» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/10/2013 - ඉරිදා ලංකාදීප
ඇමරිකාෙව් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණවලින් අවබේධ කරගත හැකි දැක්ම - මිලින්ද මොරගොඩ

ඇමරිකානු ආණ්ඩුව මුහුණ දී ඇති අලූත් තත්ත්වය එරට ආර්ථිකය තරමක ගැටලූකාරී එකක් කරනු ඇති බවට මතයක් පැතිරෙමින් තිබේ. එරට අය වැය සෑම වසරකම ඔක්තෝම්බර් පළමුවැනිදා වන විට සම්මත කරගත යුතුය.මෙවර අය වැය යෝජනාවට සෞඛ්‍ය රක්ෂණ පනතක් ද ඇතුලත්ය. සෞඛ්‍ය පහසුකම් අඩු පොදු ජනතාවට රජයේ වියදමින් රක්ෂණ පහසුවක් ඇති කිරීම ජනාධිපති බැරක් ඔබාමා ගේ යෝජනාවකි. රිපබ්ලික් පක්ෂය මෙම යෝජනාවට කැමැත්තක් නැත. ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව සෙනෙට් සභාවේ සහ කොන්ග‍්‍රස් මණ්ඩලයේ බහුතර එක`ගතාවය රහිතව අය වැය සම්මත කරගැනීමටහැකියාවක් නැති බව ස`දහන් කළ යුතුය. පක්ෂ වශයෙන් බෙදෙන අතර අවසානයේදී වැදගත් තීරණ ගන්නා විට පුද්ගලයන්ට ස්වාධීනව ඡන්දය පාවිච්චි කරන්නට හැකියාව ඇති බැවින් මෙවැනි ප‍්‍රශ්න තවත් සංකීර්ණ මුහුණුවරක් ගනී. පෙනෙන ආකාරයට කොන්ග‍්‍රස් මණ්ඩලයේ බහුතර කැමැත්ත ඇතත් සෙනෙට් සහ කොන්ග‍්‍රස් යන ආයතන දෙක තුළම සෞඛ්‍ය රක්ෂණ පනත ගැන පරස්පරතා මතුවී තිබේ. මෙය එරට පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම් සහ හර පද්ධතිය පරීක්ෂණයකට ලක් කරන අවස්ථාවකි. ආයතන අතර ප‍්‍රතිපත්ති පදනම්කරගෙන කරන ගැටුම බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ලක්ෂණයකි. ඇමරිකාවේ ඇති කරගෙන තිබෙන ගැටුම පුලූල් මතවාදී එකක් වන අතර එයට විස`දුම් ද රාමුව තුළ සපයා දී ඇත.

ජාත්‍යන්තර ආර්ථික සහ දේශපාලන විශේෂඥයන්ට අනුව මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ගය එරට සමස්ථයට කරන බලපෑම ඉතාම බරපතල එකක් විය නොහැකිය. මේ අතර ඔක්තෝම්බර් 17 වනදා වනවිට එලැඹෙන එරට ණය සීමාව වැඩිකරන අනුමැතිය සම්බන්ධ තිරණයට දැන් පවතින තත්ත්වයට වඩා තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි සැලකේ. එයින් ඇමරිකාවේ අය වැය සමබර කර ගන්නට අවශ්‍ය වන විදේශ ණය ප‍්‍රමාණය නැංවීමට අනුමැතිය හිමිවෙයි.එය කෙරෙහි අවධානයක් දක්වන චීනය සහ ජපානය යන රටවල් ඇමරිකාවේ පවතින තත්ත්වය නිරාකරණයකරගත යුතු බවට අදහස් පළ කර ඇත. මෙම රටවල් ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත්වල වැඩිම ආයෝජනයක් කර ඇත. තමන්ගේ ආයෝජන කෙරෙහි සැලකිලිමත් වන එම රටවල් ගැටලූ නිරාකරණය කර ගැනීම වැදගත් බවදක්වන නමුත් ඇමරිකානු ඉතිහාසයට අනුව මෙවැනි තිරණ විස ෙදන්නේ කොන්ග‍්‍රස් සහ සෙනෙට් මන්ඩල සාමාජිකයන්ගේ ''ගමේ දේශපාලනය'' අනුවය. ඇමරිකානු හිටපු කතානායකවරයෙකු වූ ඔනිල් මහතා (^Thomas Phillip "Tip" O'Neill,)ගේ කාලය තුළ දොලොස් වතාවක් ආණ්ඩුව වසා දැමූ බව දැක්වෙයි. ඔහු කියන පරිදි එය zzAll politics is local''ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය අනුව රාජ්‍ය පාලනය කිරීමේ දී පැති දෙකක් හ`දුනාගත හැකිය. එකක් එකගතාවයයි. දෙවැන්න ගැටුමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය තුළ මෙම ක‍්‍රම දෙකින් ම අවසානයේ දී අපේක්ෂා කරන්නේ ජනතාවගේ අභිවෘද්ධියයි. බටහිර ක‍්‍රමයට අනුව ගැටුම ආණ්ඩු පාලනයේ මූලික ලක්ෂණයකි. ප‍්‍රතිපත්ති කරුණු මත ඇතිවන තියුණු මත ගැටුම් ආණ්ඩු කරගෙන යාමේ දී ප‍්‍රශ්න දෙස අලූත් ආකාරයකට බලන්නට අවස්ථාව පාදා දෙයි. ආසියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දී ගැටුම හුදෙක් පුද්ගලික ආරවුල්ඇති කරන තරමට තියුණුය. එය බලය උදෙසා කරන අරගලයකි. ඇමරිකාවේ ප‍්‍රතිපත්ති ප‍්‍රශ්න මත ආණ්ඩුව පරාජය කර අලූතින් මැතිවරණයකට මුහුණ දීමේ අවස්ථාවක් නැත. මහජවතාව පවරන බලය නිශ්චිත කාලසීමාවකට යටත් වන අතර එම කාලය තුළ සංවාදයෙන් විවාදයෙන් ආණ්ඩුවගෙන යා යුතුය. නමුත් ශ‍්‍රී ලංකාව ඇතුලූ ඇතැම් රටවල ආණ්ඩුවේ බහුතරය අහිමිවීම නැවත ඡන්දයකට යන මග සකස් කරයි. ඒ අනුව විපක්ෂය ඕනෑම අවස්ථාවක ආණ්ඩුව අපහසුතාවයකටපත් කර මැතිවරණයකින් තම බලය අල්ලා ගැනීමේ ව්‍යායාමයක නිරතය. ජනතා පරමාධිපත්‍ය හිමි පොදු ජනතාව සතු බලය තමන්ට අත් පත් කර ගැනීමට පක්ෂ උත්සාහ දරනවා විනා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව මහජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමට දක්වන උනන්දුව සීමිතය.

ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව කොන්ග‍්‍රස් මණ්ඩලයක් සහ සෙනෙට් මණ්ඩලයක් ක‍්‍රියාත්මක වෙයි. මෙම දෙපිරිසම තෝරා ගන්නේ මහජන ඡන්දයෙන්ය. ඇමරිකාවේ සෑම ප‍්‍රාන්තයකින්ම නියෝජිතයන් දෙදෙනෙකුට සෙනෙට් සභාව නියෝජනය කිරීමේ වරම හිමිවෙයි. ඔවුන් ගේ නිල කාලය වසර හයකි. සෙනෙට් සභාවෙන් තුනෙන් එකක් සෑම වසර දෙකකටම වරක් අලූත් වෙයි. කොන්ග‍්‍රස් මණ්ඩලයේ නිල කාලය අවුරුදු දෙකකි. සෙනෙට් සභාව රටේ දර්ශනය දිග කාලයකට අනුව සැලසුම් කරන අතර කොන්ග‍්‍රස් මණ්ඩලය කෙටි කාලීන දැක්මකින් ප‍්‍රශ්න දෙස බලයි. සෞඛ්‍ය රක්ෂණය සම්බන්ධව ජනාධිපති බැරක් ඔබාමාගේ දැක්ම සාමාන්‍ය ජනතාවට ඉක්මනින් සහන සපයන ආණ්ඩුවේ වැඩ පිළිවෙලක් සම්පාදනයයි. නමුත් සෙනෙට් මණ්ඩලය මෙවැනි සහනාධාර වලින් රටටත්, ජනතාවටත් දීර්ඝ කාලීනව මුහුණ දෙන්නට සිදුවියහැකි අයහපත ගැන අවධානය යොමු කරන බව පෙනේ. සෙනෙටේ සභාවේ පමණක් නොව කොන්ග‍්‍රස් මණ්ඩලයේ ද එම අදහස දරන පිරිසක් සිටී. මිනිසුන්ට සහන පෙන්වා කෙටි කාලීනව ජනප‍්‍රිය විය හැකි නමුත් රටේ ආර්ථිකයට ගැටලූ මතුවීමෙන් එය දීර්ඝ කාලීන අයහපත් තත්ත්ව ඇති කරනු ඇතැයි එම විරුද්ධ අදහස් දරන අයගේ තර්යයි.

ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නිශ්චිත දිනයකය. ඡන්දයෙන් පත්වන අලූත් ජනාධිපතිවරයා දිවුරුම් දෙන දිනය ව්‍යවස්ථාවෙන් ම නියම කර තිබේ. සුප‍්‍රීම් උසාවියට සාමාජිකයන් පත් කරන්නේ ද වසරේ නියමිත දිනකය. මේවාට අනුරූප සම්ප‍්‍රදායක් ඇත. බලය හුවමාරුවන ආකාරය සම්ප‍්‍රදායික ආකාරයට සිදුවෙයි. තනි පුද්ගලයෙකු අතට තනි බලයක් ලැබෙන්නේ නැති ලෙසව්‍යවස්ථාව සකස් කර ඇත.ඇමරිකානුවන්ට ව්‍යවස්ථාව පාසලේදීම උගන්වයි. පුරවැසිබව ලබාගන්නා විදේශිකයෙකු පවා ඇමරිකානු ව්‍යවස්ථාව හැදෑරිය යුතුය.

මුල් කාලයේ ඇමරිකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයකි. කපු, දුම්කොල හා කෘෂි නිෂ්පාදන බි‍්‍රතාන්‍යයට සැපයීම සහ එයට අමතරව බදු ගෙවන්නට ද ඇමරිකාවට සිදුවිය. ඇමරිකානු විප්ලවයට හේතු වූයේ බදු ගෙවන්නන් පාලනයට සම්බන්ධ විය යුතුය යන තර්කයයි. ආර්ථික සහ සමාජ නිවහල් අවස්ථා සොයා ඇමරිකාවේ විවිධ ප‍්‍රාන්ත වලට පැමිණි නොයෙක් ජන කොටස් එකතු වී ඇමරිකාව නිර්මාණය කළේය. බි‍්‍රතාන්‍ය, ස්කොට්ලන්තය, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ ස්කැන්ඩිනේවියාව ඇතුලූ යුරෝපීය රටවලින් පැමිණියෝ එහි ආරම්භක සාමාජිකයෝ වූහ. මෙම පිරිස මූලික අයිතිවාසිකම් පදනම් කරගත් තමන්ට අනන්‍ය පරිපාලන සකස් කළ අතර බි‍්‍රතාන්‍යයේ එවකට පැවැති පාලනයට වඩා අලූත් දෙයක් ඔවුහු නිර්මාණය කළහ. පසුව එය ප‍්‍රංශ විප්ලවයට ද පදනමක් විය. මිනිස් නිදහසට මුල්තැනක් හිමිවූ අතර ඇමරිකානුවන් සකස් ව්‍යවස්ථාවට මූලික රාමුව වූයේ පුද්ගල නිදහසයි.

මෙම තත්ත්ව අනුව බලනකල ඇමරිකාවේ අය වැය සම්මත කර ගැනීම හමුවේ මතුවී ඇතිගැටලූව එරට සමාජයට බරපතල දෙයක් නොවේ. ආණ්ඩුව අත්‍යවශ්‍ය දේ වලට පමණක් සීමා කර කරගෙන යාම සම්බන්ධව අවස්ථා විසි එකක් වසර තිහක ඉතිහාසය තුළ සිදුව තිබේ. ජනතාවට මේ ගැන අවබෝධයක් ඇත.ගැටුම් මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැඹුරු සහ ප‍්‍රතිපත්ති අනුව කරගෙන යාම මෙහි ලක්ෂණයයි.

ශ‍්‍රී ලංකාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ දීර්ඝ කාලීන අත්දැකීම් ඇත. පක්ෂ දේශපලනය සම්බන්ධයෙන් අපට ඇත්තේ ද ගැටුම්ය, බෙදීම්ය. දේශපාලනය තුළ පමණක් නොව සමාජය තුළ ද ජාති, ආගම්, කුල සහ පන්ති වශයෙන් නොයෙක් බෙදීම් පෙනෙන්නට තිබේ. මෙම බෙදීම්වලින් ප‍්‍රතිපත්ති ගැටුම් ඇතිකරගන්නේ නැත. අවාසනාව එයයි. ගැටුම් පුද්ගලික වන අතර ඒවායෙන් මතු වෙන්නේ අවස්ථා වාදයයි. බලය ලබාගැනීමේ පිපාසයයි. මහජනතාවට මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග වලින් අත්පත්කර ගෙන ඇති වත්කම ගැන රට තුළසංවාදයක් අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.