සමාජයක් තමන් ගැන හිතන ආකාරය විනිවිද දකින්නට කිසියම් අනන්‍ය රාමුවක් අවශ්‍යය. මෙම රාමුව ව්‍යවස්ථාවයි. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ගැන නොයෙක් වකවානු වල නොයෙක් සංවාද පැන නගී. පවතින ව්‍යවස්ථාව වෙනස් කර අලූත් එකක් අවශ්‍ය බව මෙවැනි විවාද වල අනිවාර්යයෙන් පෙන්වා දෙන කරුණකි. ව්‍යවස්ථාව අවශ්‍ය කුමන කාරණයකටද සහ එය වෙනස් කළ යුතු ඇයි ද යන ප‍්‍රශ්න වලට අප සියලූ දෙනාටම එකතු වී දිය හැකි සාර්ථක පොදු පිළිතුරක් නැත.
සමාජ සුරක්ෂිත භාවය සහ සංස්කෘතික ගෞරවය ආරක්ෂා වූ රටක් වශයෙන් ලංකාවට දිර්ඝ ඉතිහාසයක් තිබේ. දැනට අනාවරණය වෙමින් පවතින පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව ලෝකයේ කැපී පෙනෙන ශිෂ්ඨාචාරයක ලක්ෂණ ලංකාවේ තිබී ඇත. රාජ්‍යත්වය සහ පාලනය සම්බන්ධ නීති රීති ජන සම්මතවාදී ආකාරයකට පැවැති බවට සාක්ෂි තිබේ. මහජනතාව හා පාලකයන් අතර පැවැති සමබර පැවැත්ම එයින් මැනවින් විදහා දක්වයි. බටහිර ජාතීන් පැමිණ ආක‍්‍රමණය කිරීමෙන් පසු පැවැති සම්මත විනාශ විය. රුහුණු, මායා සහ පිහිටි යන පැරණි බෙදීම වෙනුවට දිස්ත‍්‍රික්ක හා පලාත් වෙන්කරනු ලැබීය. ආගම හා රදල පැලැන්තිය සම්බන්ධව නව භාවිතාවන් ඉදිරියට පැමිණියේය. යටත්ව සිටි කාලය තුළ රට සහ සමාජය විශාල පරිවර්තනයකට ලක් වු බව පෙනේ. නිදහස අත්පත්කර ගැනීම සදහා කරන ලද අඛණ්ඩ අරගලය අවසානයේ දී රටට ව්‍යවස්ථාවක් සහ මහජන නියෝජිතයන් තෝරා ගැනීමෙන් කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකට අනුගත වන්නට සිදුවිය. මෙයින් වසර හැට පහකට කලින් හදුන්වා දුන් ව්‍යවස්ථාවේම හැඩය ගත් එකිනෙකට වෙනස් නමුත් එයටම අනුරූප අංග ඇතුලත් ව්‍යවස්ථාවක් අද ක‍්‍රියාත්මකය. නිදහස ලබා ගැනීමෙන් හැට පස් අවුරුද්දකට පසු යළිත් අපට ගැලපෙන ව්‍යවස්ථාව කුමක්දැයි ප‍්‍රශ්න කරන තැනට යළිත් පැමිණ තිබේ.
ලෝකයේ දැනට පවතින ව්‍යවස්ථා අනුව බටහිර මතය සුවිශේෂී එකකි. එහි බලය ඇත්තේ සමාජයේ පහළම ස්ථරයේය. පුද්ගලයාට වඩා ආයතන ශක්තිමත්ය. මහජන නියෝජනයෙන් තෝරා ගන්නා ආයතන ප‍්‍රධානීහු වැඩි කැමැත්තට ඉඩ දෙයි. ආසියාවේ එය තරමක් වෙනස්ය. ආයතනයට වඩා පුද්ගලයාගේ බලය කෙරෙහි වැඩි විශ්වාසයක් පවතී. බටහිර පුද්ගල අයිතියට ගරු කරන ව්‍යවස්ථාවක් ඇති අතර නැගෙනහිර සමාජයේ ඇත්තේ සමාජයීය අයිතිය ආරක්ෂා කරන ප‍්‍රතිපත්ති වලට ගරු කරන පිළිවෙතක් බව නිරීක්ෂණය කළ හැකිය. අපට හිමිව ඇත්තේ බටහිර ක‍්‍රමයකි. ව්‍යවස්ථාවක් තිබේ. විධායක පාලන ක‍්‍රමයක් ඇත. ව්‍යවස්ථාදායකය වෙනුවෙන් සාමාජිකයන් පත් කරගන්නා මැතිවරණ ක‍්‍රමයක් තිබේ. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ස්වාධීන බව පිළිගැනීමයි. මෙම මූලික සංකල්ප කෙරහි ගරුත්වයක් සමාජයට තිබිය යුතුය. අතෘප්තියක් ඇත්නම් අලූත් ව්‍යවස්ථාවක් අලූත් පාලන රාමුවක් සකස් කර ගැනීම සුදුසුය. නමුත් එම අවශ්‍යතාව පැන නැගිය යුතු සමාජයෙන්ය. ඉතිහාසයට අනුව මෙරට සිදුවූ සියලූම ව්‍යවස්ථා සංශෝධන වලට මුල් වූයේ බලයේ සිටින පාලක පෙලැන්තියයි. මහජනතාවගෙන් තමන් ලබාගත් බලය තහවුරු කරගෙන තවදුරටත් බලයේ සිටින්නට හැකි ආකාරයට ව්‍යවස්ථාව සංශෝධනය කරගත්තේය. ජනතාවට බලය පවරන ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන මහජනතාව ඉල්ලා සිටින ව්‍යවස්ථාවක් සකස් කරන්නට සමාජයක් වශයෙන් අප මහන්සි වී නැත. සමාජය ව්‍යවස්ථාව ගැන වැඩි පුර දන්නේ නැත. ව්‍යවස්ථාව මහජනතාවගේ සැලකිල්ලට ලක් නොවූ බවට එය කදිම සාක්ෂියකි. පාසල් දරුවන් පවා කලින් කලට වෙනස් වන මෙරට ව්‍යවස්ථාවේ අංශ ගැන සැලකිල්ලක් නැත. ලෝකයේ නොයෙක් රටවල ව්‍යවස්ථාව සකස් කළ විරුවන් ජාතියේ පියවරුන් සේ සලකයි. එවන් පසුබිමක් තුළ රටට අවශ්‍ය රට ඉල්ලා සිටින අලූත් ව්‍යවස්ථාව කෙබදු විය යුතුද?
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලිකාංග වර්ධනයවූයේ බි‍්‍රතාන්‍යයේ මැග්නාකාර්ටා ගිවිසුම සමගය. බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබන රටවල් තමන්ට ගැලපෙන ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජය තුළට එකතු කර ගත්තේය. ප‍්‍රාථමික යුගයේ දී මහජන නියෝජිතයකු වීමේ පමණක් නොව ඡුන්ද අයිතිය ලැබීමට ද අයිතිය ලැබුණේ ඉඩමි හිමි රදල පැලැන්තියට පමණකි. සමාජය පාලනය කරන්නට අවශ්‍ය බලය ධනවත් ඉහළ පෙලපතට සීමා විය. කාන්තාවන්ට ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය හිමි වූයේ පසු කාලයකදීය. සර්ව ජන ඡන්ද බලය ගැන කතා කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැතිරී මහජන ඉල්ලීම් නැගෙන්නට පටන් ගැනීමෙන් අනතුරුවය. ඇමති මණ්ඩලය, සෙනෙට් සභාව, විධායක ජනාධිපති ක‍්‍රමය, පාර්ලිමේන්තුව හෝ ජනාධිපතිවරයා දරන නිල කාලසීමාව යනාදී ව්‍යවස්ථාවට ඇතුලත්වන නොයෙක් කරුණු පසු කාලීනව ක‍්‍රමයෙන් විකාශය වූ බව නිරීක්ෂණය කළ හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සර්ව සම්පූර්ණ හොදම පාලන ක‍්‍රමයක් නොවන නමුත් එයට වඩා සුදුසු විකල්පයක් වර්තමානයේ නැති බව වින්සන්ට් චර්චිල් මහතා කියා සිටියේය. නොයෙක් දේශපාලන ක‍්‍රම වලට අනුගතව සිටි සමාජ ක‍්‍රමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අනුගමනය කරන්නට පටන්ගෙන ඇත. මෙම ක‍්‍රමය තුළ සමාජය එක`ගවන ව්‍යවස්ථාවට විශාල වගකිමක් ඇතත් සම්ප‍්‍රදායට ගරු කිරීම විශේෂයෙන් සදහන් කළ යුතු එකකි. බි‍්‍රතාන්‍යයේ අදටත් සම්පූර්ණ ලිඛිත ව්‍යවස්ථාවක් නැත. සුපී‍්‍රම් උසාවිය පවා ස්ථාපිත කළේ මැතකදීය. එතෙක් ඉහළම අධිකරණය වූයේ සාමි මණ්ඩලයයි. සම්ප‍්‍රදාය කඩනොකර පවත්වා ගැනීම එහි දකින්නට ඇති යහපත්ම ලක්ෂණයයි. සම්ප‍්‍රදායට එක`ගව උසස් දේශපාලනයක් පවත්වාගෙන යන එවැනි අවස්ථා අතරතුර ව්‍යවස්ථාවක් සකස් කරගෙන එයට අනුරූපව පාලනය ගෙන යාමට අපට හැකියාව තිබිය යුතුය.
අලූත් ව්‍යවස්ථාවක් ගැන කතා කරන මෙම වකවානුවේ නොයෙක් රටවල ලක්ෂණ අධ්‍යයනය කළ හැකිය. චීනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනස්ම එකකි. එහි පක්ෂ අභ්‍යන්තරයට විශාල බලයක් තිබේ. ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලය බෙදා හැරීම හා මධ්‍යම රජය සමාජයේ සියලූ ස්ථර සමග එකට වැඩකරන ආකාරය සොයා බලන්නට කදිම නිදර්ශනයකි. ඇමරිකාවේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ගේ සිට ප‍්‍රාන්ත පොලිස් නිලධාරීයා හා අධිකරණයේ ප‍්‍රධානියා පවා තේරා ගන්නේ මහජන කැමැත්ත අනුව ඡුන්ද බලයෙන්ය. මෑතක දි බි‍්‍රතාන්‍ය ගෙන ආ යෝජනාවක් අනුව එරට පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද කමිටුව නිරීක්ෂණයට සාමාන්‍ය ජනතාව අතුරින් තෝරා ගත් කෙනෙකුට ඉඩ දෙන්නට සූදානම්ය. තවත් යෝජනාවකින් කියැවුණේ චිනය වැනි වේගයෙන් ආර්ථි්කය දියුණු වන රටකට තරගයක් දෙන්නට නම් යුද කාලයක තීරණ ගන්නා ආකාරයට ඉක්මනින් තීන්දුගත යුතු බවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග තවත් තීව්ර කරමින් මහජන මුදල් විනිවිද පෙනෙන ආකාරයට වියදම් කිරීම වැදගත් බව පෙන්වා දෙන තවත් රටවල් තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇත. සමාජයේ නොයෙක් පාර්ශව වලට මහජන නියෝජනයට ඉඩ ලැබෙන ආකාරයට තරුණන් හා කාන්තාවන් වෙනුවෙන් පක්ෂ අපේක්ෂකයන් අනිවාර්යයෙන් ඇතුළු කළ යුතු ප‍්‍රතිශත දක්වා තිබේ. බහුතරයගේ කැමැත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමුත් සුළුතරය දරන මතයට ඉඩ දෙන ආකාරය වඩා යහපත් කරන්නට හැකි ආකාරය ගැන නොයෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් ගැඹුරෙන් අධ්‍යයනය කරමින් සිටී. බහුතර පදනම ආරක්ෂා කරගනිමින් සුළුතරය කොන් කිරීම යුක්තිය නොවන බව ඕනෑම සමාජයක පිලිගැනීමයි. දේශපාලනයෙන් විශ‍්‍රාම ගෙන සමාජයේ සිද්ධි විමසා තමන්ගේ තීන්දු ප‍්‍රකාශ කරමින් සිටින සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා රටක් පාලනය කරන්නට නායකයන් තෝරාගැනීමට දායක වන ජන කොටස පරිනත පිරිසක් විය යුතුය යන මතය මෑතක දී ඉදිරි පත් කර තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව සියළු දෙනාට ඡුන්ද බලය ඇත. මහජනතාව ඡුන්දය පාවිච්චි කරන්නේ හැ`ගීම් අනුව විනා බුද්ධිවන්තව සිතා බලා නොවන බව ඔහුගේ තක්සේරුවයි. රටක ජීවත්වන අවුරුදු 30-60 අතර පුළුල් දැක්මක් ඇති කණ්ඩායමට පමණක් මහජන නියෝජිතයන් තෝරා ගැනීමේදී ඡුන්ද දෙකක් පාවිච්චි කරන අයිතිය තිබිය යුතු බව ඔහු කියයි. අවුරුදු තිහ දක්වා සහ අවුරුදු හැටට පසු සමාජයේ ජනගහනය තීරණ ගන්නා ආකාරය ගැඹුරු නොවන අතර ඔවුන්ට පාවිච්චි කළ හැක්කේ එක ඡුන්දයකි. එක ඡුන්දයක් ඇති එම පිරිසගේ තීරණ ගැනීම අනුව බලයට පත්වන්නේ දාර්ශනික නායකයන් නොව ජනප‍්‍රිය අපේක්ෂකයන් වන අතර එයින් රටට අනාගතයක් උදා නොවන බව එතුමා නගන තර්කයයි. පරිනත පුද්ගලයන්ට වැඩි අවස්ථාවක් සහ සමාජයේ සෙසු පිරිසට සාමාන්‍ය අවස්ථාව සැපයීමෙන් ජනසම්මතවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්නට ශක්තිය ඇති යහපත් නායකයන් තෝරා ගත හැකි බව එතුමා සිය ජීවිත කාලය තුළ දැක ඇති බව නිසැකය.
ශ‍්‍ර‍්‍ර‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැගීම හා එය මුහුණ දුන් අර්බුද වත්මන් පරම්පරාව හොදින් දන්නා බව නිසැකය. අවුරුදු තිහක් තරුණ පරම්පරා දෙකක් රට වෙනස් කරන අරමුණින් සිය රුධිරයෙන් වන්දිගෙවා තිබේ. උතුර හා දකුණ දුන් පණිවුඩය තේරුම් ගෙන පාඩම් ඉගෙන ගත යුතුය. පවතින දේශපාලන ක‍්‍රමය ගැන පොදු ජනතාව තෘප්තිමක් දැයි විමසා බැලිය යුතුය. ව්‍යවස්ථාවක් අවශ්‍ය ජනතාව සැනසිල්ල උදාකරන්නට විනා පාලකයන් බලයට පත් කරන්නට නොවේ. ව්‍යවස්ථාව රටට දර්ශනයක් ගෙන දෙන එකක් විය යුතුය. තාවකාලික අභිමථාර්ථ සාක්ෂාත් කරගන්නට ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යුතුකමක් නොවේ. බලයේ සිටින පාර්ශවය තමන්ට අවශ්‍ය ආකාරයට රාමුව සකස් කර ගැනීම ඉතිහාසයට අනුව මෙතෙක් සිදුවී තිබේ. ව්‍යවස්ථාව වෙනස්කළ යුතු නම් සමාජ සංවාදයකින් සහ සමාජයේ බුද්ධිමත් හරස් කඩක් නියෝජනයෙන් දීර්ඝ ක‍්‍රියාදාමයක් ඒ වෙනුවෙන් ආරම්භ කළ යුතුය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|