» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/09/2015 - දේශය
පාප් තුමා ස්පාඤ්ඤ බාසාවෙන් කතා කිරීම

ඇමරිකාවේ සංචාරයකට සැපත් සුදොතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ එරට වැසියන් පිළිගත්තේ බලවත් බැතියෙන්ය. සරල, අල්පේචඡ් ජීවිතයක් ගතකරන්නට කැමැති එතුමෝ කුඩා වාහනයක නැගී ජනතාවට ආචාර කරමින් සැරිසරන ලද ආකාරය ලෝකය පුරා ක්ෂණයකින් ප‍්‍රචාරය විය. එයටත් වඩා වැදගත් ආකාරයේ අවධානයක් ගත්තේ අනෙක් කාරණයකි. එතුමෝ ස්පාඥ්ඤ භාෂාවෙන් ඇමරිකාවේ දී දේශනා කිහිපයක් පැවැත්වීමට තිරණය කිරීමය.

ඇමරිකානුවන් භාවිතා කරන ප‍්‍රධාන භාෂාව ඉංග‍්‍රීසිය. නමුත් එරට වැසියෝ අතරින් සැලකිය යුතු පිරිසක් පළමු බස හැටියට භාවිතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. දෙවන භාෂාවක් වශයෙන් එබස භාවිතා කරන පිරිස ද සුළු පටු නොවේ. අවසානයේ දී ඇමරිකානුවන් මිලියන 45 ක් ස්පාඤ්ඤ භාෂාව කතා කතාකරති. ඒ ඔවුන්ගේ පළමු හෝ දෙවන භාෂාව වශයෙන්ය. ස්පාඤ්ඤ උරුමයක් ඇති පිරිසට ඇමරිකාව තුළ තිබිය යුතු අනන්‍යතාව වඩා ඉහළින් තබන උවමනාව පාප් වහන්සේ තුළ තිබූ අරමුණ බව ජාත්‍යන්තර මතවාද මතුකරන ප‍්‍රමුඛ කාරණයකි.

ස්පාඤ්ඤයේ වැසියන් ස්පාඤ්ඤ භාෂාව කතා කරනවාටත් වඩා ඇමරිකාවේ ඒ බස හසුරුවන පිරිසක් ජීවත්වන බව ජාත්‍යන්තර තොරතුරු පෙන්වයි. එය එසේ වෙන්නේ දෙවන භාෂාව වශයෙන් සැලකන කොටසක් එකතු කරගෙන බව පෙනේ. තොරතුරු වලට අනුව ඇමරිකාවේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන ජන කොටස වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. 1990 ට හා සමානව බලන කල 2012 වසරේ දී එය දෙගුණයක් වී ඇතැයි ඇමරිකාවේ ප‍්‍රජා සමීක්ෂණ වාර්තා අනාවරණය කරන බලවත් කරුණකි. මේ ආකාරයට වර්ධනය වුවහොත් වසර 2050 වන විට, පළමු බස වශයෙන් ස්පාඤ්ඤ කතා කරන වැඩිම ජනගහනයක් ඇති රට ඇමරිකාව ලෙස වාර්තා පොත් වලට එකතුවනු ඇතැයි පළවේ.

පාප් වහන්සේගේ ඇමරිකානු ගමන ඓතිහාසික එකක් බවට පත්වන්නේ ස්පාඤ්ඤ භාෂාව ගැන හෙයින් නොවේ. අවරුදු පනහකට එනම් 1965 දී හය වැනි පාවුලූ පාප් වහන්සේ ගේ පැමිණීමෙන් පසු පාප්වහන්සේ තුමෙකු ඇමරිකාවට සංචාරය ස`දහා පැමිණි අවස්ථාවක් වශයෙන්ය. මෙතුමෝ ඇමරිකාවට එන්නේ ස්වකිය ජිවිතයේ සාක්ෂාත් කරගත් වැදගත් අරමුණක් සම්බන්ධව අ`ගවන අදහස ඇතිවය. එය කියුබා ඇමරිකා සබ`දතා නැවත ඇති කිරීමයි.

ලෝක සිතියමේ අමෙරිකාව සහ එයට ළ`ගින් පිහිටි කියුබාව අතර දීර්ඝ කාලින ආරවුලක් තිබිණ. කෙටි කාලයක් නොවේ දශක පහක අමනාප කමක්ය. එම අමනාපය හරහා ලෝකය පුරා බලවත් ව්‍යුහයක් නිර්මාණය කරමින්ය. අවුරුදු පනස් අටකට පසු මෙම රටවල් දෙක නැවත රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ඇති කරගෙන හො`ද හිත පතුරුවන්නේ නොබෝදාය.

පිදෙල් ක‍්‍රස්ත්‍රෝ කියුබාවේ නායකයා වශයෙන් පත්වන්නේ එහි සිටි බැට්ස්ටා පාලනය පෙරලා දමමිනි. තද වාමාංශික ප‍්‍රතිපත්ති වලට ගමන් කරන හෙතෙම එදවස එහි පුද්ගලික ව්‍යවසාය රජයට පවරා ගනී. එයින් ඇමරිකානු ව්‍යවසායකයන්ට බලවත් අවාසියක් සිදුවෙයි. ඇමරිකානු ආණ්ඩුව එවකට කියුබානු පාලනයේ තීන්දු වලට බලපෑම් කරන්නේය. කියුබාව අනුගමනය කරන ලද ආර්ථික පිළිවෙතින් නොසතුටට පත්වන ඇමරිකාව රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රශ්න ඇති කරගෙන එහි අවසාන ප‍්‍රතිඵලය වශයෙන් දෙරට අතර තානාපති සම්බන්ධතා අත්හිටුවන තීන්දුවකට යයි. කියුබාව ත‍්‍රස්ත ලැයිස්තුවට ද ඇතුලත් කරන අතර ආර්ථික සම්බාධක ද පනවයි.

ආර්ජන්ටිනාවේ උපත ලැබ සුදොතුම් තත්ත්වයට පත් පාප්වහන්සේ කියුබාවේ ඉරණම ගැන අත්වි`දින්නට ඇත. පාප් ධුරයට පත් වූ පසු ඉතා පරෙස්සමෙන් කියුබාව සහ ඇමරිකාව අතර සාකච්ඡුා ගණනාවක් පවත්වන්නේ දෙරට යළි එකතුකර අලූත් මගකට ගෙන යන්නටය. එය කළේ නිලධාරින් සහ අලූත් මතධාරීන් සම්බන්ධ කරගනිමින්ය. රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා නැති දෙරට අතර කතිකාව ඇති කරන්නට එතුමෝ රහසිගතව වතිකානුවේ ඉඩ ප‍්‍රස්ථා සපයන ලද බව අනාවරණය වෙයි. එවැනි තීන්දුවකට පැමිණ ඇත්තේ දෙරටෙහිම වැසියන්ගෙන් බහුතරයකට මෙකී සම්බන්ධථා මගින් යහපතක් වන බව වටහා ගැනීමෙන් ඉනික්තිවය. එසේ නම්ත අන්තවාදී යම් පිරිසක් එය නොඉවසන සහ දෙරට අතර බැ`දීම් ඇතිවෙන ත්ත්තවයට එරෙහිව විරෝධතා පළ කරන ලද බව ද අමතක කළ යුතු නැත. ඇමරිකානු ජනාධිපති සහ කියුබා වේ නව නායකයාබවට පත්වූ රාහුල් කස්ත්‍රෝට පුද්ගලිකව ආයාචනා ලියන පාප් වහන්සේ දහ අට මාසයක් තිස්සේ එම වැඩ පිළිවෙල මාධ්‍ය වලින් තොරව පමණක් නොව අවසානයේ දී මෙම නායකයන් පුද්ගලිකව දුරකථනයෙන් කතා කර මත බේධ දුරු කරන තැනට ගෙන එන්නට මහන්සි වූ බව අනාවරණයවන්නේ දැන්ය. එය සාර්ථක වූ අවස්ථාවේ දී කියුබාවට ගිය ෆැන්සිස් පාප් වහන්සේ පසුව ඇමරිකාවට ද ගොස් මෙම මෙහෙවර ගැන යම් ආකාරයක සතුටක් ඇති කරගත් බව අවධානයට ගත හැකිය.

ලෝක සිතියම තුළ සීමා මායිම් පනවා එම සීමා තුළ නීති පද්ධති මගින් ගනුදෙනු කරන ලද යුගය අවසන්ව තිබේ. ජනතාව එකිනෙකා සමග සම්බන්ධවෙමින් ගෝලීය සමාජයක් බිහිවෙමින් තිබේ. මෙම සමාජය තුළ එක පුද්ගලයෙකුට කළ හැකි මෙහෙවර සුවිශේෂීය. සමාජ ගෝලීයකරණය තුළ තනි පුද්ගලයෙකුගේ මෙහෙවර රටවල් සම්බන්ධ කරන තානාපති කාර්යාල ක‍්‍රියාකරන යුගය ඉක්මවා ගිය අවස්ථාවට මෙය එක්තරා ආකාරයක උදාහරණයකි. රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් ගෙන ගිය උත්සාහය හා සමානව පාප් වහන්සේ වශයෙන්තනි පුද්ගලයෙකු ගේ ගමන මෙයින් පෙන්නුම් කරන සාධකයකි. සුදොතුම් තුමන් කියුබාවේ හවානා නුවරට ඇතුළුවන විටඑයට ලැබුණ ප‍්‍රතිචාර පෙන්වන්නේ අනුගමනය කරන ලද ක5ියා පටිපාටියේ වැදගත්කමයි. ඒ හා සමානව පිළිගැනීමක් වොෂින්ටනයේ දී ද ලැබුණ අතර උපයා ගත හැකි සෑම අවස්ථාවක්ම ප‍්‍රයෝජනයට ගන්නැයි දෙරටෙහිම වැසියන්ගෙන් එතුමෝ ඉල්ලා සිටින්නේය.

මේ ආකාරයටම නිර්මාණය වූ තවත් අවස්ථාවක් තිබේ. පෝලන්තයේ උපත ලැබ 1978 සිට 2005 දක්වා සුදොතුම් පාප් වහන්සේ වශයෙන් සේවය කළ ජෝන් පාවුල් තුමා ගේ අභිප‍්‍රාය වූයේ අනෙකකි. එතුමෝ නැගෙනහිර සහ බටහිර ජර්මනිය නැවත එකතුකරන්නට අතරමැදි විශේෂිත මෙහෙවරක් කළහ. එය සුවිශේෂී තත්ත්වයට පත්වන්නේ බර්ලින් තාප්පය බි`ද රටවල් දෙක එකතු වන ඓතිහාසික තීන්දුව සමගය.

අද තත්ත්වය අනුව ගැටුම් සදාකාලික නැත. ඒවා ඇති කරන්නේ පමණක් නොව සමනය කරන්නේ ද ලෝකයේ මතුවන මානුෂික කාරණා පදනම් කරගනිමින්ය. සියලූ පැති සියුම්ව ගවේශනය කරන විට රටවල් අතර තානාපති සම්බ්ධතා නැති කරන්නට පමණක් නොව අලූතින් ඇති කරන්නට ද පුද්ගල බලය යම් ආකාරයක පදනමක් වන බව ස`දහන් කළ හැකිය. ජාත්‍යන්තරය තුළ ආර්ථික සහ සමාජයීය ව්‍යුහය සකස්වන ආකාරය අනුව රටවල් අතර සම්බන්ධතා හසුරුවන ද්‍රෘෂ්ටිකෝණය වෙනස් වන බව පැහැදිලිව පෙනේ. මෙම ස්වභාවය තුළ ඇතිවන අලූත් ව්‍යුහය ලෝක ප‍්‍රජාවට සුවිශේෂී අවස්ථා ජනනය කරනු නිසැකය. අලූතින් හිතන්නට මග පාදන්නේය. කියුබා සහ ඇමරිකා සම්බන්ධතා තහවුරු කරන්නට පසුබිම් වූ කරුණු අලූතින් අනාවරණය කරන හෙළිකරන්නේ එයයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.