» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
14/04/2013 - ඉරිදා ලංකාදීප
අලූත් අවුරුද්ද සමග අලූත් විය යුතු ලාංකේය ජන සමාජය - මිලින්ද මොරගොඩ

අලූත් අවුරුදු සමය උදා වී ඇත. සතුට පී‍්‍රතිය පැතිරෙමින් තිබේ. ජීවිතය බලාපොරොත්තු හා අපේක්ෂා වලින් පිරුණ එකක් බව දැනෙන්ට පටන්ගෙන ඇති බව නිසැකය. සමාජයේ සියළු දෙනා අපේක්ෂා කරන්නේ අභිවෘද්ධියයි. එය සාක්ෂාත් කරගැනීම සඳහා නොයෙක් බලාපොරොත්තු ඇති කර ගනී. මේවා සිහින වලට පමණක් සීමාවීම වලක්වන්නට නම් අපතිහත ධෛර්යයක් තිබිය යුතුය. කැපවීමක් අවශ්‍යය. අලූත් අවුරුද්ද මෙම බලාපොරොත්තු අලූත් කර ගැනීමේ සංකේතයකි. සිංහල සංස්කෘතිය හා කෘෂි නැඹුරුව අනුව උදා වී ඇත්තේ බක් හෙවත් භාග්‍යවන්ත මාසයයි. සූර්ය සංක‍්‍රාන්තිය අනුව අලූත් අවුරුද්ද උදාවන බව ජොතිෂ්‍යට අනුව සැලකෙයි. අස්වනු නෙලා නැවත ගොවි බිම් අස්වද්දා ලැබෙන විවේකයේ දී ගහ කොළ හා බැඳුණු වතාවත් සමග උසස් ආකාරයට සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද සමරති. ඒ අතීතයේ දීය. ඉන් පසු යටත් විජිත යුගයේ මෙරටට බටහිර චාරිත‍්‍ර වාරිත‍්‍ර මිශ‍්‍ර විය. ගොවිතැන ගොවිකම වෙනුවට ආණ්ඩුවට සේවය කරන ප‍්‍රජාවක් බිහිව තිබේ. එය සමග අවුරුද්දේ උදාව වෙනසකට ලක්ව ඇත. නමුත් බක් මාසය වෙනුවෙන් නිවෙස කලඑළි වෙයි. අලූත් යමක් මිලදී ගෙන නිවසට නව පෙනුමක් දෙන්නට වැඩිදෙනෙකු සූදානම්ය. බොහෝවිට නිවෙස, වතු පිටි පවිත‍්‍ර වෙන්නේ පවුලේ සියලූ දෙනාගේ සහභාගීත්වයෙනි. එහිදී එකමුතුකම වැඩිවෙයි. අලූත් උද්යෝගයක් ඇතිවෙයි. අඩු පාඩු අගහිඟකම් කොතරම් ඇතත්, වෙළඳ පොළෙන් නිවසට ප‍්‍රයෝජනවත් කලක් තබාගත හැකි දෙයක් මිළදී නොගන්නා අය දුලබය.

අලූත් අවුරුද්ද අනාගතය ගැන බලාපොරොත්තු ඇති කරගැනීමට වැදගත්ය. එමෙන්ම ගෙවි ගිය වකවානුව දෙස විමසිලිමත්ව සලකා බලන්නටත් හොඳ අවස්ථාවකි. සමාජය හුරුවී ඇත්තේ ඉදිරිය දෙස බලා කටයුතු කරන්නටය. නමුත් ආපසු හැරී බැලීම වැදගත්ය. පසුගිය වසරේ අපේක්ෂා ඉටු කරගන්නට හැකි වීද? නොහැකි වූයේ නම් ඒ මොනවාද? එසේවන්නට හේතු වූ කරුණ කුමක්ද? යම් පාඩමක් ඉගෙනගෙන ජීවිතයට අත්දැකීම් එකතුකර ගත යුතුය. සාර්ථකත්වයේ රහස එම සමාලෝචනයයි. වසර දෙදහස් පන්සියයකට වැඩි අතීතය දෙස බලන විට ශ‍්‍රී ලාංකිකත්වය ඇත්තේ මහත් අභිමානවත් අන්දමටය. වාරි කර්මාන්ත, ඉදිකිරීම්, කෘෂිකර්මය, රාජ්‍ය පාලනය හා සංස්කෘතිය අතින් ලෝකයේ ශිෂ්ඨාචාර අතර අසමසම තැනක් ලංකාවට ඇත. එදා යුගයේ හැකියාව අද යම් ප‍්‍රමාණයකින් පිරිහී තිබේ. අතීත අවශ්‍යතාවයන්ට වඩා වර්තමාන යුගයේ මහජනතාවගේ ජීවන පෙවෙත වෙනස්වීම මෙයට බලපා ඇතිවා විය හැකිය. සශ‍්‍රීකත්වය සම්බන්ධ ආකල්ප එදා ට වඩා අද වෙනස්ය.

වර්තමානයේ මහජනතාව අතර සමාජ ඒකාබද්ධ බවක් නැත. අතීතයේ තිබුණ එකමුතුකම අද දුලබය. බෙදීම් බහුලය. කුළ, ජාති, ආගම්, දේශපාලන පක්ෂ, අධ්‍යාපන පසුබිම හා දුප්පත් පොහොසත් බව අනුව සමාජය වෙන් වෙන්ව තීරණ ගනියි. සමාජ පරිවර්තනය වීමේ වේගයට මෙයින් හානි වී ඇත. මෙම බෙදීම් දියුණවට කරන හානිය සැලකියයුතු තරම්ය. පුද්ගලයන්ට සමාන අවස්ථාව අහිමි වන අතර දක්ෂ නිර්මාණශීලී පුද්ගලයන් අසරණ වෙයි. දැන හැඳුනුම්කමට තැන හිමිවෙයි. එයින් අධෛර්යය, සැකය හා ද්වේශය ඉස්මතු වෙයි. සිදුවන හානිය බරපතලය. හැකියාව ඇති පුද්ගලයන්ට ස්වකීය ආත්ම ශක්තිය අනුව ස්වාධීනව නැගී සිටින්නට බාධාවක් නැති සමාජය බැබලෙයි. පද්ගලයාගේ පසුබිම, තරාතිරම අනුව අවස්ථාව ඇති කරන ක‍්‍රමය යම් රටක ජීවනය යටපත් කරයි. අලූත් අවුරුදු කාලය තුළ මෙවැනි දුර්වලතා ගැන හිතන්නට අප සමත්විය යුතුය.

ශ‍්‍රී ලංකාව සුන්දර දිවයිනකි. එහි සොබාවික සම්පත් බහුලය. මහජනතාව බුද්ධිමත්ය. ලොව අනෙකුත් රටවල් මෙන් දුර්භික්ෂ හා ව්‍යසන වලින් තොරය. නමුත් නිදහස ලැබී ගතවූ වසර හැට පහක කාලයෙන් හරි අඩක් වැය කර ඇත්තේ බේධකාරී ප‍්‍රචණ්ඩක‍්‍රියා බහුල සමයක් පසුකිරීමටය.ත‍්‍රස්තවාදයට බිලි වූ එහෙත් වෙනස්වන්නට උත්සාහ දරන සමාජයක් ලෙස ජගත් ප‍්‍රජාව ඉදිරියේ සටහන් වෙමින් තිබේ. ලෝකය පුරා පැතිරෙන ආර්ථීක හා පරිපාලන ප‍්‍රශ්න මතින් මිදී නව අනන්‍යතාවයක් ඇති කරගන්නට සමාජය සූදානම් විය යුතුය. එය කළ හැක්කේ පරිවර්තනයකින් පමණකි.

නැකැත් චාරිත‍්‍ර අවනුව පරණ අවුරුද්ද ගෙවී යන විට සියළු වැඩ අත හරියි. අලූත් අවුරුද්ද උදාව සමග ජීවිතය අලූත් කරන දර්ශනය එහි ඇත. නූතන තාක්ෂණික යුගයේ අපට අලූතින් කරන්නට හැකි කුමක්දැයි විමසා බලන්නට අලූත් අවුරුදු සංක‍්‍රාන්ති කාලයෙන් යම් කොටසක් වෙන් කළ යුතුය. තරගකාරී ලෝකය තුළ නිති පතා අලූත් දේ සිදුවෙයි. අලූත් දෑ නොතනන ජාතිය ලොව නොන`ගී යයි කුමාරණතුංග මුනිදාස ශූරීන් ප‍්‍රකාශ කළේ අත් දැකීමෙන්ය. සම්ප‍්‍රදායික අධ්‍යාපනය. එයින් විභාග සමත්වීම. විභාග සමත්වන්නට ඇති තරගය. නිදහස් අධ්‍යාපනය බව දක්වමින් සෑම විෂයයකටම ටියුෂන් පංති වලය යෑම අද කොටු වී ඇති රාමුවයි. විභාග සමත්වී උපාධිය ද ලැබීමෙන් පසු ඉල්ලන්නේ ආණ්ඩුවේ රුකියාවකි. රජයේ සේවය කරන පිරිස ගැන සමාජයේ විශාල විශ්වාසයක් නැත. වැඩක් කරගන්නට නොහැකි බව පවතින සාමාන්‍ය මතයයි. එවැනි මතයක් තුරන් කරන ආකාරයට රජයේ සේවය තුළ වැඩ කරන්නට අලූතින් එකතුවන පරපුර සූදානම්ද? නැතිනම් එහිම කොටස්කරුවන් වී ලෙහෙසි ස්ථාවර ජීවනෝපායක් හෙයින් එයට එකතු වෙනවාද?

ලෝකය වෙනස් කළ නොයෙක් විද්‍යාර්ථීන් සම්ප‍්‍රදාය අනුගමනය කර නැත. දාර්ශනිකයන්, විද්‍යාඥයන්, ගත් කතුවරුන්, අලූත් නිමැවුම් සොයා ගත් නිපැයුම් කරුවන් ලෝකය වෙනස් කළේය. ඔවුන් අලූත් ආකාරයට කි‍්‍රයා කළේ නැති නම් අලූත් යමක් බිහි වෙන්නේ නැත. ලෝකයේ සියලූම දේ නිපදවා අවසන් යැයි නිගමනයකට පැමිණීම වටිනා දෙයක් නොවේ. පැරණි වෙළ`ද සහ කාර්මික යුග වලින් ලෝකය දියුණු වන්නට ගත කළ කාලයට වඩා ඉක්මනින් තාක්ෂණික යුගයේ දී අලූත් දේ සොයා ගනිමින් සිටී.

රේඩියෝව, රූපවාහිනිය, පරිගණක තාක්ෂණය වැනි දේ ජීවිතයට ඇතුළු වූයේ මතක ඇති කාලයේ දීය. පරිගනක තාක්ෂණය ලෝකයට ඇතුළු වී ගත කරන ලද සුළු අවුරුදු ගණන තුළ ඇතිවී තිබෙන වෙනස ඉතා විශාල එකකි. ව්‍යාපාරික අංශ සලකන විට අවුරුදු ගණන් වැය කර ගොඩ නගා ගත් ව්‍යාපාර වලට වඩා වේගයෙන් තොරතුරු තාක්ෂණික ව්‍යාපාර වැඞී ඇතිබව පසුගිය කාලය නිරීක්ෂණය කරන විට පෙනේ. විද්‍යුත් තැපෑල මේ ජීවත්වන පරම්පරාව සතු විය හැකි මෙවලමක් යැයි අප සමාජය කල්පනා කරන්නට නැත. අද මෙන් සියලූ දෙනා අත දුරකථනයක් රුෙ`දනු ඇතැයි අවුරුදු දෙක තුනකට කලින් සිතන්නට නැති බව නිසැකය. අද මෙම පෙරැළිය සිදුව තිබේ. අද ලෝකයේ ධනය නිපදවන විශාලම මෙවලම බවට පත්ව ඇත්තේ තාක්ෂණයයි. සුළුවට නිර්මාණය වූ ෆේස් බුක්, ට්විටර් සහ යූ ටියුබ් වැනි සමාජ වෙබ් අඩවි වල වටිනාකම ඩොලර් ටි‍්‍රලියන ගණන ඉක්මවයි. අලූතෙන් සිතා යමක් හදන්නට උත්සාහ කළ තරුණන් කර ඇති විප්ලවය විස්මිත එකකි. එවැනි දේ කළ පුද්ගලයන් ලොව අසමාන චරිත බවට පත්ව තිබේ. පාසල් දරුවන් තුළ යුග පුරුෂයන් වී ඇත්තේ අලූත් යුගයේ නව නිර්මාණ කරුවන්ය.

ශ‍්‍රී ලාංකේය සමාජය තුළට ද තාක්ෂණය කාන්දු වී ඇත. අලූත් පරිගනක වැඩසටහන් හදන දක්ෂ දරුවන් ගමෙන් නගරයෙන් බිහිවෙමින් තිබේ. ගෙරදක වැඩිහිටියන්ගේ ජංගම දුරකථනයේ වැරදි හදන්නේ දරුවන්ය. පරිගණකයේ යමක් සිදුවූ විට එය හදන්නට පටන් ගන්නේ දරුවන්ය. කුඩා ළමයින් ඉක්මනින් අලූත් තාක්ෂණික භාෂාව ඉගෙන ගනී. එය අපට පෙනෙන දෙයයි. පරිගණකය පමණක් නොව, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, වඩු, මේසන් සහ කාර්මික අංශයෙහි ද අලූත් දේ සිදුවිය යුතුව තිබේ. එයින් රට තුළ ව්‍යන්‍සායකත්වය ඇති කරයි. යැපෙන්නේ නැති ස්වාධීන සමාජයක් බිහි කරයි. අද මෙරට විදේශ විනිමය වැඩිම ප‍්‍රමාණයක් උපයා දෙන්නේ මැද පෙරදිග ඇතුළු රටවලට ගොස් වැඩි කරන ලාංකිකයන්ය. සංචාරක හා තේ අපනයනය වැනි අංශ වලට වඩා හය ගුණයකින් වැඩි විනිමය ප‍්‍රමාණයක් එම පිරිස රටට උපයා දෙයි. අද මෙරට විශාලතම ශක්තිය වී ඇත්තේ මෙම පිරිසයි. ලෝකයේ ඕනෑම ැනකට ගොස් අභියෝග භාරගෙන වැඩි කරන්නටසමත් මෙම ජව සම්පන්න පිරිස රට තුළ ව්‍යවසායකයන් විය යුතුය. පිටරට ගොස් ධනය උපයන කණ්ඩායමක් නොව රට තුළ යමක් නිපදවා අලූත් දෙයක් අලූත් කර්මාන්තයක් අරඹන වෘත්තිකයන් පිරිසක් බවට පත්වීම අවශ්‍යය. ඉදිරි අවුරුදු කිහිපය තුළ එම පරිවර්තනය සිදු නොවුනහොත් අනාගත පරපුරට පවා යැපෙන්නට සිදුවන්නේ ලෝකයේ වෙනත් රටක ශ‍්‍රමිකයන් හැටියටය. එය අභිමානයක් නොවේ. උදා වු අවුරුද්ද අලූතින් හිතන්නට අවස්ථාවක් කර ගනිමු. පුද්ගලයා වෙනස් වුවහොත් සමාජය වෙනස් කිරීමට හැකිය. යැපෙන ආර්ථිකයක් වෙනුවට දිනන ආර්ථිකයක් ඇති කරන්නට නම් අලූත් දේ වෙනුවෙන් හිත යොමු කිරීම අවශ්‍යය. එය පහසු නැත. සරල එකක් නොවේ. අභියෝග ගණනාවකට මුහුණ දෙන්නට සිදුවනු නිසැකය. පහසුවෙන් යමක් කරන්නට සමාජය තුළින් ද අවස්ථාව දෙන්නේ නැත. නමුත් රටට අවශ්‍යව ඇත්තේ අලූතින් යමක් කිරීමේ ව්‍යායාමයයි. උදා වූ සිංහල හා සෙමල අලූත් අවුරුද්ද එයට පදනමක් කර ගත හැකි නම් වැදගත්ය.

ඔබට සුබ අලූත් අවුරුද්දක් වේවා.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.

මිලින්ද මොරගොඩ