ශ‍්‍රී ලංකාව, දරුණු ත‍්‍රස්තවාදී ගැටුම් සහිත පරිච්ඡේදයක් අවසානයේ සන්සුන් සහගත යුගයකට ප‍්‍රවේශවෙමින් සිටී. සාමකාමී පරිසරය තුළ ගතවී ඇත්තේ අවුරුදු තුනකට පමණ කෙටි කාලයකි. සමාජය අලූත් යුගයකට හුරුවෙමින් සිටී. යුද කාලපරිච්ඡේදයකට වඩා සාමකාමී වකවානුවක දී මුහුණ දෙන්නට සිදුවන අභියෝග වෙනස්ය. එල්ල වන අභියෝග ඉදිරියේ කි‍්‍රයාකළ යුතු උපායශීලී අන්දමටය. විනිවිද පෙනෙන ආකාරයටය.
මහජනතාවගේ මත නැගෙයි. සාමකාමී පරිසරයක දී නිහඩව සිටි පිරිස කතාකරන්නට පටන් ගනී. යුද පසුබිමක දී නැගුන හඩ වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හඩ මතුවෙයි. එය වඩා බලවත්ය. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාව, විධායකය හා පාර්ලිමේන්තුව මහජනතාව සතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශක්තියයි. මෙම ආයතන අතර සමබර ක‍්‍රියාකාරීත්වයෙන් රට වැසියන්ට යහපත සැලසෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මාධ්‍ය භූමිකාව බලවත්ය. හඩක් නැති මහජනතාව ගේ හඩ මතු කරන්නේ නිදහස් මාධ්‍යයයි.
වර්තමානය තුළ උදා වී ඇත්තේ දැනුම පදනම් කර ගත් සමාජ ක‍්‍රමයකි. මෙම ක‍්‍රමය තුළ දැනුම බුද්ධිමය සංවාදයක් බවට පත් කරන්නේ ජන මාධ්‍ය බව සදහන් කළ යුතුය. බුද්ධියට ගරු කරන අන්දමට තීරණ ගැනීම හා ලාංකික සමාජය එයට යොමු කිරීම කෙරෙහි ජනමාධ්‍යයට පැවරෙන වගකීම ඉතා පුලූල්ය.
අප රටේ ජනතාව අධ්‍යාපනය අතින් පොහොසත්ය. බුද්ධිවන්තය. පරිගනක තාක්ෂණය හා අන්තර්ජාලය පරිහරණය සම්බන්ධයෙන් ඉහළ ප‍්‍රගතියක් දක්වමින් තිබේ. අවුරුදු කිහිපයකට කලින් ජංගම දුරකථනය සමාජයේ ධනවත්කම පෙන්වන සංකේතයකි. අද එය සාමාන්‍ය මෙවලමකි. ජංගම දුරකථනයක් නැති නෙනෙකු සොයා ගැනීමට අපහසු තරමට එය වේගයෙන් ව්‍යාප්ත වී තිබේ. සාමාන්‍ය කෙනෙකු පවා කෙටි පණිවුඩ යවන අතර තරුණන් ජංගම දුරකථනය මගින් විද්‍යුත් තැපැල් පණිවුඩ ට්විටර්, ෆෙස් බුක් වැනි සමාජ ජාල හා එක්වෙති. නිතිපතා නිකුත්වන මුද්‍රිත පුවත් පත් ප‍්‍රමාණය විශාලය. රූපවාහිනි හා ගුවන් විදුලි සේවා ගණන ද සෑහෙන ප‍්‍රමාණයකි. මෙම වෙනස සිදුවූයේ අප බලා සිටිය දී අවුරුදු කීපයක් ඇතුලතය. තවත් දශකයකට පසු මෙරට මාධ්‍ය භාවිතාව කෙබදු දියුණුවකට පත්විය හැකිද? එය සිතා ගැනීමට පවා අපහසු එකක්වනු නිසැකය. තව තවත් පුළුල්ව වැඩෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව දියුණුවෙමින් පවතින මාධ්‍ය භාවිතාවේ විශිෂ්ඨ අංග මෙරට සමාජයට ගලපා ගැනීම අවශ්‍යය.
නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන බටහිර රටවල් මාධ්‍ය භාවිතාව විවෘත තත්ත්වයක පැවතිය යුතු බව තීරණය කර තිබිණ. මාධ්‍ය මගින් මහජන අයිතීන් ආරක්ෂා කරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන හතරවැනි බලවේගයයි. සමාජ අතර වෛරය පතුරවන, ගැටුම් අපරාධ වලට ඉඩ නොදෙන සහ ලිංගිකත්වය මතු කරන පැති වලකමින් සම්ප‍්‍රදායකට අනුව මාධ්‍ය ක‍්‍රියා කළේය. නමුත් එක් අවස්ථාවක මෙම සීමා පැන යමින් පවත්වාගෙන යන බවට චෝදනා නැගිණ. තොරතුරු ඉක්මනින් සැපයීමට ඇති තර`ගය හා වෙළද පොළ දිනාගැනීමට ඇති අරමුණ එයට පදනම විය. ප‍්‍රකට මර්ඩොක් මාධ්‍ය ජාලය එකී චෝදනාවට ලක්ව ඇති ප‍්‍රධාන තැනෙකි. ලෝකය පුරා පැතිරුණ මෙම මාධ්‍ය ආයතනය තොරතුරු සොයාගැනීමට මහජනතාවගේ පෞද්ගලිකත්වයට එබී බලා ඇත. තාක්ෂණය භාවිතා කර පුද්ගලික දුරකථන සංවාද වලට අනවසරයෙන් සවන් දී තිබේ. සීමාව ඉක්මවා මිනිසුන්ගේ පුද්ගලික කරුණු අනාවරණය කරන්නට පටන්ගෙන ඇත. එය මහත් විරෝධයට හේතු වී ඇති බව පෙනේ. අනෙක් පැත්තෙන් විකීලීක්ස් වැනි අනාවරණ මහත් අවධානයට කල්ව ඇත. ඇතැම් මාධ්‍ය අන්තවාදී පැත්තට යොමුවීම ප‍්‍රශ්නයක් වී තිබේ.
මාධ්‍ය භාවිතාව පුද්ගලයන් සම්බන්ධ සත්‍ය අනාවරණය කර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියක් විය යුතුය. යම් සීමාවන් ඉක්මවා යන අවස්ථාවේ දී සමාජයට එය හිරිහැරයකි. කොමිසමක් පනවා ජනමාධ්‍ය පාලනය කළයුතු යැයි අලූත් විවාදයක් ජාත්‍යන්තර සමාජයේ ඇතිවෙමින් තිබේ. එය මාධ්‍ය හා මහජනතාව අතර ඇතිවනගැටුමකි. පාලනයකට යටත් මාධ්‍ය ඇති සහ මූලික මිනිස් අයිතිවාසිකම් පාලනය කරන ආණ්ඩුක‍්‍රම පවතින රටවලට මෙවැනි තත්ත්ව අමුත්තක් නොවේ. චීනය මාධ්‍ය නිදහසට ඉඩ දී නැත. සිංගප්පූරුවේ පාලනයක් තිබේ. තාක්ෂණය අනුව පළ කරන වෙබ් හා බ්ලොග් සංවාද පාලනය කරන්නට තවත් සමහර රටවල් විශාල වියදමක් දරයි. එය පහසුවෙන් කරන්නට ද හැකියාවක් නැත. නමුත් නිදහස් හා විවෘත මාධ්‍ය භාවිතා කළ ලෝකයේ කිසියම් රටක් මාධ්‍ය පාලනයට කොමිසමක් යෝජනා කිරීම විශාල අවධානයකට ලක්වීම වැදගත්ය. නිදහස පවත්වාගෙන යමින් මහජනතාව හිරිහැරයකට ලක්නොවන ආකාරයට මාධ්‍ය පවත්වාගෙන යාමට විශාල දැක්මක් තිබිය යුතුය. තමන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය සම්බන්ධයෙන් මත ඉදිරිපත් කරන ජනතා වේදිකාවක් වියයුතු මාධ්‍ය තමන්ටම අභියෝගයක් වන අවස්ථාවක මහජනතාව අසරණය. එක තැනෙකින් එයට විරෝධය නැගෙනවිට මාධ්‍ය කෙරෙහි කනස්සල්ලට පත්ව සිටි නොයෙක් දෙනා තමන්ට සිදුවූ හිරිහැර ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. බටහිර සමාජ ප‍්‍රවනතාව එයයි.
ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාවට ද මෙම සිද්ධිය පාඩමකි. අතීතයේ මාධ්‍ය ස්වයං වගකීමකින් පාලනය විය. අලූත් පැති එකතුවන විට සම්ප‍්‍රදාය අභියෝගයට ලක්වෙයි. වගකීමකින් යුතු මාධ්‍ය සංස්කෘතියක අවශ්‍යතාව කෙරෙහි ලෝකය අවධානය යොමු කර ඇත. දැනටමත් මෙරට පවා දේශපාලන පක්ෂ මාධ්‍ය පාලනයට යම් අවස්ථාවක් තිබිය යුතු බව කියන්නට පටන් ගෙන තිබේ. ජන මාධ්‍ය මගින් දේශපාලනඥයන් හා පක්ෂ කි‍්‍රයාකාරීත්වය සීමාවකින් තොරව විවේචනය කරන බව කියයි. එය අපහසුතාවයකි. අන්තවාදී අන්දමට එය හැරෙන අවස්ථාවක දී තමන්ට එරෙහිවන මාධ්‍ය පානය කරන තීන්දුවකට යන්නට සූදානම් වෙයි. 2003 වසරේ දී එක්සත් ජාතික පෙරමුණු රජය මාධ්‍ය කෙරෙහි බලපැවැත්වූ සාපරාධී අපහාස නීතිය ඉවත් කළේය. වත්මන් රජය ද එම ප‍්‍රතිපත්තිය අඛණ්ඩව ගෙනයයි. ජනමාධ්‍ය මගින් ඉටුකරන මෙහෙවර අපරාධයක් සේ සැලකිය යුතු නැති බව එහි අරුතයි.
මාධ්‍ය පාලනය කර, තොරතුරු නොලැබෙන අවස්ථාවක දී විකල්ප මාර්ග ඔස්සේ ස්වකීය තොරතුරු අවශ්‍යතාව සපුරා ගන්නට මහජනතාව උත්සාහ කරති. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයයි. කටකතාවෙන් පැතිර ගිය ආරංචි අද පැතිරෙන්නේ ජංගම දුරකථනයේ කෙටි පණිවිඩයකින්ය. විද්යුත් තැපෑල මගින්ය. එය සන්නිවේදනයේ අලූත් මුහුණුවරයි. වෙබ් අඩවි, බ්ලොග් සටහන් ඉතාමත් ඉක්මනින් ලෝකය පුරා තොරතුරු පතුරවයි. පැතිරෙන අතර එහි සත්‍ය අසත්‍ය භාවය විභාග කෙරෙන්නේ පසුවය. සීමා මායිම් නැත. සංස්කාරකවරයෙකු ගේ වගකිමට යටත් නැතිව මුදාහැරෙන තොරතුරු නිසා හානිකර එකක්වන්නට ද ඉඩ තිබේ. අද ජනමාධ්‍ය එක පැත්තකින් වගකිම් සහගත විය යුතු අතර අනෙක් පැත්තෙන් වගකීම් රහිත තාක්ෂණික පැති වලින් ගලා එන තොරතුරු වලට මහජන අවධානය යොමු වෙමින් තිබේ. එයත් ප‍්‍රශ්නයකි. සම්ප‍්‍රදායික මාධ්‍ය ස්වයං පාලනයකින් තොරතුරු ඉදිරිපත් කළත් ඒ නිසාම පාඨකයන් පුවත් සම්ප‍්‍රදායික මාධ්‍යවලින් ඈත්වන්නට ඉඩ තිබිම මෙම ප‍්‍රශ්නයේ තවත් ගැඹුරු මුහුණුවරකි.
අන්තර්ජාලය ගෝලීයකරණ සංකල්පය ප‍්‍රායෝගික එකක් කළේය. ලෝකයේ එක් කෙළවරක සිදුවන දේ ඉතාමත් ඉක්මනින් දැනගන්නට තොරතුරු තාක්ෂණය අනුව ඉඩ සැලසී ඇත. ඊ මේල්, වෙබ් අඩවි, බ්ලොග්, ෆේස් බුක් හා ට්විටර් වැනි සමාජ කි‍්‍රයාකාරකම් භූගෝලීය සීමා මායිම් නොතකමින් ඒ වෙනුවෙන් පහසුකම් සලසයි. මෙම තත්ත්වය අපේ භාවිතාවට ගැනෙන්නේ කෙබදු ආකාරයට දැයි විමසිලිමත්වීම සමාජයේ වගකීමකි. අතීතයේ මෙන් පාලනය කළ නොහැකි, නොයෙක් අන්දමින් තත්ත්වය විග‍්‍රහ කරන ආරංචි පැතිරයන තොරතුරු තාක්ෂණ යුගයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය හා මාධ්‍ය භාවිතාවට ද වඩාත් ප‍්‍රායෝගික නව මුහුණුවරකට යොමුවන්නට සිදුව තිබේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා එහි වගන්ති තිබූ පමණින් මහජනතාවගේ අයිතිවාසිකම් තහවුරුවන්නේ නැත. නව නීති රීති සම්පාදනය විය යුතුය. අලූත් ආකල්ප ඇතිව කි‍්‍රයා කළ යුතුය. ජන මාධ්‍ය, බුද්ධිමතුන්, ජනමත ප‍්‍රධානීන් හා සිවිල් සමාජය එය වෙනුවෙන් පෙනී සිට ජාත්‍යන්තර සමාජයේ සිදුවන නව ප‍්‍රවනතා ගැන සාකච්ඡුා කළ යුතුය. මාධ්‍ය භාවිතාව එහි සීමා මායිම් ගැන අලූත් කතිකාවතක් ඇරඹිය හැකිය. සාමකාමී යුගයේ පොදුජන මෙහෙවර එයයි. මෙයට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිය, සමාන අවස්ථා, දේශපාලන පක්ෂ කි‍්‍රයාකාරීත්වය සහ මැතිවරණ ක‍්‍රමය ඇතුලූ අලූත් අදහස් ඇති පණත් ගණනාවක් දැනටමත් පාර්ලිමේන්තුවට යෝජනා කර ඇත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක ආණ්ඩු පක්ෂය හා විපක්ෂ දේශපාලන පක්ෂ ද සිටී. ආණ්ඩුව යම් තීරණයක් ගන්නා විට එයට විරුද්ධ මත දරන පක්ෂ එයට එරෙහිව බලපෑම්කරයි. මේ නිසා ඇතිවන්නේ විශාල ඝෝෂාවකි. ඇත්ත කුමක්ද? සිදුවන්නේ කවරක් ද යන්න වටහාගත නොහැකිවෙයි. මහජනතාව ද දේශපාන පක්ෂ මත අනුව බෙදී තර්ක කරන්නට පටන් ගනී. එයින් අවුලක් ඇතිවෙයි. රටට අලූත් පරිවර්තනයක් සිදුවන අවස්ථාවල මෙවැනි බෙදීම් මතුවී අවසානයේ ගැටිම් හා අරගලකාරී ප‍්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වූ අවස්ථා මෑතක දී දැක ගත හැකි විය. සන්සුන්ව සාකච්ඡුා කර රටට අවශ්‍ය අලූත් අදහස් උපද්දවා ගැනීම අප සියලූ දෙනාගේ වගකීමකි.
මාධ්‍ය කොමිසමක් යෝජනා කරන්නට හැකිය. එයින් මාධ්‍ය පාලනයක් සිදුවෙයි. එයින් ඇවිරෙන්නේ මහජනතාවට ස්වකීය මත පළ කරන්නට ඇති අවස්ථාවයි. මාධ්‍ය භාවිතාව සංකීර්ණ වී ඇත්තේ එය පැවති සාමාප‍්‍රදායික පිළිගත් මාධ්‍ය රාමු පුපුරවා තොරතුරු තාක්ෂණ යුගයට ප‍්‍රවේශවීම සමගය. සම්ප‍්‍රදායික මාධ්‍ය පැරණි කාර්ය භාරයටම ලඝු වුවහොත් පාඨකයන් අතර විශ්වාසයෙන් ගිලිහී යයි. එවැනි පරිසරකයක් තුළ නවීන සන්නිවේදනයට ගොදුරුවීමෙන් අවසානයේ දී පුද්ගලිකත්වයට හානි වීම ගැන චෝදනා ලැබ මාධ්‍ය කොමිසම ඇතිකිරීමේ යෝජනා දක්වා දුර දිග යන්නට හැකියාව සු`ථ එකක් නොවේ.
අනෙක් පැත්තෙන් තොරතුරු පාලනයට යාමෙන් ආණ්ඩු අප‍්‍රසාදයට පත්වීම වැළැක්විය නොහැකිය. නිදහසේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කළහොත් ආණ්ඩුවේ සියලූ දේ නිරාවරණය වන අතර රාජ්‍ය පාලනයට බාධා ඇතිවේ යැයි උපකල්පනය කරන බව ද පෙනේ. මහජනතාවට විවෘතව දැනගත හැකි පැති හා ජාතික ආරක්ෂාවට සහ රටේ උන්නතියට බාධා කරන තොරතුරු මෙම විවෘත භාවයට ලක් නොකර පවත්වාගෙන යා හැකිය. එය කළ හැකි වන්නේ එකගතාවයෙනි. යම් කාරණයක් ගැන නිශ්චිත කාලසීමාවක් දක්වා සාධාරණ හේතු මත තොරතුරු නිකුත් කළ නොහැකි බව ආණ්ඩුවට කියන්නට අයිතියක් ඇත. ඒ සමගම එදිනෙදා ජීවිතයට වැදගත් කරුණු කෙලින්ම ආණ්ඩුවෙන් විමසන්නට මහජනතාවට ද අයිතියක් තිබිය යුතුය. අද එය දියුණු සමාජයක ලක්ෂණයකි. ඒ අතරම මාධ්‍ය භාවිතාව වගකීමක් සහිත එකක් බවට පෙරළා ගැනීම අවශ්‍යය. සංකීර්ණ තාක්ෂණික යුගය තුළ මෙම වගකීම පහසු එකක් නොවේ. අප ප‍්‍රවේශ වෙමින් ඇත්තේ මෙවැනි අභියෝගාත්මක දියුණු ප‍්‍රතිපත්ති කරා බව සදහන් කළ යුතුය. බටහිර ප‍්‍රතිපත්ති රටට ගැලපීම අවශ්‍ය නැත. රටට අනන්‍ය වගකීමක් සහිත මාධ්‍ය භාවිතාවක් කෙරෙහි කතිකාවතක් රටට අවශ්‍යය. එය අවශ්‍යව ඇත්තේ සම්ප‍්‍රදායික මාධ්‍ය අතරට පැමිණ ඇති නවීන මාධ්‍ය හා මේ සියල්ල එකට හැසිරෙමින් ක‍්‍රියාකරන ආකාරය දෙස අවධානය යොමු කිරීමේදීය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|