29/05/2011 - ඉරිදා ලංකාදීප
විශ්ව විද්‍යාල සංස්කෘතියේ විප්ලවීය වෙනසක් උදෙසා - මිලින්ද මොරගොඩ
විශ්ව විද්‍යාලයට ඇතුලත්වන සිසුන්ට නායකත්ව... පුහුණු වැඩසටහන පවත්වන්නේ හමුදා කඳවුරු ආශ‍්‍රිතවය. විනය ගරුකබව ඇති කරන, නායකත්ව හා පෞර්ෂ ගුණාංග වැඩි දියුණු කරන මෙම අලූත් වැඩසටහන යහපත් පුරවැසියෙකු බිහිකිරීමේ අරමුණින් පවත්වන එකක් බව රජයේ අදහසයි... විශ්ව විද්‍යාලය ඥාන ගවේශනයට ඉඩ ඇති තැනෙකි. එහි තර්කයට ඉඩක් ඇත. වාදයට අවස්ථාව තිබේ. තියුණු සංවාද විශ්ව විද්‍යාලය තුළ තිබිය යුතුමය. නමුත් ෙමිවා බුද්ධිමය සංවාද විනා ගහ මරාගන්නා අරගල විය යුතු නැත...
More...
 
31/05/2011 - ලංකාදීප
වර්තමාන ප‍්‍රශ්න දෙස අලූත් ආකල්පයකින් බලමු - මිලින්ද මොරගොඩ
පොසොන් මාසය බෞද්ධ ජනතාවට වැදගත්ය. ලංකාවට අලූත් දර්ශනයක්, නව සංස්කෘතියක් ඇතු`ථ වන්නේ පොසොන් මාසයේ සිදුවූ මිහි`දු මහ රහතන් වහන්සේ මෙරටට වැඩමවීම සමගය. වසර දෙදහස් පන්සිය පණහකට වැඩි නව යුගයක් පොසොන් මාසයේ මෙම සිදුවීම සමග ඇරඹෙයි. එය අලූත් දර්ශනයක උදාවකි. බුද්ධ ධර්මය පදනම් කරගත් නව පාලන ක‍්‍රමයක එළැඹුමකි...
More...
 
05/06/2011 - ඉරිදා ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැවුම් බව ආරක්ෂා කරන ජන සම්මුතිය - මිලින්ද මොරගොඩ
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු බහුතර මතය අනුව රටක් පාලනය කිරීමද?... ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිර්වචනය බහුතරයගේ කැමැත්ත යන්න නොවේ. සමස්ථ සමාජය සම්මුතියකට එළැඹීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය යටතේ ඉඩ ලැබේ. බහුතරයක් ලැබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයක් නොවේ. පවතින ක‍්‍රමය ගැන සමාජයේ සියලූ දෙනා අතර විශ්වාසයක් ඇතිවිය යුතුය. සුළු ජාතිය මහ ජාතිය හා වෙනත් ජන කොටස් එයට එකඟ නම් එය සමාජ සම්මුතියයි. එකී සම්මුතිය බිඳ වැටුණ අවස්ථාවේ දී ක‍්‍රමය ගැන විරෝධතා පැන නැගෙයි. බහුතරය ඇතත් ජන සම්මුතියක් නැති තැන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැත...
More...
 
28/06/2011 - ලංකාදීප
පුළුල් සංවාදයකට යා යුතු බලය බෙදා හැරීමේ යෝජනා - මිලින්ද මොරගොඩ
... බලය බෙදාහැරීම ගැන ජාත්‍යන්තර සමාජයේ විවිධ අත්දැකීම් තිබේ. ඇතැම් රටවල බලය බෙදාහැරීම සාර්ථක වී ඇත. තවත් තැනෙක බලතල විමධ්‍යගත කිරීමෙන් සාර්ථක වී තිබේ. පොදුවේ සලකන විට එහි ඇත්තේ මිශ‍්‍ර ප‍්‍රතිඵල බව පෙනේ. බලතල විමධ්‍යගත කිරීමේ මූලික අරමුණ රජයේ තීරණ ක‍්‍රියාත්මක කිරීමේ බලය හැකිතරම් පහළ එනම් බිම් මට්ටමට පැවරීමයි. එවැන්නක් සාර්ථක විය යුතුය. සමාජයේ පිළිගැනීමට ලක්විය යුතුය. බලතල බෙදා හැරීම යන්නෙන් අදහස් කරන්නේ අවශ්‍ය පරිදි ප‍්‍රතිපත්ති තීන්දු ගැනීම දක්වා බලතල පහල ඒකක වලට පිරිනැමීමයි. පහසුවෙන් එදිනෙදා රාජකාරි ඉටු කර ගැනීමට බලය බෙදාහැරීම සාධාරණය...
More...
 
03/07/2011 - ලංකාදීප
අලූත් යුගයක් වෙනුවෙන් අනාවරණය කරගත යුතු යථාර්ථය - මිලින්ද මොරගොඩ
... අද මෙරට බෞද්ධ යන ධර්ම දේශනාව, භාවනාව, මහා සංඝරත්නයේ පිළිවෙත් සම්බන්ධව නොයෙකුත් ප‍්‍රමිතීන් තමුන් විසින්ම සකස් කර ගනිමින් සිටින අවස්ථාවකි. පසුගිය වකවානුවේ 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය ගැන විශාල උනන්දුවක් පතුරවන ලද අතර එම සුවිශේෂී අවස්ථාවේ දී බුදු දහමේ නියම හරය හා භාවිතාව ගැන අවධානය යොමු කරන්නට මම උනන්දු වූයෙමි. ලොව පුරා බුද්ධිමතුන් දහමේ හරය ප‍්‍රශ්න කරමින් එහි මග පෙන්වීම අවබෝධ කරගනිමින් සිටින යුගයක එහි ශක්තියලබා ගැනීමේ හැකියාව අපට ඇත. බුද්ධ දර්ශනය, බොදු පිළිවෙත් හා භාවිතාව සම්බන්ධව විනය කතිකාවතක් ඇරඹීම සුදුසු බව මම යෝජනා කළෙමි...
More...
 
10/07/2011 - ඉරිදා ලංකාදීප
රටට වැදගත් වන ජාත්‍යන්තර දර්ශක - මිලින්ද මොරගොඩ
ශ‍්‍රි ලංකාවේ ආර්ථිකය අලූත් යුගයක් හමුවේ සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථික ක‍්‍රමය සම්බන්ධ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති අප රටට මෙම යුගය හමුවන්නේ අලූත් අවස්ථා සහිතවය... අද ආර්ථික රටාව සංකීර්ණ එකකි. එහි අභියෝග එකිනෙකට වෙනස්ය. තර`ගකාරීත්වය, කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය එහි පදනමයි. අප රට තුළ ව්‍යාපාර, කර්මාන්ත හා සේවා අංශ ද එකී පදනම අනුව ගොඩනගා ගත යුතුය. ශ‍්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක සිට මැදි ආදායම් ලබන රටක ශ්‍රේණියට පත්ව තිබේ. මෙම වර්ධනයට ආර්ථිකයේ පවතින ස්වභාවය හේතුවිය...
More...
 
17/07/2011 - ඉරිදා ලංකාදීප
ගැටලූ අවම කරන තීන්දු ගැනීම - මිලින්ද මොරගොඩ
පසුගිය සති කිහිපය තුළ මහජනතාව ජීවත් වූයේ දෙලොවක් අතරය. තමන් ගේ ප‍්‍රධාන ආහාරය වූ සහල් ආසනික් මිශ‍්‍ර බවට ප‍්‍රචාරය විය. රට පිළිගත් විද්වත්හු දෙපිළ බෙදී ස්වකීය අදහස් පතුරවන්නට පටන් ගත්හ. එයින් ඉනික්බිතිව ආන්දෝලනයට ලක්වූයේ බාල පෙට‍්‍රල් ආනයනය කර බෙදා හැර ඇති අතර මේ නිසා වාහන අක‍්‍රීය වී බරපතල හානියක් සිදුවන බවය. මෙම තොරතුරු වේගයෙන් පැතිරයාම හමුවේ ඒ වන විට විශාල අවධානයක් දිනාගෙන තිබුණ චැනල් ෆෝ රූපවාහිනියේ සිද්ධිය යටපත් විය. ජීවන වියදම ගැන නැගී තිබුණ මහජන මතය අනවධානයට ලක්විය. විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ වැටුප් ප‍්‍රශ්නය යටපත්විය...
More...
 
19/07/2011 - ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදය රටටත් වර්තමානයටත් ගලපමු - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලාකේය මැතිවරණ පුරාණයට අවුරුදු අසූවක් සම්පූර්ණ වී තිබේ... එදා කාන්තාවන් හා පිරිමින්ට ද ඡුන්දය පාවිච්චි කිරීමේ අයිතිය හිමිවිය. කැපවීමෙන්, මහජනතාවගේ උවමනා එපාකම් සොයා බලන නියෝජිත දේශපාලන ක‍්‍රමයක් මෙමගින් මෙරටට ලැබිණ. ජනතා කැමැත්තෙන් පාලකයන් තෝරාගැනීමේ ක‍්‍රමවේදය අවුරුදු අසූවක් අවසානයේ දී විවිධ වෙනස්කම් වලට භාජනය වී තිබේ. එය රටට ලැබුණ බව අපට අමතකය. ජනතා පරමාධිපත්‍යය ගැන තක්සේරුව කණගාටුදායකය. එහි අවස්ථාව උපයෝගී කර ගෙන ඇත්තේ බලය, අධිපතිවාදය තහවුරු කිරීමය. යුක්තිය, සාධාරණත්වය හා ජන සම්මුතිය තහවුරු කිරීමට නොවේ...
More...
 
22/07/2011 - ලංකාදීප
"ජන සභාව - මිලින්ද සමග" හෙට සිරසේ
මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කරන නවතම ගුවන් විදුලි සජීවී සංවාදමය වැඩසටහන '' ජන සභාව - මිලින්ද සමග '' ජූලි 23 සෙනසුරාදා සිට සතිපතා පෙරවරු 8.00 සිට 10.00 දක්වා සිරස එෆ්.එම්. ඔස්සේ විකාශය කරයි...
More...
 
07/08/2011 - ඉරිදා ලංකාදීප
ඉන්දු - චීන ආර්ථික සහයෝගීතාවයට ශ‍්‍රී ලංකාවේ යාන්ත‍්‍රණයක් - මිලින්ද මොරගොඩ
... ඉන්දියාව හා චීනය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සම්බන්ධ කරගත යුතුව ඇති අවස්ථා ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීම අවශ්‍යය. ජාත්‍යන්තර ප‍්‍රජාව ආර්ථික අර්බුදවලින් මිදී නව ප‍්‍රබෝධයකින් නැගී සිටී. ශ‍්‍රි ලංකාව දශක තුනකට වැඩි කාලයක් පැවති අභ්‍යන්තර සිවිල් යුද්ධය අවසන්කර අලූත් යුගයකට ප‍්‍රවේශවන මොහොතයි. මේ නිසා මෙවැනි අලූත් පැති ගැන සංවාදයක් රටට වැදගත්ය...
More...
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 21 to 30 of 91 Records