මතක ඇති අතීතයේ නොතිබුණ රෝග හා ව්‍යාධි අද සමාජයේ බහුලය. වෛද්‍ය තාක්ෂණයේ වත්මන් දියුණූව නිසා නව රෝග කාරක තත්ත්ව සොයාගෙන ඇති යැයි තර්කයක් තිබෙන්නට බැරි නැත. නමුත් තාක්ෂණය දියුණු වෙමින් පැවතියත් අලූත් අලූත් රෝග දිනපතා අසන්නට දකින්නට ලැබෙයි. ඒවායේ ප‍්‍රතිකාර සදහා විවිධ ඖෂධ වර්ග පාවිච්චිය වේගවත් ලෙස වර්ධනය වෙමින් තිබේ. ජාත්‍යන්තරය දෙස බලන විට සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නව තාක්ෂණය දියුණු වෙමින් තිබේ. මේ සඳහා ලොව පුරා රටවල් හා සමාගම් ආයෝජනය කරන ධනස්කන්ධය අති විශාලය.
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් හා ජනතාව එයට ගෙවන මිල සම්බන්ධව විශාල අවධානයක් මතු වෙමින් තිබේ. නිදහස ලැබූ වකවානුවේ සිට මෙරට ජනතාවට නොමිලේ සෞඛ්‍ය පහසුකම් සැපයෙයි. මෑතක සිට පුද්ගලික අංශයේ සෞඛ්‍ය සේවාව පැතිරෙමින් ඇති නමුදු ආණ්ඩුව නොමිලේ සපයන රෝහල් සහ සත්කාරක සේවා හෙයින් රටට හා ජනතාවට විශාල සේවාවක් සිදුව තිබේ. ජනතාවගේ නීරෝගී බව, උපත් හා මරණ අනුපාත අඩුවී දීර්ඝායුෂ ලැබීම එහි ප‍්‍රතිඵලයකි. දියුණු වෙමින් පවතින සෙසු රටවලට සාපේක්ෂව මෙරට මන්ද පොෂණය අඩුය. බෝවෙන රෝග තත්ත්ව යම් පාලනයක් තිබේ. අඩු බර දරු උපත් වලකන සහ මවුවරුන්ගේ සෞඛ්‍ය ප‍්‍රශ්න වලට සැපයෙන සේවා සැලකිය යුතු උසස් මට්ටමක තිබේ. එකී ප‍්‍රමිතීන් රට තුළ තහවුරු වූයේ ආණ්ඩුව වාර්ෂිකව සෞඛ්‍ය සේවය වෙනුවෙන් වැය කරන මුදල් හෙයින් බව පිළිගත යුතුය. එසේ නමුත් අප රට තුළ ඇති වෛද්‍ය පහසුකම් සහ සෞඛ්‍ය සම්බන්ධ ප‍්‍රතිපත්ති කාලානුරූපව වෙනස් කරන්නට අවධානය යොමුකළ යුතුය.
එසේ කළ යුතු ඇයි? නූතනව සොයාගන්නා අලූත් වෛද්‍ය විද්‍යාත්මක දැනුම මවිත කරවන සුලූය. ඇතැම් දියුණු රටවල සැත්කම් කරන්නටකලින් එය කළ යුතු මිනිස් අතකින්ද නොඑසේනම් රොබෝ තාක්ෂණයෙන් දැයි රෝගියාගෙන් අසන තරමට වෛද්‍ය විද්‍යාව දියුණු වී ඇත. තවත් රටක සිටින වෛද්‍යවරයෙකු පරිගණක තාක්ෂණය හමග සම්බන්ධවී වෙනත් රටක රොා්හලක සැත්කම් කාමරයේ සිදුවන දෙයට උපදෙස් දෙන මට්ටමට එය දියුණුය. උපදින්නට කලින් මව්කුස සිටින කලලය ස්කෑන් කර එම දරුවාගේ අනාගත රෝග විනිශ්චය කර රෝ දුක් නිවාරණයට තරම් ඇතැම් රටවල වෛද්‍ය ක‍්‍රම දියුණුය. තවත් අවස්ථාවක ජාන තාක්ෂණය අනුව උපදින දරුවාගේ සියලූ හැඩ රුව හා ගති සිරිත් පාලනය කරන්නට දියුණු රටවල් සමත්ව ඇත. විද්‍යාව පරිවර්තනය වන ආකාරය අනුව මීළඟ දශක කිහිපය තුළ මිනිසුන් සම්බන්ධ ඉරණම තීන්දු කරන ප‍්‍රධාන බලවේගය වෛද්‍ය විද්‍යාවයි. අනෙක් පැත්තෙන් බෝ වෙන රෝග වලට වඩා වෙනත් ශාරීරික ආබාධ සහ මරණ ප‍්‍රමාණය රට තුළ ඉහළ ගොස් තිබේ. ආහාර සම්බන්ධව අවධානය ජනතාවගෙන් ගිලිහී ඇත. නාගරිකව වෙසෙන පිරිස නිසි ව්‍යායාම ගැන සැලකිල්ලක් නැත. මෑතක සිට රජය නාගරික සංවර්ධනයේ දී ජනතාවගේ සෞඛ්‍යයට හේතුවන ආකාරයට ඇවිදීමේ මංතීරු තන්නන්ට සහ හරිත කලාප ඇති කරන්නට පෙළැඹී තිබේ. දිනපතා යම් කාලයක් ව්‍යායාම වලට වෙන් කිරීමෙන් නොයෙකුත් බරපතල රෝග වලින් අත් මිදෙන්නට හැකියාව ඇත. ඇමරිකාව සිංගප්පූරුව වැනි රටවල් මහජනතාවගේ ආහාර පාන පාලනයට සහ විශේෂයෙන් දරුවන් හා තරුණ පරපුර පොළඹවන ප‍්‍රචාරක කටයුතු වලට නීති පනවයි. එයින් අපේක්ෂා කරන්නේ රට තුළ නිසි සෞඛ්‍ය තත්ත්ව පවත්වාගෙන යාමය.
වෛද්‍ය විද්‍යාවේ නිති පතා අලූත් සොයා ගැනීම වලින් දියුණූවට පත්වෙයි. ශ‍්‍රී ලංකාව වැනි රටකට එම පහසුකම් කාන්දු වන්නට ගතවන කාලයක් ගතවෙයි. අලූත් ඖෂධයක් සොයාගන්නට කරන වියදම විශාලය. එම ඔසුව සොයා ගත් වහා එහි මිල ගණන් ඉහළය. අප වැනි රටවලට එහි මිල ඔරොත්තු දෙන්නේ නැත. වෛද්‍ය විද්‍යාවේ දියුණුව සම්බන්ධ තොරතුරු, විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම හා ඖෂධ සම්බන්ධයෙන් වාර්තා ලැබුණ පමණින් මෙරට වැසියන්ට එහි ප‍්‍රයෝජන ලැබෙන්නේ නැත. මෙරට සෞඛ්‍ය අංශ ලෝකයේ දියුණූවට සමාන්තරව ගමන් කරන්නට තරම් ශක්තිමත් බවක් නැත. අද සොයා ගන්නා වෛද්‍ය විද්‍යාත්මක ශිල්ප මෙරටට ලැබෙන්නට අවුරුදු ගණනාවක් ගතවෙයි. නමුත් කාලයක් යන විය සොයා ගැනීමට කළ වියදම ප‍්‍රතිපූර්ණයවිමෙන් ඖෂධයේ මිල ගණන් අඩුවෙයි. දුප්පත් රටවලට එතෙක් ඉවසා සිට්ට්නට සිදුවන අතර වෛද්‍ය විද්‍යාවේ ඇති අසාධාරණය එයයි. එමෙන්ම ජාත්‍යන්තරයේ සිදුවන මෙකී දියුණු වෙනස් වීම් වලින් ඈත්ව සිටින්නට හැකියාවක් ඇතැයි කල්පනා කිරීම ද සාධාරණ නැත.
දිනපතාම පාහේ හදවත් සැත්කම්, වකුගඩු බද්ධ කිරීම් හො වෙනත් බරපතල පීඩාවන්ගෙන් පෙළෙන රෝගීන්ගේ ඥාතීන් ප‍්‍රතිකාර පතා කරන ආයාචනා දකින්නට අසන්නට ලැබේ. මෙම ප‍්‍රතිකාර වලට අධික මුදලක් වැය වෙයි. රජයේ රෝහල් වල මේ සඳහා තාක්ෂණය ඇත. අති දක්ෂ වෛද්‍යවරුද සිටිති. නමුත් මෙම පහසුකම් ප‍්‍රමාණාත්මක නැත. මැතක සිට විකල්පයක් වශයෙන් පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවාවන් ද තිබේ. පුද්ගලික අංශයේ එම ආයතන අයකරන මිල ගෙවා ජීවිත බේරා ගන්නට අවස්ථාව ඇත්තේ සමාජයේ සීමිත පිරිසකට පමණකි. වෙනත් රටවල මෙලෙස මුදල් ඉදිරියේ අසරණ වන පිරිස් වෙනුවෙන් රක්ෂණ ක‍්‍රම තිබේ. ඇමෙරිකාවේ පවා රක්ෂණ ක‍්‍රම තිබිය දී දවැසියන්ට පුද්ගලික රෝහල් වලට වියදම්කරන්නට සිදුවන වැය ගැන විශාල විවාදයක් පසුගිය කාලයේ තිබිණ. මෙරට සමාජයේ වරප‍්‍රසාද ඇති පිරිසකට පමණක් තවමත් වෛද්‍ය රක්ෂණ ක‍්‍රමය සීමා වී ඇත. මහජන ආධාර, රජයේ අරමුදල් හෝ නැති අවස්ථාවලදී මෙරට මිනිස් ජීවිත කෙළවර වන්නේ ඛේදජනක අන්දමටය. රජයේ රෝහල අතිවිශාල වියදමක් කරන නමුත් එය ප‍්‍රමාණවත් නැති අතර පුද්ගලික අංශය ව්‍යාප්ත කර සියලූ දෙනාටම පහසුකම් ලබා ගැනීමට හැකි ආකාරයට දියුණු කිරීම ප‍්‍රතිපත්ති ප‍්‍රශ්නයක් ද වී ඇත.
රජයේ සේවාව තිබිය දී රට තුළ පුද්ගලික රෝහල් සේවය එක මට්ටමට පිළිගැනීම ආණ්ඩුවල ප‍්‍රතිපත්ති හෙයින් එක මට්ටමට වර්ධනය වී නැත. ඒවායේ ප‍්‍රතිකාර විධි, වෛද්‍යවරු සහ සපයන පහසුකම් ගැන නොයෙකුත් මත පළවෙයි. රට තුළ ආර්ථික සංවර්ධනයක් සිදුවන අවස්ථාවක තරගකාරීව මෙවැනි සේවා සපයන්නට හැකි පසුබිම සකස් කිරීම සුදුසුය. එයින් රජයේ සේවයේ ඇති බර තරමක් ලිහිල් වෙයි. යම් රෝගියෙකුට රක්ෂණ පහසුකම් ඇත්නම් පුද්ගලික රෝහලකට ඇතුල් වී නිසි ප‍්‍රමිතිය සහිතව ප‍්‍රතිකාර ගන්නට ඉඩ ලැබේ. සෞඛ්‍ය පහසුකම් දියුණු වී ජනතාවගේ ජීවිත නිරෝගීවත්වන්නේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුවෙන් බලාගැනීම හා සමානව පුලූල් අවස්ථා සැපයීමෙන්ය.
සිංගප්පුරුව එයට හොද උදාහරණයකි. ලී ක්වාන්යූ මහතා එරට සෞඛ්‍ය සේවය පුලූල් කළේය. රටේ ජීවත් වන අඩු ආදායමක් ඇති පිරිසට පමණක් නොව ලෝකයේ ඉතාම ධනවත් අයට පැමිණ ප‍්‍රතිකාර ගන්නට හැකි ආකාරයට එරට රෝහල් නවීකරණයට ඉඩදුන්නේය. ආණ්ඩුවේ පමණක් නොව පුද්ගලික අංශයේ ද ධනය යෙදවිණ. ලෝකයේ දක්ෂතම වෛද්‍යවරුන්ට හා දියුණුම උපකරණ සහිත ප‍්‍රතිකාර ක‍්‍රම වලට අනුමැතිය පළ කළේය. අවසාන අරමුණ වූයේ රටේ සෞඛ්‍ය තත්ත්වයේ ප‍්‍රමිතිය ඉහළ යන විට එහි සම්පත් පුරවැසියන්ට ද ලබා ගැනීමට හැකිවනු ඇත යන්නයි. පසුගිය දශක කිහිපය තුළ එය සැබෑ වි ඇත. ලෝකයේ ඕනෑම රටකින් රෝගීන් සිංගප්පූරුවේ රෝහල් වලට පැමිණෙන අතර එය එරටට විශාල ආදායම් මාර්ගයකි. එරට පුරවැසියන්ට ද එහි ප‍්‍රතිලාභ ලැබේ. තායිලන්තය ද දැන් මෙම දර්ශනයට අනුව ගමන් කරමින් සිටී. ආණ්ඩුවට කරන්නට නොහැකි ආයෝජනය නිසි ප‍්‍රමිතීන්ට අනුව පුද්ගලික අංශයට හෝ විදේශීය සේවාවන්ට ඉඩ දීම හොද පරිවර්තනයකට අවස්ථාව සලසයි. අප රටට දක්ෂ වෛද්‍යවරු සිටිති. හෙදියන් ද ඉතා කැපවීමෙන් රාජකාරිය කරයි. වෙද්‍යවරු, හෙදියන් හා උපස්ථායකයන් තවතවත් පුහුණු කිරීමට රජය හා පුද්ගලික අංශයට නිසි ප‍්‍රමිතීන්ට අනුව වැඩ පිළිවෙලක් ඇරඹිය හැකිය. එයින් රටේ සේවා පුලූල් වන අතර දැනට විදේශයන් හි පවතින ඉල්ලූම ද සපුරන්නට අවස්ථාවකි.
දියුණූ වෙමින් පවතින රටවලට වෛද්‍ය විද්‍යාවේ අලූත් දේ ගලා යන්නේ රට තුළ තත්ත්වය ප‍්‍රවර්ධනය සමගය. හැකියාවක් ඇති පිරිස අලූත් වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් කරයි. සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වෙයි. සමාජයට නිසි පහසුකම් සැපයෙන් අතර ප‍්‍රමිතීන් දියුණුවෙයි. එය වැදගත්ය. වර්තමානයේ රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලකට දිනපතා පැමිණෙන රෝගීන් ගේ සංඛ්‍යාව සලකා බලන්න. මෙම පිරිස අතුරින් වැඩි දෙනෙකු වෙනුවෙන් ප‍්‍රතිකාර කරන්නට රජයට වැය කරන මුදල අති විශාලය. නමුත් අවසානයේ මේ වගකීම සම්පූර්ණයෙන් ඉටු කරන්නට පවා රජය අසමත්ය.
අද අභියෝගය මෙරට මහජනතාව නිදුක් නිරෝගී පිරිසක් බව තහවුරු කිරීමය. ලෝකය පුරා දියුණූ රටවල ජනතාව විද්‍යාව හා තාක්ෂණයේ මහිමයෙන් සියක් වසක් ආයු ලබන විට ශ‍්‍රී ලාංකිකයන් ට ද එහි අවස්තා ඇති කර ගැනීමට හැකි නිදහස් පරිසරයක් ඇතිකළ යුතුය. රටේ අනාගතය හා පැවැත්ම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සෞඛ්‍ය හා සනීපාරක්ෂක සැලැස්මක් අපට අවශ්‍යය. එහි තිබිය යුත්තේ මුදල් නොවේ. පොහොසත් රටවල් වෙත සීමා වී ඇති සෞඛ්‍ය පහසුකම් මේ රටටත් ගලා ආ යුතුය. ඇති හැකි බව වෙනුවට සියලූ මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් සෞඛ්‍ය අංශයන්හි ප‍්‍රගතිය ව්‍යාප්ත විය යුතුය. වර්තමානයේ උවමනාව විය යුත්තේ මේ සම්බන්ධයෙන් පුලූල් ගවේශනයකි. අලූත් ප‍්‍රතිපත්ති දෙස අවධානය යොමු කිරීමකි. ශ‍්‍රී ලංකාව වැනි රටකට ජාත්‍යන්තර තලයේ අවස්ථාවන් උදා කරගන්නට හැකියාව ලැබෙන විධිමත් පද්ධති සැලසුම් කිරීමකි.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|