02/01/2011 - ඉරිදා ලංකාදීප
තොරතුරු අනාවරණය කිරීම හා එහි ඇති සමාජ වගකීම - මිලින්ද මොරගොඩ
... තොරතුරු ගෙන එන මාධ්‍ය සම්බන්ධ පහසුකම් ඇති නැති බව අනුව සාමාන්‍ය ජනතාව අතට මෙකී තොරතුර ලැබෙන කාලය එකිනෙකට වෙනස් විය. එනමුත් දැන් තොරතුරු ඇත්තේ ඇඟිලි තුඩ දවටන තරම් දුරකය. තොරතුරු තාක්ෂණ පහසුව ඇති, එනම් පරිගණකයක් හා එය අන්තර් ජාලයට සම්බන්ධවන පහසුකම ඇති ඕනෑම පුද්ගලයෙකුට ලෝකයේ ඕනෑම තැනෙක සිදුවන දේ පහසුවෙන් වැඩි බාධාවකින් තොරව දැන ගැනීමට හැකියාව තිබේ. එකී දියුණුව සමග වර්තමාන පරපුර ජීවත් වන්නේ තොරතුරු හා ප‍්‍රවෘත්ති අධි සැපයුමක් සහිත සමාජයකය...
More...
 
06/02/2011 - ඉරිදා ලංකාදීප
දිදුලන දියත සිරස නාලිකාවෙන්
මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කරන අලූත් ම රූපවාහිනී වැඩසටහන ''දිදුලන දියත'' පෙබරවාරි 08 අඟහරුවාදා සිට සතිපතා රාත‍්‍රී 10.30 ට සිරස ටී වී ඔස්සේ... ජාත්‍යන්තරය තුළ සිදුවන ආර්ථීක සාමාජයීය හා දේශපාලන කරුණු ගැඹුරින් විග‍්‍රහ කරන...
More...
 
06/02/2011 - ඉරිදා ලංකාදීප
ගොවිපොළේ පෙරළියකින් ආර්ථිකයේ නව නැඹුරුවක් ඇතිකර ගනිමු - මිලින්ද මොරගොඩ
... බත බුලතින් පොහොසත්ව තිබුණ ශ‍්‍රී ලංකාවේ ගොවිකම, මෙවැනි එක් උදාහරණයකින් ඉතාමත්ම අවාසනාවන්ත එකක් යැයි පෙන්වා දීම සාධාරණ නැත. එනමුත් සමාජ පිළිගැනීම, ගොවිතැනෙහි නිරත ගොවීන්ගේ ජීවන මට්ටම ගැන අවධානය යොමු කරන විට ඒ කෙරෙහි ඇති ඇල්ම දිනෙන් දිනම පිරිහීම වැළැකිවිය නොහැකිය... ජාත්‍යන්තරයේ පැවති එක් එක් යුග වල දී වෙළඳපොළ හැසිරෙන හා රටට දියුණුව සලසා ගත හැකි අවස්ථා අනුව යමින් කාර්මික හා සේවා ආර්ථිකය කෙරෙහි වැඩි බර තබන ප‍්‍රතිපත්තියකට අප ගමන් කරමින් සිටියෙමු. එය ඒ අවස්ථාවේ දී ගත යුතුව තිබුණ තීරණයයි. එනමුත් දැන්...
More...
 
08/02/2011 - ලංකාදීප
මහජන සම්මුතියට අභියෝග කරන පළාත් පාලන මැතිවරණය - මිලින්ද මොරගොඩ
පළාත් පාලන ආයතන වෙනුවෙන් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට පවත්වන මැතිවරණයට දින වකවානු නියම වී තිබේ. දැනටම මෙම මැතිවරණයේ උණුසුම රටට දැනෙන්ට පටන්ගෙන... පළාත් පාලන ආයතනය යනු මහජනතාවට සමීප රජයේ කුඩාම පාලන අධිකාරියයි. එය ප‍්‍රතිපත්ති තීන්දු ගන්නා තැනක් නොවේ. ජාතික වශයෙන් රටට බලපාන විශාල ව්‍යාපෘති අරඹන්නට මෙම ආයතන වලට ආර්ථික ශක්තියක් ද නැත. එහි වගකීම පොදු මහජනතාවට එදිනෙදා අවශ්‍ය සේවාවන් ඉටු කර දීමයි...
More...
 
20/02/2011 - ඉරිදා ලංකාදීප
සම්බුද්ධත්ව ජයන්තිය සමග ශාසනික සංශෝධනයකට මග පාදාගනිමු - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී සම්බුද්ධත්වයෙන් 2600 වැනි සංවත්සරය සමරන්නට ශ‍්‍රී ලාංකික බොදුනුවන් සූදානමින් සිටිති. ජාත්‍යන්තර සමාජය තුළගැටුම් හා කැළඹිලි පවතින නමුත් නැවුම් දර්ශනයක් ඉල්ලා සිටියි. තොරතුරු තාක්ෂණය, දැනුම වර්ධනය උදෙසා විශාල මෙහෙවරක් කරනු ඇතැයි පිළිගැනීමයි. එවැනි අවස්ථාවක ප‍්‍රජාව විශාල පරිවර්තනයකට යොමු කිරීම උදෙසා බුදු දහම මගින් කළ හැකි බලපෑම පුලූල්ය. තොරතුරු තාක්ෂණය විසින් ලෝකයේ දුරස්ථ භාවය තුරන් කරමින් දැනුම බෙදාහරින අතර ලෝවැසියන්ට හදවතක් සපයන දර්ශනය බවට පත්ව ඇත්තේ බුදු දහමයි...
More...
 
01/03/2011 - ලංකාදීප
ඉන්දු ලංකා මුහුදු සීමා ධීවර ප‍්‍රශ්න කල් නොමරමු - මිලින්ද මොරගොඩ
භූගෝලීය වශයෙන් ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර ඇත්තේ සුවිශේෂී පිහිටීමකි... යුධ කාලසීමාවේ දී ශ‍්‍රී ලංකාව පසුවූයේ අන්ධකාර යුගයකය. සාමය ස්ථාපිත කිරීම සමග ආර්ථික හා සාමාජයීය නවෝදාවක අරුණාලෝකය රටට පතිත වෙමින් තිබේ. සාමකාමී පරිසරයක දී යුධ පරිසරයක ඇති අභියෝග වලට හාත්පසින්ම වෙනස් අභියෝග වලට මුහුණ දෙන්නට සිදුවෙයි. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර වර්තමානයේ එල්ලවී ඇති අභියෝග තියුණුය. ඉතාමත් සංකීර්ණය. විදේශ සම්බන්ධතා, ආයෝජන, වෙළඳාම හා වෙනත් ආර්ථික කරුණු ඉදිරියේ ඉන්දියාව සමග සහයෝගීතාවය වැදගත්ය...
More...
 
06/03/2011 - ඉරිදා ලංකාදීප
වර්තමාන ආර්ථිකය සහ දේශපාලනයේ ඇති අභියෝග - මිලින්ද මොරගොඩ
... ස්වභාවික විපත් වලට හුරු රටවලට මෙවැනි අභාග්‍ය සම්පන්න අවස්ථාවකදී එයට මුහුණ දෙන්නේ කෙසේ දැයි අත්දැකීම් ඇත. සුනාමි විපත හැරෙන්නට ස්වභාවික විපත් නිසා විශාල අභියෝග නොවූ සමාජයකට මේ සා විශාල හානියකට එකවර ඔරොත්තුදීම ලෙහෙසි පහසු එකක් නොවේ... කම්පාවිය යුත්තේ එවැනි අවස්ථාවක අභාග්‍යය පැමිණි හෙයින් නොවේ. කඩිනම් සැලසුම් වලින් හා වගකීමකින් යුතු කි‍්‍රයාමාර්ග වලින් එම යථාර්ථයට මුහුණ දීම වැදගත්ය. මෙම පාරිසරික අර්බුද විසින් ඇති කරන ලද බලපෑම හා එහි අතුරු ඵල පිළිබඳව නිශ්චිත පදනමක පිහිටා, විශ්ලේෂණයක යෙදී එහි බලපෑම අවම කර ගැනීම පිණිස ඇති විසඳුම් සොයා බැලීමට අද අපට සිදුව තිබේ...
More...
 
13/03/2011 - ඉරිදා ලංකාදීප
දේශපාලනයේ වහල් භාවය හා නිවහල් ජන නායකයින් බිහි කිරීම - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාවේ ඇත්තේ රටට ගැලපෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි. මූලික ගුණාංග කෙසේ වෙතත් මහජනතාව ස්වකීය දේශපාලන නායකයින් සමග නිහඬ සම්මුතියක සිටින බව දේශපාලනයේ දී අවබෝධ කරගතයුතු කරුණකි... පළාත් පාලන මැතිවරණය දෙස පුරුදු අවඥාවෙන් හා තමන්ට හිරිහැරයක් වී ඇති ලෙසින් බලන මහජනතාව මේ අවස්ථාවේ දී ද ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකෙන්නට ඉඩ තිබේ. මෙවැනි ක‍්‍රමයක් පවත්වාගෙන යන්නට තමන් දායක විය යුතු නැති බව මධ්‍යස්ථව සිතන ජනතාවගේ අදහස බව මගේ විශ්වාසයයි. ඡුන්දය පාවිච්චි කිරීමෙන් වැලකෙන විට අපේක්ෂකයන් පාවිච්චි කර ඇති ඡුන්ද ප‍්‍රමාණයෙන් බහුතරය ලබා ගැනීමෙන් බලයට පත්වෙයි. සාධාරණ, යුක්ති ගරුක අපේක්ෂකයන්ට එයින් සිදුවන්නේ අසාධාරණයකි...
More...
 
19/03/2011 - ලංකාදීප
සම්බුද්ධත්ව ජයන්තිය සමග මතුකර ගත යුතු උරුමයක උල්පත - ගිරිහ`ඩු මහ සෑය - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී සම්බුද්ධත්වයෙන් 2600 වැනි සංවත්සරය සමරන්නට ශ‍්‍රී ලාංකික සැදැහැවත් බොදුනුවන් සූදානමින් සිටී. ජන සමාජය විශාල පරිවර්තනයකට යොමු කිරීම උදෙසා බුදු දහම මගින් කළ හැකි බලපෑම පුලූල්ය. වර්තමානයේ දී බුද්ධ දර්ශනයට ජගත් ප‍්‍රජාවගේ වැඩි අවධානයක් හිමි ව ඇත. කාලීන ප‍්‍රායෝගික දර්ශනයක් ලෙස ඔවුහු බුද්ධ ධර්මය ගැන සිතති. යථාවබෝධය ළඟා කර ගැනීම ට අනුගමනය කළ යුතු මග බුද්ධ දේශනාවේ සඳහන්ය. එහි ඇත්තේ සදාකාලික දර්ශනයකි. එයින් ප‍්‍රඥාව බිහි කරයි...
More...
 
27/03/2011 - ඉරිදා ලංකාදීප
සමාජ ප‍්‍රතිසංස්කරණයක් කරා... - මිලින්ද මොරගොඩ
ආර්ථීක හා සමාජයීය වශයෙන් වැදගත් ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිටින යුගයක අද ජාත්‍යන්තර සමාජය පසුවෙයි. රාජ්‍ය පාලනය ප‍්‍රශ්න කරන නව ප‍්‍රවනතා බිහිවෙමින් තිබේ. ස්ථාවරව පැවති ආණ්ඩු හා පාලන ක‍්‍රම වලට අභියෝග එල්ල වී ඇත... ලෝක ආර්ථීකයේ මේ හා සමාන අවස්ථා වලට... ආර්ථික හා සාමාජයීය අර්බුද මතුවන විට ජගත් නායකයෝ උපායශීලීව එයට මුහුණ දෙති. ප‍්‍රශ්නය අවබෝධ කරගන්නට සාකච්ඡුා පවත්වති. විද්වතුන් එකතු වී ආර්ථික හා සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනා කරති. ඒ මගින් මෙවැනි අවස්ථාවන්ට පිළිතුරු සොයා ගන්නට වෑයම් කරති. ගැටලූ ඇතිවීමට බලපෑ හේතු සොයා එයට පිළිතුරු නිර්මාණය කිරීම ප‍්‍රතිසංස්කරණයකි...
More...
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 1 to 10 of 91 Records