ලෝකයේ ඕනෑම රටක පවතින ප‍්‍රශ්න අතරින් ඉඩම් සම්බන්ධ ගැටලූ අතිශය සංවේදීය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටක සම්පතක් වශයෙන් ඉඩම, ඉතා සීමිත හෙයින් එය තවත් සංකීර්ණ ස්වභාවයක් ගනී. නිෂ්පාදනය පැත්තෙන් බලන විට ඉඩම ප‍්‍රබලව උපයෝගී විය යුතුය. දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මයෙන් ලැබෙන දායකත්වය අඩුවී ඇති අවස්ථාවක සහ ආර්ථිකය නවීකරණය හා සංකීර්ණ වී ඇති යුගයක ඉඩම් ප‍්‍රමාණය එහි අයිතිය පමණක් නොව භාවිතයට ගන්නා ආකාරය ගැන ද අලූතින් අධ්‍යයනය කළ යුතුව තිබේ. රටක ආහාර සුරක්ෂිතතාව, මිල තරගකාරීත්වය සහ කෘෂි ඉඩම්වල ඵලදායී භාවිතාව වැනි පැති සංකීර්ණ ප‍්‍රශ්න ඇති කරන අතර ඒවා කළමනාකරණය ද පහසු නැති බව අධ්‍යයන වලින් පෙන්වා දෙන කරුණකි. පශ්චාත් යුද කාල පරිච්ඡේදයක පසුවන අපට අපගේ සීමිත ඉඩම් ප‍්‍රමාණය සහ එහි භාවිතය සම්බන්ධව ඇති අභියෝග අරභයා විවෘත පුළුල් සංවාදයක් ඇති කළ යුතු අවස්ථාව උදා වී තිබේ.
ශ‍්‍රී ලංකාවේ ඉඩම් වලින් සියයට අසූවක පමණ ප‍්‍රතිශතයක අයිතිය ඇත්තේ ආණ්ඩුවටය. ඉඩම් වලින් උපරිම වටිනාකමක් උපයා ගැනීම, ජනතාවගේ නිවාස හා වෙනත් උවමනා හමුවේ උපරිම සහ ස්ථිරසාර භාවයකින් ක‍්‍රියා කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබේ. තවමත් රට පුරා ඇති ග‍්‍රාමීය ඉඩම් ආශ‍්‍රිත පසුබිම නිශ්චිත වශයෙන් හදුනා ගන්නට අප සමත්ව නැත. තෙත් කලාපයේ ඉඩම් ප‍්‍රමාණය හා එහි හිමිකරුවන්ගේ ප‍්‍රතිශතය සාපේක්ෂව ඉතා ඉහළය. උඩරට වතුකරයේ පවා ගම්මාන පුළුල් වෙමින් වතු වල ඉඩම් ජනාකීර්ණ බව වැඩිවෙමින් පවතින වග පෙනේ. සාමාන්‍යයෙන් තෙත් කලාපයට අයත් ඉඩම් වල කොටස් කැඞී කුඩාවීම සමග ඒවායේ අයිතිය පැතිරීම සමග නිෂ්පාදන සාධක සීමාසහිත වන බව නිරීක්ෂණය කළ හැකිය. මහවැලි කලාපයේ ද ඉඩම් බෙදී යමින් මෙම ගැටලූව තවත් ව්‍යාප්ත වන ලකුණු පෙන්වන අතර එය එම කලාපයේ අලූත් පරම්පරාව අද මුහුණ දී ඇති බරපතල ප‍්‍රශ්නයකි. එහි ප‍්‍රථිඵලයක් වශයෙන් මෙරට කෘෂිකර්මයෙහි සමස්ථ ඵළදායීතාව තායිලන්තය සමග සසදන විට හරි අඩකින් අඩු බව පෙන්වන අතර රට තුළ කෘෂි ඵලදායීතාව සාමාන්‍යයෙන් ජාතික සම්මතයෙන් තුනෙන් එකක් දක්වා පසු බැස ඇති බව සදහන් කළ යුතුය. රට තුළ කෘෂි ආර්ථිකයෙන් බිහිකර ඇති රැකියා ප්‍රමාණය සමස්ථයෙන් සියයට තිහකට මදක් වැඩිවන අතර මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙහි ප‍්‍රතිශතයක් වශයෙන් සියයට එකොලහක් දක්වා කෘෂි අංශය පහත වැටීමෙන්, ඉඩම් ගැටලූ සම්බන්ධ අභ්‍යන්තරය මැනවින් අනාවරණය කරයි.
වියලි කලාපයේ ඉඩම් වලින් විශාල ප‍්‍රමාණයක් තවමත් ප‍්‍රයෝජනයට ගෙන නැත. එහි ඉඩම් භාවිතයෙන් වැඩි ප‍්‍රමාණයක් වී වගාවට සීමාවන අතර එම ඉඩම් භාවිතා කරන්නට හැකියාව ලැබෙන්නේ වාරි යෝජනා ක‍්‍රම දියුණුකර නැවත පදිංචි කරන මෙහෙයුමකින් පමණක් බව ඉතිහාසය පුරා පෙන්වන පොදු ලක්ෂණයකි. මෙවැනි දුර්වලතා මග හරින නිසි වැඩ පිළිවෙලක් ඇරඹීමට කාලය උදාවී තිබේ. ඉඩම් භාවිතය අලූත් මගක යායුතු අතර ඉහළ ඵලදායීතාවක් අත් පත්කර දෙන භෝග වවන්නට රට පුරා ඇති හිස් ඉඩම් ප‍්‍රයෝජනයට ගත යුතුව තිබේ. එවැනි අවස්ථාවක සමබර සහ බහුවිධ අපේක්ෂා සපුරන උපාය මාර්ග අනුගමනය කිරීමද ඉතා වැදගත්ය. ඉඩමෙහි වත්කම, එහි අයිතිය, ආහාර සුරක්ෂිතතාවට එයින් දෙන රුකුල, කෘෂි බෝග අපනයන ආදායම වැඩි කිරීමේ හදිසි උවමනාව වැනි පැති එහිලා විශේෂයෙන් සලකා බැලිය යුතු පැති බව දැක්විය යුතුය.
මැදි ආදායම් උපයන රටක් බවට පත්වීම සමග නාගරීකරණය රට පුරා ව්‍යාප්තවන ලකුණු පෙනෙන්නට තිබේ. එය වැලැක්විය නොහැකිය. අඩු ඵලදායීතා, අඩු නිපැයුම් සහ අළෙවියට හේතුවන කෘෂිකර්මයක සිට ඉහළ වටිනාකම් ඉපැයිය හැකි සහ තාක්ෂණය බෙහෙවින් භාවිතා කරන කෘෂිකර්මයකට මෙරට ඉඩම් භාවිතාව යොමු කළ යුතුය. ඉඩම් ආශ‍්‍රීතව සේවා ආර්ථිකයක් බිහි කරන්නට හැකියාව ඇති අතර තොරතුරු තාක්ෂණය, වරාය, ගුවන්, ගිනුම්කරණ සහ මූල්‍ය අංශ වලට එය ව්‍යාප්ත කළ හැකිවෙයි. එවැනි පරිවර්තනයකින් මෙරට ඉඩම් වෙළ`ද පොලට විශාල බලපෑම් ඇති කළ හැකි අතර විශේෂයෙන් ග‍්‍රාමීය ඉඩම් වල පවතින වටිනාකම ඉහළ නැංවිය හැකිය. මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතු පැති කිහිපයකි. ජනගහනය වැඩිවීම සමග ඇති වන නිවාස ඇතුළු අත්‍යවශ්‍ය අවශ්‍යතා, සහ වෙනත් ආර්ථික ක‍්‍රියාකාරකම් වලදී පාරිසරික තුළනයට හානි නොවන ආකාරයට තිරසාර ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම එයින් එකකි. වත්මන් රජය නාගරික සංවර්ධන වැඩසටහනක් මගින් එයට විසදුම් සොයමින් සිටියි. ස්වාධීන නිරීක්ෂකයන්ට අනුව එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නාගරික ඉඩම්වල වටිනාකම් වැඩිවෙමින් තිබේ. නිවාස තනාගෙන පදිංචියට අදහස් කරන පිරිසට එයින් ඇතිකරන්නේ අතුරු ප‍්‍රශ්නයකි. දේශීය හා විදේශීය ආයෝජකයන්ට ලෝකයේ අන් රටවල ඉඩම් වල වටිනාකමට සාපේක්ෂව තරගකාරීව මිළ ඉහළයාම නැති ප‍්‍රශ්න ඇති කරයි. මේ අනුව මෙරට ඉඩම් සංවර්ධනය හා එයින් ඇතිවන අනෙක් බලපෑම් එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ආකාරයට හැසිරෙන හෙයින් ඉතා සූක්ෂම ප‍්‍රතිපත්ති ඇති කළ යුතුව තිබේ.
රජයට අයත් ඉඩම් මහජනතාවට නිදහස් කිරීම ග‍්‍රාමීය ප‍්‍රදේශවල ඉඩම් සම්බන්ධ ඇති පීඩනය ලිහිල් කරන එක් මගකි. රජයට අයත් දෙපාර්තමේන්තු විශේෂයෙන් දුම්රිය තැපැල් වැනි අංශවලට අයත් ප‍්‍රයෝජනයට නොගෙන රට පුරා ඇති ඉඩම් ප‍්‍රමාණය සැලකිය යුතු තරම්ය. එවැනි ඉඩම් හදුනාගෙන ප‍්‍රයෝජනවත් ආර්ථික ඵලදායීතාවක් ඇතිකරන ව්‍යවසායකයන්ට විකිණීමට හෝ කල්බදු ක‍්‍රමයට පැවරීමට ඇති හැකියාව සොයා බැලීම වැදගත්ය. එයින් විශාල ආදායමක් කෙලින්ම උපයා ගත හැකිවන අතර ඇතිකරන අලූත් ව්‍යාපාර වලින් ලැබෙන රුකියා සහ බදු ආදායම මෙරට විශාල ප‍්‍රශ්නයක් ව ඇති අය වැය හිගයට හොද විසදුමකි. රජයට බරපතල ලෙස බලපා ඇති ණය බර සීමාසහිත කරන්නට ද එය පිටිවහලක් වනු නොඅනුමානය. හදුනාගත් ඉඩම් තොරතුරු ඇතුලත් කර ඉඩම් බැංකුවක් ස්ථාපිත කළ හැකි අතර විනිවිද පෙනෙන ආකාරයට තීන්දු ගැනීමට ඉඩදෙමින් මෙම ඉඩම් වල තොරතුරු අන්තර් ජාලයට ඇතුලත් කළ හැකි නම් එය ඉතා ප‍්‍රශස්ථ පියවරක් වනු ඇත.
වර්තමානයේ ඉඩම් සම්බන්ධව ඇති අනපේක්ෂිත සහ අවෘත ප‍්‍රතිපත්ති මෙරට සංවර්ධන ආර්ථිකයට ප‍්‍රධාන අවහිරයකි. රජය සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගන්නට විශාල උනන්දුවක් දක්වන අවස්ථාවක ඵලදායී ඉඩම් ප‍්‍රතිපත්තියකට ගමන් කිරීම ඉදිරියේදී විශාල මෙහෙවරක්වනු නොඅනුමානය. අතිවිශාල ධනයක් ආයෝජනය කර සම්පූර්ණ කරන ලද වරාය, ගුවන්තොටුපොල සහ මාර්ග වැනි යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති වලින් ආර්ථිකයට එල්ල කර ඇති පීඩනය පවා නිසි ඉඩම් ප‍්‍රතිපත්තියකට යොමුවීමෙන් එය රටට යහපත් ආකාරයට පරිවර්තනය කර ගත හැකිවනු ඇත. රට තුළ ආර්ථික ස්ථාවර බව ඇතිකළ හැකි කුඩා සහ මධ්‍ය පරිමාන විදේශීය ආයෝජකයන්ට ඉඩම් වල මිල හා එය සම්බන්ධව පවතින ප‍්‍රතිපත්ති ආයෝජනය සම්බන්ධ තීන්දු ගැනීමට බලපාන එක් ප‍්‍රධාන සාධකයකි. දේශීය හවුල්කරුවන් සමග එකතු වී මෙරට ඉඩම් ප‍්‍රයෝජනයට ගෙන අලූත් ව්‍යවසාය ඇති කරන්නට විදේශිකයන්ට ඉඩ දීම රට තුළ බලවත් ආර්ථික ශක්තියක් ඇති කරනු නිසැකය. විශේෂයෙන් ඉඩම ප‍්‍රයෝජනයට ගැනීම විනා විදේශිකයන්ට ගෙන යාමට නොලැබෙන සම්පතක් සේ සලකා කි‍්‍රියාකිරීම අද ඇති බලවත් අවශ්‍යතාවයකි. ඉඩමක නියම වටිනාකම එහි පවතින මිල නොවේ. එයින් ගන්නා ප‍්‍රයෝජනයේ තරමයි. සාධාරණ මිලක් සහිත නිදහස් ඉඩම් ප‍්‍රතිපත්තියකින් රටට අත්පත් කර ගත හැකි විපුල ප‍්‍රයෝජන කෙරෙහි විද්වතුන්ගේ අවධානය යොමුවීම වැදගත්ය.
මේ අතර ගැටුම්වලට ලක් වූ උතුරු නැගෙනහිර පලාත්වල ඉතා සංකීර්ණ සහ නොවිසදුන ඉඩම් සම්බන්ධ හදවතට දැනෙන ප‍්‍රශ්න ඇති බව අවබෝධ කරගත යුතුය. ඒවාට ලෙහෙසි විසදුම් නැත. දිය හැකි ප‍්‍රායෝගික විසදුම් දැනටමත් ඒවා සම්බන්ධව අධ්‍යයන කළ ස්වාධීන පාර්ශව යෝජනා කර තිබේ. ඒවා සාකච්ඡා කර කි‍්‍රයාවට නැගීම රටට ගැලපෙන වටිනා අදහසකි.
ඉඩම් ප‍්‍රශ්න සෑම යුගයකම පවතින දිනෙන් දින ඇතිවන ගැටලූකාරී එකකි. අධිකරණ වල පවා පරම්පරා ගණන් ඇදෙන නොවිසදුන ඉඩම් ප‍්‍රශ්න දියුණුවන ආර්ථිකයකට විශාල ගැටලූවකි. ආර්ථිකය පරිවර්තනයකට ලක්වන විට එහි ඇති සංකුළතා අවසානයේ දී ආර්ථික, සමාජ සහ දේශපාලන ප‍්‍රශ්න ගැටලූ ඇති කරයි. තෙත් සහ වියලි කලාප වශයෙන් ද සහ නාගරික හා ග්‍රාමීය වශයෙන් ද ඉඩම් සම්බන්ධයෙන් ඇති එකිනෙකට වෙනස් ගැටලූ අවබෝධ කරගෙන විවෘතව තීන්දු ගැනීමේ අවශ්‍යතාවයක් අද ඇත. ඉඩම් සම්බන්ධව ඇති නොයෙක් තීරණ අවසානයේ දී රටක ආර්ථිකය හා සමාජය ඉතා සංකීර්ණ තත්ත්වයකට පත් කරයි. එය අවබෝධ කරගෙන අලූත් යුගයකට ඇතුළුවන ශ‍්‍රී ලංකාවට ගැලපෙන ආකාරයට නිවැරදි තීරණ ගැනීම බලධාරීන්ගේ වගකිමකි.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|