසානයේ දී මැදි ආදායම් රටක් වශයෙන් යම් ස්ථාවරයකට පැමිණෙන්ට හැකියාව ලැබි ඇත. ජයග‍්‍රහණ අත්පත් වන්නේ කැපවීම අනුවය. ලෝකයේ නොයෙක් සමාජ ඉතාම දුෂ්කර අවධි පසු කර සංවර්ධනයෙන් ඉහළට පැමිණ තිබේ. රටක් වශයෙන් නිදහස ලැබීමෙන් පසු කාලය තුළ දකුණ සහ උතුරු ප‍්‍රදේශ පදනම් කරගෙන කැරළි සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියා හටගත්තේය. ආර්ථිකයේ පැවැති අසමානතා මෙම නැගිටීම් වලට පොදුවේ බලපාන්නට ඇත. නමුත් ගැටුම් අවසානයේ දී එයට ගෙවනලද වන්දිය ඉතාම විශාල බව පෙනේ. දක්ෂ සහ රට ගැන කැක්කුමක් ඇති තරුණ පිරිසක් අපට අහිමි විය. එම වැරදි යළි නොවෙන්නට වග බලා ගැනීම වැදගත්ය.

ආර්ථිකයක් අඛණ්ඩ වර්ධනයක් පෙන්වන්නේ නැත. එහි දියුණුව සේ ම වරින් වර ඇතිවන අභියෝග අනුව කඩා වැටීම් ද සිදුවෙයි. ආර්ථික කඩාවැටීමක් රටක් විනාශ කරන්නේ නැත. අභියෝග හමුවේ යම් ප‍්‍රතිසංස්කරණයකට ගමන් කරන්නට සිදුවෙයි. නිසි වැඩ පිලිවෙලක් ප‍්‍රශස්ථ ආකාරයට අනුගමනය කිරීමෙන් අර්බුදයට පත්වූ ආර්ථික යළි ශක්තිමත් ආකාරයට නිසි මගට ගත හැකිය. මෑත කාලය තුළ අග්නිදිග ආසියාවේ ඇතිවූ මූල්‍ය අර්බුදය එවැනි එකකි. එයින් බලවත් ගැටලූ වලට මුහුණ පෑ රටවල් තමන්ගේ රට තුළ පැවැති තත්ත්ව කලමණාකරනය කරගන්නට විශාල මහන්සියක් ගත්තේය. අද එම අර්බුද වලට මුහුණ දුන් රටවල් පෙරටත් වඩා සාර්ථකව ඉදිරියට යයි. ඇමරිකාව සහ යුරෝපිය රටවල් මේ දිනවල ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක නිරතය. එම රටවල ආර්ථිකය පසු බෑමකට ලක් වූ අතර ක‍්‍රමය නිවැරදි කර ගැනීමෙන් පසු යථා තත්ත්වයට පත් වෙමින් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ආර්ථිකය දුර්වල වන විට ජනතාව අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවෙයි. ආර්ථිකය නිසි මගට ගන්නට යොදන උපක‍්‍රම හමුවේ ආණ්ඩුවේ ජනප‍්‍රියභාවය අඩුවෙයි. ආර්ථිකය කවර තර්ජනයකට මුහුණ දෙන බව පෙනෙන්නට තිබුණත් සිදුවන අවාසි සලකා එය නොපෙන්වා ස`ගවන්නට දේශපාලනඥයන් කැමැතිය. ආර්ථිකය තුළ ප‍්‍රශ්නයක් නැති අතර තමන්ගේ සැලසුම් ඉතාම නිවැරදි බව සමාජයට ඒත්තු ගන්වන්නට ඔවුහු නොයෙක් විට උත්සාහ දරති. නමුත් ආර්ථිකයක සිදුවන වැරදි වසා තාවකාලිකව කරන විස`දුම් වලින් පැවැත්මක් නැත. එය සදාකාලිකව පෙන්වන සත්‍යයයි.

කළමණාකාරනයෙන් අසාර්ථක වන විට ප‍්‍රතිපත්ති නිවැරදි මගට ගන්නට උත්සාහ කළ යුතුය. පාලකයන්ගේ වගකීම එයයි. විවෘත ආර්ථික ක‍්‍රමය පවතින්නේ තරගකාරීත්වය අනුවය. ඉල්ලූම සහ සැපයුම එකම විස`දුමයි. රට තුළ නිෂ්පාදනය වැඩි කළ යුතු අතර නිපදවන දේ තත්ත්වයෙන් උසස් මිල අඩු ඒවා විය යුතුය. මිල තරගකාරීත්වයෙන් තොර නිපැයුම් වලට වන්දි ගෙවන්නේ පාරිභෝගිකයන්ය. ආර්ථිකයක් දියුණු කරන විට රට තුළ මිල තරගකාරීත්වය ඇති කරන්නට සම්පූර්ණ පහසුකම සැලසීම වැදගත්ය. ආණ්ඩුව කළ යුතු එයට ගැලපෙන නිසි යටිතල පහසුකම් සකස් කිරීමයි. ඕනෑම වියදමක් දරා ඒවා තමන්ගේ රටේ නිෂ්පාදන හෙයින් වැඩිම මිලක් ගෙවා පරිභෝජනය කරන ලෙස ජනතාවට බල කිරීම යුක්ති සහගත නැත. එය අද පවතින ආර්ථිකයේ විශාලතම දුර්වලතාවයයි. කාර්මික, කෘෂිකාර්මික හෝ සේවා අංශයේ ඵලදායකත්වයක් නැති විට මෙරට නිපදවන දේ මිල වැඩි බව පෙනේ. ලංකාවේ සහල්, අර්තාපල්, සීනි කිරි ඇතුලූ හැම දෙයක්ම මිල වැඩි ඇයි? නිෂ්පාදනයට, ප‍්‍රවාහනයට සහ අලෙවිය තුළ තරගකාරීත්වයක් නැති හෙයින්ය. තරගකාරීත්වය ඇති කළ හැකි නම් අඩු මිලට නිපදවා තමන්ගේ දේ විකුනා ගන්නට නිෂ්පාදකයන්ට සිදුවෙයි. එසේකළ නොහැකිනම් වරද ඇත්තේ කොතැනක දැයි සොයන්නට පටන්ගනී.

දැන් පෙනෙන ආකාරයට ඉතාම ඉහළ වියදමක් දරා නිපදවන අතර මහජනතාවගේ ජීවන වියදම අඩු කරන අරමුණෙන් සහනාධාර සපයයි. දුගී දුප්පත් ජනතාවට එදිනෙදා වියදම දැනෙන අවස්ථාවේ භාණ්ඩ සහ සේවා වෙනුවෙන් සහන සැලසීම ආණ්ඩුවේ වගකීමකි. මෙම වගකීම ඉටු කරන අතර එයට ධනය සොයා ගන්නේ කොතැනින්දැයි අවබෝධ කර ගත යුතුය. මහජනතාවගෙන්ම අය කරන බදු යළි සහන ලෙස මහජනතාවට ලැබෙන්නට සැලැස්වීම අද සිදුවන ප‍්‍රකට සිද්ධාන්තයයි. ආර්ථිකය පවතින අතර මෙම ආර්ථික ක‍්‍රමය තුළ අකාර්යක්ෂමතාවයට සහ සහන වෙනුවෙන් ගෙවන වන්දිය ජනතාවට පෙනෙන්නේ නැත. ආණ්ඩුව තමන්ට සහන දෙන බව කියන නමුත් එම සහන සපයන්නට වෙනත් තැනකින් අය කරන බද්ද ගෙවන්නේ ද සමාජයයි.

ලෝක ආර්ථිකය ඉතාමත් තිරණාත්මක තැනකට පැමිණ තිබේ. අද සමාජය ගෝලීයකරණයට ලක්ව ඇත. සමාජ ගෝලීය කරණය තුළ හුදෙකලාව ජීවත්විය නොහැකිය. ශ‍්‍රී ලංකාව දුපතක් වශයෙන් සෙසු රටවල සිදුවන දෙයින් ඈත්ව තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කරන නමුත් එය පහසු නැත. රටින් එපිටට යන ලාංකිකයන් ලෝකයේ නොයෙක් රටවල ජීවිතය පහසු බව කතාකරන්නට පටන් ගනී. අභියෝග මතු වන්නේ එවිටය. තමන්ගේ නායකයන් අසාර්ථක යැයි සිතන්නට පටන් ගනී. තමන්ගේ දරුවන්ට තම මවුබිම තුළ අනාගතයක් නැතැයි විශ්වාසයක් ඇතිවෙයි. එය ඉතාමත් භයානක ප‍්‍රතිඵල අත්කර දෙන එකකි. යථාර්ථය ස`ගවා කටයුතු කරන්නට යාමේ අවසාන ප‍්‍රතිඵලය එයයි. දේශපාලනඥයන් තමන්ගේ දර්ශනය රටට ඒත්තු ගැන්විය යුතුය. ආර්ථිකයක සාර්ථකත්වය එයයි. නිෂ්පාදනය වැඩි කරන්නටත්, එය කාර්යක්ෂමව කරන්නටත් මහන්සිවීම අවශ්‍යය. තමන්ටම එය කළ නොහැකි වූ රටවල් ජාත්‍යන්තර දක්ෂ කළමණාකරුවන්ගේ උපදෙස් ගත්තේය. සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් ඉදිරියට ගියේ දක්ෂ ලෙස ආර්ථික ප‍්‍රතිපත්ති කළමණාකරනය කිරීමෙන්ය. තමන්ගේ රට තුළ සම්පත් හි`ග වන විට කර්මාන්ත හා සේවා අංශ වෙනුවෙන් බාහිර සම්පත් රටට ගෙන්වන්නට තීරණය කළ යුතුය. සියලූ තැනින් හමන සුළ`ගට ඇතුලූ වන්නට දොර ජනෙල් විවර කරන අතර එම සුළගෙන් ගසා ගෙන නොයන බව ඉන්දියානු සමාජය විවෘත කරන විට නේරු තුමා කියා සිටියේය. යකි. චීනයේ විශාල ආර්ථික ප‍්‍රතිසංස්කරණයක් කළ ඩෙන් ෂියාවෝ පින්ග් කියා සිටියේ මියන් අල්ලන්නේ නම් බළලාගේ පාට වැඩක් නැති බවය. අද අපට අවශ්‍ය ජනතාවගේ ආර්ථිකය දිනවන ප‍්‍රායෝගික සැලැස්මකි. එම ආර්ථිකය තුළ පොදු ජනතාව එහි කොටස්කරුවන් විය යුතුය. සිදුවන්නේ කුමක්ද යන අවබෝධය ඔවුන් තුළ තිබීම යහපත් වනු ඇත. ව්‍යවසායනත්වය ඇතිකරන ආර්ථිකය නගන සුළු කරර්මාන්ත හාව්‍යාපාර වලට අනුබලය ලැබෙන ක‍්‍රමවේදයක් අවශ්‍යය. පරිපාලනයේ පහලම ඒකකයේ සිට ඉහළ දක්වා යමක් කරන්නට උත්සාහ කරන පුරවැසියන්ට පහසුවෙන් එයට ඉඩ දෙන පරිසරයක් ඇති කිරීම වැදගත්ය. සහන දිය යුතු මහා පරිමාන ආයෝජකයන්ට පමණක් නොවේ. එය අවශ්‍ය මුදලින් ද නොවේ. යමක් කරන්නට උත්සාහ කරන ධෛර්යයවන්ත මිනිසුන්ට බාධාකිරීම් සහ අනවශ්‍ය නීති රීති වලින් හිරකර ආර්ථිකයක් දියුණු කරන්නට හැකියාවක් නැත. එවැනි පසුබිමක් තුළ අසරණ වන පිරිස ආණ්ඩුවට රැුකබලා ගන්නට සිදුවෙයි. අද සිදුවී ඇත්තේ එයයි. රට වැසියන් අතරින් බහුතරයක් ආණ්ඩුවෙන් යැපෙන මග අපේක්ෂා කරයි. දේශපාලනඥයන් ද තමන් එය කරන බවට බලාපොරොත්තු ඇති කරයි. අවසානයේ දී මෙම සියලූ දෙනා යැපෙන්නේ රට තුළ ඇති බදු පද්ධතියෙන්ය. ධනය බිහිකරන ව්‍යවසායකත්වය වර්ධනය කරන සහ එයට ආර්ථික නිදහස ඇතිකරන ක‍්‍රමයක් ගැන මහජනතාව අතර අවබෝධය නැංවීම අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.