වර්තමාන ශ‍්‍රි ලංකාවේ කෘෂි අංශය යම් පරිවර්තනයකට ලක් කළ යුතු අවස්ථාවකි. ජනගහනය වර්ධනය වෙමින් තිබේ. ඉඩම් සීමිතය. මෙරට ඉඩම් වලින් සියයට අසූවකට වඩා වන රක්ෂිත සහ රජයට අයත් ඉඩම්ය. ඉතිරි කොටසින් සෑහෙන ප‍්‍රමාණයක් අපනයනය ඉලක්ක කර ගෙන තේ සහ රබර් වගාවට වෙන් කර තිබේ. තේ සහ රබර් අධිරාජ්‍යවාදන්ගේ වෙළ`දපොළ අවශ්‍යතා වෙනුවෙන් ඇති කළ එකකි. වී ගොවිතැන යෙදවු ඉඩම් ප‍්‍රමාණය සැලකිය යුතු එකකි. කෘෂි අංශයෙහි යෙදවෙන ඉඩම් කැබලි වෙන් කරමින් ජනාවාස බිහිවන බව පෙනේ. එය වැලැක්විය නොහැකිය. මෙරට ජීවත්වන සියලූම දරු පවුල් වලට නිවසක් තනාගෙන ජීවත්වීමට සාධාරණ අයිතියක් තිබිය යුතුය. එසේ තිබිය දී කෘෂි අංශයට වෙන්ව ඇති සීමාසහිත ඉඩම් ප‍්‍රමාණයෙන් උපරිම අස්වැන්නක් උපයා ගැනීම අවශ්‍යය. අධිරාජ්‍යවාදී කාලයේ උවමනාවට වඩා වෙනස් වෙළ`ද පොලක් අද ඇත. එයට අනුව කෘෂි අංශයේ අපනයන ආදායම වැඩි කර ගැනීම අද ඇති අභියෝගයයි.
විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති හ`දුන්වා දුන් 1978 කාලයේ සිට කෘෂිකර්මාන්ත සහ කාර්මික අංශයේ වර්ධනයක් ඇති කරගෙන විදේශ විනිමය ඉපැයීම නංවන්නට සකසා තිබූ ඉලක්ක සාර්ථක වී නැත. සෑහෙන කාලයක් වන මෙම වකවානුව තුළ යම් පමණකට ප‍්‍රගතියක් දක්වා ඇත්තේ ඇ`ගලූම් කර්මාන්තය පමණකි. එයට හේතු වූයේ නිදහස් වෙළ`ද කලාප පිහිටුවීමය. එවකට තිබුණ සාමකාමී සමාජ ආර්ථික පසුබිම සහ ආසියානු කලාපයේ තරගකාරීත්වය හමුවේ ආයෝජන හිතකර පරිසරයක් රටට තිබිණ. එය මෙරටට සෘජු ආයෝජන අවස්ථා වැඩි කළේය. නමුත් මෙම වාතාවරණය දිගින් දිගටම පැවතියේ නැත. වෙනස්වන ජාත්‍යන්තර තත්ත්වයට ගැලපෙන ආකාරයට රට තුළ අපනයනය අරමුණු කරගත් ව්‍යවසාය ක‍්‍රමානුකූලව දියුණු නොවූ අතර ත‍්‍රස්තවාදී ගැටුම් පැතිරීම සමග දෙස් විදෙස් ආයෝජන සීමාසහිත විය. 2006 සිට මේ දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම විශාල පහත වැටීමක් පෙන්නුම් කරයි. කෘෂි භෝග උපනයන ආදායම අඩුවීම ඒ අතර කැපී පෙනේ. 2013 වසරේ මුල් භාගය තුළ අපනයන භාණ්ඩ ප‍්‍රමාණය සියයට 6.6 කින් අඩුවී ඇත. සමස්ථයක් වශයෙන් අපනයනය අඩුවන විට රට තුළ ආර්ථික වර්ධනයක් ඇති කරන ආකාරයට ආදායම උත්පාදනයක් සිදු නොවේ. මෙරටට කරන ආනයන වැඩි කිරීමෙන් උපයන බදු වලින් පමණක් රටේ ආර්ථිකය දියුණු කරන්නට නොහැකිය.
මෙරට යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් විශාල ආයෝජනයක් පසුගිය කාලය තුළ සිදු කර තිබේ. 2009 වසර වැනි කාලයක සිට සැලකිය යුතු ආකාරයට යටිතල පහසුකම් ඉහළ ගොස් ඇත. වරාය. ගුවන් තොටුපොල, අධිවේගී මාර්ග සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ දියුණුව වෙනුවෙන් කරන ලද ආයෝජනය ප‍්‍රතිඵල අත් කර ගන්නා ලෙසට පරිවර්තනය කර ගත යුතුය. මෙම යටිතල පහසුකම් දියුණුවන නමුත් එයින් විපුල ප‍්‍රයෝජන ගත හැකි වන්නේ වරාය හා ගුවන් තොටුපොල භාවිතා කරන ආකාරය අනුවය. යටිතප පහසුකම් දියුණුව සමග අපනයනය වැඩි කර ගැනීමට අවශ්‍ය මූලික සාධක වලින් කොටසක් සම්පූර්ණ වී ඇත. පසුගියදා මුදල් අමාත්‍යංශය කොළඹ සහ හම්බන්තොට වරාය යම් යම් නීති වලින් නිදහස් වරාය බවට පත් කළේය. කටුනායක, කොග්ගල සහ මිරිජ්ජවිල අපනයන කලාප බවටත් මත්තල ගුවන් තොටුපොල ආශ‍්‍රිතව නව අපනයන පහසුකම් ද ඇති බව නිවේදනය කළේය. එය මෙරට ආර්ථික ප‍්‍රසාරණය උදෙසා ඇති කළ යුතු අවශ්‍ය තින්දු බව පෙනේ. මෙම යටිතල පහසුකම් නැංවීම මගින් ගුවන් සහ වරාය භාණ්ඩ මෙහෙයුම් අංශයේ විශාල ප‍්‍රසාරණයක් රට තුළ ඇතිවී තිබේ. ප‍්‍රති අපනයනයට ඇති අවස්ථාව ද පුළුල් වී ඇත. භාණ්ඩ අපනයනය පමණක් නොව තොරතුරු තාක්ෂණ සේවා අංශයෙන් ද රටට විනිමය ඉපැයිය හැකිය. ලෝක බැංකුව දක්වන පරිදි 2015 වන විට එයින් උපයා ගත හැකි විනමය ප‍්‍රමාණය අදට වඩා දෙගුණයක් වනු ඇත. නිසා කළමනාකරණයක් සහ පවත්නා ප‍්‍රතිපත්ති අනුව ගමන් කළ හොත් ඉදිරි අවුරුදු දහය තුළ එය අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන දහයක් උපයන අංශයක් බවට පත්වනු ඇත.
ලෝක වෙළ`ද පොලේ පවතින මිළ තරගකාරීත්වයට මුහුණ දිය හැකි ආකාරයට කාර්මික සහ කෘෂිකාර්මික අපනයන නිපැයුම් වර්ධනය කරගැනීම සැලකිය අවශ්‍යතාවයකි. එය කළ හැකි වන්නේ අපනයනයට සුදුසු වාතාවරණයක් ඇති කිරීමෙන් පමණකි. නිෂ්පාදනය වැඩි කර ලෝක වෙළ`ද පොලට අපනයනය කරන මග පාදාගැනීම අවශ්‍යය. නිෂ්පාදනය වැඩි විය යුතු අතර එය අඩු වියදමකින් කරන එකක් වීම අවශ්‍යය. භාණ්ඩ නිපදවන්නට කරන වියදම අඩු කරන්නට නම් කළ යුතු වෙනස්කම් ගණනාවක් තිබේ. අද රට තුළ පවතින බැංකු පොලී අනුපාත කර්මාන්තයක් අරඹන්නට පොළඹවන්නේ නැත. එම පොලිය නිෂ්පාදන වියදමට එකතුවන යම් බාධාවකි. එපමණක් නොව, පවතින විනිමය අනුපාත විදේශ වෙළ`දාම තරමක් දුර්මුඛ කරයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අමුද්‍රව්‍ය මිල සහ බලශක්ති මිල ද සෑහෙන ඉහළ මට්ටමක පවතී. එම යෙදවුම් උපයෝගී කරගෙන කරන නිපැයුම් තරගකාරී රටවල මිල මට්ටමට වඩා ඉහළය. ඇමරිකාව සහ යුරෝපීය ප‍්‍රජාව තුළ දක්නට ලැබෙන ආර්ථික වේගය අඩුවීම මෙරට අපනයන අංශයට වක‍්‍ර බලපෑමක් එල්ල කර ඇත. එවැනි පසුබිමක් තුළ වැඩි මිලක් ගෙවා මෙරට නිපැයුම් මිලදි ගන්නට ජාත්‍යන්තර ගැනුම්කරුවන් ඉදිරිපත් නොවීම ස්වභාවිකය. අවශ්‍ය වන්නේ මෙම පසුබිම හ`දුනාගෙන නිසි ප‍්‍රතිකර්ම යෝජනා කිරීමයි.
පොලිය අඩු කරන්නට නම් රජයේ ණය ගැනීම අඩු කරන්නට සිදුවෙයි. අය වැය හි`ගය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට හතරක් දක්වා අඩු කර ගැනීමට දැනට ආණ්ඩුව ඉලක්ක කරයි. එය ඉතා වැදගත්ය. නමුත් ප‍්‍රායෝගිකව එය කරන්නට නම් විශාල කැපවීමන් අවශ්‍යය. එයට සාපේක්ෂව රටේ ඉතුරුම් අනුපාතිකය වැඩි කිරීම ද අවශ්‍යතාවයක් සේ හ`දුනාගෙන ඇත. තද මූල්‍ය විනයක් අනුගමනය කිරීමෙන් පොලී අනුපාත අඩුකර ආසියානු කලාපයේ රටවල් අතර පවතින තරගකාරී විනිමය අනුපාතිකයට ඇතුල් විය හැකි වුවහොත් මෙරට අපනයන වලට එය විශාල ආශීර්වාදයක් වනු නිසැකය. වරාය නිදහස් බවට පත් කිරීම, යම් යම් අංශ වල බදු නිදහසක් හිමිකර දීම අවස්ථාවෝචිතය. ඉන්දියාව හා පකිස්තානය සමග නිදහස් වෙළ`ද ගිවිසුම් අත්සන් කර තිබේ. විශාල ජනගහනයක් ඇති මෙම රටවලට අපනයන අවස්ථා සොයා ගැනීම මගින් වෙළ`දාම වර්ධනය කර ගත හැකිය. එය මෙරට අපනයනයට අලූත් දොරටු විවර කිරීමකි. චීනය හා ජපානය සමග නිදහස් වෙළ`ද ගිවිසුමක් වෙනුවෙන් දැනට සාකච්ඡුා කරගෙන යයි. ජපානය මෙරටට ආදාර සපයන ප‍්‍රධානම රට බවට පත්ව තිබු වකවානුව අවසන්ය. දුගී බවින් මිදී මැදි ආදායම් රටක් බවට පත්වන විට ආධාර දෙන ආකල්ප පහව යයි. ශ‍්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර බැංකු සහ රටවල් සමග ආදාර උපයා ගැනීමට කරන සාකච්ඡුා වෙනුවට රටට වාන්ජ පදනමකින් ණය ගන්නට මග පෑදි ඇත්තේ ඒ අනුවය. මෙම පසුබිම අනුව ජපානය සමග වෙළ`දාම වැඩි කර ගත යුතුය. ආධාර වෙනුවට මෙරට කෘෂි නිපැයුම් මිලදී ගත හැකි ආකාරයට යම් පරිවර්තනයක් කළ යුතුය. චීනය සහ ජපානය යන රටවල් සමග අත්සන් කරන ගිවිසුම් අනුව නුදුරු කාලය තුළ අපනයනය වෙනුවෙන් අපේක්ෂා කරන පදනම යම් ප‍්‍රමාණයකින් සකස් විය හැකි බව පෙනේ.
අද පවතින තත්ත්වය අනුව කෘෂි භෝග අපනයනය දෙස වඩා සූක්ෂම ආකාරයට අවධානය යොමු කරන්නට අවශ්‍යය. තේ, රබර් සහ පොල් නිෂ්පාදනය වැවිලි සමාගම් වශයෙන් මහා පරිමානයෙන් පවත්වාගෙන යයි. රජයට අනුබද්ධ, පුද්ගලික අංශය සහ කුඩා වතු හිමියන් මෙම වැවිලි අංශ වල ආයෝජනය කර තිබේ. මෙම වතු වල කරන නිපැයුම් අද පවතින ලෝක අවශ්‍යතාවය අනුව වෙනස් කිරීම අවශ්‍යය. තව දුරටත් තොග වශයෙන් අපනයනය කිරීම වෙනුවට කෙලින්ම පාරිභෝගිකයා අතට පත්වන නිමා භාණ්ඩ බවට පත් කරන්නට හැකියාව ඇත. වගාව දියුණු කරන තාක්ෂණය භාවිතා කළ හැකිය. වී වගාව දියුණු වී තිබේ. වී අස්වැන්න මෙරට අවශ්‍යතා ඉක්මවා යන තරමට ලැබෙන විට සහල් අපනයනය ගැන අවධානය යොමු කළ යුතුය. තේ, රබර්, පොල් පමණක් නොව සහල් අපනයනයේ දී ද අඩු මිලට නිපදවිය නොහැකි නම් ගැටලූ මතුවෙයි. වී ගොවිතැනෙන් අස්වැන්න අතිරික්තයක් ඇති වුවහොත් අධෛර්යයට පත්වනේනේ ගොවියාය. යල කන්නයේ වී වගාව අඩුවන විට වෙනස් භෝග වගා කරන්නට අවශ්‍ය පසුබිම සකස් කළ හැකිය. එලවලූ, පලතුරු සහ ධාන්‍ය වලට ජාත්‍යන්තරයේ විශාල වෙළ`ද පොලක් ඇත. රට තුළ පවා ආහාර මෙම ද්‍රව්‍ය ප‍්‍රමාණවත් ආකාරයට නිපදවන්නේ නැත. එවැනි අවස්ථාවක ගොවිපොල නිෂ්පාදනය වෙළ`ද පොලට ගැලපෙන ආකාරයට කළමණාකරනය ඉතාම වැදගත් කාරණයකි.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|