» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/11/2011 - ඉරිදා ලංකාදීප
නායකත්වය විමසා බැලීමෙන් සමාජ ප‍්‍රගතියට අවකාශයක් - මිලින්ද මොරගොඩ

නායකත්වය යනු කුමක් විය යුතු ද? නායකයින්ගේ ස්වභාවය කෙබඳු ද? ජාතික, ආගමික හෝ රාජ්‍ය නායකත්වයෙන් සමාජ අපේක්ෂා කරන පැවැත්ම කුමක් ද? මේවා විමසා බැලීම අවශ්‍යතාවයකි. වර්තමානයේ නායකත්ව ගුණාංග අභියෝගයට ලක්ව ඇත. සමාජය ප‍්‍රශ්න කරයි. සමාජයට ප‍්‍රශ්නයක් ව තිබේ. එහි ඉරණම කවර මගක් ද?

ප‍්‍රශ්න හමුවේ ආගමික නායකයෝ දාර්ශනිකව මග දක්වා ඇත. ජීවිත අරමුණ පෙන්වා දී තිබේ. සමාජ නායකයෝ එහි තවත් පැත්තකි. දේශපාලන නායකයන් රටක පාලනය අතට ගනී. නායකයන් අවශ්‍ය අර්බුදකාරී අවස්ථාවක දී ය. ලෝකයේ නොයෙක් තැන පාලන ක‍්‍රම එකිනෙකට වෙනස්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය බහුතරයේ පිළිගැනීමයි. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව මහජනතාව කැමැත්තෙන් නායකයෝ පත්කර ගනිති. රාජ්‍ය පාලනයටය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය බහුතරයගේ කැමැත්තයි. සුළුතරයක් ද සිටී. එම පිරිස ට ද මතයක් තිබේ. රාජ්‍ය නායකයන් පත් කර ගන්නේ දේශපාලන දර්ශනය අනුවය. පාලන කාලය, නීති රීති රටවල්වලට අනන්‍යය. ඉතිහාසයට අනුව ග‍්‍රීසියේ පාලනයට වැසියන් සියලූම දෙනා සහභාගී වී ඇත. දැන් මහජනතාව පත්කර ගන්නා නියෝජිතයන්ට නායකත්වය හිමිවෙයි. කලක් ගතවන විට මහජනතාවට තම නායකයන් කෙරෙහි තිබූ ප‍්‍රබෝධය අඩුවෙයි. තමන් කැමති දේ ඉටු නොවන නිසාය. පොදු අදහස් අනුව රට පාලනය කළ ද එකිනෙකාගේ සිතුම් පැතුම් වෙනස්ය. එකිනෙකට වෙනස් අවශ්‍යතා සහමුලින්ම සම්පූර්ණ කරන්නට පාලන තන්ත‍්‍රය අසමත්වෙයි. එය කලකිරෙන්නට හේතුවකි.

අතෘප්තියට පත්වන කණ්ඩායම් එකතු වී විරෝධය පළ කරයි. වීදි බසියි. ගැටුම්, කරළි කෝලාහල අවුලවයි. ඔවුන්ට අවශ්‍ය පාලනය වෙනස් කරන්නටය. නායකත්වය වෙනස් කර තම සිතැගි පරිදි මෙහෙයවන නායකත්වයක් පත් කර ගන්නටය. අද ජාත්‍යන්තර සමාජයේ නායකයන් මුහුණ දී ඇත්තේ එකී ස්වභාවයටය. මහජනතාව වීදි බසින යුගයකටය. ජනතා කැමැත්තෙන් පත්වන පාලකයෝ මහජනතාව වීදි බසින විට තැති ගැන්මකට ලක්වෙති. එය භයානක ත‍්‍රස්තවාදයට වෙනස්ය. එතරමට ම දරුණුය. අන්තවාදීය.

ජන රැලි නැගේ. දැවැන්ත නායකත්ව බලයෙන් පහවෙයි. මහජනතාව විසින් ම ඔසවා තැබූ ජන නායකයන් ගේ ප‍්‍රතිරූප දිනෙන් දින විනාශ වී, මොහොතකින් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසෙයි. වීරයෙකු ලෙස ජීවත්වන නමුත් අනාගතයේ තමන් ගැන ලියැවෙනු ඇත්තේ කෙසේද? නායකයෝ අලූත් පැත්තකින් සිතන්නට පටන්ගෙන තිබේ. බලය ආරක්ෂා කරගෙන පවතින ආකාරය ගැන අවධානය යොමු කරන්නට පටන්ගෙන ඇත. එය අද දැකිය හැකි දෙයයි.

නායකත්ව අර්බුදයට තීරණාත්මක තැන නිර්මාණය වූයේ මැදපෙරදිග කලාපයෙන්ය. ටියුනීසියාව, ඊජිප්තුව, සිරියාව හරහා ලිබියාවෙන් අන්තයකට ඇදී ගියේය. බලවේගය, වීදි බැසීමයි. මහජනතාව එකතුවෙයි. සාහසිකය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය එහි නැත. සම්ප‍්‍රදායික ආණ්ඩු පෙරැළි නොවේ. නායකත්වය අදිසිය. එහි ඇරඹුම සුළු සිද්ධියකින්ය. එය වටා කතා බහ පැතිරෙයි. ජාත්‍යන්තරයට පැතිර යයි. ලෝක බලවතුන් මැදිහත්වෙයි. ඝාතනය පහසුය. විනාශය ලෙහෙසිය. දශක ගණනක් දහඩියෙන් කදුලෙන් ගොඩනැගුණ බලවේග අසරණ විනිශ්චයකට පත්වෙයි. පසුගියදා සවුදි අරාබිය ඇතුලූ රටවල් හයක් එකතු වී යෝමනයේ ජනාධිපති බලයෙන් ඉවත්කරන තීන්දුව ගත්තේය. එය සිදුවූයේ සමාජ පීඩනය හමුවේය. තවත් පැත්තක් ඇත. මැද පෙරදිග රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය තිබුණ ඒවා නොවේ. ඒ රටවල් පාලනය වූයේ අනන්‍ය ක‍්‍රමයකටය. අන්තර් ජාලය, සමාජ වෙබ් අඩවි හරහා තරුණ පරපුර අලූත් මතවාද පැතිරවීය. පාලනයේ පැති ප‍්‍රශ්න කළේය. විරෝධතා ඇවිලූණේ එලෙසය. එය අන්තවාදයට ගමන් කිරීමෙන් පාලකයෝ අර්බුදයකය. නායකත්ව අසරණය. තමන් සෑහීමකට පත්නොවන විට අර්බුද ඇතිකරන්නට හැකි තරමට මත අවුලවන්නට හැකිවී තිබේ. එය තවත් අන්තවාදයකි. මැද පෙරදිගට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍ය විය හැකිය. නමුත් මෙවැනි අන්තවාදයක් එයට විකල්පයද?

විවිධ යුග වල විවිධ සාමාජයික හා ආර්ථීක අවශ්‍යතා වෙනුවෙන් නායකයන් බිහිව තිබේ. ඔවුන්ගේ පෞර්ෂයය එකිනෙකට වෙනස්ය. තීන්දු ගන්නා ස්වභාවයේ පරස්පරතා ඇත. අවධානය නොදක්වන ඉලක්කයක් කරා සමාජය මෙහෙයවන්නට සමත්විය. ජනතාවට ඉදිරියෙන් සිටියේ. කැපවීමෙන් කටයුතු කරන්නටත් දුරදර්ශි නායකත්වයට හැකිවිය. නායකත්ව අභියෝගයට පත්වන පසුබිම හමුවේ ටියුනීසියාව මැතිවරණයක් පැවැත්වීය. ඊජිප්තුව තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීය. ලිබියාවේ තත්ත්වය ඛේදවාචකයකි. මැද පෙරදිග පමණක් නොවේ. ලෝකයේ බලවත් රටවල පවා ගැටලූය. ඇමරිකාවේ ආර්ථිකය ප‍්‍රශ්නවලට මුහුණ පා සිටී. යුරෝපය එයට දෙවැනි නැත. මේ රටවල් වල ආර්ථික හා මූල්‍ය අර්බුද චීනයට බලපා තිබේ. චීනය දැවැන්ත ජනගහනයක් සහිතය. එහි පාලනය වෙනස් එකකි. ගැටළු ඇතිවුවහොත් භයානක ප‍්‍රතිවිපාක ඇතිවිය හැකිය. ඇමරිකාවේ ආර්ථිකයට බලපෑවේ ධනවාදය බව ට අදහසක් වීදියෙන් මතුවෙයි. වෝල්ස්ටි‍්‍රට් කලාපය විරෝධතාකරුවන් වටලන්නට පටන්ගෙන ඇත. එය එරට ආර්ථික මර්මස්ථානයයි. බි‍්‍රතාන්‍ය, ජර්මනිය ඉතාලිය හරහා යුරෝපය පුරා වීදි බසින කණ්ඩායම් ධනවාදයට එරෙහි ව විරෝධතා නගයි. තමන්ට සිතැ`ගි පරිදි පාරට බසින සටන්කාමීන් ලොව පුරා නායකත්ව සසල කර තිබේ.

ප‍්‍රධාන වශයෙන් මෘදු නායකයන් සිටිති. දෙවනුව දැඩි නායකයන් ද සිටිති. විටෙක මෘදු බවත්, අවශ්‍ය පරිදි දැඩි භාවයත් මුහුකර රටට නායකත්වය දෙන්නට සමත් විශිෂ්ට නොඑසේනම් ිප්රඑ ඡුදඇර නායකයන් ද ඇත. ඔවුහු දුලබය. අවස්ථාවෝචිත ලෙස හැසිරෙන නායකත්වයක් ද ඇත. මෙම නායකයාගේ ප‍්‍රධාන හැකියාව තැනට සුදුසු ලෙස තීරණ ගැනීමයි. එවැනි නායකයෝ ද ජන සමාජ වල සිටිති. සමාජයේ පරිවර්තනයක් කරන්නට සෑම නායකයෙකුටම දර්ශනයක් නොඑසේනම් තමුන්ගේම සැලැස්මක් තිබිය යුතුය. එය ජනතාවට පැහැදිලිකර ප‍්‍රායෝගික එකක් බවට පත්කර ගත යුතුය. එය පහසු නැත. දැන් මෙම නායකත්ව ගුණාග යටපත්වෙමින් ඇත. එය පෙනන දෙයකි. දැන් ලෝකයේ නායකයෝ වීදි සටන් වලට බියවී සිටිති. නායකත්වය ජනතාවට ඉදිරියෙන් සිටිය යුතුය. නියම නායකත්වය එයයි. මහජනතාවට ඉදිරියෙන් සිටින විට නායකයන්ගේ තීන්දු දුර දිග බලා ගන්නා ඒවාය. ඒවායේ ප‍්‍රතිඵල ඉක්මන් නැත. ඇතැම් ඒවා සමාජය නොඉවසයි. අවශ්‍ය එවැනි දුරදිග බලන නායකත්වයයි. නමුත් මහජනතාවගේ කැමැත්ත අනුව නායකත්වය ගුණාංග වෙනස් වෙමින් පවතින බව පෙනේ. ප‍්‍රශ්න විස`දීමට තද තීන්දු ගත යුතුය. එවිට වැරදි හදාගත හැකිය. ඇමරිකාවේ ආර්ථිකය වැටෙන විට එය තරගකාරීත්වයට ලක් කරන්නට සිදුවිය. ආර්ථිකයේ යතාර්ථය එයයි. තරගයෙන් දිනන ව්‍යවසායකයෝ ඉතිරිවෙති. මේ තරගයට මුහුණ දෙන්නට නම් ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. ප‍්‍රතිසංස්කරණ හැම දෙනෙක්ම සතුටු කරන ඒවා නොවේ. එයින් අවාසි සිදුවන කොටසක් ඇත. සු`ථ පිරිසකට අවාසියක් සිදුවන නමුත් වැඩි දෙනෙකුගේ ජීවිත එළිය වැටේ. ප‍්‍රතිසංස්කරණය එයයි. එයට විරුධය. විරෝධතාය. අද නායකයන්ට සිදුවී ඇත්තේ ජනතාවගේ කණට මිහිරි තීන්දු ගැනීමටය. ඔවුන් සනසන්නටය. සහන සපයන්නටය. සහන නොදෙන විට ජනප‍්‍රසාදය පහලයයි.

නායකයන්ගේ ජනපි‍්‍රයත්වය වෙනස්වීම වේගවත්ය. දශක ගණනකට කලින් තොරතුරු හුවමාරුව මෙතරම් වේගවත් නැත. නායකයන් ජනතාවට එතරම් කිට්ටු ද නැත. එය පරතරයක් ඇති කර තිබිණ. එය ගෞරවය ඇතිකළ එකකි. අද නායකයන් ජනතාව නිතර දකින සාමාන්‍ය පුද්ගලයන්ය. ඔවුන් කන බොන, හැසිරෙන හා තීන්දු ගන්නා ආකාරය විවෘතය. මෙම තීන්දු මාධ්‍ය විවේචනය කරයි. නායකයන්ගේ ගෞරවය අඩු වී තිබේ. සමාජය නායකයන්ට ගරු නොකරන විට එහි පීඩනය නැවත ලැබෙන්නේ සමාජයටය. නායකත්වයට, රටට ගෞරවය නැති විට සමාජයට ගරුත්වයක් නොලැබේ. නායකයන්ට ද ගෞරවය දිනාගැනීමේ අබිලාශයක් තිබි යුතුය. එසේ හැසිරෙන්නට වගකීමක්තිබේ. ඉතාලියේ බලස්කෝනි නායකත්වයට එන විට සමාජය මහත් බලාපොරොත්තු ඇතිකර ගත්තේය. ඔහුගේ හැසිරීම ඔහුට හිමිවිය යුතු ගරුත්වය උදුරාගත්තේය. සමාජය නායකයන්ට ගරු කිරීමට සේ ම නායකයන් ගරුත්වය දිනා ගන්නට අසමත් විශම තත්ත්වයකින් අනාගත පරපුරට ලැබෙන අස්වැසිල්ලක් නැත. තොරතුරු තාක්ෂණයේ වේගවත් බව නිසා විවේචන, ලෝකය පුරා පැතිරෙයි. අන්තර්ජාලයේ වෙබ් අඩවි පුරා සාකච්ඡුා වෙයි. සත්‍ය අසත්‍ය බව, එහි ගැඹුර ගැන විමසන්නේ නැත. ඇතැම් තොරතුරු අසත්‍යය. එයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිදුවන හානිය විශාලය. තීන්දුවක හරය වැදගත්ය. ප‍්‍රතිරූප බි`දවැටේ. නායකයන් ගන්නා තීන්දු තියුණු විවේචන සමග ගොඩනගන මත අද නායකයන්ට එරෙහි ජනප‍්‍රිය බලවේගකි. සටන් අවුලවන තැතකි.

ජනපි‍්‍රය නායකයන් ඉක්මනින් බිහිවෙයි. ජනතාවගේ අප‍්‍රසාදයට ලක්වන්නට ද ගත වන්නේ කෙටි කාලයකි. එක සිද්ධියකි. බලය ආරක්ෂා කර ගන්නට නායකයන් මහජනතාවගේ පැත්ත ගත යුතුය. පැත්ත නොගන්නා විට අප‍්‍රසාදයට පත්වෙයි. කණට මිහිරි දේ කියන්නටත්, මහජනතාවට දැනෙන දේ කරන්නටත් හුරුවෙයි. සිංගප්පූරුව ගොඩ නැගූ ලී ක්වාන් යූ මහතා ට අවශ්‍ය වූයේ ජනපි‍්‍රයවන්නට නොවේ. මහජනතාවගේ ගෞරවය දිනා ගැනීමටයි. එය ඔහු එකහෙලා කියා සිටියේය. අද වැනි සමාජයක ලී ක්වානු යූ ට එම ගරුත්වය දිනා ගත හැකි වේද? සමාජ පරිවර්තනයක් කළ නායකයෝ ගරුත්වය දිනාගත්හ. ඔවුහු ජනපි‍්‍රයත්වය සොයා තීන්දු ගත්තේ නැත. ආසියවේ එවැන්නෝ බහුලය. රටවල් දියුණු කළේ ඔවුහුය.

නායකයන්ට විරුද්ධව පාරට බැසීම අලූත් තත්ත්වයකි. එය ජනපි‍්‍රය වෙමින් තිබේ. බලවේග මතුවෙයි. ඝෝෂා නගයි. පාලනය අඩබනකරයි. සටන්කරුවන්ට අවනත වන්නට රාජ්‍ය නායකයන්ට සිදුව ඇත. ජනතාවට ඉදිරියෙන් සිටිය යුතු නායකයන් වෙනුවට ඛැ්ා ඉහ දෙකකදඅසබට බිහි වන බව පෙනේ. ජනතාව පසුපස යන නායකයින්ය. විසි එක්වැනි සියවසේ නායකත්වය එයද? සමාජ ආකල්පය අනුව රාජ්‍ය පාලනය කිරීමේ හැකියාව මහජනතාව ගේ හිත බලා තීන්දු ගන්නා ක‍්‍රමයකි. නායකත්වයට පණිවුඩය ලැබිය යුතු වීදියේ සිදුවන ජන විරෝධතාවයෙන්ද? තීරණයක් ගන්නට සූදානම්වන විට එයට නැගෙන විරෝධය හමුවේ එය පසෙක තැබිය හැකිය. සීමාව කොතැනකද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක තීරණ ආපසු හැරවීමේ ශක්‍යතාව විරෝධතාකරුවන් අතට පත්වීම සුදුසුද?

කයිරෝ, රෝමය හරහා ඉන්දියාවට පැමිණ ඇත්තේ නායකත්වයේ මෙම අලූත් භූමිකාවයි. ජනතාව පත්කරන නායකයන්ට දර්ශනය පරිදි මෙහෙයවන්නට ඉඩදීම වැදගත්ය. ග‍්‍රීසිය හා ඉතාලිය මේ අර්බුදය හමුවේ වෙනත් තෝරා ගැනීමකට ගොස් තිබේ. අසාර්ථකත්වය ගැන චෝදනා නගනවිට ක්ෂේත‍්‍රයේ දක්ෂයන් නායකත්වයට කැ`දවා තිබේ. ඡුන්දයෙන් නොවේ. අගමැති ධුරය ට ආර්ථික දැනුම ඇති, දක්ෂ පුද්ගලයන් පත් කර ඇත. ඔවුහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී තෝරාගැනීමක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට පිටතින්් පත්වූවෝ වෙති. එයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග විවාදයකය. මහජනතාව ඡුන්දයෙන් තෝරා ගත යුතු දක්ෂ නායකයන් ද? නැතිනම් අධ්‍යාපනයෙන් පිරි විද්‍යාඥයන්ද? අර්බුද විස`දන්නට ක්ෂේත‍්‍රයේ දක්ෂයන්ට තීන්දු ගන්නට සිදුවෙයි. ඒවා ජනතාවට ඉවැසිය හැකි ඒවා ද? අමිහිරි තීන්දු ඉදිරියේ මේ පිරිස ද අසාර්ථක වන්නට ඉඩ තිබේ. එහි ප‍්‍රතිඵල නුදුරේ දී ම ජාත්‍යන්තර සමාජයට ලැබෙනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යය. එය හො`ද පාලන ක‍්‍රමයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහිකළ යුතු සමාජයට බය නායකයන් ද? විරෝධතා ඉදිරියේ තීරණ ගැනීමට පසුබාන නායකත්වයක් ද ? අද ඇත්තේ වේගවත් සංකල්ප මත පවතින සමාජයකි. විරෝධතා නැගෙන්නේ ක්ෂණයකිනි. තමන් ට හිමි තැන ගැන නායකයන් අවබෝධ කරගත යුතුව තිබේ. තමන් ගත යුතු සංකල්ප මග ගැන අවබෝධ කරගෙන සිටිය යුතුය. නිසි දේ නිසි අවස්ථාවේ කර නිසි මොහොතේ දී නික්ම යා යුතුය. බලය වැදගත් නැත. බලහත්කාරයෙන් බලයේ රැදී සිටීම භයානකය. සමාජ ය ගමන් කරන නියාව දැක නිසි අවස්ථාවේ තීරණය ගැනීම ද නායකයන්ගේ වගකීමකි. ගරු බුහුමන් කර ඔසවා තබන ජන බලවේගය ම යළි පාගා බිම දමයි. එය තේරුම්ගත යුතුය.

අද තාක්ෂණයෙන් දියුණුය. විද්‍යාව නව සොයාගැනීම්කර ඇත. මහජනතාව බුද්ධිමත්ය. එනමුත් නායකත්ව ලක්ෂණ අවරට ගමන් කරමින් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉඩ තිබිය යුතු සංවාදයටය. සුසංවාදය යහපත ඔසවා තබයි. සියලූ මත අතරින් වඩා යහපත් දේ මතුවෙයි. වීදියට බැස නගන විරෝධයෙන් මතු කරන්නේ සංවාදයෙන් මතුවිය යුතු පරිනතබව නොවේ. මහජනතාව බුද්ධිමත්ය. බුද්ධිය හා අන්තර්ජාලය වැනි සංවාද භාවිතා කළ යුතු ජීවන තත්ත්ව උසස් කර ගැනීමටය. අද සිදුවන්නේ කුමක්දැයි නායකයන් මෙන්ම මහජනතාව ද සොයා බැලීම අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.