» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/06/2013 - ඉරිදා ලංකාදීප
ධීවර කර්මාන්තය තුළ නවෝදයක් ඇති කරන මග - මිලින්ද මොරගොඩ

පසුගිය දිනවල මෙරට ධීවර කර්මාන්තය මහත් දුෂ්කරතාවයකට මුහුණ පෑවේය. මුහුදු ගිය ධීවරයන්ගේ වටිනා ජීවිත රටට අහිමි වූ අතර ධීවර පවුල් සෑහෙන ප‍්‍රමාණයකට සිය දේපොල විනාශවීම ගැටලූ සහගත තත්ත්වයක් ඇති කළේය. මෙම පැති ගැන සලකා බලනවිට කර්මාන්තයේ අවදානම හා එහි ඇති අලූත් අවස්ථා සාකච්ඡා කිරීම වැදගත් බව පෙනේ. ධීවර කර්මාන්තය වැඩි දියුණු කර රට සංවර්ධනයට එයින් ලබාගත හැකි දායකත්වය ගැන අවධානය යොමු කළ යුතුය.

ඉන්දියන් සාගරය තුළ ශ‍්‍රී ලංකාව පිහිටා ඇති ආකාරය අනුව ධීවර කර්මාන්තයට ඔබින පසුබිම ඉතා විශේෂිත එකකි. නමුත් පසුගිය දශක තුන තුළ පැවති යුදමය පරිසරය මුහුදු ධීවර කර්මාන්තයේ ප‍්‍රගතියට ප‍්‍රමාණවත් ඉඩ සපයා දුන්නේ නැත. ආරක්ෂක හේතු මත ධීවරයන්ට බාධා පැනවුන අතර එය මෙරටට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදනය අඩාල කරන්නට බලපෑ කරුණකි.

මුහුදු ධීවර කර්මාන්තය ඉතිහාසයේ සිටම නොයෙක් අභියෝග වලට මුහුණ පා තිබේ. යටත් විජිත පාලනය තුළ ලාංකිකයන්ට මුහුදු ගමන් වලට පැනවුන සීමා එයට බලපෑ ප‍්‍රබල එකකි. අධිරාජ්‍යවාදීහු ස්වදේශිකයන්ට මුහුදු ශක්තිය ඇති කරගන්නට ඉඩ නොදෙන උපායක පිහිටා ක‍්‍රියා කරන ලද බව නිරීක්ෂණය කළ හැකිය. ගොඩබිමින් සටන් කරමින් සිටි රට වැසියන්ට බලවත් තර්ජනයක් වූයේ බටහිර නාවික ශක්තියයි. යටත්වීම සහ ආගම පැතිරවීමෙන් මුහුදුබඩ ප‍්‍රදේශ වල සිදුවූ ආගමික පදනම වෙනස්වීම නිදහස ලැබීමත් සමග මුහුදුබඩ ප‍්‍රදේශවල ධීවර කර්මාන්තය ප‍්‍රචලිත වන්නට හේතු පාදක වූ බව ද සදහන් කළ යුතුය. නිදහසින් පසු ගත වූ මුල් භාගය තුළ ධීවර කර්මාන්තය සම්ප‍්‍රදායික මට්ටමින් ක‍්‍රමයෙන් වැඞී ආ නමුත් මෑත කාලය තුළ ඇති වූ ත‍්‍රස්තවාදී කලබල මුහුදු ධීවර කර්මාන්තයේ යම් දියුණුවක් ඇති කරන වැඩ පිළිවෙලට විශාල බාධාවක් විය. ත‍්‍රස්තවාදය පරාජය සමග දැන් අලූත් යුගයක් උදා වී තිබේ. උතුර නැගෙනහිර ඇතුළු රටපුරා වෙරළබඩ ජීවත්වන ධීවරයන්ට මුහුදු ධීවර කටයුතු වලට නිදහස ලැබී තිබේ.

එනමුත් මත්ස්‍ය සම්පත බහුල උතුර නැගෙනහිර පලාත්වලට පැන නැගී ඇති පවතින ගැටලූ විශේෂිත තත්ත්වයක් ඇති කර තිබේ. දකුණු ඉන්දීය ධීවරයන් සහ මෙරට ධීවරයන් අතර මුහුදු අස්වැන්න නෙලා ගැනීම අරභයා නොයෙක් මත බේධ හටගනිමින් තිබේ. උතුර නැගෙනහිර කලාපයේ මුහුද නිදහස්වීම සමග එය වඩා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. සීමාව බිදගෙන මෙරට මුහුදු කලාපයට ඇතුළුවන දකුණු ඉන්දීය ධීවරයන් ගෙන් සිදුවන හිරිහැර ගැන ලාංකික ධීවරයන් මැසිවිලි නගන අතර නොයෙක් අවස්ථාවල ඉන්දීය මුහුදු යාත‍්‍රා මෙරට මුහුදු සීමා පසුකර අපට අයත් කලාපයේ මසුන් අල්ලන බව ප‍්‍රකාශ වෙයි. නොයෙක් අවස්තාවල ඉන්දීය ධීවරයන් ආරක්ෂක අංශ වල අත් අඩංගුවට ලක්ව ඇත. එය ඉන්දු ලංකා රාජ්‍යතාන්ත‍්‍රික මතබේධ ඇති කරන්නට සමත්ව ඇති අතර පුළුල් දේශපාලන විවාද ඇති කර තිබේ. නාවික හමුදාව ඉතා ඉවසිල්ලෙන් හා කැපවීමෙන් ධීවර ගැටුම් වලට මුහුණ දෙමින් සිටී. දකුණු ඉන්දියාවේ අන්තවාදී දේශපාලන පක්ෂ ධීවරයන්ගේ ප‍්‍රශ්න ඉන්දීය ජාතික ආණ්ඩුවට බලපෑම් කරන මට්ටමට යොදා ගනිමින් සිටිති. දකුණු ඉන්දීය ධීවරයන්ගේ විරෝධතා සහ මෙරට සම්බන්ධයෙන් කරන ප‍්‍රකාශ මතුකරන්නේ උණුසුම් තත්ත්වයකි. දකුණු ඉන්දීය ධීවරයන් අප රටට අයත් ධීවර සම්පත නෙලා ගැනීම වරදකි. නමුත් මෙරට ධීවරයන්ට ඇති පහසුකම් හා ඔවුන් කර්මාන්තයේ නියැලෙන සම්ප‍්‍රදායික ආකාරය අනුව දෙරට අතර ගැඹුරු මුහුදේ මත්ස්‍ය සම්පත සම්පූර්ණයෙන් අපට පමණක් සීමාකර ගැනීමට ද අවස්ථාව නැත. යථාර්තය එයයි.

ජාත්‍යන්තර වාර්තා අනුව අවුරුද්දකට මෙටි‍්‍රක් ටොන් මිලියන 90 ක පමණ මසුන් ප‍්‍රමාණයක් ධීවර කටයුතු වලින් මහ මුහුදෙන් අල්ලා ගනිති. ලෝක වාසීන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් ප‍්‍රශස්ථ කොටසක් සපුරන්නට මෙම ධීවර කටයුතු වලට හැකියාව ලැබී තිබේ. නමුත් දැනට කරගෙන යන පර්යේෂණ වලට අනුව තවත් වසර පණහකින් පමණ ලෝකයේ ආහාර හිගයක් ඇති විය හැකිය. කෘෂි නිෂ්පාදනය වැඩි කිරීමට උනන්දු නොවුනහොත් දුගී ජනතාවට ආහාර මිලදී ගැනීම ප‍්‍රශ්නයක් විය හැකියැයි ප‍්‍රකාශවෙයි. ගොවිපොල තාක්ෂණය වැඩි දියුණු කර අස්වැන්න වැඩි කරන අලූත් දේ සොයාගෙන ඇති අතර ආහාරයට ගත හැකි කෘමීන් ගැන පවා පර්යේෂණ පවත්වන්නට දියුණු රටවල් පියවර ගෙන තිබේ. ගොඩබිම තුළ ආහාරයට ගත හැකි දේ අවසන් වනු ඇති කාලය ගණන් බලා මෙවැනි නොයෙකුත් විකල්ප සොයා බලමින් සිටින බව වාර්තා වෙයි. එපමණක් නොව ලෝකයේ මසුන් අල්ලා ගැනීමේ වේගය අනුව නුදුරු කාලයක මුහුදු මතස්‍ය ගහනය හිග වනු ඇතැයි ද ආර්ථික පර්යේෂකයෝ අනාවැකි පළ කරන බව පෙනේ. එයට විකල්පයක් වශයෙන් මුහුදු කලාප වල මසුන් වගා කිරීමට සහ ජල ජීවීන් ඇති කර ආහාරයට ගැනීමේ තාක්ෂණය දැනටමත් ආරම්භ කර ඇත.

මෙවැනි තොරතුරු වලින් පෙනෙන්නේ ආහාර සම්බන්ධව පැන නැගෙන තත්ත්වය හා ධීවර කර්මාන්තය පැතිර යන නව පැති පිළිබදවය. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ධීවර ප‍්‍රශ්න මෙවැනි ගැටලූ අතර එක් විෂයයක් පමණකි. දෙරට අතර ධීවර ප‍්‍රශ්න පැන නැගෙන බව වාර්තා වන්නේ ලෝකය තුළ ඇති මෙම නව ප‍්‍රවනතා නොසලකමින්ය.

චීනය, ජපානය සහ නෝර්වේ වැනි රටවල් තාක්ෂණය භාවිතා කරමින් බහු දින යාත‍්‍රා භාවිතා කරමින් ලෝකයේ නොයෙක් මුහුදු කලාප ආශ‍්‍රිතව මසුන් අල්ලා ගනිමින් සිටී. ශ‍්‍රී ලංකාවට ද එවැනි අලූත් තාක්ෂණික පැති ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. මෙරට මුහුදු සීමාවේ මතස්‍ය සම්පත නිසි ලෙස නෙලා ගැනීම විනා විකල්පයක් අපට නැත. ආසියානු කලාපයේ වෙනත් රටවලට නැති ආකාරයේ විශාල මුහුදු තීරයක් රටට තිබේ. එහි ඇති මතස්‍ය සම්පත පමණක් නොව වෙනත් ස්වභාවික සම්පත් වලින් ද රටට සෑහෙන ප‍්‍රයෝජන අත්පත් කර ගැනීමට හැකියාව ඇත. නමුත් බලපා ඇති ප‍්‍රධාන කාරණය ආයෝජනය කරන්නට සම්පත් හිගකමය. ආයෝජනයට ධනය පමණක් නොව මානව සම්පතද ප‍්‍රමාණවත් නැත. මෙවැනි අභියෝග හමුවේ දෙරට අතර මුහුදු කලාපයේ ඇති සම්පත් රටවල් දෙකම එකතු වී සංවර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

මන්නාරම ඇතුළු ගැඹුරු මුහුදේ තෙල් ගවේශන කටයුතු ඉන්දීය තාක්ෂණය සහ ආයෝජනය ඇතිව දැනට කරගෙන යයි. විශාල ධනයක් වැය කරන එම කාර්යය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ගිවිසුම් අත්සන් කර ව්‍යාපාරික සම්බන්ධතා ගොඩ නගා ගැනීමට දෙරටටම හැකියාව ලැබී ඇත. දෙරට අතර මුහුදු කලාපයේ මතස්‍ය සම්පත සම්බන්ධයෙන් ද මෙවැනිම පොදු මෙහෙයුම් යාන්ත‍්‍රණයක් සකස් කරගැනීම ප‍්‍රයෝජනවත්ය. උනන්දවක් දක්වන ලාංකික සහ ඉන්දීය විද්‍යාර්ථීහු මෙම කරුණ ගැන නොයෙකුත් පර්යේෂණ පවත්වා තිබේ. දත්ත වාර්තා නිකුත් කර ඇත. ඉතිහාසයේ පටන් දෙරට අතර පවතින හැ`ගීම් බර ආවේගශීලී ක‍්‍රියාකාරකම් හෙයින් විද්‍යාර්ථීන් ඉදිරිපත් කරන යෝජනා පවා අවධානයට ගැනෙන බවක් පෙනෙන්නට නැත. අද අවශ්‍ය වන්නේ ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ධීවර සහයෝගීතාවක් ඇති කර ගැනීමයි. ලෝකයේ නොයෙක් රටවල් තම මුහුදු කලාප අතර එවැනි දියුණු සහයෝගීතා වලට එක`ගව කටයුතු කරමින් සිටී. දෙරටෙහි ධීවරයන් අල්ලන මසුන් ප‍්‍රමාණය රටවල් අතර බෙදා ගන්නා සැලසුම් සකස් කිරීම වර්තමාන තාක්ෂණික යුගයෙහි අසීරු කර්තවයයක් නොවේ. අවශ්‍ය වන්නේ නිසි වැඩ පිළිවෙලකට පදනමක් දැමීමයි. ශ‍්‍රී ලංකාවේ ගෞරවය හා අභිමානය ආරක්ෂාවන වැඩපිලිවෙලකට යාමයි. ධීවරයන් අතර ගැටුම් සහ අවසානයේ දී රටවල් අතර මත බේධ අවුලවන තැනට නොව මුහුදේ ඇති මසුන් ප‍්‍රමාණය අල්ලා යම් අනුපාතයකට බෙදා ගන්නා සැලසුමක් සකස් කළ හැකිනම් එහි වාසිය අත්පත් වන්නේ රටවල වැසියන්ටය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ මාලූ මිල හා මෙරට ධීවරයන්ගේ ජිවන තත්ත්වය දෙස බලන විට එවැනි අලූත් අදහසකින් වැඩි වාසි අත්පත්වන්නේ ශ‍්‍රී ලංකාවට බව අවබෝධ කර ගත යුතුය. දෙරට අතර කුඩා ප‍්‍රදේශයේ මසුන් ඇල්ලීම පරිසරයට හිතකර පාලන යාන්ත‍්‍රණයකට නතු කිරීමට ද මෙවැනි ක‍්‍රමවේදයකින් හැකියාව ලැබෙයි. ධීවර කටයුතු හෝ දෙරට අතර සමුද්‍ර සම්පත් ගවේශනයට පොදු මධ්‍යස්ථානයක් ලෙස කච්ඡතිව් දූපත උපයෝගී කර ගැනීමට ද අපට හැකියාව තිබේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.