» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/07/2012 - ඉරිදා ලංකාදීප
වාණිජකරණයට ලක්වීමේ අභාග්‍යය ගැන ජගත් ප‍්‍රජාව සංවාදයක - මිලින්ද මොරගොඩ

රටට විවෘත ආර්ථික ක‍්‍රමය හදුන්වා දී දශක තුනහමාරක් පමණ වෙයි. අද තරුණ ජීවිත ගත කරන වැඩි දෙනෙකු සංවෘත ආර්ථිකයක ලක්ෂණ සම්බන්ධ අත්දැකීම් නැත. අද පරපුර විවෘත ආර්ථික ක‍්‍රමය යටතේ හැදුන, වැඩුණ සහ එහි ලක්ෂණ වලින් මිශ‍්‍ර සමාජ ක‍්‍රමයක කොටස් කරුවන්ය. වෙළද පොළ ආර්ථික ක‍්‍රමය හා සමාජය මුහුණදෙන තත්ත්ව සම්බන්ධ සීමාව කුමක්ද යන සංවාදය අද ලෝකය පුරා නැවත අවධානයට ලක්වෙමින් තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථික ක‍්‍රමය එකිනෙකට සම්බන්ධය. ලෝක ඉතිහාසයේ විවිධ යුග පසුකරමින් වර්තමානයේදී සමාජගෝලීයකරණ යුගය කරා ප‍්‍රවේශ වී සිටී. ආර්ථිකගෝලීයකරණය හමුවේ පෙන්වන ලක්ෂණ ගැන අපට අවබෝධයක් ඇත. විශ්ව ගම්මානය යන දැක්ම කරා වේගයෙන් ඇදී යමින් සිටින යුගයක ජාත්‍යන්තරයේ සිදුවීම් එදිනෙදා ජීවිතයට ඇති කරන වෙනස සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කිරීම කාලෝචිතය. එක්සත් ජනපදය හා සෝවියට් රුසියාව අතර සීතල යුද්ධයක් තිබිණ. එය සංකල්ප ගැටුමකි. එක්සත් ජනපදය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි විශ්වාස කළේය. සෝවියට් රුසියාව කොමියුනිස්ට් පාලනය අනුගමනය කළ අතර ඔවුන්ගේ ආර්ථික ක‍්‍රමය සමාජවාදී එකකි. එක්සත් ජනපදයේ ආර්ථික සංකල්පය වූයේ විවෘත ආර්ථිකයයි. මෙම පැති දෙකටම අයත් නොවූ දියුණු වන රටවල් ද කණ්ඩායමක් වශයෙන් එකතු වී සිටියේය. එය නොබැදි ජාතීන් වශයෙන්ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථිකය පැතිර යන්නට පටන් ගැනීම සමග සංවෘත ආර්ථික ඇතිව දැඩි බැමි වලින් සමාජය බැද දමා තිබුණ සෝවියට් රුසියානු කදවුර බිද වැටිණ. ජාත්‍යන්තරය තුළ ඇති වෙමින් තිබුණ ආර්ථික දියුණුව සමග තම සමාජය තුළ එකී ග‍්‍රහණය තව දුරටත් පවත්වාගෙන යන්නට සෝවියට් රුසියාවට ඇතුළු නොයෙකුත් වාමාශික ආර්ථික ක‍්‍රම පවත්වාගෙන ගිය රටවලට නොහැකි විය. ලෝකය පුරා විවෘත ආර්ථිකය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවත් දුරට පැතිර ගියේය. ජාත්‍යන්තර විචාරකයෝ මෙම බිද වැටීම සමග ලෝක ඉතිහාසය අවසන් යැයි කියන්නට පටන් ගත්තේය. නමුත් ලෝක ඉතිහාසය අලූත් පරිච්ඡේදයකට ප‍්‍රවේශ වී තිබේ. විවෘත ආර්ථිකය සහ සමාජය වානිජකරණයවීම එම විවාදයයි.

වෙළදාම, කාර්යක්ෂමතාව, තරගකාරීත්වය සහ සම්පත් උපයෝගීතාවය වැනි අලූත් පැති විවෘත ආර්ථික ක‍්‍රමය සමග රටවල් තුළ වැඩිණ. මෙම ලක්ෂණ ආක‍්‍රමණය කිරීම සමග අභියෝගයට පත්වූයේ ජන සමාජයයි. නිවී සැනසිල්ලේ තරගයකින් තොරව ගලා ගිය ජීවිත වෙනුවට සැම දෙයකටම මිලක් ඇති බව පෙනෙන්නටවිය. විවෘත ආර්ථික ක‍්‍රමයේදී නොවිකිණෙන දෙයක් නැත. මිනිස් ගුණ දහම් පවා විකිණෙන තරමට එය අන්තවාදී විය. ආර්ථිකය විවෘත වන විට සමාජය වානිජකරණයට ලක්වීම එයට හේතුවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථික ක‍්‍රමය මගින් යුක්තිය සහ සාධාරණත්වය අපේක්ෂා කළත් මෑත කාලීන ප‍්‍රවනතා අනුව සමාජ සම්ප‍්‍රදායයන් තියුණු වානිජ අන්තවාදයකට ගමන් කර තිබේ. එය පාලනයෙන් තොරව නිරායාසයෙන් සිදුවූවකි. සමාජය පිඩාවට පත්කර ඇති වානිජකරණයේ අවසානය කොතැනකද? එහි යම් පාලනයකට ගත යුතු මග කුමක්ද යන්න පෙර හා අපරදිග කලාපයන් හි විවෘත ආර්ථික ක‍්‍රමය පවත්වාගන යන රටවල අද සාකච්ඡා කෙරේ.

ක‍්‍රිකට් තරගයක ප‍්‍රවේශ පත‍්‍ර සීමිතය. පෝලිමේ සිට මෙම ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගන්නා කොටසක් සිටී. ඔවුහු අතර මැදියන්ය. කාර්ය බහුල ධනවතුන් පසුව, වැඩි මිලට අතරමැදියන්ගෙන් මෙම ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගනිති. නිදහස් වෙළද පොල අනුව මෙය අලූත් ව්‍යාපාරික අවස්ථාවකි. නමුත් එය සාධාරණ ද? ක‍්‍රිඩා ලෝලීන් ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගැනීමට පැමිණෙන විට ඒවා කලින් මිලදී ගත් අතරමැදියන් ඉල්ලූම අනුව වැඩි මිලට විකිණීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් හෝ විවෘත ආර්ථිකයෙන් අපේක්ෂා කළ එකක් නොවේ. වෛද්‍යවරුන්ට විශාල රෝගීන් පරීක්ෂා කරන්නට හැකියාවක් නැත. මුදල් ගෙවා කාලය වෙන්කර ගන්නට ද තරගයක් දෙන්නට සිදුවෙයි. වෛද්‍යවරුගේ චැනල් ටිකට්පත් කලින් මිලදී ගෙන වැඩි මිලට විකුණන වෙළදාමක් චීනයේ පැතිරෙන්නට පටන්ගෙන තිබේ. ජාවාරමක් නමුත් එම වෙළද අවස්ථාව නිර්මාණය කළේ විවෘත ආර්ථිකයයි. සමාජයට එය වානිජකරණයකි. විවෘත ආර්ථිකයෙන් පැතිරයන අයහපත් ලක්ෂණයකි. ක‍්‍රිකට් තරගයක ප‍්‍රවේශ පත‍්‍ර වෙනුවෙන් වෙළද පොළක් සකස්වීම යම් පමණකට ඉවැසිය හැකි නමුත් වෛද්‍යවරයෙකු වෙන් කර ගන්නට වෙනත් වෙළද පොලක් සකස්වීම රෝගී දුප්පත් ජනතාවට ප‍්‍රශ්නයකි.

ඇමරිකාවේ කොන්ග‍්‍රස් මණ්ඩලයේ වැදගත් විවාද නරඹන්නට මහජනතාවට සීමිත ආසන ප‍්‍රමාණයක් වෙන්කර තිබේ. විශේෂිත අවස්ථාවලදී දුප්පත් මිනිසුන් මෙම කොන්ග‍්‍රස් මණ්ඩලයේ විවාද නැරඹීමේ ප‍්‍රවේශ පත‍්‍ර කලින් ලබාගෙන ඒවා පෝලිමේ සිටින්නට වෙලාවක් නැති ධනවත් ව්‍යාපාරිකයන්ට ඉහළ මිල ගණන් වලට විකුණයි. ඉහළ උසාවි වල නඩු විභාග වන අවස්ථාවල එහි ඇති මහජන ආසන විකුණන අවස්ථා ඇති බව ද ලෝකයේ නොයෙක් තැනින් අනාවරණය වෙයි. කාලය වටිනා ධනවතුන්ට එය ප‍්‍රශ්නයක් නොවෙන්නට ඉඩ ඇත. තමන් වෙනුවෙන් ඉඩ වෙන්කරගන්නා දුප්පතාට මිලක් ගෙවා තමන්ට නියමිත වේලාවට පැමිණ දේශනය හෝ නඩු විභාගය යන ආකාරය නිරීක්ෂණය කර ඉවත්විය හැකිය. එය ව්‍යාපාරික අවස්ථාවක් නමුත් ජනසම්මත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පහරකි.

විවෘත ආර්ථික ක‍්‍රමය තුළ වෙළදාමට ඉඩ ඇතිකරන්නේ හි`ගයයි. සැපයිය හැකි තැනැත්තා ශූර ව්‍යාපාරිකයෙකු වෙයි. වෛද්‍ය විද්‍යාව දියුණුව සමග අවයව බද්ධය ප‍්‍රචලිතය. තමන්ගේ හෝ මියගිය ඥාතියෙකුගේ අවයවයක් පුණ්‍යකර්මයක් සේ සලකා පරිත්‍යාග කරන අවස්ථා ඇත. නමුත් ලෝකය පුරා මිනිස් අවයව විකුණන වෙළදාමක් ඇත. මේවා සාධාරණ සමාජය ප‍්‍රශ්න කරයි. වකුගඩුවක්, අක්මාවෙන් කොටසක්, රුධිරය හෝ දරු ගැබක් වෙනුවෙන් මිලක් නියම කිරීම වෙළද පොළ වානිජකරණයේ අන්තවාදයයි. භාණ්ඩ හිගයකදී මිල වැඩිවෙන්නාක් මෙන් ඉල්ලූම අනුව මිනිස් අවයවයක මිලද වැඩිවෙයි. අවසානයේ දී විවෘත ආර්ථිකයේ සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව ධනවත් සමාජයට පමණක් සීමා වෙයි.

පෝලිම යනු සාධාරණ අවස්ථා සපයන තැනක් බව විශ්වාස කළේය. නැති බැරි, ඇති හැකි සියලූ දෙනා තමන් වෙනුවෙන් පෝලිමේ සිට අවස්ථාව උපයාගත්තේය. නමුත් සමාජය වානිජකරණය වීම සමග පෝලිම යනු තවත් ව්‍යාපාරික ස්ථානයකි. භාණ්ඩ හා සේවා සැපයීමට සීමා නැති අවස්ථාවක උවමනාතරම් අවශ්‍යතා සැපයෙනු ඇත. එයින් හි`ගය නැතිවෙයි. ජනතාව පෝලිමේ සිටින්නේ හි`ගය නිසාය. හිගය නැතිවන විට පෝලිම ඉවත්වී තරගකාරීව සාධාරණ අවස්ථා ඇතිවනු ඇතැයි කරන ලද ගණන් බැලීම වානිජකරණයට ලක්ව තිබේ.

විකුණන්නට හැකි ඕනෑම දෙයක් සොයා ගැනීම ව්‍යවසායකත්වයයි. එය විවෘත ආර්ථිකය සපයන අවස්ථාවයි. සපයන ඉඩ උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගනිමින් සමාජ සාරධර්ම පවා කෙළෙසමින් සීමාවකින් තොරව සමාජය වානිජ කරණය වීම බරපතල ගැටලූවකි. රටක් දියුණු කරන ඵ්රනැඑ ෑජදබදපහ වෙනුවට ඵ්රනැඑ ිදජසැඑහ බිහිවී ඇත. ආගම, සමාජ විනය නිසි ලෙස පවතින සමාජ වල මෙම වානිජකරණයේ සීමාවක් තිබේ. නමුත් විනය පිරිහෙන අවස්ථාවේ දී සියලූ සීමාවක් ඉක්මවා යයි. ධනය ඉපැයීම එකම අරමුණ බවට පත්ව තිබේ. විවෘත ආර්ථිකයෙන් ලෝකය පුරා අවස්ථාව බිහිවනු ඇතැයි පර්යේෂණ කළ විශේෂඥයන්ට එය ඉතා නරක අන්දමට ජන සමාජය තුළ වානිජකරණයක් ලෙස නැගෙන විට විස`දුම කුමක් ද? යන්න ගැන සාකච්ඡා කරන්නට සිදුව තිබේ. එය අවාසනාවන්ත පැත්තයි.

වර්තමානයේ බටහිර සමාජය තුළ සිදුවන සිදුවීම් විවෘත ආර්ථික ක‍්‍රමයේ අභියෝග ගැන දක්වයි. එය අපට ද පාඩමකි. නමුත් ශ‍්‍රී ලංකාව තුළ සම්පූර්ණ විවෘත ආර්ථික ක‍්‍රමයක් පවත්වාගෙන ගියේ නැත. විවෘත ආර්ථික ක‍්‍රමයෙන් අවස්ථාව ඇති කරගෙන ව්‍යවසායකයන් බිහිවියයුතුව තිබිණ. යුද පසුබිම සහ වෙනත් නොයෙකුත් කරුණු මත විවෘත ආර්ථිකයේ අසම්පූර්ණ අත්දැකීමක් රටට තිබේ. එවැනි ක‍්‍රමයක් තුළ පවා සමාජ වානිජකරණයේ යම් විකෘතිතා අද සමාජයට විදින්නට සිදුව තිබේ. ඒවායින් මිදෙන්නට නම් නිසි විනයක්, බැදීමක් අවශ්‍යය. ආගම, පවුල් වටිනාකම් සහ සංස්කෘතික අනන්‍යතා සමාජය තුළ ශික්ෂණය ඇති කරයි. ආර්ථික ක‍්‍රමය මගින් සමාජය වානිජකරණය කරන බව දැනෙන විට එයට එරෙහිව යා හැක්කේ සමාජ වටිනාකම් ස්ථාපිත කිරීමෙන් පමණකි. එවැනි මෙහෙවරක්, නීති මගින් කරන්නට හැකියාවක් නැත. සමාජ නායකයින්, බුද්ධිමතුන් සහ දාර්ශනිකයන් මෙම පැති ගැන අවධානයෙන් සිට ස්වකීය දර්ශක නිර්භීතව අනාවරණය කිරීම වටී. දරුවන්ගේ සිට වානිජකරණයට නොගැලෙන, හරය හා ගුණාංග වඩන පෙළඹවීම් ඇති කළ හැකිය. එය කරන්නට ලාභ නොලබන අරමුණෙන් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන වලට ද හවුල් විය හැකිය. ලෝකයේ නන් දෙසින් දක්නට අත්දැකීම් අනුව එවැනි ව්‍යායාම වල වැදගත්කම තහවුරු වෙයි. මෙරට පවතින දහම් පාසල එයට උපයෝගී කර ගත හැකිය. ගමේ ප‍්‍රජා සමිතිය ප‍්‍ර‍්‍රදේශවාසින් ගේ ආකල්ප හා ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සම්මත රාමු සකස් කරන තැනක් කළ හැකිය. විවෘත ආර්ථිකය සමග සමාජය වානිජකරණය වන බව දැනෙන විට ඉහළට නැගිය යුතු එවැනි අංගය.

රටට විවෘත ආර්ථික ක‍්‍රමය සම්බන්ධයෙන් විශාල අත්දැකීම් ඇත. එහි අවස්ථා වාසි හා අවාසි ගැන හැගීමක් තිබේ. විවෘත ආර්ථික ක‍්‍රමයට සමාන්තරව සමාජය යම් පමණකට වානිජකරණයට ලක්විය. එය අවිවාදිතය. පසුගිය කාලය තිස්සේ සමාජයේ විවිධ කොටස් එහිලා චෝදනා කළ අතර මෙම පැති අධ්‍යයනය කිරීම රටට වැඩදායකය. ආර්ථික ක‍්‍රමයක යහපත් ලක්ෂණ සමාජයට උකහා ගනිමින් එයින් සිදුවන වානිජකරණ ලක්ෂණ පෙරා ඉවත් කරන්නට තරම් බුද්ධි ප‍්‍රබෝධයක් රට තුළ ඇති කිරීම හා එයට සමාන්තරව සමාජ වටිනාකම් නැවත ස්ථාපිත කරන්නේ කෙසේද යන්න ගැන ගැඹුරු විග‍්‍රහයකට යා යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.