» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/12/2011 - ඉරිදා ලංකාදීප
රැඩිකල් ඉස්ලාම් නායකයන් අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී අනන්‍යතාවය සලකුණු කළ තුර්කියේ එර්ඩොගාන්- මිලින්ද මොරගොඩ

තුර්කිය ආසියාවේ බටහිර කලාපයේ රටක්. මැදපෙරදිග. රටවැසියන් බහුතරයක් මුස්ලිම් ජාතිකයන්. මහා සාගරය එක පැත්තකින්, රටවල් අටක දේශසීමාවලට මායිම් වූ තුර්කිය අද ජාත්‍යන්තර තලයේ කතාබහට මාතෘකාවක්. පළමු ලෝක යුද්ධයෙන් පසු රට ගොඩනගන්නට පියවර ගත්තේ මුස්තෆා කෙමාල් අටාටුක්. ඔට්ටුමාන් අධිරාජ්‍යවාදය පරදවා නිදහස් තුර්කිය ගොඩනැගූ අටාටුක් ගෙන් පසු තුර්කිය දැන් ගමන්කරන්නේ අලූත් මාවතක. මේ වෙනස ඇති කරන තීරණ ගන්න නායකයා එර්ඩොගාන් Recep Tayyip Erdogan. එර්ඩොවාන් 1994-98 කාලයේ ඉස්තාන්බුල් නගර සභාවෙ නගරාධිපති. ජස්ටිස් ඇන්ඞ් ඩිවෙලොප්මන් පක්ෂයේ නායකයා. දැන් තුර්කියේ අගමැති. 2003 වසරේ සිට අඛණ්ඩව. ඔහු යටතේ දැඩි මතධාරී ඉස්ලාම් පාලනයකට ගමන් කරනු ඇති බව වැඩි දෙනෙක් කල්පනා කලා. නමුත් එහෙම වුණේ නැහැ.

අනන්‍යතාවය ආරක්ෂා කරගෙන විවෘතව කි‍්‍රයාකරන්නට එර්ඩොවාන් ට හැකියාව ලැබුණා. කාලානුරූප ප‍්‍රතිපත්තිවලට අනුව රට ඉදිරියට ගෙනයන්න ඔහු දක්ෂ බව ඔප්පු වී අවසන්. බටහිර මතය හා සමග තම අනන්‍යතාව ගලපන්න සමත්වීම විශේෂයි. එහි ප‍්‍රතිඵල එරට සමාජයට දැනෙන්න පටන් අරගෙන. මැද පෙරදිග කලාපයේ ගැටුම්, දේශපාලන උණුසුම මැද තුර්කිය නොසැලී පැවතීමේ රහස එයයි. දිනෙන් දින දියුණුවීමට මග ඔහුගේ තිරණ ගැනීමේ ශක්තියයි.

තුර්කියේ පදනම සකස් කළ අටාටුක් සමාජයට වෙනස්කම් හ`දුන්වා දුන්නා. ඔට්ටුමාන් අධිරාජ්‍යය පරාජයට පත් කර රටේ මකු`ථ දැල් කඩා කළ එළි කළේ අටාටුක්. අන්තවාදී බව වෙනස් කළේ ඔහු. එර්ඩොගාන් එහි තවත් නැවුම් සම්මත ඇතිකළා. ප‍්‍රතිසංස්කරණ එහි සංධිස්ථානයක්. භාෂාවේ අකුරු අදට ගැලපෙන අන්දමට සංශෝධනය කළා. ඇ`දුම පැළ`දුම ගැන තිබුණ දැඩි නීති ලිහිල් කළා. සමාජය අලූත් ආකල්ප වලින් පිබිදෙන්නට එය ශක්තියක් බව පෙණුනා. 1961 පටන් රට පසුවුණේ ණය ගැතිව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත් ණය විශාල එකක්. එර්ඩොවාන් ක‍්‍රියා කළේ, පැවති ආර්ථික ක‍්‍රමයට තවත් දුරගමන් කරන්න බැරි බව වටහාගෙන. යුරෝපීය සංගමය සමග එකතුවුණා. මානව අයිතිවාසිකම් වලට තැනක් දුන්නා. ජාත්‍යන්තර අත්දැකීම් ගත්තා. අධ්‍යයනය කළා. එඩිතර තීන්දු ගත්තා. පොලී අනුපාත වෙනස්කර, උද්ධමනය පාලනය කරන්න හැකිවුණා. ක‍්‍රමයෙන් ණය බර අඩු වෙන්න පටන්ගත්තා. පහුගිය අවුරුදු දහය ඇතුලත ප‍්‍රංශය, ජර්මනිය හා බි‍්‍රතාන්‍ය වැනි රටවල දළ ජාතික ආදායමට සාපේක්ෂව ණය ප‍්‍රමාණය ඉහළ යන අතර තුර්කිය එය ක‍්‍රමයෙන් අඩු කරගන්නට සමත්වීම ජගත් අවදානයට ලක් වූ දෙයක්. 2013 වසර උදාවෙන්නෙ තුර්කිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවසාන ණය වාරිකයත් ගෙවමින්. එර්ඩොවාන් සැලසුම් කළේ එහෙම. ආර්ථිකය සකස්කරන අතරවාරයේ ව්‍යවස්ථාව වෙනස්කළා. මෙම වෙනස්කම් සමාජයට දැනුණා. ප‍්‍රතිචාර ලැබුණෙ ඉහළින්. අවුරුදු 52 කට පසු එර්ඩොගාන් ගේ නායකත්වය මහ මැතිවරණයකින් දෙවැනි වතාවටත් අනුමත වීම විශේෂ සිද්ධියක්. 2011 මහ මැතිවරණයෙන් තුන් වැනි වතාවටත් ඔහුගේ ප‍්‍රතිපත්ති වලට මහජන අනුමැතිය ලැබුණා. එය විශාල වෙනසක්.

අවුරුදු විසිපහකට වැඩි කාලයක් කුර්දිස්ථානු කැරළිකරුවන් සමග පැවති සටන් අවසන් කිරීම තුර්කි දේශපාලනයේ සංධිස්ථානයක්. තමන්ගේ සැලැස්ම පෙන්වා රජයට භාරවෙන්න යෝජනාව ඉදිරිපත් කිරීමෙන් ගැටුම් අවසන්කර ජීවිත හතලිස් දහසක් පමණ බේරාගත් එර්ඩොවාන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අගය තහවුරු කළා. යුරෝපීය මානව හිමිකම් අධිකරණ වල තත්ත්වයට තුර්කියේ අධිකරණය තුළ ඉඩ දුන්නා. ත‍්‍රස්තවාදය තිබුණ නීති ඉවත් කරන්නට පියවර ගත් අතර කථා කිරීමේ හා මාධ්‍ය නිදහස වෙනුවෙන් පුලූල් ඉඩක් දෙන්න තීරණය කළා. මෙම තීන්දු වලට එළැඹුණේ පහසුවෙන් නෙවෙයි. ඔහුගේ පසුබිම, මහජනතාව සමග ගොඩනගාගෙන තිබූ විශ්වාසය එයට ඉඩ දුන්නා. කුර්දි භාෂාවට, හිමි ගෞරවය අත්පත් කර දුන්නා. කුර්දි බසින් තිබුණ නගර නාම, පෙලපත් නාම යළි ඇති කළා. එයින් තහවුරු වූ විශ්වාසය ඉතාම වැදගත් පෙරැුලියකට මුල පිරුවා. මේවා සියුම් එහෙත් බරපතල තීන්දු. සමාජයේ අනන්‍යතාවය නැති කර කොන් වී තිබූ කණ්ඩායමක් යළි යහමගට යොමුකරගැනීම භාරධූර එකක්.

එර්ඩොවාන් ඉස්ලාම් ආගමට නැඹුරු පුද්ගලයෙක්. ඔහු බලයට පත්වන විට තුර්කිය නැවතත් දැඩි මතධාරී ආගමික නැඹුරුවකට යනු ඇතැයි බටහිර විශ්වාස කරන්න පටන් ගත්තා. ඇටාටුක් ඉවත් කළ ඉස්ලාම් හිස්වැස්ම යළි අනුමත කලා. එවිට ජාත්‍යන්තර ප‍්‍රජාව කල්පනා කළේ ආගමික අන්තවාදය ගැන. නමුත් අන්තිමේ දී එහෙම වුණේ නැහැ. ආගම එක පැත්තක තබාගෙන ශක්තිමත්ව තුර්කියේ නායකත්වය ගොඩනැගුවා. අලූත් යුරෝපයට තුර්කිය ඇතුල්කලා. යුරෝපීය හවුලට සහාය දෙන්න තීරණය කළ විට සමාජයෙන් ම චෝදනා නැගුණා. කැමැති වුණේ නැහැ. නමුත් දැන් මතය වෙනස්. එයින් ලැබුණ පිටිවහල රට තුළ පිළිගැනීමට ලක්වෙලා. සාකච්ඡුා සාර්ථක වුනොත් තුර්කියට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලැබේවි. එහෙම වුනොත්, යුරෝපීය සංස්කෘතියෙන් එපිට ඉස්ලාම් රටක් සංගමයේ එකමුතුවට සම්බන්ධවීම විශේෂ සිද්ධියක්. යුරෝපීය සංගමය 2001 දි විශිෂ්ඨතම යුරෝපියානුවා යන සම්මානය පිරිනැමුවෙත් එර්ඩොවාන් ගේ නායකත්වයට. දැන් තුර්කියට විශාල ආර්ථික සමාජ බලයක් ගොඩ නැගී හමාරයි. එය යුරෝපීය හවුලටත් වැඩි එකක්. ටියුනීසියාවට, ඊජිප්තුවට සංචාරයේ ගිය එර්ඩොවාන් ට ලැබණේ වීරත්වයට හිමි ගෞරවය. එය අතිමහත් පිළිගැනීමක් බවට පත්වුණා. පසුව ඇමරිකානු නායක ඔබාමා ලෝක තත්ත්වය ගැන සාකච්ඡුා කරන්න එර්ඩොවාන් ට ඇරයුම් කළා.

තුර්කිය ආර්ථික දියුණුව ල`ගාකර ගත්තේ ප‍්‍රතිසංස්කරණ සමග. වේගයෙන් දියුණු වන විට ව්‍යවසායකයන්ට අවස්ථාව ලැබුණා. කර්මාන්ත, ව්‍යාපාර ගොඩ නැගුණා. බලයට පත්වෙලා ගතවූ කාලය තුළ එරට ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කරගන්න තරමට අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය පහසු දෙයක් නෙවෙයි. තුර්කියේ සමාගම් දියුණුවූ තරම කැපී පෙනන සුළුයි. මෙම සමාගම් වලට අපි‍්‍රකාවේ ආයෝජන දිනාගන්න හැකියාව ලැබුණා. ආසියාවට පැතිරුණා. විශේෂයෙන් ඉදිකිරීම් අංශය අපි‍්‍රකාවේ ආයෝජනය කරන්න පටන්ගත්තා.දැන් බටහිර රටවල් තුර්කිය දිහා බලන්නේ යෝධයෙක් හැටියට.

ආර්ථිකය වගේ ම විදේශ ප‍්‍රතිපත්තියටත් තුර්කිය නැවුම් කලාවක් ඉදිරිපත් කළා. ඒක ප‍්‍රශ්න නැති සංස්කෘතියක්. සීරෝ ප්‍රොබ්ලම් යන වචනයෙක් විරුදාවලි ලැබූ මෙම විදේශ ප‍්‍රතිපත්තියට අනුව තුර්කියට ලෝකයේ ආණ්ඩු සමග ගැටුම් තිබුණේ නැහැ. නම්‍යශීලීයි. සුහදත්වය ඉහළින්. මැදපෙරදිග රටවල් වලට සවන් දුන්නා. බටහිර ක‍්‍රමය සමග වැඩකළා. නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ගත්තා. එහෙම නමුත් නේටෝ ප‍්‍රතිපත්ති වලට විරුද්ධව මත පළකරන්නත් එර්ඩොවාන් පසුබට වුණේ නැහැ. මේ නිසා තුර්කිය වටා අලූත් මත ගොඩනැගුනා. අලූත් බලවේගය එකතු වෙන්න පටන් ගත්තා. ග‍්‍රීසිය සමග අත්වැල් බැ`දගත්තා. දෙරටට ම වැදගත් ආයෝජන ගිවිසුම් වලට එළැඹෙන්න එයින් අවස්ථාව උදාවුනා. ඉරාකය සමග ආර්ථික ගිවිසුම් හතලිස් අටක් අත්සන් කරන්න තුර්කියට හැකිවුණේ මේ සීරෝ ප්‍රොබ්ලම් විදේශ ප‍්‍රතිපත්තිය එක්ක. එර්ඩොවාන් අවුරුදු තිස් තුනකට පස්සේ ඉරාකයට නිල සංචාරයක නිතර වීම විශේෂ සිද්ධියක් සියවසකට පමණ පසු තුර්කිය හා රැුසියාව අතර රාජ්‍ය නායකයන් මුණ ගැසීම එයටත් වඩා විශාල අවස්ථාවක්. මෙයින් පෙන්නුම් කළේ මිත‍්‍රත්වයේ අත ශක්තිමත් කියන පණිවුඩය. ලිබියාවේ ගැටුම් ඇතිවන විට එර්ඩොවාන් එයට මැදිහත්වෙන්න උත්සාම කළා. අවස්ථාව අන්තවාදය කරා සමීපවන විට ඔහු කළේ එයින් ඈත්වීම. සිරියාවේ ප‍්‍රශ්නය විස`දන්න උදව් කළා. නමුත් අන්තවාදයට යන විට එයින් ඈත්වුණා. ඊශ‍්‍රායලයේ ගැටලූ ඇතිවෙන විට ත් තුර්කිය අත දිගු කරන්න උත්සාහ කළා. නමුත් ඊශ‍්‍රායලය අවංකව ක‍්‍රියාකළේ නැති බව ප‍්‍රසිද්ධියේ කියමින් එයින් ඈත්වෙන්න එර්ඩොවාන් පසුබට වුණෙ නැහැ. තුර්කිය තමන්ගේ විදේශ ප‍්‍රතිපත්තිය තහවුරු කරගන්න සමත්වීම ජයක්.

පැරණි සම්ප‍්‍රචායික අධිරාජ්‍යය වෙනුවට අද තුර්කිය අලූත් යෝධ ප‍්‍රතිරූපයක් සකස්කරගෙන හමාරයි. යුරෝපය තුළ ආර්ථික අර්බුද මතුවෙන විට එයින් මගහැරී රට ගොඩනැගූ එර්ඩොවාන් දක්ෂ පාලකයෙක්. ඉස්ලාම් රැුඩිකල් අන්තවාදය ගැන ලෝකය සැකයෙන් බලද්දී, ඉස්ලාම් නායකයන් අතර ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකත්වයක් පෙන්වන්න එර්ඩොවාන් සමත්. බටහිර ලෝකයට තිබුණ බය නැතිකළා. ජනමත විමසීමකින් මැද පෙරදිග කලාපයේ ජනප‍්‍රිය හා හොදම නායකයා වෙන්න ලැබුණෙ එහෙම හැසිරීම එක්ක.

ශ‍්‍රී ලංකාව ඉන්නේ අතරමැදි යුගයක. එක පැත්තකින් දීර්ඝ කාලයක් පැවති ත‍්‍රස්තවාදය අවසන්. තවත් පැත්තකින් ආර්ථික යුද්ධය අවසන් නැහැ. සමාජයේ බලාපොරොත්තු විශාලයි. ලෝක අවධානය එයට දෙවැනි නැහැ. ජගත් ප‍්‍රජාව, විශේෂයෙන් බටහිර නායකයන් ලංකාව දෙස බලන්නේ වෙනත් ඇසකින්. මේ වගේ අතරමැදි අවස්ථාවක තුර්කිය රටට කියාදෙන පාඩම වැදගත් බව අවිවාදිතයි. අනන්‍යතාවය කුමක්ද? පාලකයෙකු ට එල්ල වන අභියෝග කවරේද යන පැති ගැන මේ වගේ අවස්ථා සමාජයේ හැම දෙනෙකුගේම අධ්‍යයනයට ලක්වීම අවශ්‍යයි. ප‍්‍රතිසංස්කරණ කරන්නේ කොහොමද? ජනතා විශ්වාසය ඇතිව ඒ මග ගමන්කරන්නට ඇති හැකියාව ගැනත් විවෘතව සාකච්ඡා කළ යුතුයි. කුඩා රටක් ලෝකයේ අවධානයට එකතු වෙන්නේ දක්ෂතාවය අනුව. ලොකයේ බලවතුන් අතර පැහැදිලි අනන්‍යතාවයකින් විවෘතව කි‍්‍රයා කිරීම අතිශය සංකීර්ණ එකක්.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.