» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/11/2011 - ඉරිදා ලංකාදීප
පොහොසත්වන ආසියාවේ මෙගා නගර පෙරැළිය - මිලින්ද මොරගොඩ

අපේක්ෂාව කුමක්ද? සැනසිලිදායක ලෙස ජීවත්වීම. අවසාන බලාපොරොත්තුව එයයි. තමන්ට අනාගතයක්. දරුවන්ට හොඳ හෙට දවසක්. මේ සරල අරමුණ ඉටු කරගන්න සෑහෙන මහන්සියක් දරනවා. කාලයක් තිස්සේ ගැටුම් තිබුණා. අවිනිශ්චිත කාල වකවානුවක්. සටහන් වෙලා තිබුණෙ මරණ බිය. සංකේත වුණේ තුවක්කු. බෝම්බ මරාගෙන මැරෙන මිනිස්සු. මේ භීතිය අවසන් ව කාලයක් ගත වෙලා. ජීවිතය විඳින යුගය හොයාගෙන යන අතරමැදි කාලය උදාවෙලා.

ජීවිතාපේක්ෂාව ගැන ලෝකයේ ඇති සංවාද බොහොම උණුසුම්. ගහ කොළ ට ආදරය කරන, අහිංසක ජීවිත. සාමකාමීව, සුන්දරව ජීවත්වීම. අසනීප, අපහසුතා නැති තත්ත්ව. අගහිගකම් නැති යුක්තිගරුක සමාජ. ආගමික අවබෝධය හා දර්ශනය මගින් ලැබෙන තෘප්තිය. බලාපොරොත්තු අතර කොටසක්. ධනය, බලය වෙනුවට නිරාමිස ප‍්‍ර‍්‍රීතිය ජීවිතයට ඇති කරන්නේ සැහැල්ලූව.

නිස්කාන්සුවේ ජීවත්වෙන්න පහසුකම් ඇති නගර ශ්‍රේණිගත කර තිබේ. අලූත් ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ටේ‍්‍රලියාව හා කැනඩාවේ නගර පළමු තැන් දිනාගෙන ඇත. ලංකාවේ නගර නරකම තැන් දහය අතරින් නම වැනි තැන. පහුගිය අවුරුද්දට වඩා එක දර්ශකයක් ඉහළට ඇවිත්. ගතවූ අමිහිරි කාල පරිච්ඡේදය තුළ රටේ අභිමානයට කැලලක් ඇතිවුණා. මිනිස් ජීවිත මහ මග අහිමිවූ රටක ජීවත්වීමට වඩාත්ම හිතකර නගර සොයා ගන්නේ කොහොමද? අන්ධකාරය අවසන්. හිමිදිරිය උදාවෙමින් තිබේ. අරුණාලෝකය පතිත වෙමින් තිබෙන අතර යහපත් සමාජයකට මග හෙළි පෙහෙළි කර ගන්න සිදුවෙන්නේ අපට. උදාර අතීතයක් තිබුණා. සංස්කෘතික ලක්ෂණ ඉතාම උසස්. ජනවර්ග අතර අනන්‍යතාවයක් හා එකිනෙකා අතර බැඳීම් පැවතුණා. මිත‍්‍රශීලී ලෙන්ගතු රටක් ව තිබුණ යුගය කරා ආපසු ගමන් කළ යුතුයි.

යුගය වෙනස්. ආර්ථික සාමාජයයීය රටාව බරපතලයි. තොරතුරු හුවමාරුව වේගවත්. ලෝකය සමග සම්බන්ධතා වැඩියි. රටේ ජනගහනයෙන් මිලියන ගණනක් ජීවත්වන්නේ විදේශවල. බාහිර ඇවතුම් පැවතුම් රටට මුහු වෙනවා. අලූත් මාවතකට රට පරිවර්තනය කර ගැනීම සියුම් අභියෝගයක්. ලෝකයේ අවධානය වෙනස් වෙමින් තිබෙන අවස්ථාවක්. දැන් ඉලක්කය නගර ගැන. නගර දියුණුවෙන කොට එහි බලයත් එක්ක රටම දියුණුවෙන බවට පිළි ගැනෙනවා. අතීතයේත් එහෙමයි. ඉතිහාසයට අනුව ලංකාව පාලනය වුණේ අනුරාධපුරය, පොලොන්නරුව, මහනුවර වැනි රාජධානි වටා. ආර්ථික බැඳීම් සහ පරිපාලන අංග එකතුවුණේ නගරය කේන්ද්‍ර කරගෙන.

ලෝක ජනගහනය වැඩි වීම සමග දියුණුවන නගර වටා කේන්ද්‍රගත වන අලූත් සමාජ ක‍්‍රමයක් ඇතිවෙමින් තිබේ. මේ රටාව ශ‍්‍රී ලංකාවටත් වැදගත් පාඩමක්. නගරවල දියුණුව ගමට යනවාද? ගම දියුණු කරන්නට තව මහන්සි වෙනවාද? යන තර්ක දෙකින් එකක් තෝරා ගන්න අවස්ථාව ඇවිත්.
ජගත් පර්යේෂකයන්ගේ අදහස් අනුව අද ගමන්කරන්නේ 'මෙගා සිටි' එහෙම නැතිනම් දැවැන්ත නගර සංකල්පයට. ගණන් බැලීම අනුව වසර 2050 වන විට ලෝක ජනගහනයෙන් හතරෙන් තුනක් ජීවත් වනු ඇත්තේ මෙගා නගර වල. අද ලෝක ජනගහනය බිලියන හතක්. ජනගහන වර්ධනය සමග අවස්ථාව හොයාගෙන මහජනතාව එන්නේ නගරයට. නගරය දුප්පතුන් බිහිකරන්නේ නැහැ. පිට පලාත් වලින් දුප්පතුන් නගරයට එන්නේ ආර්ථික සමෘද්ධිය සොයාගෙන. මේ සංක‍්‍රමණය නීති මගින් වලක්වන්න හැකියාවක් නැහැ. රටට සමාජයේ සියලූ කොටස් රැකබලා ගන්න වෙනවා. ලෝකයට එහෙමනම්, ආසියාවට පමණක් නෙවෙයි කොළඹ නගරයටත් ඒ ප‍්‍රශ්නය එහෙමමයි.

නගරය ගැන තිබුණෙ වෙනමම නිර්නායක. සංස්කෘතිය වෙනස්. ගමේ තිබුණ සුන්දර නිර්ව්‍යාජ පැවැත්ම වෙනුවට සංකීර්ණ ආකෘතියක්. මේ සංකීර්ණත්වය හ`දුනාගෙන තිබුණෙ විනාශකාරී එකක් හැටියට. චිකාගෝ සංස්කෘතිය. එහෙම හැ`දින්වුණා. හරය ගැන උනන්දු වුණේ නැහැ. එකම ඉලක්කය සල්ලි. බටහිර සමාජයෙන් ලැබුණ මෙම ලක්ෂණ වර්තමාන ලෝක ප‍්‍රජාව අතරින් ඈත් වෙමින් පවතියි. ප‍්‍රධාන කාරණය බටහිර නගර වෙනුවට ආසියානු නගර බිහිවීම. නිව්යෝක් වොෂින්ටන් ගැන කතා කළ ජාත්‍යන්තර සමාජය අද තෝකියෝ, බෙයිජිං කල්කටා ගැන අවධානය යොමු කරන තත්ත්වයට පත්වෙලා. පරිවර්තන යුගයක්. හරවුම් ලක්ෂ්‍යය එයයි.

නගර බිහි වෙලා තිබුණෙ ආගමික සංකේත එහෙම නැතිනම් දේශපාලන බලය සමග. නගරයක වැදගත්කම තීරණය වුණේ එහෙම. ඒ යුගය අවසන්. අද නගරය ආර්ථික කේන්ද්‍රස්ථානයක්. යටිතල පහසුකම් වැඩි සමාජ ඒකකයක්. දියුණුවට පත්වූ තෝකියෝ නගරය මෙයට හො`ද උදාහරණයක්. මිලියන තිස්හයක ජනගහනයක් තෝකියෝ නගරයේ ජීවත්වෙනවා. බෙයිජිං, ජකර්තා, මැනිලා, චොංකිං එහෙම නැතිනම් කල්කටා වගේ නගර මෙගා සිටි හැටියට ගැනෙනවා. මේ දැවැන්ත නගර බිහිවෙන්නෙ ජනගහනය සමග. මිලියන දහයකට වැඩි ජනගහනයක් ඇති නගර දැවැන්ත නගර හැටියට ලෝක අවධානය දිනාගන්න සමත්. එයින් දහයෙන් එකකට සමීප ජනගහනයක් වෙසෙන කොළඹ පසුවෙන්නේ මෙම ශ්‍රේණිගත කිරීම් වලට පහලින්. නමුත් මේ තත්ත්ව වේගයෙන් වෙනස් වෙමින් පවතියි. 1975 දී මෙගා නගර ලෙස පැවතුණේ නිව්යෝක්, මෙක්සිකෝ එහෙම නැතිනම් තෝකියෝ පමණයි. අද මෙගා නගර විස්සකට වැඩියි. නුදුරු කාලයේ දී තව තවත් මෙගා නගර බිහිවෙන්න ඉඩ තිබෙනවා. කාරණය ආසියාවේ රටවල අලූත් ප‍්‍රවනතාව. අවුරුද්දකට මිලියන හතලිස් පහක පමණ ජනගහනයක් ගම් වලින් නගරයට සංක‍්‍රමණය වෙනවා. දැන් ආසියාවේ ගම්බද හා නගරබද ජනගහන අනුපාතය හතලිහට හැටයි. හතරදෙනෙක් ගමේ ඉන්න විට නගරයේ හය දෙනෙක්. තව දශකයක් දෙකක් යන විට මේ පසුබිම තවත් වෙනස්වෙන ලකුණු පෙන්නුම් කරනවා.

නගරයෙන් ගමට එන පිරිස ජීවත්වන්නේ කොහොමද? 1980 අවුරුද්දේ චීනයේ ෂැංහයි නගරයේ තට්ටු අටකට වැඩි උස ගොඩනැගිලි 121 ක් තිබුණා. ඒ දවස්වල මහ විශාල දෙයක්. නමුත් 2005 වන විට එවැනි ගොඩනැගිලි දස දහසකට වැඩිය ඉදිවෙලා. දැන් හිතා ගන්නවත් බැරි තරමට ෂැංහයි නගරය වෙනස් වෙලා. මීටර් දෙසියයකට වැඩිය උස ගොඩනැගිලි 91 ක් වාර්තා වෙනවා. නිවුයෝක් නගරයේ ඇත්තේ ත් එවැනි උස ගොඩනැගිලි 82 ක් පමණයි. ලෝකයේ පොලව යට විශාලම නගරය ඇත්තේ ද ෂැංහයි නගරයේ. මේවන විට ලෝක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත්වන්නේ ලෝකයේ ප‍්‍රදාන නගර හයසියයක. මේ පිරිස ලෝකයේ සිදුවන නිෂ්පාදනයෙන් හරි අඩකට වගකියයි. ජනගහනට අඩු ලෝකයේ ඉතිරි සම්පූර්ණ ප‍්‍රදේශයම දරන්නේ අඩු නිෂ්පාදනයක්.

එක පැත්තකින් ලෝකයේ සැනසිලිදායක නිස්කලංකව ජීවත්විය හැකි තැන් ගැන අවධානයක්. අනෙක් පැත්තෙන් ජනාකීර්ණ මෙගා නගර. නිෂ්පාදනය වැඩිපුර සිදුවන්නේ නගර ආශ‍්‍රිතව නම් ආර්ථිකය බිහිවන්නේ නගර මූලික කරගෙන. මුම්බායි නගරය දුප්පතුන් ජීවත්වන වගේම ධනවත් ව්‍යාපාර පවත්වාගෙන යන මෙගා නගරයක්. මුම්බායි දුම්රිය සේවය දවසකට ඊශ‍්‍රායලය වැනි රටක ජනගහනයට සමාන මගීන් ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කරන බව කියැවෙනවා. මේ නගරය තුළ පරිවර්තනයක් සිදුවෙමින් පවතිනවා. කොරියාවේ සිදුවූ වෙනස එයට උදාහරණයක්. 1970 කොරියාව දුප්පත් ආර්ථිකයක් තිබුණ රටක්. ජනතාව රැුකියා සොයාගෙන නගරයට ආවා. ඒ වෙනකොට රටේ ජනගහනයෙන් තුනෙන් එකක් ජීවත්වුනේ සියොල් නගරයේ. පැල්පත් වල. අඩු පහසුකම් ඇතිව. මුඩුක්කු නගරය අවලස්සන, අඩු පහසුකම් ඇති තැනක් බවට පත් කර තිබුණා. සියොල් නගරය වෙනස් වුණා. ජාත්‍යන්තර මාධ්‍ය එය හැ`දින්වූයේ බුල්ඩෝසර් ප‍්‍රතිසංස්කරණයක් හැටියට. ඒ තරම් වෙනස්කම් සිදුවුණා. පැල්පත් කඩා ඉවත්කර දැවැන්ත ගොඩනැගිලි ඉදිවුණා. අද මේ සුවිසල් නගරය ලෝකයේ පොහාසත් මෙගා නගර අතර එකක්. එහි ජීවත්වන ජනගහනය මිලියන විසිපහකට ආසන්නයි. පොලව මතුපිට පමණක් නොව පොලව යට පවා නගරය ව්‍යාප්ත වෙලා. සියොල් නගරයේ ආර්ථිකය ලෝකයේ කැපී පෙනෙන එකක්. නගර වෙනස් කරන්න ගත්ත තද තීන්දු බුල්ඩෝසර් උපමාවෙන් පෙන්නුම් කළත් අද සියොල් නගරවාසීන්ගේ ජීවිත පොහොසත්.

දියුණු වෙන්නෙ නගර. ගම එයට ඇදෙන්නේ නගරය දුම්රිය බලවේග කට්ටලයක් නම් ගම එයට එකතුවුණ මැදිරියක් වගේ. ගම දියුණුකරන සංකල්පය අද යල්පැන ගිය එකක්. ගමේ යටි තල පහසුකම් නැංවීම, කර්මාන්ත ගමට ගෙනයාම වැනි අදහස් පරිවර්තනයකට ලක්වෙලා. ගමෙන් නගරයට ජනගහනය ඇදී එන විට ඒ අය එන්නෙ අවස්ථාව හොයාගෙන. සම්පත් අඩුයි. ප‍්‍රශ්න ඇතිවෙනවා. ආසියාවේ නගර වේගයෙන් වෙනස්වෙන අතර අතරමැද ඉන්න නගරවලට තවම මේ සංකල්ප කාන්දුවෙන්න පටන්ගෙන නැහැ. නගරය දුප්පත්. ඒ වගේම ජීවත්වන ජනතාවත් ගත කරන්නේ දුඛිත ජීවිත. ආසියාවේ ආර්ථිකය විශාල වශයෙන් නැගෙන විට එහි ශක්තිය බිහිවෙන්නේ නගර හරහා. නගරය සොයාගෙන ජනතාව ඇදෙන එක නතර කිරීම පහසු නැහැ. අවස්ථාව ඇතිවන්නේ නගරයේ. කලින් න්‍යාය පත‍්‍රය තිබුණෙ ගම දියුණුකර ජනගහනය නගරයට පැමිණීීම වලක්වන්න. නමුත් ජාත්‍යන්තර ප‍්‍රවනතාවය වෙනස්. ලංකාවට එහි බලපෑමෙන් මිදෙන්න අමාරුයි.

නගරයට එන ජනතාව ආදායම් මාර්ගය ට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් වැනි පැති ගැන හිතන්න පටන්ගන්නවා. නගරයේ රැකියාව කර ගමට යනවාද? ආපසු තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය එහෙම නැතිනම් පවුලේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් යළි යළිත් නගරයට එනවාද? යන්න ලාංකික පොදු ජනතාවත් ප‍්‍රශ්න කරන ප‍්‍රධාන අංග. ජීවන තත්ත්වයේ උසස්වීම වැදගත්. ආර්ථික ජවය උපයා ගැනීම අත්‍යවශ්‍යයි. පහසුකම් ගැනත් කල්පනා කරනවා. මේ පැතිරීම අනුව තමන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප වෙනස්කරන ගන්නා ලාංකික ජන සමාජයට දෙන උත්තරය කුමක්ද? පරිවර්තන යුගයක ජීවත්වන අප මෙහි ඇති බැරූරුම් තත්ත්වය අවබෝධ කර ගත යුතුයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.