» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
22/04/2012 - ඉරිදා ලංකාදීප
ගොවි දන මනා සේ දිනිය යුතු වූ සේ ම ගම් බිම් - මිලින්ද මොරගොඩ

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජගත් ප‍්‍රජාව අතුරින් වැඩිදෙනෙකු පිළිගත් පාලන ක‍්‍රමයක් සේ සැලකේ. එය බහුතර කැමැත්ත මත පදනම් වූ සංකල්පයකි. රජවරුන් හා ඒකාධිපතියන්ගේ අත පැවති බලය, මහජනතාව තෝරා ගන්නා නියෝජිතයන්ට පැවරීම එහි මූලික හරයයි. විවිධ රටවල තමන්ට ගැලපෙන ආකාරයට එහි ප‍්‍රතිපත්ති සකස් කර ගෙන ඇත. එය දිනෙන් දින අලූත් අංග ඇතුල් වෙමින් තිබේ. කාලානුරූපව සිදුවන මෙම සංශෝධන මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය මහජනතාවට සමිප වෙයි.

ව්‍යවස්ථාව, විධායකය හා අධිකරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රමුඛ බලකණුය. එහි ගුණාංග ආරක්ෂා කිරීමට ජනමාධ්‍ය කැපී පෙනෙන භූමිකාවක් ඉටුකරයි. ව්‍යවස්ථාව, විධායකය හා අධිකරණය කෙරෙහි මහජනතාවගේ ගරුත්වයක් ඇත. ගරුත්වය හා එයට අභියෝග නොකරන මට්ටමින් තබා ගැනීම අරමුණු කරගෙන සම්ප‍්‍රදාය හා වරප‍්‍රසාද බිහිවී තිබේ. ව්‍යවස්ථාවට ගරු කිරීම සම්ප‍්‍රදායකි. පාර්ලිමේන්තුව තුළ සම්ප‍්‍රදාය සහ මන්ත‍්‍රී වරප‍්‍රසාද තිබේ. අධිකරණ තුළ තීන්දු විවේචනය නොකිරීමේ සමාජ සම්මුතියක් ඇත. වරප‍්‍රසාද හා සම්ප‍්‍රදාය බිහිවූයේ ක‍්‍රමය ආරක්ෂා කිරීමටය. අභියෝග ඇති නොකිරිමටය. ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතුය. එය බැ`දීමකි. පාර්ලිමේන්තුවට පත්වන සාමාජිකයන්ගේ ගරුත්වය පවතින සම්ප‍්‍රදාය මගින් ආරක්ෂාවෙයි. එහි ඇති වරප‍්‍රසාද ඔස්සේ නවක පාර්ලිමේන්තු නියෝජිතයෙකුට පවා සමාන අවස්ථා හිමිකරයි. අධිකරණයෙන් දෙන තීන්දුවට ගරුකරන එය විවේචනයට ලක්නොවන සම්ප‍්‍රදායක් තුළ යුක්තිය පසි`දලීමේ කි‍්‍රයාවලිය පහසුවෙයි. නමුත් සමාජය පරිවර්තනය වන විට මෙම ආයතන හා සමාජය අතර සම්බන්ධතා වෙනස් වෙන්නට පටන් ගනී.

පවතින ව්‍යවස්ථාව රටට නොගැලපෙන එකක් බව කලක් තිස්සේ විවේචනය වෙයි. විශේෂයෙන් දේශපාලන පක්ෂ එවැනි අදහස් පළකරයි. මෑතකදී පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි පාසල් දරුවන් ජනාධිපති තුමා පාර්ලිමේන්තුවට ප‍්‍රවේශවන විට අත්පොලසන් දුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණ. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව ගැලරියේ නැරඹුම් අංශයේ හෝ වෙනත් තැනෙක සිටින කිසිවෙකුට පාර්ලිමේන්තු සභා ගර්භයේ කටයුතු වලට බාධා කරන්නට නොහැකිය. පාසල් දරුවන් රටේ නායකයාට ගරු කරන මොහොත සම්ප‍්‍රදායට අභියෝගයක් විය. මෙයට කලින් සංඝරත්නය පාර්ලිමේන්තුවට තේරී පත්වූ විට කතානායකවරයාට ගරු කිරීමේ සම්ප‍්‍රදාය ගැන සංවාදයක් ඇතිවිය.

අධිකරණ තීන්දු සම්බන්ධයෙන් මහජන අදහස් පැන නැගෙමින් තිබේ. අප‍්‍රසාදය පළ වෙමින් තිබේ. යුක්තිය ඉටු කිරීමට ප‍්‍රමාදවීම හා අවසානයේ මහජනතාව අපේක්ෂා කරන තීන්දුව නොලැබෙනු ඇති හෙයින් සමාජ විරෝධී සිද්ධි හමුවේ මහජනතාව සිය ප‍්‍රකෝපය පළ කරනු දැකගත හැකිය. මෙයින් පෙනෙන්නේ සමාජ ආකල්ප සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ වෙනස්වන ආකාරයයි.

සමාජයේ ප‍්‍රගමනය හා සමාජ ගෝලීයකරණය අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ වෙනස් වෙමින් පවති. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ලක්ෂණ බි‍්‍රතාන්‍යයේ දී ඇතිවූයේ John රජු හා බැරන්වරු අතර ඇතිවූ බල ගැටුම සමගය. රජතුමා අසාධාරණ ලෙස බලය පාවිච්චි කරන බවට එල්ලවූ චෝදනාව එයට මුල්විය. සම්ප‍්‍රදාය තවදුරටත් පවත්වාගෙන යාමේ උවමනාව අනුව රජු හා රදළයන් අතර ගිවිසුමක් අත්සන් කළ අතර එය මැග්නාකාර්ටා MagnaCarta ගිවිසුමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ මුල් අදහස නිශ්චිතව දැක්වෙන පළමු ඓතිහාසික ලියැවිල්ල ලෙස මෙය ඉතිහාසයට එක්ව තිබේ. එයින් පසු රජු ගේ අධිපතිවාදය සීමාවූ අතර රදළයන්ට ද යම් වගකීමක් පැවරුණි. 1215 වසරේ දී ඇතිවූ මෙම පසුබිමට පසු නොයෙක් දේ වෙනසකට ලක්ව ඇත. අවුරුදු දහස් ගණනකට පසු පාර්ලිමේන්තුව හා අද පවතින සම්ප‍්‍රදාය රාශියක් පදනම එයයි. නොයෙකුත් රටවල් හා ප‍්‍රජාත‍්‍රත්ත‍්‍රවාදයේ විවිධ පැති සහ මහජනතාවට ගැලපෙන පරිදි පාලනයට අවශ්‍ය අංග ඇතුල් කර තිබේ.

නොබෝදා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දී මහජනතාව හා පාර්ලිමේන්තු වරප‍්‍රසාද අතර පරතරය තව දුරටත් අඩු කරන යෝජනාවක් ඉදිරිපත් විය. එය පුලූල් අවධානයට ලක්විය යුතු එකකි. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද කමිටුවට මහජන නියෝජිතයන් දෙදෙනෙකු ඇතුලත් කළ යුතු යැයි යෝජනා කර තිබේ. එම යෝජනාව සම්මත වුවහොත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය හා වරප‍්‍රසාද වල කැපී පෙනෙන පෙරැළියක් සිදුවනු වැලැක්විය නොහැකිය. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද එරට මහජන නියෝජිතයන් අයුතු අන්දමින් ප‍්‍රයෝජන ගන්නා බවට තියුණු හඩක් මතුව තිබේ. මහජන නියෝජිතයන් මහජනතාවගේ ම කොටසක් වන අතර ඔවුන් ගේ පත්වීම සමග ලබන වරප‍්‍රසාද මහත් විවේචනයකට හේතුවිය. මහජන නියෝජිතයෙකු වශයෙන් පත්වන පුද්ගලයා ට ගෞරවයක් ලැබෙන්නේ තනතුර නිසාය. තනතුරට විනා තනතර හොබවන පුද්ගලයා වරප‍්‍රසාද ලාභියෙකු විය හැකි ද යන සංවාදය බි‍්‍රතාන්‍යයේ ආන්දෝලනයක් ඇති කර ඇත. මෙයට උත්තරයක් වශයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව, සිය පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුවට ජනතාව අතරින් පුද්ගලයන් දෙදෙනෙකු පත්කරන්නට සූදානම් වෙයි. මෙම දෙදෙනාට වරප‍්‍රසාද කමිටුවේ දී යම් පාර්ශවයක් සම්බන්ධයෙන් ඡුන්දය පාවිච්චි කිරීමට බලයක් නැත. නමුත් මහජන නිරීක්ෂකයන් වශයෙන් සහභාගීවීමේ අයිතිය හිමිව තිබේ. එය මෙතෙක් පැවති සම්ප‍්‍රදාය වෙනසකට ලක්වීමකි. වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇති විටෙක මෙම නියෝජිතයන් ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කරන අතර එය මහජන මතය සේ සැලකෙනු ඇත. එය පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අභිබවා මහජනතාවගේ බලය මතුවන විශේෂ අවස්ථාවකි.

බි‍්‍රතාන්‍යය තුළ මහජනතාවට බෙහෙවින් බලපාන නීති සහ සෞඛ්‍ය වැනි අංශ වල තීන්දු ගැනීමේ දී දැනටමත් මෙම මහජන නියෝජිතයන් ගේ සහභාගීත්වය ඇත. නීති ප‍්‍රශ්නයක දී හොදම නීතිවේදීන් සිටිය හැකිය. නමුත් මහජනතාව එය දකින්නේ වෙනස් ආකාරයකටය. නීතිය මහජන යහපතටය. සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී ද එසේය. බහුතරයකට බලපාන තීන්දු ගැනීමේදී සම්මත පරිපාලනය සමග මහජන මතය නියෝජනය කරන සාමාජිකයින් ගේ ක‍්‍රමය එරට අත්හදා බලමින් සිටී. එයින් සම්මතයට පරිබාහිරව යමින් මහජන උන්නතිය තකන හැබෑ මහජන කි‍්‍රයාකාරිකයන්ට අවස්ථාව ලැබේ. මහජනතාවට මෙවැනි වෙනස්කම් මගින් විවෘත වන ද්වාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අලූත් මානයක් දක්වයි. නීතිය තිබිය යුතුය. එය නීතිවේදීන්ගේ යහපතට නොවේ. නීතිය මහජනතාවටය. සෞඛ්‍ය රටක වැදගත් අංශයකි. එහි බලධාරීන් විය යුතු වෛද්‍යවරු හෝ හෙදියන් නොවේ. වෘත්තීය අරගල හටගන්නා විටෙක මෙහි අරුත හදුනා ගත හැකිය. වෛද්‍යවරු, හෙදියන් හෝ රෝහල් කාර්ය මණ්ඩලය ක‍්‍රියාකරන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමටය. සෞඛ්‍ය සේවය රෝගියාට විනා වෙනත් කොට්ඨාශයක අයිතිවාසිකමක් විය හැකිද? එය ''ගොවි දන මනා සේ ලැබිය යුතු වූ සේම ගොවි බිම්'' යනුවෙන් හුණුවටයේ කතාවේ කියන දර්ශනයයි. දරුවා අයිති විය යුතු නියම උරුමක්කරුවාටය. ව්‍යවස්ථාවෙන්, නීතියෙන්, සම්ප‍්‍රදායෙන් හෝ වෘත්තිකයන් නිරත මහජන සේවයක් සිදුකරන යම් අංශයක මහජනතාවට ඇති පරම අයිතියට බාධා විය යුතු නැත. මෙය උත්තරීතර සංකල්පයකි.

දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවත් දියුණු වන ආකාරය මෙයින් අවබෝධ කරගත යුතුය. හුණු වටයේ කතාව අපට අනන්‍ය නමුත් එහි දැක්ම ලාංකික සමාජය උකහා ගන්නේ නැත. දරුවා කාගේ වුවත් තමන්ට අයිතිකර ගන්නට ඇති බලහත්කාරය මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බරපතල තැනෙක් හිමිකරගෙන තිබේ. එය අවාසනාවන්ත එකකි. රෝගියා ගැන නොතකයි. යුක්තිය ඉටු වියයුතු පීඩිතයා ගැන සලකන්නේ නැත. වරප‍්‍රසාද පාවිච්චි කරන්නේ එය ස්වකීය තනතුරට හිමි අනිවාර්ය ලාභයක් සේ සලකමින්ය. තමන් අයිතිය ගැන කතාකරන විට මහජනතාවට එයින් සිදුවන අවාසිය ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතාන්ත‍්‍රවාදී ගුණාංග මහ ඉහළින් අගය කරයි. මැතිවරණ ක‍්‍රමය, පාර්ලිමේන්තුව ඇතුලූ එහි ලක්ෂණ බිහිවීම ගැන සලකන විට ආසියානු රටවල් අතර ඉහළම තැනෙක සිටී. නමුත් ජාත්‍යන්තර සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නොයෙක් අංග පැතිරෙන ආකාරයට මෙරටට එකතු වන්නේ නැත. මැතිවරණ ක‍්‍රමය, මැතිවරණ වියදම්, දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය, පාර්ලිමේන්තු විවාද සජීවිව විකාශය මෑත භාගය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යහපතට එකතු වූ ලක්ෂණය. මේ එකම කරුණකින් හෝ පුද්ගල අයිතිය සීමාවන්නේ නැත. එය පුලූල්ව ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කරයි. පාලනයේ දී පාරද්‍රශ්‍ය බවක් හා මහජන නියෝජිතයන්ට ස්වකීය රාමුව තුළ කි‍්‍රයාකරන්නට පෙළඹවීමක් ඇති කරයි. එය තේරුම් ගතයුතුය. සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා තම පාර්ලිමේන්තු කණ්ඩායම ගැන කියා සිටියේ ''රට කජු විසි කළහොත් වදුරන් රොක්වනු'' ඇති බව කියමින්ය. එවැනි අදහසක් කියන්නේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට හො`ද පහසුකම් දිය යුතු බවයි. වරප‍්‍රසාද හා පහසුකම් ගැන මහජන විරෝධයක් නැගෙන අතර අඩු පහසුකම් අඩු වැටුප් මගින් මහජන සේවයට එකතු වන අය ගෙන් කොටසක් හො`ද නායකයන් විය නොහැකිය. ධනය ඇති, පුද්ගලයන් සමාජ සේවයක් වශයෙන් පාර්ලිමේන්තුවට පත්විය හැකි අතර එය පාර්ලිමේන්තු නියෝජනය ධනවතුන්ට පමණක් සීමා කිරීමකි. මැතිවරණයකට තරග කරන්නට ධනය නැති හා පත්වීමෙන් පසු එයට සරිලන ලෙස ජීවත්වීමට අපහසු ඇතමෙකු දූෂණයට ගොදුරු වන්නේ වරප‍්‍රසාද ගැන නිසි තැකීමක් නොකරන අවස්ථාවේදීය. මහජන නියෝජිතයන් ට නායකයෙකුට සුදුසු වරප‍්‍රසාද ලැබියයුතු අතර එම වරප‍්‍රසාද මහජන නියෝජිතයන්ම ප‍්‍රශ්න කිරීමකට ලක්කිරීම සියුම් පැත්තකි.

මෙවැනි සාරගර්භ දැක්මක් කරා යන්නට අපට ශක්තිය තිබේද? සමාජයට දරා ගත හැකිද? ලාංකික සමාජයේ පුරවැසියාට තැනක් ලැබෙන්නේ ඡුන්ද දිනයේ පමණකි. අනෙක් අවස්ථාවල ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආයතනික රාමුවට යටත්වෙයි. ලාංකික සමාජයේ මහජන නියෝජිතයෙකු බි‍්‍රතාන්‍යයේ මෙන් වරප‍්‍රසාද කමිටුවකට තෝරා ගතහොත් සිදුවිය හැකි පැති ගැන ද මෙහිදී සිතා ගත හැකිය. එම නියෝජිතයන්ට ද මෙම ගරු ධුරය වටහා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැත. එයින් නීතිය හෝ පාර්ලිමේන්තු වරප‍්‍රසාද අභිිබවා යන තනතුරකැයි සිතන්නට පටන් ගනී. එයින් බලයක් ඇති කර ගන්නා අතර අවසානයේ දී එයින් යැපෙමින්, ස්වකීය ප‍්‍රතිරූපය නංවා ගන්නටත් මහන්සිවන අතර පසුව එය පාර්ලිමේන්තුවට පත්ව ඇමතිධුරයක් කරා ගමන් කරන කෙටි මාර්ගයක් පමණක්ම වනු ඇත. ලාංකික සමාජය හා පාලන ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සියුම් පැති සම්බන්ධ පුලූල් අවබෝධයක් කරා අප යා යුතු බව මෙයින් වටහා ගැනීම වැදගත්ය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.