රටක් අනුගමනය කරන ආර්ථික ක‍්‍රමය සම්බන්ධයෙන් විවාද තිබිණ. අතීතයේ දීය. සමාජවාදය හෝ ධනවාදය එහි පැති දෙකයි. මේ දෙපැත්තට ම නොබෙදුන මිශ‍්‍ර ආර්ථික ක‍්‍රමයක් පවත්වාගෙන ගිය රටවල් ද තිබිණ. වර්තමාන යේ සමාජවාදී අවෘත ආර්ථික ක‍්‍රමය යල්පැන ගිය සංකල්පයකි. අදහස් හුවමාරු වන්නේ ධනවාදයේ ඇති බෙදීම ගැනය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, එහි ලක්ෂණ අඩු වැඩියෙනුත් උපයෝගී කරගන්නා රටවල් වැඩි ප‍්‍රමාණයක ආර්ථික ප‍්‍රතිපත්තිය ධනවාදයට නැඹුරුය. මෙම ධනවාදී ආර්ථික පාලනය දෙකට බෙදී ඇත. එකක් රාජ්‍ය ධනවාදයයි. දෙවැන්න ලිබරල් ධනවාදයයි. රාජ්‍ය ධනවාදයේ දී ධනය නිපදවන්නේ රජයයි. ලිබරල් ක‍්‍රමය අනුව ධනය බිහිකිරීම සාර්ථකව කරන්නට හැකියැයි පුද්ගලික අංශයට යැයි විශ්වාස කරයි. වඩා ගැලපෙන්නේ මේ ක‍්‍රම අතුරින් කවර එකක්ද? එකකට නොවෙනස් සාර්ථකත්ව රජය හෝ පුද්ගලික අංශය සතුව ඇත. පොදු මහජනතාවට සාධාරණත්වය ඉටු කරන්නේ කොතැනින්ද? ධනවාදයේ රාජ්‍ය හා ලිබරල් පැති ගැන ලෝකය පුරා ගෙන යන විවාදයට අප එකතු විය යුතුය. යුද පරිසරයෙන් පසු සාමකාමී සමාජයක සංවර්ධනය ගැන අපේක්ෂා ඇති අප තවමත් නිරතව සිටින්නේ රටට ගැලපෙන්නේ ධනවාදය ද නොඑසේ නම් සමාජවාදය ද යන පැරණි සාකච්ඡාවේය.
ලිබරල් ධනවාදයේ Liberal Capitalism උරුමය ඇත්තේ බටහිර ප‍්‍රජාවටය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විවෘත ආර්ථිකය එකට ගමන් කරයි. තරගකාරීත්වය මූලික ලක්ෂණයයි. පුද්ගලික අංශය තරගකාරීව ව්‍යවසාය මෙහෙයවයි. රජයට කළ නොහැකි අංශ පුද්ගලික අංශය මෙහෙයවන අතර රජය පමණක් මෙහෙයවිය යුතු අවස්ථා පමණක් රාජ්‍ය යාන්ත‍්‍රණය සතුය. පුද්ගලික අංශයේ තීරණ ගැනීම ඉක්මන්ය. කාර්යක්ෂමය. නීති රීති සකස්කර නියාමනය මෙහෙයවන්න් රජයයි. 1990 ගණන් වල මෙම ප‍්‍රතිපත්ති ලොව පුරා ඉතාම ඉහළ පිළිගැනීමකට ලක්විය. ප‍්‍රතිඵලය වූයේ ආර්ථිකය දියුණු වීමයි.
ලෝකය විවිධ අර්ථ ක‍්‍රම අත්හදා බලන්නේ ඇයි? එයින් සමාජය යහපත් තැනෙකට ඔසවන නිසාය. මහජනතාවගේ ජීවිත සැපවත් කරන අතර සියලූ දෙනාටම අවස්ථාව ඇතිකිරීම ආණ්ඩුවක වගකීමක් හෙයින්ය. පාලකයන්, ස්වකීය දැක්ම අනුව විද්වතුන් සම්බන්ධකරගෙන අලූත් දේ සොයායයි. එහි ඵලදායීතාව හා සාර්ථකත්වය අනුව ලෝකය දියුණුවට පත්වෙයි.
ක‍්‍රමය වෙනස් කර ධනවාදී පැත්තට නැඹුරුවන අලූත් රටවල් ලිබරල් ක‍්‍රමය තුළ ඇති ලක්ෂණ රාජ්‍ය යාන්ත‍්‍රණයේ දී අත්හදා බැලීය. ප‍්‍රධාන වශයෙන් චීනය හා රැුසියාව වැනි රටවල්ය. පසුව බ‍්‍රසීලය ද එකතු විය. රාජ්‍ය අංශය තුළ බලය, බලය සමග එකතු වූ දූෂණය වලක්වා ගැනීම උවමනා වූ අතර දේශපාලනය අනුව සම්පූර්ණයෙන් ලිබරල් තත්ත්වයක් ගොඩනැගීම පහසු වූයේ නැත. ඒ වෙනුවට රජයට සම්බන්ධ ස්වාධීන සමාගම් ඇති කළේය. ධනය උත්පාදනයට හා ව්‍යාවසාය මෙහෙයවීමට රාජ්‍ය මැදිහත්වීමේ නව ප‍්‍රවනතාව එයයි. එය State Capitalism හෙවත් රාජ්‍ය ධනවාදයයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දී ධනය හා බලය ඇත්තේ එකතැන නොවේ. දේශපාලන අධිකාරිය ට බලය හිමි අතර, ධනය ඇත්තේ පුද්ගලික අංශයටය. ධනය පාවිච්චි කර දේශපාලන බලය වෙනස් කිරීමට බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඉඩ තිබේ. විනිවිද පෙනෙන ආකාරයටය. දේශපාලන පක්ෂ වෙනුවෙන් වියදම් කරන සමාගම් ඇත. ප‍්‍රතිපත්ති අනුව පාලනය වෙනස් කිරීමට ධනය නිපදවන පුද්ගලික අංශය සමත්වන අතර එය සමාජයට දරාගත හැකි එකකි. කොමියුනිස්ට් ක‍්‍රමය අනුව ධනය පාචිව්චිකර පාලනය වෙනස් කිරීමට ප‍්‍රයත්න දැරීම ප‍්‍රශ්නයකි. රැුසියාවේ මුල් යුගයේ දී අලූතින් බිහිවූ පුද්ගලික අංශය හා එහි දූෂිත පැත්ත මහත් විවේචනයට ලක්විය. රැුසියාව ධනය බිහිකරන්නට පුද්ගලික අංශය සම්බන්ධකර ගත් අතර එය දුෂිත වූ හෙයින් මහත් විවේචනයට ලක්විය. ලෝක ආර්ථිකයේ අවස්ථාව අනුව ධනය උත්පාදනය හා එය සම්පූර්ණයෙන් රාජ්‍ය පාලනයට යටත්කිරීමට බිහි වූයේ මෙම රාජ්‍ය ධනවාදය නමැති අලූත් සංකල්පයයි. අද ලෝකයේ තර්කය ඇත්තේ ලිබරල් ධනවාදය හා රාජ්‍ය ධනවාදය යන සංකල්ප අතරය.
චීනය ලෝකයේ ජනගහනය වැඩිම රට චීනයයි. කොමියුනිස්ට් ක‍්‍රමය අනුව බලය ආරක්ෂා කරගන්නා රාමුව සකස්කර ගත් චීනය, ධනය නිපදවන යාන්ත‍්‍රණය ද සකස් කර සමාජය ගොඩනගමින් සිටී. එයට පසුබිම සැකසුනේ චීන මැන්ඩරීන් නිලධාරී ක‍්‍රමය අනුවය. මැන්චරීන් පාලනය තද එකකි. නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාව අතර පාලනයේ වෙනස ට ද එය හේතුවකි. චීනය ඇතුලූ නැගෙනහිර ආසියාව තද විනයක් සහිතය. දකුණු ආසියාවේ සමාජය තුළ ඒ නිලධාරීවාදය සහිත තද විනය නැත.
ධනය බිහිකරන චීන රාජ්‍ය සංකල්පය ට අත්දැකීම් ගත්තේ සිංගප්පූරුවෙන්ය. කුඩා රටක් නිසා සිංගප්පූරු ආණ්ඩුවට එය කළ හැකිවිය. ව්‍යාපාර බිහි කළේ සිංගප්පූරු ආණ්ඩුවයි. පාලනයට පත්කළේ දේශපාලනයට සම්බන්ධ නැති දක්ෂ වෘත්තීය වේදීහුය. එයින් සිදුවූයේ ආයතන නිර්මාණශීලී අන්දමට මෙහෙයවෙන අතර එහි වාසි රටට හා මහජනතාවට ලැබීමයි. මේ අනුව චීනය ද රාජ්‍ය ව්‍යාපාර සංකල්පයට එකතු විය. ඒවායේ පාලනය නිදහස්ය. කොමියුනිස්ට් දේශපාලන යාන්ත‍්‍රණයට සම්බන්ධ පිරිස් අධ්‍යක්ෂකවරු ලෙස පත් කෙරෙති. නමුත්, ඔවුන් ආයතන ස්වාධීනව මෙහෙයවයි.
චීනය හා රුසියාව අනුගමනය කරන රාජ්‍ය ධනවාදයට අනුව ආයතන බිහිවන නමුත් එහි පාලනය ඇත්තේ දේශපාලන බලය ඇති කණ්ඩායමටය. විශේෂත්වයක් තිබේ. එකී ක‍්‍රමයේ ඇති දැඩි විනය හෙයින් දේශපාලන පක්ෂයට ආයතන පාලනය, එහි ධනය බිහිවන ආකාරය ගැන විනිශ්චයක් ඇත.
ඛනිජ තෙල්, විදුලිය සංදේශ හා ස්වභාවික සම්පත් පාලනය වැනි අංශ කෙරෙහි රාජ්‍ය ධනවාදය ඇති ආකාරය ද නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන් මැදපෙරදිග කලාපයේය. මැදපෙරදිග රටවල රාජ්‍ය සතු තෙල් සම්පත හෙයින් රාජ්‍ය ධනවාදය ඇතිවිය.
ශ‍්‍රී ලංකාව ද රාජ්‍ය ධනවාදයට ඉඩ දෙන ප‍්‍රතිපත්තියක සිටී. පුද්ගලික අංශයට ඉඩ දෙන නමුත් වර්තමානයේ වැඩි අයිතිය ග‍්‍රහනය කරගෙන ඇත්තේ රාජ්‍ය අංශයයි. නොයෙකුත් සමාගම්වල කොටස් අත්පත් කරගනිමින් එහි පාලනයට රජයට සම්බන්ධ කොටස් ඇතුල් කරන බව නිරීක්ෂණය කළ හැකිය. ඉන්දියාවේ, සිංගප්පූරුවේ සාර්ථක වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ රාජ්‍ය ධනවාදය ක‍්‍රියාත්මක කිරීම මෙහි නොහැකි වන්නට හේතුවක් නැත. නමුදු විනයක් නැති දකුණු ආසියානු රටවල් අතර ශ‍්‍රී ලංකාවේ ස්ථානය පැහැදිලි කර ගත යුතුය. රටට දේශපාලන හා සමාජ විනයක් තිබේද? රාජ්‍ය ධනවාදය ඇති රටවල තරමට විනයගරුකද? ආයතනයේ පැවැත්මට අහිතකර අන්දමට පත්වීම් හා ආයතනයේ ධනය රිසි පිරිදි දේශපාලන ව්‍යාපෘතිවලට වෙන් කිරීම ට සිංගප්පූරුවේ දී ඉඩක් නොලැබිණ. චීනයේ ද නැත. එයින් ආයතන ආරක්ෂා වූ අතර රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශය අතර නිසි තරගකාරීත්වයක් පැවතින. රාජ්‍ය ධනවාදය කෙරෙහි විශ්වාසය තබන විට එහි පාලනය නිවැරදි අන්දමින් පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් බව මෙයින් පෙන්වයි.
රාජ්‍ය ධනවාදය ද නොඑසේනම් ලිබරල් ධනවාදය ද යන්න අද ලෝක ප‍්‍රජාව ප‍්‍රශ්න කරමින් සිටී. සසදයි. තර්ක ගොඩ නගයි. ලිබරල් ක‍්‍රමය අනුව පුද්ගලික ව්‍යවසායකයින් බලවත් වී ඔවුන්ගේ ධනය ආණ්ඩු පෙරලන්නට හො අලූත් ආණ්ඩු පත් කරන්නට යාම අවදානමක් බව එයට එරෙහි පිරිස නගන බලවත් තර්කයකි. එය ස්ථාවරත්වයට තර්ජනයක් වන අතර එවැනි අවස්ථා ඇතිවන විට පාලනය කරන්නටයාම මර්දනයක් වනු ඇත. නමුත් ලිබරල් ක‍්‍රමයට කැමැති පිරිස රාජ්‍ය ධනවාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එක`ග නැති බව කියයි. එය ව්‍යවසායකයන් බිහි කරන්නේ නැත. ව්‍යවසාය අලූතින් බිහි කරන්නේ ධනය සොයා යාමේ සහජ උවමනාවක් ඇති කණ්ඩායමෙන් පමණකි. අලූත් න්‍්‍යාපාර බිහිකර ධනය උපයා ගැනීමට වෙහෙසීම ව්‍යවසාය ගැන උනන්දු පුද්ගලික අංශයේ සාමාන්‍ය පිළිවෙතයි. රාජ්‍ය ධනවාදය නියමිත රාමුව අනුව අවශ්‍ය දේ මෙයෙවනු විනා අලූත් අලූත් දේ සොයන්නට, නව ව්‍යාපාර වල ආයෝජනය කරන්නට උන්නදු නොවන අතර එයින් නව සොයා ගැනීම් වලට ඉඩක් නොලැබේ. බටහිර ලිබරල් ධනවාදී ක‍්‍රමය යටතේ පර්යේෂණ සිදුවන අතර එහි සොයා ගැනීම් ලෝකය පුරා පැතිර යයි.
ශ‍්‍රි ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයට හුරු වී අවුරුදු හැට හතරක් ගෙවී ඇත. ආරම්භයට වඩා එහි ලක්ෂණ අද වෙනස් වී ඇත. මුලින් තිබුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ගුණාංග වලට අද ඇතුලූ වී ඇති අලූත් දේ ගැඹුරු හා සංකීර්ණ බව ට සැකයක් නැත. අවුරුදු තිහක් යුද පරිසරයක සිට අලූත් යුගයක් කරා ගමන් කරමින් සිටින රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මෑත කාලීන වෙනස්කම් ඇතුලූ වී නැත. යුද පරිසරයක රාජ්‍ය බලය විනා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග වලට ඉඩක් නොලැබේ. බලය හිමිව තිබුණේ ආරක්ෂක අංශයටය. නීතියටය. යුක්තිය තිබිය දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ පීඩාවට පත්වූ බව අමතක කළයුතු නැත. රටට බලපැවැත්වුන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එදා මෙදා ලක්ෂණ අතර පරතරයක් ඇති බව සමාජයට දැනේ. මෙම අලූත් දේ එකතු කිරීම ආණ්ඩු බලය ට ප‍්‍රශ්නයකි. තොරතුරු දැනගැනීමේ අයිතිය, මානව හිමිකම්, කාන්තාවන්ට නිසි තැන හෝ පුද්ගලික අංශය සතු ව්‍යවසාය ශක්තිය දැන් එක වරම රටට ඇතුල්කරන්නට යාම විශාල ප‍්‍රශ්නයකි.
ලෝකයේ වෙනස්කම් එහි පැතිරීම අධ්‍යයනය කරන රටට මහජන යහපත වෙනුවෙන් තෝරා ගැනීමට අර්ථ ක‍්‍රම තිබේ. රටට ගැලපෙන්නේ ලිබරල් ධනවාදය ද? නොඑසේනම් රාජ්‍ය ධනවාදය ද යන්න විමසා බැලිය යුතුය. මේ අතර මැද මිශ‍්‍ර පැත්තක් ඇත. නමුත්, අත්දැකීම් ඇති ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් පාඩම් ඉගෙන ගන්නවා විනා අත්හදා බලා පාඩම් ඉගෙන ගැනීමට තරම් කාලයක් අපට නැත. ලෝක ප‍්‍රජාව ඉදිරියේ ඉදිරියෙන් සිටිය යුතු ශ‍්‍රී ලංකාව දැවැන්ත පසුබෑමකට ලක්වූයේ යුද්ධය හා නිසි අවස්ථාවේ දී නොගන්නා ලද ආර්ථික තීන්දු හෙයින් බව පිළිගත යුතුය. එහෙයින් රටට ගැලපෙන ක‍්‍රමය ගැන විවාදයක් අවශ්‍යය. ශක්තිමත් ආණ්ඩු සහිතව ඉදිරියට යනවාද නොඑසේනම් ලිබරල් ක‍්‍රමයට අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින් පුද්ගලික අංශහයට ඉඩ දෙනවාද යන තීන්දුව ගත යුතුය. ලිබරල් ක‍්‍රමයේ දී තීන්දු ගන්නේ පුද්ගලික අංශයයි. ආණ්ඩුවට සහන සැලසිය හැකිය. රාජ්‍ය ධනවාදය ඇතිකරන විට ආණ්ඩුවට තද තීන්දු ගන්නට සිදුවෙයි. තදතින්දු දේශපාලන බලය සම්බන්ධ ගැටලූ ඇතිකරයි. අප තවමත් පසු කරමින් සිටින්නේ සමාජවාදී ද නොඑසේනම් ධනවාදයේ ද යන තර්කයේය. ධනවාදය රාජ්‍ය ද නැතිනම් ලිබරල් ද යන විවාදයට සමාජය ප‍්‍රවේශවීම අවශ්‍යය. ක‍්‍රමය පවත්වාගෙන යන්නට බලය ඇත්තේ ආණ්ඩුව ටද, නොඑසේ නම් මහජනතාවට ද යන තීන්දුව ගැනීඹට කාලය උදා වී තිබේ. ඒස මගම නැගෙනහිර ආසියාවේ ඇති දකුණු ආසියාවේ නැති විනය ගැන ද තීන්දුවක්ගැනීම වටී.
ධනවාදයේ බෙදීම අනුව සලකන විට එහි ලිබරල් ධනවාදය වන ඇමරිකානු පාර්ශවය අසාර්ථක යැයි කිව නොහැකිය. එහි නැගීම් සහ වැටීම් ඇත. පරිගණකය, තොරතුරු තාක්ෂණය, යුද තාක්ෂනය පැන නැගුණේ එතැනින්ය. එයින් අත්දැකීම් ගෙන අලූතින් රාජ්‍ය ධනවාදය නිර්මාණය කළ චීනය වේගවත් ම දුම්රිය සේවාව ඇතිකර තිබේ. ලොව පුරා ආයෝජනය කරන්න්ට ද බලවත්ම නිෂ්පාදකයා හා වෙළද පොළ හිමිකාරයා වන්නට ද සමත් ව තිබේ. අවසාන විග‍්‍රහයේ දී වැදගත් වන්නේ පාරිභෝගිකයාය. සාමාන්‍ය ජනතාවය. ව්‍යාපාරය ලිබරල් ද නොඑසේනම් රාජ්‍ය ධනවාදයට යටත් දැයි වැදගත් සේම මහජනතාව භාණ්ඩ හා සේවා වලට ගෙවන මිල යුක්ති සහගත විය යුතුය. ඕනෑම ක‍්‍රමයකින් වැඩිම විදුලිය ගාස්තු, වැඩිම බස් ගාස්තු හෝ වැඩිම ඉන්ධන වියදම දරන්නට සිදුවන පාරිභෝගිකයාට එයින් සිදුවන්නේ අයුක්තියකි. චීන නායක ඩෙන්ෂියාවෝ මහතා කොමියුනිස්ට් ක‍්‍රමය තුළ පුද්ගලික අංශයට ඉඩ දෙමින් කියා සිටියේ මීයන් අල්ලනවානම් බළලා මොන පාට වුනත් කමක් නැති බවයි.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|