14/05/2013 - දිනමිණ
ඡායාරූපය
 
 

සාමය සහ නිරායුධකරණය සදහා වූ චීන මහජන සංවිධානයේ මහ ලේකම් ෂූයූ රුයි මහතා ප‍්‍රධාන ආයෝජන සහ සංචාරක අංශ නියෝජනය කළ දූත පිරිසක් පසුගියදා දිවයිනට පැමිණියේය. පාත්ෆයින්ඩර් පදනම මෙයට කලින් සාමය හා නිරායුධකරණය සදහා වූ චීන මහජන සංවිධානය සමග දෙරට අතර පුද්ගලික අංශයේ ආයෝජන හා ව්‍යාපාරික සම්බන්ධතා ඇති කිරීම උදෙසා ගිවිසුමක් අත්සන් කළ අතර මෙම නියෝජිත පිරිස මෙරටට පැමිණියේ එහි තව දුරටත් පුළුල් නියෝජනයක් අපේක්ෂාවෙනි. සාමය සහ නිරායුධකරණය සදහාවූ චීන මහජන සංවිධානයේ මහ ලේකම් ෂුයු රුයි මහතා ප්‍රධාන ආයෝජන සහ සංචාරක අංශ නියෝජනය කළ දුත පිරිස පාත්ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා හමුවූ අවස්ථාව. පාත්ෆයින්ඩර් පදනමේ නියෝජ්‍ය සභාපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන සහ උපදේශක ආචාර්ය වල්සන් වෙතොඩ් මහත්වරුද මෙහි වෙති.